Monday, May 17, 2010

Oh! Sri Lanka Cricket | අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්!



කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20-20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී ලෙස අවසාන පූර්ව වටය දක්වා ගමන් කර සතුටින් දිවයිනට පැමිණියහ.... 
අනේ එහෙම කියන්න තිබුණා නම්...
ඒත් ලංකාව අවසාන පූර්ව වටයට ගියේ ඉන්දියානුවන්ගේ හදිසි ඇද වැටීම නිසා සහ ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ දක්ෂතාවයත් වාසනාවත් මත මිස අපේ කණ්ඩායම හොඳම කණ්ඩායම් හතර අතර සිටි නිසා නොවේ. අඩු ගානේ නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් අපට ඉදිරියෙන් සිටි බව මගේ හැඟීමයි. 
අනෙක අප දුර්වල වූයේ අපේම වරදිනි.... පුරුදු පරිදිම සුදුස්සාට සුදුසු තැන නොලැබී තිබුණි.



මෙන්න උදාහරණ


1. පන්දුවට පහර දීමේ සුභ ලකුණු පෙන්වූ දිනේෂ් චන්දිමාල් ට ලැබුණේ තරඟ 3 ක් පමණි. ඒකත් ලැයිස්තුවේ අවසාන භාගයේ දී ය.
2. ඉතා හොඳ ප්‍රහාරක පිතිකරුවෙකු වූ චින්තක ජයසිංහ ට එකම ඉනිමක් ලැබුණු අතර ඔහුට මුහුණ දීමට හැකි වුණේ 1 පන්දුවකට පමණි. ඒ අවසන් පන්දුවට පහර දීම සඳහා ඔහු පැමිණි නිසා ය.
3. එහෙත් ඉනිම 6 ක් අති සාර්ථකව (විශේෂයෙන් ඉනිම 4ක් තුල ආරම්භක පිතිකරු ලෙස ලකුණු 12ක්) ලකුණු 15ක් රැස් කළ සනත් ජයසූරිය තරඟ හයට ම යොදා ගැනිනි.
4. පළපුරුදු මෙන්ම කඩුළු අතර සිටින ක්‍රීඩකයන් වූ  නුවන් කුලසේකර හා තිලාන් තුෂාර ට ලැබුණේ ඉතා අඩු තරඟ ගණනකි.
5. මෙයට අමතරව කණ්ඩායමට ඇතුළු විය යුතුව තිබූ කීප දෙනෙක් ම කණ්ඩායමෙන් විසි වී තිබුණි... චමින්ද වාස්, ඉන්දික ද සේරම්, ඉසුරු උදාන, ගයාන් විජේකෝන් ඒ අතර ප්‍රමුඛ වෙයි....


මෙහි අපට සතුටු විය හැකි ක්‍රීඩා විලාශයන් පෙන්වූයේ 
මහේල ජයවර්ධන
ඇන්ජලෝ මැතිව්ස්
චාමර කපුගෙදර
කුමාර් සංගක්කාර
තිසර පෙරේරා
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන් 
අජන්ත මෙන්ඩිස්


යන අය බව මගේ හැඟීමයි. එහෙත් ඔවුන්ට හැම විටම දස්කම් දක්වන්නට බැරි බැව් අප තේරුම් ගත යුතුය. සුදුසු විකල්පයන් අප අත තිබේ... එහෙත් අප මේ හදන්නේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් ලෝකයේ ආශ්චර්‍යයක් කරන්නද..?


ලොවම පරදා
කිරුල දිනුවා
එදා අපි ලෝකේ
එහෙත් අද ඇයි
මෙලෙස ඉන්නේ
නිවට ලෙස පැරදී
තමන් දිනවන 
සටන නවතා
දනන් ලෙස
සිහළේ
යළිත් ජය ගමු
ක්‍රිකට් ලොව අපි
එකමුතුව පෙරසේ....!

