Saturday, December 29, 2012

කවිය නොතේරේ..


මට තේරෙන ඔබේ කවිය 
ඔහුට ම ලියු ප්‍රේම කවිය
මුළු හදින්ම බැන්ද කවිය
ඔහුට නොතේරේ....

මම ඇය හට ලියපු කවිය
මගෙ සෙනෙහස පුදපු කවිය
පැතුම් පිරුණු මගේ කවිය
ඇයට නොතේරේ....

ඇයත් ඔහුත් ලියපු කවිය
අප හදවත් දවපු කවිය
ඒ දෙන්නගෙ ප්‍රේම කවිය
අපට නොතේරේ...

අපි දෙන්නා ගයපු කවිය
සෙනේ බිඳුණු විරහ කවිය
ඉකි බිඳ බිඳ හඬන කවිය
ලොවට නොතේරේ..

Monday, December 24, 2012

බැරිදා විග්‍රහය!හරාම් මෙහෙයුම..

පසුගිය දිනවල මුහුණු පොත පුරා තිබු දැන්වීම් වලින් කියැවුණේ..හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා උලමා සභාව විසින් විශාල මුදලක් අදාල නිශ්පාදන ආයතන වලින් අය කරන බවත්, එනිසා එම භාණ්ඩයේ මිළ ඉහල යන බවත්.. හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින ඉතා සුළු කොටසකට බැවින් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකර ගැනීම අසාධාරන බවත්.. ඒ නිසා හලාල් සහතිකය නැතිව අපට අඩු මුදලටත්.. හලාල් අවශ්‍ය අයට එම සහතිකය සමඟ වැඩි මුදලටත් විකිණිය යුතු බවත්, එතෙක් පාරිභෝගික අප හලාල් නිශ්පාදන ප්‍රතික්ෂේප කළ යුතු බවත් ය.. 

මගේ වැටහීමට අනුවද මෙය ඉතාමත් සාධාරණ තර්කයකි.. එමෙන්ම වැඩි දුරටත් මෙසේ සිතමි.. බෞද්ධ ප්‍රජාව සඳහා නිර්දේශිත මෙවන් තවත් සහතික කිරීමේ ක්‍රමයක් තිබුණා නම් අගනේය..

ඊයේ දිනයේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමට බිරිඳත් සමඟ නගරයට ගියෙමි.. වාසනාවට හාල්, මුංඇට, පරිප්පු, පිටි, කඩල, කවුපි, මිරිස් තුනපහ ආදිය.. (පැකට් නොකල ඒවායින් ගත් නිසාදෝ) හලාල් කර තිබුණේ නැත.

පොඩි එවුන්ට මාගරින් නුසුදුසු යැයි කියන නිසා.. බටර් ගන්නට ගියෙමු.. තිබුණේ හයිලන්ඩ් බටර් පමණි.. එය හලාල්ය..
බටරුත් නැති එකේ බිස්කට් ටිකක්වත් ගෙහුං තියන්ට එපාය.. කියා සිතමින්.. බිස්කට් තෝරන්නට වීමු.. මංචි හලාල් ය, මැලිබන් හලාල් ය.. කිස්ට් වේෆස් එකක් තිබුණි.. බැලුවාම ඒකත් හලාල්ය.. වෙනත් බිස්කට් ජාති කිසිවක් අප ගිය කඩ වල තිබුණේ නැත..
හලාල් ලකුණ නැති මිල්ග්‍රෝ කිරිපිටි එකක් නම් බොහොම අමාරුවෙන් හොයා ගතිමු.. ඒත් ඉතිං ඒක ශ්‍රීලාංකික නොවන එකක් නොවැ..

එක්කෝ අපි හලාල් කන්න හිත හදාගන්න ඕනෑය.. එක්කෝ කෑම හලාල් නොකර ඉන්ට නිශ්පාදක ඇත්තෝ දැන ගන්ට ඕනෑය.. එහෙමත් නැත්නං වේලක් දෙකක් නොව දිගටම හරි බඩගින්නේ හිඳිමින්.. හලාල් සහතිකේ තියෙන කෑම වර්ජනය කොරන්නට ඕනෑය..

මොනවා කළත් දුකම තමා...

