Thursday, November 10, 2011

සුබ උපන් දිනක්.. සොඳුරිය..!

කසාද බඳින්නට පෙර බොහෝ ලාමක ජීවිතයක් ගෙවූ ඔයා, වගකීම් බහුල යුග දිවියට හැඩගැහුනු හැටි ඇත්තටම අපූරුයි.. 


මට, මගේ අම්මට-අප්පච්චිට, ඔයාගේ අම්මට, ඔයාගේ නංගිලාට, මගේ අක්කට, අපි කාගේත් දරුවන්ට වගේම අපේ මිතුරන්ට ඔයාගේ ඇති ලෙංගතු හිත මගේ හිතේ හැම විටම ඔයා ගැන තියෙන ගෞරවය දෙගුණ තෙගුණ කරනවා. 


මගේ දෙමාපියන් ගැන මට වඩා සොයා බලන්නේ ඔයා. ඒක මට පුදුම තරම් ශක්තියක්, සැනසීමක්. එයාලගේ ආසාවන් ඉටු කිරීම ඔයාගේ සිහිනය වෙලා තියෙනවා දැක්කම මට පුදුමත් හිතෙනවා.. ඔයා ඇත්තටම සංසාරේ පතාගෙන ආපු සහකාරිය වෙන්ට ඇති කියලා මට හිතුණු වාර අනන්තයි.. ඊ ලඟ භවයේ දී මං ඔයාව පතන්නේ නෑ කිවුවට,  මං නැවත  ඉපදුණොත් ඔයාව ලබන්න මගේ කිසිම අකැමැත්තක් නෑ.

අපි දන්න කියන ඕනෑම කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඕනෑම පාඩුවක් කරගත්තාට ඔයා මට වචනයක් වත් කියන්නේ නෑ. ඔයත් ඒ මඟේ ම  යනවා විතරයි. ඒක මගේ හිතට ලොකු සහනයක්..

දරුවෝ දෙන්නා මට වඩා ඔයාට ආදරය කරන එකේ මොන වරදක්ද? ඔයා නොවැ එයාලගෙ වැඩ වලින් වැඩි හරියක් කරන්නේ..

හොඳ විතරක් කිවුවට ඔයාගේ සුළු සුළු වැරදිත් තියෙනවා.. ඒත් මගේ තියෙන සුළු වැරදි ඉවසන එකම ඒ සුළු වැරදි අමතක කරන්ට මදැයි..



දුකාහද ගී පොතපංසල් හංදිය බ්ලොග් ලියන දුකා, තිස්ස අයියා සහ කල්හාර මලයා ට එයාලගේ ප්‍රියම්බිකාවන් ගැන දැනුනා වගේ ම ලෙංගතු කමක් මටත් ඔයා ගැන දැනෙනවා..

ඔයාට ලස්සන හීන තියෙනවා.. මට ඒවා හැබෑ කරන්න බලාපොරොත්තු තියෙනවා.. ඒත් ඒකට තව කල් තියෙනවා..

ඒ ඔක්කොටම ඉහළින් මට එක හීනයක් තියෙනවා.. ඔයා ඒක දන්නවා.. ඒකට ඔයා මට උදවු කරන්න.. පුළුවන්නං මගෙත් එක්ක ඒ ගමන යන්න එන්න..



සුබ උපන් දිනක් සොඳුරිය..

විටකදි මට මවකි, තව විටකදි දුවකී

පිටතදි කට සැරයි, එනමුත් සිරි දුවකී
හිතරැදි දුවට, පුතු හට ආදර මවකී
දුකකදි කෙනෙකුගේ ඔබ නම් දෙවඟනකී


මගෙ මවු පියන් ටත් ඔබ දියණිය වූවා
ඔවුනගෙ ලෙඩ දුකේ ඔවුනට සැලකූවා
ඔබෙ මව හටත් හැකි හැම විට ළංවූවා
සත්තයි සොඳුරියේ එය මා පිනවූවා


ඔබගේ පැතුම් එකිනෙක ඉටු කර ලන්න
මම වෙර දරමි සොඳුරිය එය පිළිගන්න
හැම විට නොහැක සිතු පැතු දේ ලැබගන්න
සැනසුම හදෙහි හැකි හැම විට රැක ගන්න


ජීවන ගමන් මඟ තුන් තිස් වැනි කණුව
පීඩන මැදින් පසු කළ සොඳුරිය දනුව
නීරස නොවෙයි රස වෙයි ලෝ දම් අනුව
වීරිය කළොත් අට ලෝ දහමට අනුව

12 comments:

  1. අඩේ හරිම හර්ද්‍යාංගම සටහනක් මචං . . .

    උඹේ නෝනට සුහ උපන් දිනයක් වේවා . . .

    ReplyDelete
  2. ඔබේ සොඳුරියට සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  3. මාතෘකාවට හිත ඇදුන නිසා ඇවිත් බැලුවේ...සටහනත් ඒ වගේම හිතට දැනුනා...මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  4. ඔබේ සොඳුරියට සුබම සුබ උපන් දිනයක්...
    සටහන කියවද්දි දැනුන දෙයක් ලියන්න අවසර, මොක ද අන්තිමට චුට්ටක් විතර ආත්මාර්ථකාමී වෙලා...

    ReplyDelete
  5. මුලින්ම අක්කට සුබම සුබ උපන් දිනයක් කියනවා ............
    මේ සංසාරේ ඔයාලා හමු වෙච්ච පලවෙනි වතාව නෙමේ මේක, ඒක ෂුවර්.
    ඔය සඵල කර ගන්න ඉන්න බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා පතනවා .........

    කවි පෙල නං පංකාදුයි ..........

    ReplyDelete
  6. ස්තුතියි මචං..

    ReplyDelete
  7. ස්තුතියි අක්කා..

    ReplyDelete
  8. බොහොම ස්තුතියි සයුරී මේ පැත්තේ ආවටත්.. සුබ පැතුමටත්..

    ReplyDelete
  9. අනේ ඔවු..! අපි මෙහෙට එන්නේ තනියෙම.. යන්නෙත් තනියෙම.. ඔය ගමන නවත්තන්න වෙන්නෙත් තනියෙම.. හැබැයි ඒක කොරන්න ගොඩක් උත්සාහ කොරන්ට තියෙනවනේ.. ඒකට එයාගේ උදවු අවශ්‍යයි.. යසෝධරා චරිතය තිබුණේ නැත්නං බෝධිසත්වයන් වහන්සේ කොහේ බුදු වෙන්නද? නේද?

    ඉතිං උන්නාන්සෙත් ආත්මාර්ථකාමී වුණානේ.. අපි මොන ඇච්චොද?

    බොහොම ස්තුතියි අදහසට..!

    ReplyDelete
  10. හැම දේටම බොහොම ස්තුතියි..

    ReplyDelete
  11. ආයේ ඉතින් කියලා වැඩක් නෑ - හද පතුලෙන්ම ලියලා තියනවා - ඈ හැබෑ වාසනාවන්තියක් - මෙහෙම බුහුමණක් ලබන්න - සියලු දෙනටම නීරෝගි සුවය ලැබේවා....

    ReplyDelete
  12. බොහොම ස්තුතියි තිස්ස අයියා..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..