Tuesday, June 14, 2011

බුදු මඟ නොවෙද අප යායුතු නොපමාව!

අතපය මිසක වෙන කිසිවක් ගෙනත් නැතී
ලෝකයෙ ඉපිද විඳිනා දුක් නිමක් නැතී
සතුටින් සැනසුමෙන් ඉන්නට බයක් නැතී
තිර විසඳුමක් දෙන්නේ බුදු දමයි නිතී


ඉපදුම, දිවි ගෙවුම, මරණය හමුවීම
දුක මිස වෙනත් තිබුණිද සුවයක් කෝම
අකුසල් නොකර හැකි තරමක් ඉවසීම
කුසලට යෙදූ සිත කදිමයි පැහැදීම


හෙට වෙන තුරු නොසිට ඒ මග වෙත යන්න
අද මේ දැන්ම පිවිසෙමු එමඟට ඔන්න
දුරලමු සිතින් කයෙනුත් දුසිරිත් ගොන්න
හැමවිට රකිමු පිළිවෙත් සැම තුටු වෙන්න



4 comments:

  1. පොසොන් එකටම හරියන කව් ටිකක් ......
    ලස්සනයි ........

    ReplyDelete
  2. හොඳ ආදර්ශමත් කවි පෙලක්….

    ReplyDelete
  3. හරිම ලස්සන පද ගැලපුමක් . .

    ReplyDelete
  4. @පන්සල් හංදිය
    පොසොන් එකටම ලියපු එකක් නං නෙවෙයි. ඒත් ඒක පොසොන් එකටත් ගැලපෙනවා තමා..

    @රසික වික්රමනායක සහ සිතුමි ප්‍රියංගා
    බොහොම ස්තුතියි ඔබේ අදහස් එක්කළාට...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..