Wednesday, February 17, 2010

අප්පච්චී|Appachchi

අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

මට මතක නෑ|I can't remember

සුන්දර මාවතක යන විට අතීතයේ සිදු වීම් මතක් නොවෙනවානම් අපි මැරිලා උපදින්න වෙනවා.....ප්‍රේමයෙන් දෙනෙත් අන්ධ වෙලා තිබුණු එවන් අතීතයක පරිසරයේ ලස්සන විඳින්න වෙලාවක් තියෙන්නත් නැතුව ඇති...






මේ වගේ මල් පිපිලා තිබුණද

එදා මට නම් මතක නෑ.

මේ වගේ කොළ හැලිලා තිබුණද

අනේ මට නම් මතක නෑ.

ලේන් සියොතුන් කුමක් දෙඩුවද

ඒවා ඇහුණද මතක නෑ .

ඔබ මගේ අත අල්ල ගත්තම

මාව වත් මට මතක නෑ..!

Tuesday, February 16, 2010

කොහොමද අපි නිදහස් වෙන්නේ..!

සුනාමිය... (The Tsunami)

සිනාසියන්

දයාබරිත වූ 
නුඹෙ මුදු හදවත
පැතුම් නැසූයෙමි 
වියෝගයෙන් ...
සමා වෙන්න මට 

පිංබර කුමරිය 
අපගේ උරුමය 
මෙයයි ඉතින් ....
මගේ හදෙත් 

පෙම් කුසු පිපුණ මුත් 
නුඹේ සෙනේහේ අනුහසකින්....
මිලාන විය 
ඒ කුසුම් හදේ පිපි 
සිතූ නිසා හෙට ගැනත් බිඳක්....
දරන්න බැරි මට 
වෙනත් කිසිත් නොව 
නුඹේ දුකයි 
සොඳුරිය සැබැවින්
අනාගතේ නුඹ 

ලොවේ ලබා ජය 
සිනාසියන් යළි සිනාසියන්..!



එපා මට ඔබ ගේ සෙනේ!

 

මගේ නෙතු අග කඳුළු බිඳුවක
අගය නොදනින සොඳුරියේ
සිනාසෙනු කිම ම'සිත හඬවා
තනිව ඔබගේ ලෝකයේ
සිතින් ඔබ වෙත බැඳී සිටියෙමි
කිසිවෙකුට නොදැනෙන ලෙසේ
වරද වූයේ මගේ අතිනුයි
මුළු ලොවම පැවසූ ලෙසේ
අහිංසක මා සෙනේ පැතුමන් 
අවමනට ලක් කර මෙසේ
සිනාසෙන්නට එපා ලඳුනේ
එපා මට ඔබගේ සෙනේ..
 මෙහි පසුබිම නිර්මාණය කරදුන් දිලක්ෂිකා සොයුරියට මාගේ ප්‍රණාමය.

Monday, February 15, 2010

මං තනි නෑ

 අපි හුඟ දෙනා හිතනවා අපිට කවුරුත් නෑ අපි තනි වෙලා. අපි ගැන කවුරුත් හොයන්නේ නෑ අපි ගැන කවුරුත් බලන්නේ නෑ කියලා...

ඒත් අපි හොඳට හිතුවොත් අපි වටේ බොහෝ දෙනා ඉන්නවා...
සමහරු අපිට වරදින්නේ කොතනද කියලා බලන් ඉන්නවා....
               ..... වැරදි වලට හිනා වෙන්න
වගේම
               ..... වැරදි නිවැරදි කරන්නත්...

සමහරු ආදරයෙන් බලා ඉන්නවා අපේ ජයග්‍රහණ දිහා....

වැදගත් ම දේ අපි තනිවෙලා නෑ.....














මං තනිවෙලා....
ඒ වගේද පේන්නේ ...
හොඳ... ට බලන්න...
මගේ වටේ කොයි තරම් 
කට්ටියක් ඉන්නවද.... කියලා.....