පහුගිය කාලේ බ්ලොග් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒත් මං හිතින් ගොඩක් දේ ලිව්වා. බස් එකේ පැය 1-2 ක ගමනක් තියෙනකොට හිතින් තමයි බ්ලොග් ලියන්න වෙන්නේ. බස් එකේ යනකොට වෙනත් ක්‍රම වලින් යනවට වඩා අපූරු සිදුවීම් සිද්ධ වෙනවා.
ඊයෙ උදේ බස් එකේ එනකොට කවදාවත් හැබැහින් දැකලා නැති, ඒත් හොඳට හුරු පුරුදු පෙනුමක් තියෙන කෙනෙක් මාත් එක්ක කතා කළා. ඒ අපේ දුකා. හරිම පුදුමයි. පහුගිය දවස් ටිකේ වෙබ් එක පැත්තෙ එන්න බැරි වුණු නිසා දුකා ලංකාවට ආපු බව වත් මං දැනං හිටියේ නෑ. ඒත් වැඩි වෙලා කතා කරන්න ලැබුණේ නෑ. මොකද දුකා බහින තැන එතකොට ලංවෙලා තිබුණු නිසා. ඒත් ඊයේ දවස පුරාම දුකාව හමු වුණු සතුට මගේ හිතේ තිබුණා. තාමත් තියෙනවද කොහෙද? අනුන්ගේ දුක තමන්ගේ දුකක් ලෙස හිතන කෙනෙක් ලෙස තමයි මං දුකා ගැන හිතාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ බ්ලොග් ලියන හැකියාව පොඩ්ඩක් හරි වර්ධනය කරගත්තේ දුකාගේ බ්ලොග් ඇසුරු කිරීමෙන් කියලා මට හිතෙනවා. එහෙම බලනකොට දුකා මගේ ගුරා.
බස් එකෙන් බහින්න කලිං දුකා ඇහුවා දැන් මාස දෙකකින් විතර බ්ලොග් එක ලිව්වේ නෑ නේද? කියලා.. යාළු මිත්‍රයෝ ගැන හොයලා බලන ගුණය ඔහුට තියෙනවා කියලා මට එතකොට තේරුණා... දැං ඉතින් දුකා ගැනම ලිය ලියා ඉඳලා හරියන්නේ නෑ නෙව. මං හිතුවා මං කලිං දාපු බ්ලොග් ලිපියක් මේ බ්ලොග් එකට පෝස්ට් කරන්න. මං ඒ ලිපියෙන් කිව්වේ (නෑ... ලිව්වේ) සමහර අහඹු හමුවීම් නිසා අපේ ජීවිතයම වෙනස් වෙන බව.
ඒ වගේම කාලයක් තිස්සේ යම් මිත්‍රයන් ආස්‍රය කිරීම නිසාත් අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් මඟක් ගන්නවා... ඒ හුඟාක් වෙලාවට ඔවුන්ගේ යම් විශේෂ ගතිගුණයන් අප තුලට ආරෝපණය වීමෙන්.
සයිබර් අවකාශය තුල මං හොඳටම පුංචි කෙනෙක්. ඒත් මං ඒ දුර වත් ආවේ බොහෝ දෙනාගේ සහයෝගය ඇතුව. දුකාට අමතරව නුවන්, මින්දද, බන්දුල අයියා, ඩීන් අයියා, දිල්, සඳුන්, සූරි, දුල්, අමල්කා, තිස්ස අයියා, වැප් වගේ බොහෝ දෙනෙක් මාත් එක්ක හිටියා.. ඒ හැමෝටම බොහොම ස්තුතියි..
අපේ ඉලංදාරියා බ්ලොග් එක ලියන දිලුම් මල්ලිගේ අසනීපය ඔයාලා දන්නවා ඇතිනේ. ඔහුට පිහිට වෙන්න අපේ දුකා ඇතුළු සයිබර් අවකාශයේ මිතුරන් එකතු වෙලා ඉන්න විදිහ ගැන හරි සතුටක් දැනෙනවා. මටත් ඔවුන් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න තිබුණා නම් කියලා හිතෙනවා. ඒත් ආර්ථිකයත් කාලයත් එක්ක දරුණු සටනක නිරත වෙලා ඉන්න මේ අවස්ථාවේ මට දෙන්න පුළුවන් සහයෝගය අවමයි. ඒත් මං ඔවුන්ගේ සත්කාර්‍යය සාර්ථක වෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා.

:)
ReplyDeletehttp://syndi.lankablogger.info
ආ මේන් මාවත් මතක් කරලා ....
ReplyDelete@Nadun
ReplyDeleteපහුගිය කාලේ මුකුත් ලියන්න බැරි වුන හිංදා මං හිතන්නේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් අයිං කොරලා මං හිතන්නේ.. බොහොම ස්තුතියි සහෝ...
@වැප්
ReplyDeleteනැතුව! ඔයත් මට උදව් කළ කෙනෙක්...