Thursday, September 9, 2010

සක්විති සුවය!

අපි සිංහල බෞද්ධ පුරවැසියෝ වෙමු. එසේ වුවත් නොවූවත් ලෝ දහම සැමටම පොදුය. එහෙත් අපේ බෞද්ධ අර්ථ කථනයන්ට අනුව "දිඨ්ඨ දම්ම වේදනීය කර්මය" නම් කර්මයක් වෙයි.. මේ කර්මය ඇස් පනා පිට පළ දුන් අවස්ථා අපි එමට දැක ඇත්තෙමු. මේ මෑතකදී එය නැවතත් සනාථ වූ අවස්ථාවක් දක්නට ලැබුණි. ඒ සක්විති රණසිංහ ලෙස පෙනී සිටිමින් ජනතාව රවටමින් ජනතා මුදල් කොල්ල කමින් සක්විති සුව විඳි සක්විත්තා, හිඟන පුද්ගලයෙකුට සමාන පෙනුමකින් යුතුව පොලිස් අත් අඩංගුවට පත් වූ අවස්ථාවයි. 


ඔහු ජනතාව රවටා උපයා ගත් මුදල් මහා උජාරුවට වියදම් කළේය... එහෙත් "රජකම් කලත් කළ කම් පළ දෙන" බැව් ඔහුට අමතක වී තිබිණ. කල් ගතවෙද්දී ඔහුගේ පොකැට්ටුව හිස් විය. ජීවත් වෙන්නට විදිහක් නැතිව දහදුක් වින්දේය. දරුවන්ට උගන්වන්නට විදිහක් නොවීය. නිදියා ගන්නට ඇඳක් නොවීය. හැම දෙයකටම වඩා ජීවත් වෙන්නට නිදහසක් නොවීය. 


"කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදු වෙන කළෙක් නම් නැත්" යන කවි දෙපද ය සිහියට නංවමින් ඔහු නැවත නැවතත් ජනතාව රවට්ටමින් මුදල් හොයන්නට උත්සාහ කළේය. 


අවසානයේ ඔහු පොලීසියට කොටු විය. ඒ වත්මනෙහි ඔහු සමඟ එකට ජීවත් වන කාන්තාවත් (බිරිඳ යැයි හැඳින්වෙන) සමඟය. ඔහු විසින් රවටනු ලැබූ ජනතාව කුස ගින්දරේ මිය නොයන්නට ඇත. එහෙත් ඔවුන්ට මිය යන්නට වුවද බියක් නැත. එහෙත් මේ සක්විත්තා නම් මිය යන්නට බොහෝ සෙයින් බිය වනු ඇත. මන්ද ඔහු කළ පවු ඔහු පසු පස හඹා එන බව ඔහු දැන්වත් දැන ගනු ඇති බැවිනි.







මා මෙහි දැක්වෙන පිංතූරය ගත්තේ පහත දැක්වෙන වෙබ් පිටුවෙන් වන අතර ඒ පිළිබඳ මෙහි අයිතිකරු(වන්)ට ස්තුතිය පළ කරමි.

පිංතූරෙ ගත්තේ මෙතැනින්

6 comments:

  1. කොයිතරම් නම් සක්විතිලා ඇවිදිනවාද නිදැල්ලේ ඇතිව මහජන අශීර්වාදය.....මේ කියන මොහොතෙත්......

    ReplyDelete
  2. @Shadow/හේමලයා
    සක්විති මේ තරම් ලොකු පාඩමක් උගන්වලාත් ඉගෙන ගන්නේ නැති මිනිස්සුන් ඉන්න රටක් වෙන කොයින්ද?

    ස්තුතියි සහෝ....

    ReplyDelete
  3. මොනව වුනත් මචන් හර්ද සාක්ෂිය කියල දේකුත් තියෙනවනේ . .

    ඔය මේ කාලේ උඩ පනගෙන මහජන මුදල් කාබාසිනියා කරන හා අසරණ මිනිස්සු එක්ක සෙලල්ම් කරන මිනිස්සුන්ට කවද හරි රිටර්න් එක ලැබෙන දවසක් එනවා . .

    අර පහුගිය කාලේ තග දාගෙන හිටපු ඇමති කෙනෙක්ට ත් අද දිට්ඨ දම්ම කර්මය පල දීලා තියෙන පින්තූර දැක්කේ අපි පහුගිය දවසක . .

    බලමු නේද . .

    කරන කලට පව් මිහිරිය මී සේ . . විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ . . කියනවනේ මචං . . .

    ReplyDelete
  4. @දුකා
    මේ මිනිස්සුන්ට නම් ඔය හෘද සාක්ෂිය නැතුව ඇති කියලයි මට නම් හිතෙන්නේ..... කොහොම වුණත් සුදුස්සාට කවදා හරි සුදුසු තැන නම් ලැබෙනවා....
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියලා අපි බලං ඉමුකෝ....

    ස්තුතියි මචං...

    ReplyDelete
  5. හොද සහ නරක මත අනාගතය තීරනය වනු ඇත..කාට කුමක් කර බේරී සිටියද තම හර්ද සාක්ශියට බොරු කල නොහැක

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..