Thursday, September 8, 2011

අනුරාධපුරයේ පූජා බිමක මුස්ලිම් පල්ලියක් ඉදිවෙයි...?

***මේ තොරතුරු මට ලැබුණේ ඊ ලිපියකින් එය ලියා තිබුණේ.  "Amila d Great..." කියලා කෙනෙක්. ඒ ලියලා තියලා ඇත්තයි කියලා අනුමාන කරන්න පුළුවන් පිංතූර ටිකකුත් ඊට අමුණලා තිබුණා..මෙන්න ඒ උපුටා ගැනීම.***
 ----------------------------------------------------------------------------------------------------
මෙහි දැක් වෙන්නේ ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්

 කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය සහ ඒ අසල ඉදි වන මුස්ලිම් පල්ලියයි .

පුරා විද්‍යා නීතියට අනූව පුරා විද්‍යා ස්ථානයක සිට 300m දුරකින් මිස නව

 ඉදිකිරීමක් සිදු කිරීම තහනම් වන නමුත් මෙම මුස්ලිම් පලියේ සිට දක්ඛිණ ස්ථූපයට
ඇත්තේ 67m වැනි කෙටි දුරකි .

 එම පල්ලිය තැනීම සදහා ගල් කණුවක් පවා උපකාර කරගෙන ඇති අන්දම රූප වල පෙනේ.

පූජා භූමිය තුල මස් මාලු විකිනීමකට වත් ඉඩ නොදෙන නමුත් මෙම ස්ථානයේ එළුවන්
ඝාතනය කර යාග පැවැත්වූ බවටද සාක්ශි ඇත .

 අනෙක් සියලු නව ඉදි කිරීම්(භික්ශුණි ආරාම, බුදු පිලිම පවා) ඉවත් කල නමුත් මෙම
පල්ලිය ඉවත් කිරීමට බලධාරින් කිසිදු ක්‍රියා මාර්ගයක්

නොගන්නේ මන්ද ?........

*අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය,*
*
*
* පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව
*
*
*
*ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.....*
 
කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය.
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.

-රාවන රජතුමා














----------------------------------------------------------------------------------------------
උපුටා ගැනුම ඉවරයි....

රට ජාතියේ ඉතිහාසය රැඳුනු බිමේ
පින්බර සුවඳ පැතිරෙයි එහි හතර ඉමේ
පල්ලිය හදන්නට මුස්ලිම් අයට ගමේ
තිබුණේ නැද්ද වෙන තැන් ඔය නගර ඉමේ



පසුව ලියන වගනම්........
මේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය නම් එය ඉතාම බරපතල තත්වයකි. සිංහලයන් වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් පමණක්ද නොව, ලෝවාසීන් වශයෙන්ද අප මෙවැනි දෑට විරුද්ධව නැගී සිටිය යුතුය. මන්ද මේ විනාශ කෙරෙනුයේ අභිමානවත් ජාතියක ඉතිහාසයයි. කළ හැක්කේ කුමක්ද, කළ යුත්තේ කුමක්දැයි මා කියන්නට අවශ්‍ය නැත. දේශ ප්‍රේමීන්ට පහුගිය කාලයේ කරන්නට ඒ හැටි වැඩක් තිබුණේ නැත. මෙන්න කරනවානම් වැඩ.....

16 comments:

  1. ඕක ඇත්ත නම් මාත් එකහෙලාම විරුද්ධයි

    ReplyDelete
  2. හොයලා බලන්න ඕන කාරණාවක්.

    ReplyDelete
  3. මේක පල්ලියක් නෙමේ. වරදවා වටහා ගන්න එපා.මේක සොහොනක්. මුස්ලිම්වරු මේවා අදහන්නේ නැහැ. ගොඩක්ම මේවා කරන්නේ ඉන්දියාවෙන් ආපු දමිල මුස්ලිම් වරු.සොහොන් වන්දනාව ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙමේ. අවුරුදු කිහිපයකට කලින් ඉදිකරපු එක කාගේත් නෙතට අසු නොවී තිබීම පුදුමයක්.අනෙක් මුස්ලිම්වරු මේ ගැන අවධානය යොමු කරලා පියවරක් ගන්නවා නම් හොදයි.