සැ.යු.** මෙය www.cricinfo.com වෙබ් අඩවියේ ඇති දත්ත ඇසුරු කිරීමෙන් හා මගේ උපකල්පනයන් තුලින් නිර්මාණය කළ ලිපියක් වන අතර යම් උපකල්පනයන් හි දෝෂ වී නම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.

විශේෂ ස්තුතිය : මුරලි තරඟාවලිය අතර මැද අසනීප වූ බව දන්වා මා නිවැරදි කළ KAS සොයුරාට.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

4 comments:

  1. අපි මැච් බලන්න වැය කරන තරම් වත් කාලයක් උන් ප්‍රැක්ටිස් කරල නෑ කියල පේනව කැත විදිහට බැට් 1 වනන කොට..චික් මේ වාගෙ කිසි උනන්දුවක් නැති උන් ගහනව හැමදාම බලබල හූල්ලන අපිටය් ගල් ගහගන්න ඕනි...............

    ReplyDelete
  2. මුරලි සෙල්ලම් කළේ නැත්තේ ආබාධයක් නිසා!

    චන්දිමාල් ට තරග ලැබුනේ අවසාන භාගයේ නෙවෙයි, මුල් තරග වලදී

    ලියනකොට පොඩ්ඩක් හොයල බලල ලියන්න.

    අනිත් එක මහේල කියන්නේ කොහොමටවත් හොද T20 පිතිකරුවෙක් නෙවෙයි. නරකම පන්දු යවන්නන් ඉන්න තරග වලදි ලකුණු ගත්තට ඔහු හොද පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වුනා. මහේල කියන්නේ ලෝකයේ ඉන්න අති විශිෂ්ඨම ටෙස්ට් පිතිකරුවෙක්.

    ReplyDelete
  3. @indi
    ප්‍රැක්ටිස් නොකර මැච් ගහයිද...? ඒත් කණ්ඩායම තුල නිසි සංයමයක් හා සංයුතියක් තිබුණේ නැති බව මගේ අදහසයි.

    @KAS
    "මුරලි සෙල්ලම් කළේ නැත්තේ ආබාධයක් නිසා!"
    සමා වෙන්න මං ඒක දැනගෙන හිටියේ නෑ....

    "චන්දිමාල් ට තරග ලැබුනේ අවසාන භාගයේ නෙවෙයි, මුල් තරග වලදී"
    ඉතිං මං ඒක අවසන් තරඟ වලදී ලැබුණයි කියලා කිව්වේ නෑ..නේ.. මං කිව්වේ එයාට මීට වැඩිය අවස්ථා දෙන්න තිබුණා කියලා....

    "අනිත් එක මහේල කියන්නේ කොහොමටවත් හොද T20 පිතිකරුවෙක් නෙවෙයි"
    පිළිගන්න අමාරුයි. අපේ කණ්ඩායමේ හිටපු අයගෙ හැටියට මහේල ඉදිරියෙන් ම හිටියා... අවසන් තරඟ වලදී ඔහු දැවුනේ අධි තක්සේරුව නිසා කියලයි මට හිතෙන්නේ... නවසීලන්ත පන්දු යවන්නන් අසාර්ථකයි කියලා කියන්න බෑ...

    ReplyDelete
  4. @KAS
    "චන්දිමාල් ට තරග ලැබුනේ අවසාන භාගයේ නෙවෙයි, මුල් තරග වලදී"

    සමා වෙන්න මා කියූ දෙය ඔබට වැටහී නෑ... ඔබ කියූ දෙය මට වැටහුණේ නෑ...

    මා අවසාන භාගය යනුවෙන් අදහස කලේ තරඟයේ අවසාන පන්දු ඕවර වලදී යන්නයි... නැතහොත් පිතිකරු ලැයිස්තුවේ පහලින් යන්නයි...

    වරද පෙන්වා දුන්නාට ඔබට ස්තුතියි...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..