Tuesday, December 18, 2012

මම (අ)සාමාන්‍ය මිනිසෙක්ද?..

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්මයාගේ දේශනයක් ඇසුරින් මීට වසර 18කට පමණ පෙර චිත්ත ධර්ම විද්‍යා පුවත් පතෙහි පළ වූවා යැයි කියන ලිපියක් ඔබ සාමාන්‍ය මිනිසෙක් ද? යන මැයෙන් ගයනී සමරසිංහ මහත්මිය විසින් සුමනදාස සමරසිංහ මහතාගේ නමින් පවත්වාගෙන යන බ්ලොගයේ පළ කර ඇත. කෝදාගොඩ මහතා මෙන්ම සමරසිංහ මහතාත් මා ඉතා ගරු කරන විද්වතුන් දෙපලක් බවත් මේ අදහස් දැක්වීම කිසිසේත්ම ඔවුන් ව නොසලකා හැරීමක් නොවන බවත් සලකන්න..

උක්ත ලිපියේ සාමාන්‍ය මිනිසා අර්ථ දක්වා ඇත්තේ අපූරු ක්‍රමයකටය.. ඒ අනුව සාමාන්‍ය මිනිසුන් තම පළමු සැතපුම වේගයෙන් ගොස්.. ඉතිරිය ඔහේ සිටින්නන්ය.. මෙය කාලයේ වෙනසක් දැයි නොදනිමි.. අද කාලයේ නම්.. සාමාන්‍ය මිනිසුන්  ජීවිත කාලයම පිම්මේ දුවයි.. එහෙත් මේ දිවිල්ලෙන් ඔවුනට අහිමි වන දෑ බොහෝය.. හිමි වන දෑ ද බොහෝය..

මම .. මේ දිවිල්ල නරකයැයි දකින.. එහෙත් හැල්මේ දුවන එකෙක්මි.. මම අසාමාන්‍ය අයෙක් වන්නට ඇත.. මට මේ තත්වයෙන් මිදීමට අවශ්‍ය නැත.. මට අවශ්‍ය මේ තත්වය වර්ධනය කර ගැනීමටයි.. මට මේ දිවිල්ලෙන් හිමි වන දෑ සුළුය.. අහිමි වන දෑ ද ඉතා සුළු ය..  පළමු සැතපුම් කීපය වේගයෙන් දුවා නවතින්නට මට අවැසි නැත.. මම දිගටම දුවමි.. මට තරඟයක් නැත.. යාන්තම් ජීවත් වීම වෙනුවට අඩු පිරිවැයකින් හොඳින් ජීවත් වෙමි.. මට මානසික සිර ගෙයක් ඇත.. එය ඔය විශේෂ මිනිසුන්ටත් ඇතැයි මම සිතමි.. ඉතින් මම සාමාන්‍ය මිනිසෙක් ද?..

අනුගමනය කරන ක්‍රමවේදයන්ගෙන් පමණක් අසාමාන්‍ය වෙමි.. මම අවශ්‍ය පමණට වඩා සොයන්නේ වත්, අසීමිත ලෙස කල්පනා කරන්නේ වත්, නැවතීමේ ලකුණ නොදන්නේ වත් නොවෙමි.. එහෙයින් මම විශේෂ මිනිසෙකුද නොවෙමි..

හැබෑටම මම මොකෙක් ද?

Thursday, December 13, 2012

මගේ බොළඳ හිත..

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා

හිතෙන හිතෙන තැන නවතිනවා..

මේ පද පෙළ අපේ ජීවිත වලට කොයි තරම් සමීප ද?  අපි හිත හීලෑ කිරීමේ ක්‍රමවේදය නොදන්නා නිසා කොයි තරම් නම් ප්‍රමාද වී ඇත්ද? 

මෙළොව එළිය දුටු දා සිට සරලව ගලා ගිය ජීවිතයට කඳු, බෑවුම් එමට ඇති බවත්, එළියට පෙනෙන සුන්දර බවට යටින් ඇත්තේ අසුන්දර බවම බවත්, අපට මේ ගලා යන ගඟෙන් එතෙර වීමේ මඟට පිවිසීමට ඇත්තේ සීමිත ඉඩ කඩක් බවත් ක්‍රම ක්‍රමයෙන් වටහා ගත්තෙමි..