    ReplyDelete
  4. @Bindi
    ඒ විරෝධය වෙනුවෙන් කළ හැකි කුමක් දැයි කියලා අපි බලමු....

    @මාරයාගේ හෝරාව
    අනිවාර්යයෙන්ම....

    @SinhalaMag
    දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි. ඒත් සොහොන් බිමක් වුණත් ඔතන තියෙන එක වැරදියි නේද?

    ReplyDelete
  5. ඔය Sinhala Mag කියන නමින් පෙනි සිටින මුස්ලිමානුවා නිර්ලජ්ජිතව පැහැදිලිවම බොරුවක් කියයි. අනුරාධපුරයේ කුරුණෑගල හංදියේ ඉන්නාවු මුස්ලිමුන් සිකුරාදා මෙතන රැස්වී සලාතය කරන බව අනුරාධපුරයේ ජනයා අතර ප්‍රසිද්ධ රහසකි. මෙතැන පල්ලියක් නොවේ නම් සිකුරාදාට එකතුවී සලාතය පවත්වන්නේ ඇයි ?

    ReplyDelete
  6. rate baladaringe as arewaaa

    ReplyDelete
  7. ඇයි ඕක වෙන තැනක හැදුවෙ නැත්තෙ, අපේ සිංහල පුදබිමක් ඇතුලෙම හැදුවෙ, නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් නේද ඒක ...

    ඔය සම්බන්දව අපිට ගත හැකි පියවර මොනවාද කියලා හොයමු, මම හිතන්නෙ අදාල තැන්වල ඊමේල් ලිපින හොයාගෙන මේල් එකක් දැම්මොත් (පලක් උනත් නැතත්) .......

    ඊට අමතරව ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් දැම්මොත් විස්තර එක්කම .....

    ReplyDelete
  8. "මේ සිංහල අපගේ රටයි. අපි ඉපදෙන මැරෙන රටයි." කියලා බයිලා ගහන රටේ සිංහල අපිට විරුද්ධව මේ වගේ දෙයක් වුනාම අපිට ඉතුරු වෙන්නේ " අනේ ... අපොයි... " කියන්න විතරද.
    මුස්ලිම් පුද බිමක පන්සලක් හැදුවනම් මොනවා වෙයිද.අපිට පුළුවන් උපරිමයෙන් මේවගේ දේවල් වලට විරුද්ධව වැඩ කරන්න ඕනේ.

    ReplyDelete
  9. ඇත්තටම අවධානය යොමු කලයුතු කරුණක් ............

    ReplyDelete
  10. ඕක හදන්න අවසර දීපු එකාට ඉස්සෙල්ලම බූවල්ලෙන් තලන්න ඕන.
    පල්ලියක් හරි සොහොනක් හරි මොන ලබ්බ උනත් මෙතන හදන්න ඕන කමක් නෑ.මුලින් ඔහොම අටවගෙන ඉඳල පස්සෙ තට්ටුගනන් ගහයි

    ReplyDelete
  11. දුකයි තමයි. ඒත් මොනවා කරන්නද ? තව අවුරුදු 25 කින් ඔය මුස්ලිම් සහෝදරවරු කියයි ඔතන තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ජාතියේ ශ්‍රේෂ්ඨ රජකෙනෙක් ගේ සොහොනක්ය කියලා. මේවා වගකිවයුත්තන්ට කියලා වගක් නැති හැඩයි...! අනේ මන්දා... මෙහෙම ගියොත් අපිට වෙන්නේ අපේම රටේ සුළු ජාතිය වෙන්න. මේවා කථා කරන්නත් බෑ. සිංහලයා තමන්ගේ ජාතිය ගැන කැක්කුමෙන් කථා කලොත් ඌ ජාතිවාදියෙක් වෙනවා නොවැ...!

    ReplyDelete
  12. @පිටියෙ අප්පු
    බොහොම ස්තුතියි අදහසට. අපිට මේ ගැන ගන්න පුළුවං පියවර ගැනත් අදහසක් දෙන්න.

