Monday, March 22, 2010

අඹ ගෙඩිය



රස විඳින්නට මා සිතා සිටි


ලේන් සියොතුන් ඉවට හසු වූ


ගසේ බඩගා මා නෙලා ගත්


සත්තු කාලැයි මා වීසි කළ

නුඹ………..

බොහෝ කලක් තිස්සේ පෙරුම් පුරා.... නෙලා ගත්තද ලේන් සියොතුන් ගේ ඉවට හසු වූ බැව් දැනුණු කල අපට යම් අපුලක් සිතට නොදැනේ යැයි කියන්නට පුළුවන්ද....? සත්තු කාලා.... එහෙම කියලා හිත හදාගෙන නෙළූ පලය ඉවත හෙළන්නට අපට සිතේ..... පෙරේත කම වැඩි නම් සත්තු කෑව කොටස ඉවත් කොට එය රසවිඳින්නටද අප පෙලඹෙනු ඇත.... මෙය අපේ ජීවිතයේ එක්තරා පැතිකඩක් යැයි මට සිතේ.....

4 comments:

  1. කුමටද සතුන් කෑ ඵල
    තියෙද්දී මෙතරම් නැව්ම් නාඹර ඵල

    ReplyDelete
  2. මට හිතුනෙත් ඔහොම ම තමයි යාළු....

    ReplyDelete
  3. අපරාදේ විසිකලේ... කියලා හිතෙන වාරත් අනන්තව ඇති.

    ඒත් තමුන්ම වවා රැක බලාගත් ගසක ඵලයක් නම් විසිකරන්න බැහැනේ... සතා කාපු කොටස කපලා අයින් කරමු... කියලා හිතෙන වාරත් නැතිව නොවෙයි නේද?

    ලස්සන අදහසක් සහෝ
    (mdee)

    ReplyDelete
  4. @ගල්මල් - ගොඩාක් ස්තුතියි අයියා... එළකිරියෙත් මේ නිර්මාණයම දැම්මා.. මං දැක්කා අයියා ඒකටත් කමෙන්ට් කරලා තිබුණා... ගොඩාක් ස්තුතියි..

    අනිවාර්‍යයෙන්ම අයියා කියපු දෙකම හිතෙන්න තිබුණා මට පස්සෙ හම්බ වුණු අඹ ගෙඩියේ රසය පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වුණා... නම්...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..