එසේ සීමිත වූ ඉඩ කඩින් ප්‍රයෝජන ගැනීමට පෙර.. මා කර ගහ ගත් දෑ.. වඩාත් සුරක්ෂිතව බිමින් තැබිය යුතු බවත්.. එසේ බිමින් තැබීමෙන්.. ඒ දෑ වලට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවත් මම වටහා ගත්තෙමි..

ඉතා පරෙස්සමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත්, පළමුව ඒ සඳහා ඇති බාධාව වන ආර්ථික ගැටලු නිරාකරණය කළ යුතු බවත් අවබෝධ කොට ගත්තෙමි..

අන්තර්ජාලය නම් මෙවලම පහුරක් ලෙස මිස විනෝදාශ්වාදය සපයන හුළං බෝට්ටුවක් ලෙස යොදා ගත යුතු නොවන බව ද වටහා ගත්තෙමි..

එහෙත් තවමත්.. ෆේස් බුක්, බ්ලොග් හරහා.. මගේ හිත ඇවිදියි.. හිතෙන හිතෙන තැන නවතියි.. කවි ලියමු යැයි කියයි.. බ්ලොග් පෝස්ටුවක් දමමු යැයි කියයි...

යළි යළිත් මම ප්‍රමාදයට පත් වෙමි.. ආර්ථික යුද්ධය යළි යළිත් පරාජය වීමේ අවදානමක් ඇත..

මා තනි වෙනවා මා ලිව යුතු වූ වැඩසටහන් අතරේ..
සිත දිව යනවා.. මූණු පොතේ ඇති කවි සටහන් අතරේ..

සිත පවසනවා බ්ලොග් එක ලියලා නිදියා ගමු කියලා
වැඩ ගොඩ වෙනවා.. හෙටම නිදාගමි අද රෑ නිදි වරලා

Monday, December 10, 2012

රන් වන් අනාවක් වේවා පුතුනි මගේ..!



පුතුනේ නුඹේ සුන්දර ජීවිතය මත
අප හැම දෙනගෙ පැතුමන් හා සතුට ඇත
බාධක කම්කටොලු මැඩ, වීරියෙන් සිත
මා නිම නොකළ මෙහෙයට අත තබනු පුත

ජාතිය සිහල කම රැක සලසවා සෙත
ආගම දහම ඇසුරෙන් මෙත වඩා සිත
කාටත් හොඳින් සලකා තෙත දරා නෙත
ජීවත් වෙයන් මිනිසෙකු ලෙස මගේ පුත

තුන්වැනි වියට පා ඔසවන දිනේ නුඹ
සුන්දර නුඹේ නළලත ආදරෙන් සිඹ
යන්නට වෙතට සතුටේ රන් පහන් ටැඹ
දෙන්නෙමි සෙත් පැතුම්  උණුසුම් සුසුම් පිඹ

Saturday, December 8, 2012

මෘදුකාංග (Software)

ඔන්න ඉතිං.. ඒ ගැන දන්න කස්ටිය .. අපි නොදන්න සොෆ්ට්වෙයාර්.. කියලා මාව කපලා දාන්නෙ නැතුව.. පොඩියක් කියවලා බලලා..ඌණ පූර්ණයක් එහෙම කොළා නම් තමයි වටින්නේ..

සොෆ්ට්වෙයාර් කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන වැදගත්ම දෙයක් නොවැ.. ඒ කියන්නෙ.. සොෆ්ට්වෙයාර් නැතුව කොම්පියුටරේ දුවන්නෙ නෑ.. ඔයාලට කියන්න. ඒවා නැතුව අද කාලෙ සමාගම් බොහොමයකුත් දුවන්නෙ නෑ..ඒ ගැන පස්සෙ දවසක විස්තර ඇතුව කියන්නම්කෝ..

කොම්පියුටරේ පාවිච්චි කරද්දී අපිට පේන්න තියෙන සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් තියෙනවා..