    @Anonymous
    අනේ එහෙම වෙනවා නම් කොයිතරම් හොඳද?

    @පන්සල් හංදිය
    ඔයාගේ අදහස හොඳයි. දැං අපේ මැති ඇමතිවරුත් අන්තර්ජාලයේ සැරිසරනවා නොවැ. ඉතිං ඒගොල්ලන්ටත් මේවා දැන ගන්ට සැලැස්වුවොත් සමහර විට මොනවා හරි වෙන්ට බැරි නෑ...
    බැරිම වුණොත් මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එකක් කකා මාරාන්තික උපවාසයක් හරි කරමු...

    ReplyDelete
  13. @KC
    හැම සිංහලයෙක්ම හැබෑවටම සිංහල නෙවෙයි.. ඒක නොවැ මේ හෙණේ...

    @The Lion
    අඩු තරමේ හැමෝම දැනුවත් කරමු...

    @tharanga
    ඒ ගැන නං ඉතිං කියලා වැඩක් නෑ. පල්ලිය වටේට ගොඩ නැගෙන එක නොවැ එයාලගේ ක්‍රමේ. එහෙවු එකේ ඒවා හදන්න ඕනි බෞද්ධ පුද බිමක නෙවෙයි.

    සිංහල හරි මුස්ලිම් හරි වෙන්න ඉස්සෙල්ලා අපි මිනිස්සු. අනිත් කෙනාගේ අයිතිය ගැන හිතන්න අපට බුද්ධියක් තියෙන්න ඕන. ඒත් මෙයාලට හිතන්න අයිතියක් නැති හින්දා වෙන්න ඇති මෙහෙම තකතීරු වැඩ කරන්නේ...

    ReplyDelete
  14. @චතුරංග පෙරේරා | chathuranga Perera
    කවුරු අපිට මොනවා කිවුවත් කතා කළ යුතු දේ කතා කළ යුතුයි. ඒක නොවැ අර රාවණ රජ්ජුරුවො කියපු කියමනෙනුත් කියවෙන්නේ. අපි බලමු මොකක් හරි විසඳුමක්....

    ReplyDelete
  15. එහෙන් හම්බයෝ.. මෙහෙන් ක්‍රිස්තියානි කාරයෝ...
    අනේ අපිට මොනව වෙනවද මන්දා ?
    කාලකන්නි අපේ ජාතියට "පුංචි පවුල රත්තරන්" වෙලා.. මම දන්න අපේ නෑදෑයො වෙන හුඟක් අයට ඉන්නේ 1 දරුවයි.. ඒ මීට අවුරුදු 23 කටත් එහා උන දේවල්..
    එච්චර කාලෙකට කලින් උන දේවල් ඔහෙම නම් දැන් කාලේ කොහොමට ඇත්ත.. අපේ අම්ම, තාත්ත බුදුවෙන්න ඕන .. ළමයි 3 ක් අමාරුවෙන් හදලා ලොකු මහත් කරාට...

    ReplyDelete
  16. ඔය සංකල්පය මට මතක විදිහට 77න් පස්සේ මතුවුණු එකක්. දැං ඒක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. දෙන්නෙක් ඉන්නවා කියන්නෙත් ලොකු දෙයක්. දැං හුඟක් තැන් වල ඉන්නේ එක දරුවයි නොවැ. පවුලෙ එකම පිරිමි දරුවා වීමෙන් මට තිබුණු පාලුවයි පාඩුවයි මගේ පුතාට දෙන්නේ නෑ කියලා හිතුවට.... විවිධ හේතුන් නිසා මටත් 1-1 සුසංයෝගයට කොටුවෙන්න සිද්ධ වෙන ලකුණු තමයි තියෙන්නේ.

    පෞරාණික වටිනාකමක් තියෙන පූජා භූමි සුරකින්නට අවශ්‍ය බලය තිබිය දීත් මේ වගේ අවිනීත වැඩ කරන්න ඉඩ දෙන එක අපේ බලය තියෙන ඇත්තන්ගෙත් වරද කියලයි මට නං හිතෙන්නේ.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..