Wednesday, December 21, 2011

ප්‍රබා රජ වෙලා..!



ඔන්න ප්‍රබා අපේ රජයේ හමුදාව හොඳට මට්ටු කරලා මේ රටේ රජ වෙලා.. අපි ඉතිං ඉතිපිසෝ ගාථාව කිය කියා බලාන ඉන්නවා මොකක්ද දැන් රටට වෙන්නේ කියලා..  සිංහලයාට ඉතිං සොරි ඩොට් කොම් තමයි,,

මොනවා වුණත් දැං ඉතිං ප්‍රබා අපේ රජා නොවැ.. 
===============================================
මල්ලී.... ගොරෝසු කට හඬකින් ටිකක් සැරට කතා කරනු ඇසී වහා එළියට දිව ගියෙමි... රජා අපේ මිදුලට ම ඇවිත්.. 


සෑර්... මේ උදෙම්ම...? මගෙන් පළමු ප්‍රශ්නය..
මල්ලිව අම්බ වෙන්ඩ කියලමයි ආවේ.. මූ කියපි.



අයියෝ සෑර් ඇස්. ඇම්. ඇස්. එකක් ගැහැවුවනම්.. මං එනවා නේ..
‍යේම බේ මල්ලී.. මට මල්ලිට කියලා සීක්‍රට් වැඩක් කොරගන්න තියෙනවා..



ඒ මොකක්ද අප්පා..? සොරි.. ඒ මොකක්ද සර්..?
මල්ලී මට සිංගල කොල්ලෝ දායක් ඔයා ගන්න ඕනි..
මම ප්‍රශ්නාර්ථයක් මූණේ මවාගෙන බැලුවෙමි..
ඔඳ සිංගල කොල්ලෝ..


ආ.. මේ.. මං වගේ අයද..?
උඹ වගේ අයත් ඕනි..
ඊට වඩා නියම සිංගල කොල්ලෝ..දායක්.. ඔය අසලක කාමිණී වගේ..


හරි.. මොකටද ඔය.. ? 
මල්ලී.. මාත් කොල්ලෙක්.. (ඉස්සර වෙන්ටෑ) මටත් අරි දුකයි ඔය ඔඳ සිංගල කොල්ලො මැරුණු එකට..
(මේ ප්‍රබා.. ම ද? මූට ඇඬෙන්නත් ඇවිත්)



(පරණ)පාර්ලිමේන්තුවෙන් බැරි ද සෑර්..
පිෂ්ෂු කියවාන්ඩ එපා මල්ලී.. මං අදාන්නේ ෂෝ එකක් කාන්ඩ.. ඒකට ඔයි ඉපාටුවෝ අරියන්නෑ..


ඇයි.. සෑර්.. වාචාල වංශ.. එළ කොල්ලනේ.. 


යෙත්ත මල්ලී.. මං ඌට යෙමති කමක් දුන්නා..


එතකොට සර්ගෙ ඇමති මණ්ඩලේ කීයක් විතර ඉන්නවද?
වෙඩිය නේ මල්ලී.. දෙෂීයයි.. ඉටපු කට්ටිය එකෂිය පනායි.. මගේ පනායි..




හිටපු කට්ටියව අයිං කළේ නැද්ද?
මල්ලී මාත් ඉතක් පපුවක් තියෙන කොල්ලෙක් නේ.. උං අඬන ඇටි දෙක්කාම යෙළියට දාන්නෙ කෝමද?


එයාලට කරන්න වැඩ තියෙනවද?
උං මීට කලිං වෙඩ කරාද මල්ලී.. මං උංට කිරිකට් ගාන්න ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකක් අදලා ඒක එතුලේ ඉන්ඩ කිවුවා.. මාෂෙකට ෂෙරයක් පිටරට ට්‍රිප් එකක් එක්ක යන්නං කිවුවා.. වෙන මොනා අරි ආතල් ඕන්නං කියාන්ඩ ඒවත් දෙන්නාං කීවුවා.. උං ඕකේ..
දෙතුන් දෙනෙක් තමයි බං අවුල්..



ඒ මොකද සෑර්..?
උන්ට එල, දොල, කංකා, වෙවු... ඕනිලු..


නාන්ඩද?
නේ.. මෙනික් කරාන්ට.


ඇස්.. ඇප්.. ගත්තොත් මොකද සෑර්..?
එස්. එප්..? (ප්‍රබා ට පොඩි කැස්සක් මතු විය)
මිනියා.. නං කියාපු බඩුව අයිෂේ.. යේත් ඌ අරි ෂෙරයි නේ.. ?


දුටු ගැමුණු..?
අඩේ.. මට මතාක් වුණේ නේනේ.. තෑන්ක්ස් මල්ලී.. රොම්බ තෑන්ක්ස්..


මුතු හෙට්ටි..?
ෂාහ්: මල්ලී කියලා වෙඩ නේ.. මල්ලී.. ෂුපර් කියන්නේ නිකං නෙවෙයි ආ.. (මාව බදා ගනියි..)
දුමින්ද?
නේ.. මල්ලී .. දුටු ගෙමුණුයි, මුතු එට්ටියි ඉන්නවානං වෙන කවුරුත් ඕන්නේ.. වෙඩේ කොඩ.. 


එතකොට සෑර්.. සර්ලා කියපු අර ඊලම..?
පිෂ්ෂුද මල්ලී.. අපි පොඩි ජෝක්ස් එකක් නේ දෙම්මේ.. උම්බලා උම්බලාගේ පාඩුවේ ඉන්ඩ.. අපේ එවුං උංගේ පාඩුවේ ඉඳියි..

