Tuesday, August 2, 2011

කවි හදන හැටි

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි නම් ලිපිය පල කිරීමෙන් පසුව බොහෝදෙනා ගේ ඉල්ලීමක් වූයේ එම පොත scan කර upload කරන ලෙසය. එහෙත් පොතෙහි කර්තෘ තුමා සමඟ සාකඡ්ඡා කිරීමෙන් පසු එම පොතෙහි අඩංගු වැදගත් කරුණු තවත් සංක්ෂිප්ත කොට ලිපි පෙළක් වශයෙන් පල කිරීමට අදහස් කළෙමි. එම පොත මිල දී ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ඕනෑම ගුණසේන පොත් සාප්පුවකින් එය මිලට ගත හැකි බව එතුමා පැවසුවේය. ඒ පොත ලිවීමට ඒ මහතා විශාල ලෙස කාලයත් ශ්‍රමයත් තවත් බොහෝ දෑත් කැප කරන්නට ඇත. එනිසා ඒ පොත එලෙසින්ම පාඨකයින් කියවනවාට එතුමා වඩාත් කැමති බව මට හැඟුණි. 

කවි කුල

කවි පබැඳීමේ දී භාවිතා කරන පිළිවෙත් හා කවියාගේ දක්ෂතාවය අනුව ඔහු පබඳින කවීය හා කවියා කුල ලෙස  වර්ග කර ඇත.   
     චින්තා කවි
      කවියාගේ චින්තන ශක්තිය මෙහෙයවමින් තම නිර්මාණයට අදාල කරුණු පිළිබඳ තර්ක විතර්ක කරමින් නිර්මාණය කරන කවි චින්තා කවි කුලයට අයත් වේ.
          සූත කවි
 අනෙක් කවියන්ගේ නිර්මාණ ඇසුරු කරමින් හෝ අනුකරණය කරමින් නවතාවයක් නැති අසා පුරුදු කවි නිර්මාණ සූත කවි හෙවත් “ශ්‍රෝත ” කවි  කුලයට අයත් වේ.

          අත්ථ කවි
ඇසට පෙනෙන දෙය ඇසුරින් නිර්මාණය කෙරෙන කවි අත්ථ කවි කුලයට අයත් වේ.

      පටිහාන කවි
 නුදුටු දෙයක් වුව දුටු දෙයක් ලෙස හරවත්ව, පැහැපත්ව හා රසවත්ව නිර්මාණය කෙරෙන කවි අයත් වෙන කුලය පටිහාන කවි කුලයයි. මේ කුලයේ කවීන් පෙර පින් ඇතිව ඉපැදුණු හා ඉතා ඉහල චින්තන ශක්තියක් ඇති එමෙන්ම නිතර අභ්‍යාසයේ යෙදෙන අය වේ.

කවියක යහපත් ප්‍රතිපල

කවියක් ගායනා කිරීමෙන් බොහෝ යහපත් දෑ සිදුවන බැවු සඳහන්ය.

         කාම සිතුවිලි වලින් ඈත් කරවයි
      සිත මොලොක් කරවයි
      නීවරණ යටපත් වෙයි
      සිත සතුටින් ඔද වැඩෙයි
      පහන් සිත් ඇති වේ.


හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) පුස්ථකය ඇසුරිනි.


11 comments:

  1. සැබැවින්ම ඵලදායී ය..
    බොහෝ දේ ඉගෙන ගතිමි..
    ස්තූතියි...


    ජය වේවා....!!

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මේ වටිනා කර්තව්‍යයට. බොහෝම පිං චතුර මල්ලී.

    ReplyDelete
  3. දිගටම මේගැන ලියන්න.

    ReplyDelete
  4. @රවා
    බොහොම ස්තුතියි සහෝ.. මේ ටික ලිව්වේ පොතේ පළමු පරිඡ්ඡේදය ඇසුරු කරගෙන. ඉතුරු ටිකත් ඇසුරු කරගෙන ලියන්නම්.

    @ගල්මල්-Coral
    බොහෝම ස්තුතියි ඩීන් අයියා... හැමදාම ලැබුණු අයියලා ගේ සහයෝගයට බොහොමත්ම ස්තුතියි.

    @රාජ්
    ඔවු මේ ගැන ලිපි පෙලක් ලියන්න හිතාගෙනයි ඉන්නේ... බොහොම ස්තුතියි අදහසට සහෝ...

    ReplyDelete
  5. ඉතා හොඳ වැඩක් .ස්තුතියි

    ReplyDelete
  6. හොද මග පෙන්වීමක් සහෝ..

    ReplyDelete
  7. @Bindi
    මේ පැත්තේ ඇවිත් අදහස් දක්වලා ගියාට බොහොම ස්තුතියි...

    @Lalit Udawela
    බොහොම ස්තුතියි අදහසට සහෝ...

    ReplyDelete
  8. ගොඩාක් පින් මේ වැඩේට. අපි වගේ අලුත් අයට ගොඩාක් ඉගෙන ගන්න පුලුවන්නේ. ස්තූතියි! තව විස්තර පුලුවන් වෙලාවක දාන්න මල්ලී අපිට ඒ හැම දෙයක්ම වැදගත් වේවි.

    ReplyDelete
  9. ස්තුතියි චන්දි අක්කා.. සමා වෙන්න පිළිතුර පමා වුණාට .. දැනට ලිපි 7ක් විතර දාලා තියෙනවා.. බලන්න..

    ReplyDelete
  10. ඇත්තටම ගොඩක් පින්..මේ ගැන දැනුවත් කල කල්ප මල්ලිටත් පින්..

    ReplyDelete
  11. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවට.. මං දැක්කා මේ පොත ම අප්ලෝඩ් කරලා තියෙනවා ෆේස් බුක් එකේ.. ඒක ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..