Monday, May 23, 2011

මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ

නොමියෙන දනන් ලෙස නිරතුරු පසු වන්නේ
මියෙතත් නැවත උපදින බව නැහැ දන්නේ
පින්කම් වලට නෑ වැඩි අවසර දෙන්නේ
කම් සැප විඳින්නයි නිරතුරු හිත දෙන්නේ

පරගැති සිරිත ඉහටම ගෙන නලියන්නේ
සෝබන ගති සිරිත් සැම තැන පතුරන්නේ
ගුරුකම්, සාස්තර කරමින් රැවටෙන්නේ
මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ

හැකි හැම විටම දස අකුසල් නොකරන්නේ
හැම විට දස කුසල්මය කල යුතු වන්නේ
කෙලෙසුන් අතැර තුන් හිත පහදා ගන්නේ
මිනිසුනි අන්න එහෙමලු නිවනට යන්නේ

විස්තරය මෙතැනින් බලන්න

2 comments:

  1. ලස්සනට පද වැල් කරලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්තක් ගැන .......

    ReplyDelete
  2. @කල්හාර
    ස්තුතියි සහෝ... දිරි ගැන්වීමට..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..