Thursday, March 18, 2010

ඔන්න සින්ඩියට මාත් ආවලූ.......

මං එක පාරක් සින්ඩියට එන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මා... ඒත් මගේ සටහන් ඔක්කොම තිබුණේ පිංතූර අස්සේ.. මං හිතුවේ හැමෝටම කියවන්න ලේසියිනේ... කියලා.. ඉතිං මං නිකම්ම කින්ඩි වෙලා ගියා...සිංහල අන්තර්ගතය මදි.... සින්ඩියෙන් එහෙමයි මට කිව්වේ.. මං එයාලගෙන් පුංචි ඉල්ලීමක් කරා.. මේකෙ තියෙන්නේ තනිකර සිංහල නිර්මාණ (පිංතූර අස්සේ වුණත්) ඉතිං සින්ඩියේ තීරණ ගන්න මහත්තුරු මීළඟ සාකඡ්ඡාවකදී පුළුවන්නම් පොඩි යෝජනාවක් දාන්න පිංතූර විතරක් තිබුනත් ඒ පිංතූර වල තියෙන්නේ සිංහල කරුණු නම් පොඩි අවස්ථාවක් දෙන්න කියලා.

පස්සේ මට හිතුනා.. කියවන්න මෙහෙම එකක් තියෙන බව අනිත් අය දැන ගන්න එපැයි... ඉතින් ඒකට මේ සින්ඩිය වගේ එකකට මං සම්බන්ධ වෙන්න එපැයි... කියලා. අනික ප්‍රසිද්ධ පිරුළකුත් තියෙනවනේ... මෙන්න මෙහෙම....

"පඳුර ලඟට මා යනවා විනා වේ
පඳුර මා ලඟට එනවා හිනා වේ.." 


ඔන්න ඉතින් මං කරපු වැඩේ අලුතින් දාන සටහන් වෙනම ලියලා පසුබිම් පිංතූරෙ වෙනම දැම්මා....පරණ දාපු ඒවැයිනුත් කීපයක් වෙනස් කළා... ආයිත් පාරක් දැම්මා ඉල්ලුම් පත්‍රයක්...

මෙන්න වැඩේ ගොඩ... මාව සින්ඩියට සුදුසුයි කියලා... නිර්දේශ වෙලා...

ඔන්න දැන් ඔයාලට මගේ නිර්මාණ සින්ඩිය හරහා... බලන්න පුළුවන්...

ආපු එකේ පුංච් විචාරයක් දීලා යන්නත් අමතක කරන්න එපා.... හොඳේ....

8 comments:

  1. හහා... එහෙනම් ඒකද දන්නෙ නැහ සින්ඩියට මාව ගත්තෙ නැත්තෙ... කමක් නැහ. සින්හල කියන්නෙ සින්හලනෙ...

    මොනව උනත් සුබ පැතුම්.

    ReplyDelete
  2. සුබ පැතුම් මිත්‍රයා.
    දිගටම නිර්මාණකරණයේ යෙදෙන්න. ඔබට ජය.

    ReplyDelete
  3. සුබ පැතුම් ඔබට

    "පඳුර ලඟට මා යනවා විනා වේපඳුර මා ලඟට එනවා හිනා වේ.

    මෙන්න පදුර ඔබ ලග

    http://blog.inetlanka.com/

    ReplyDelete
  4. Cool Cartoon ට
    හැබැයි ඔයාගේ බ්ලොග් එකේ පින්තූර වගේම නිකං ලියපු අකුරුත් තියෙනවා නේ... ආයි පාරක් උත්සාහ කරලා බලන්න..

    සුබ පැතුවට ස්තුතියි සහෝ...
    Raven

    ස්තුතියි මිත්‍රයා... නිර්මාණ තුලින් යලි හමු වෙමු...

    චතුරංග රූපසිංහ ට

    ගොඩාක් ස්තුතියි සහෝ..

    ReplyDelete
  5. සුභ පැතුම්
    එකතු වෙලා මොනව හරි හොඳ දෙයක් කරමු සමාජෙට. නම පවතින්න නෙමෙයි. හැමෝටම සතුටින් ඉන්න පුළුවන් තැනක් හදන්න.
    සුභ දවසක්

    ReplyDelete
  6. අයියව බලල යන්න හා පැටික්කිත් ආව ඔන්න...
    කවි ටිකත් ලස්සනයි.. හා පැටික්කිත් සුභ පතනව.......

    ReplyDelete
  7. අන්න හරි දයියා සහෝ... මගෙත් අරමුණ ඒකමයි..

    ReplyDelete
  8. හා පැටික්කිවත් හද පිරි සහෝදරත්වයෙන් පිලිගන්නවා.. බොහෝම ස්තුතියි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..