Tuesday, April 20, 2010

අවුරුද්දට පෙර...

අවුරුද්දක් තරඟෙට දුවලා
හම්බ කරපු සොච්චම යොදවා
අවුරුදු කන්නට ඇඳුම් ගත්තෙ අපි
රෙදි කඩ වල මහ පොර වැදිලා…

යුතුකම් හැකි සේ ඉටු කරලා
ලෝකෙට පරකාසෙත් කරලා
අවුරුදු කෑවා ඊළඟ මාසේ
මැරිල' ගියත් කම් නෑ කියලා…..

අපට තරම් වත් හයිය නැතී
අපෙ නෑයෝ හැම තැනම ඇතී
අනේ ඔවුන්ටත් අපට වගේවත්
අවුරුදු සමරන්නට ඇත්නම්……



අවුරුදු ලංවුනා…
අපිත් ලහි ලහියේ ලැබුණු පුංචි ඉඩත් හම්බ කරපු සොච්චමත් වෙන් කලේ අවුරුද්දට ඇඳුම් කැඩුම් ගන්න…
ඊලඟ මාසෙ නොකෑවත් යුතුකම් ඉටු කරන්න ඕනැ නේ……..
පුලු පුලුවං විදිහට අම්මට, අප්පච්චිට, නැන්දම්මට……
අනිවාර්යයෙන්ම ගන්න ඕනි හැමෝටම ගත්තා…..
අප්පච්චිගේ හිතට හරි නෑ….
එයාට එච්චර වියදම් කරන්න එපා… ලු
හේතුව හොයලා බලනකොටයි තේරුණේ…..
චූටි බාප්පගේ ළමයි ගැන අපට අමතක වුණා කියලා තමයි අප්පච්චි හිතලා තියෙන්නේ…..
චූටි බාප්පා නැති වුණාට පස්සේ ඒ අය හුඟක් අමාරුවෙන් ජීවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි….
ඒත් අපිට පුළුවං විදිහට අපි උදව් කරනවා…..
ඔය වගේම අපේ උදව් අවශ‍ය නෑදෑයෝ කොයි තරම් නම් ඉන්නවාද…
එහෙම බැලුවාම අපි මේ කරන දේවල් මොනවද කියලා හිතෙනවා…..
ඒත් ඉතින්….
අනේ මන්දා……
අපි චූටි බාප්පගේ ළමයින්ට ඇඳුම් ගන්න පුංචි ගානක් යැව්වට පස්සේ තමයි අප්පච්චිගෙ හිතට පොඩි සැනසුමක් ආවේ…..
තව කීයක් හරි යවන්න තිබුණා නම් කියලා මටත් හිතුණා….
ඒත් අපිත් අපේ තත්වේ තියාගෙන ජීවත් වෙන්නත් එපෑ….
ඒකට ටිකක් වියදම් යනවනේ…..

මොනවා කරන්නද... ඕක තමයි ජීවිතේ හැටි....

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

4 comments:

  1. මෙහෙම තමයි අයියා අපි හැමොගෙම ජිවිත.. පුංචි පුංචි ලස්සන දෙවල් වලින් පිරිලා.. වැදගත්ම දෙ තමුන්ගෙ වටෙ ඉන්න අයව පොඩ්ඩක් හරි සතුටු කරානෙ.. මට නම් දැනෙනවා නැදෑයින්ගෙ අඩුව.. අපෙ පවුල් වල නම් සම්භන්දකම් ගොඩාක් දුරට දිය වෙලා ගිහින්, අපිට උඩ පරම්පරාව එකට වග කියන්න ඔනා, අලුත් අවුරුද්ද කියල අමුතුවෙන් නැටිමක් නැහැ වෙනදා ගහන ගෙම අනිත් පැත්ත හරොලා රොල දැම්මා.. එ අතරෙ නැති වෙච්චි දෙවලුත් හොය හොයා එඑහෙ මෙහෙ ඇවිද්දා..

    ReplyDelete
  2. අනේ පව් අප්පා . . . අවුරුද්ද උඹව කවද කියලා හිතෙනවා . . මොනා වුනත් සෑහෙන්න වටින විදිහට තමයි උඹ වැඩ කරලා තියෙන්නේ . . .

    ReplyDelete
  3. @රවා
    ඔවු මල්ලි අපේ ජීවිත ලස්සන වෙන්නේ අපි කියන කරන දේත් එක්කනේ... ඒත් මේ කාර්‍යබහුල සමාජයේ අපිට තියෙන විවිධ අවශ්‍යතා හා අශාවන් වලින් ඉටුකරන්න හම්බවෙන්නෙ බොහොම ටිකයි. එක්කෝ කාලය , එක්කෝ මුදල්, නැත්නම් මේ දෙකම අපිට හරස් වෙනවා... අපි පුංචි කාලෙ අවුරුදු සමරපු විදිහ මීට වඩා සුන්දරයි කියලා හිතෙනවා වුනත් තවමත් අපි නම් අවුරුද්දේ පුංචි සුන්දරත්වයක් විඳිනවා... ඒක වදයක් නෙවෙයි... කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  4. @දුකා
    ආර්ථික පැත්තෙන් බැලුවාම නම් අවුරුද්ද අපිව කෑවා කියලා නොහිතෙනවාමත් නෙවෙයි. ඒත් මචං අවුරුද්ද අපෙන් ඈත් වීගෙන යන හුඟාක් දේ අපිට ගෙනත් දුන්නා. උඹටත් පවුලේ හැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..