ඒ කියන්නේ සෑර්.. අපි නිදහස්ද? (මා ඇසුවේ පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිතවය)
ප්‍රබා.. බඩ අල්ලාගෙන බිම ඇණ තියාගත්තේය.. ඔහුට හුස්ම ගන්ට අපහසු බව පෙනිනි.. වහා ඔහුගේ ආරක්ෂකයින් වට වුණි. ඔවුහූ මාව අත් අඩංගුවට ගත්තෝය.. ප්‍රබා හුස්ම ගැනීමේ අපහසුව පැත්තකින් දමා.. ආරක්ෂකයින්ට පළු යන්ට (කච කච ගා) බැන්නේය.. මට ඉනාවක් ඉරවුණා යකෝ.. ඔහු යළිත් කෑ ගෑවේය..

මට තේරුණු හැටියට ඔහු කීවේ මාවත් ඔහුවත් අත හරින්නට විය යුතුය. ඉන්පසු නැවත මා ලඟට පැමිණි ප්‍රබා..



මල්ලී.. මීට කලිං කවදා අරි නිදාසේ ඉටියාද? කියා අසමින් යන්නට හැරුණි..
===============================================
නිදහස කියා ලකුණක් වත් දැක නොමැතී
එනමුදු බොහෝ නිදහස් උත්‍සවද වෙතී
අප හද පතුල තුළ නෙක කටු වැල්ය එතී
හදවත මුදා ගමු පළමුව රැගෙන කැතී




පිංතූරෙ ගත්තෙ මෙතැනින්..









14 comments:

  1. එල. පට්ට, කීලා වෙඩ්ඩක් නේ අයියා..

    ReplyDelete
  2. රොම්බ තේන්ක්ස් මල්ලියා..

    ReplyDelete
  3. මොනවා හරි හිතට ගත්තු බව ද කියන්නේ.. ? මෙතනට ඇවිදින් කියෙවුවා කියන සාක්ෂිය ඉතුරු කළාටම බොහොම පිං..

    ReplyDelete
  4. නියම අදහසක්, ඇත්තටම අපි නිදහස් කියලා හිතාන හිටියට ඇති නිදහස මොකක්ද ........

    ReplyDelete
  5. මාරයිනේ, අඩෙ අප්පා අපෙ චෙතුල තම්බිටත් හිතෙන ඩේවල්. කොහොමෙද? අපෙ නිඩහස? කියියල වැඩෙක් නෑ අප්පා! ජෙය වේවා!

    ReplyDelete
  6. නිදහසක් නෑ කියන එකට මමත් එකඟයි....

    ඒත් වෙනදාට වඩා නිදහසක් අපි භුක්ති විඳිනවා කියලා හිතෙනවා... (ඒක නිකම් අවදානමක් නෑ වගේ හැඟීමක්ද මන්දා...)

    ReplyDelete
  7. ඒක හරි මිත්‍රයා.. කාලයක් තදින්ම තිබුණු බියක් දැං නැති වෙලා තියෙනවා.. ඒත් අපි නිදහස් නෑ.. හුඟාක් ක්‍රම වලට..

    එක පැත්තකින් නිදහස අහිමි වීම අපි උපතින්ම ගෙනාපු දෙයක්..
    තවත් පැත්තකින් නිදහස කියන්නේ අපේ ඇතුලේ ම තියෙන දෙයක්..
    ඒ වගේම නිදහස සමාජය විසින් කප්පාදු කරපු දෙයක් කියලා හිතන්නත් පුළුවන්..

    සිගරැට් එකක් බොන්න ඕන එකාට අනික් එවුං හින්දා ඒක බොන්න නිදහසක් නෑ කියලා පහුගිය දොහක සයිට් එකක තිබුණු වීඩියෝවක තිබුණා.. ඒ වගේම තමයි සිගරැට් බොන එවුං හින්දා අනික් එවුන්ට නිදහසේ ඉන්න විදිහක් නෑ..

    මේ ලෞකික සමාජයේ අලුතින් එන බොහොමයක් නිර්මාණ නිසා අපේ නිදහස තව තවත් සීමා වෙනවා..

    මේ ඉපදීම, මරණය කියන චක්‍රයෙන් නිදහස් වෙනකම් අපට සැබෑ නිදහසක් නම් හිමි වෙන්නේ නෑ..

    ReplyDelete
  8. යේම තමායි අක්කා යපිලටත් ඕවා ඉතෙනවා.. අක්කටත් ජෙය!

    ReplyDelete
  9. නිදහස කියන එකට ලොකු අරුතක් තියෙනවා නොවැ.. අපට ගොඩාක් පැති වලින් නිදහස අහිමි වෙලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.. ස්තුතියි කල්හාර මල්ලී..

    ReplyDelete
  10. කුලල් කා ගැනීම හා වින්නැහිය රජවීම අරකී පුද්ගලයාට ඔටුනු පැලැන්ඳුවා හා සමානයි. ගිය දේසෙක ඉඳන් බලාගෙන හිනාව නවත්වා ගන්න බැරිව ඇති.

    කතාව අවසානයේ පදපෙල නම් අපූරුයි වතුර මල්ලී

    ReplyDelete
  11. ඔවු.. වෙලාවකට හිතෙනවා... ප්‍රබා රජ වුණා නං මීට වඩා හොඳ වෙයි ද කියලා....

    අදහසටත් ඇගයීමටත් බොහොම ස්තුතියි අයියා...

    ReplyDelete
  12. බලාගෙන ගියාම පිරභාහරන් ගොයියත් අපූරු ගොයියෙක් නෙව....ඌනෙ එල කිරි කොල්ලා......

    ReplyDelete
  13. හැබෑවටම ඌත් එළකිරි කොල්ලෙක් තමයි.. කරපු තරමක් කළේ එළ වැඩ නේ.. හික්ස්..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..