එකක් තමයි සිස්ටම්ස් සොෆ්ට්වෙයාර් (මෙහෙයුම් පද්ධතිය .. දන්න සිංහලෙන් කියනවා නම් OS එක එහෙම අයිති වෙන්නෙ මේ වර්ගයට ). මේවැයින් තමයි කොම්පියුටරේ තියෙන හාඩ්වෙයා ගැජට් කෑලි  එක්ක සම්බන්දතාවය හදලා දෙන්නෙ.. Windos 7, WinXP වගේ උදාහරණ ඕන තරම් තියෙනවානෙ මේ OS වලට. ඒ වගේම අපි සමහර අලුත් ගැජට් කොම්පියුටරේට දැම්මාම.. Drivers කියලා එකක් Install කරනවා නේද? අන්න ඒවත් වැටෙන්නෙ මේ කොටසටම තමයි මයෙ හිතේ..


අනික් එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්.. ඒවැයින් තමයි අපි වගේ පරිශීලකයො (Users) කොම්පියුටරේ පොරෝජනේට ගන්නෙ.. අපි කවුරුත් දන්න උදාහරණෙ තමයි ඉතිං.. MSOffice (ඇම්. ඇස් ගේ කාර්‍යාලය) . ඔය ඇප්ලිකේෂනුත් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් සහ වෙබ් ඇප්ලිකේෂන්ස් විදිහට බෙදෙනවා.. මං මේ ලිපිය ලියන්නෙ එහෙවු වෙබ් ඇප්ලිකේෂන් එකක.. (Madhura Real Time Singlish කියන ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකේ සහායෙන්).. හිතලා බැලුවහම.. මේවායේ නිර්මාපකයෝ කොහොම මේවා නිර්මාණය කළා ද කියලා හිතා ගන්ටත් බෑ..  මේ ඇප්ලිකේෂන් හදන්ට ලැන්ග්වේජස් කියලා ජාතියක් තියෙනවා.. ඒ ලැන්ග්වේජස් පාවිච්චි කරන්න පුළුවං විදිහේ ඇප්ලිකේෂන්ස් වගයකුත් තියෙනවා.. විසුවල් ස්ටුඩියෝ කියන්නෙ එහෙම එකක්..

වැදගත්ම දේ මම දෙවැනියට කිවුව.. ඇප්ලිකේෂන් නිසා අපේ කාලය හා ශ්‍රමය විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම නිරවද්‍යතාවය හා පිළිවෙල ඉහලටම ගිහිං තියෙනවා..විශේෂයෙන් ව්‍යාපාර වලට එහෙම.. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලින් ලැබෙන්නේ එසේ මෙසේ තල්ලුවක් එහෙම නෙවෙයි..

ඒ ගැන අපි පස්සෙ දවසක කතා කරමුකෝ..


Saturday, December 1, 2012

෴෴උරුමයි නම් යමක් හිමිවෙයි෴෴


පුංචිම පුංචි කාලේ ඇය වෙත බැන්ද
ඒ ආලයේ අරුතක් නොදැනුණෙ මන්ද
ඉන්පසු උදාවිය කාලය සැප වින්ද
බෝලය පිත්ත වූවා මගෙ පණ කෙන්ද

ගැටවර වියට එළැඹුණු ගත සිත සැනිණ
ඔබ වෙත නොවේ වෙනතක යන බව දැනිණ
අවසන පෙම් සුවේ රස තව කුළු ගැනිණ
ඇය ඇති හදෙහි ඔබ හට කොටසක් නොවිණ

කම් සැප නොවෙයි ආලය යනු හිතපු මම
අම්බරයට කියා මගෙ ඇති සුදන කම
නිම් නැති ලොවක සෙවුවා සුන්දරම පෙම
පෙම්බර ඇය ගියා ගිලිමින් ඔහුගෙ ඇම

කාලය පැමිනුණා මට දීගෙක යන්න
කෝමත් නොහැක මවුපිය හිත් හඬවන්න
ආ.. යෝජනාවට හෙමිහිට ඉඩ දුන්න
මා ගියෙ අලුත් මනමාලිව හමු වෙන්න

පුදුමයි ඒත් ඇත්තයි ඒ ඔබම තමා
සතුටුයි මටත් නෑ හසරැළි තවම නිමා
උරුමයි නම් යමක් හිමිවෙයි දනිමි මෙමා
හිනැහෙයි ඔබත් එහෙනම් යයි සුළඟ හමා..

Friday, November 30, 2012

අවාසනාවට.. ඇත්ත කතාවක්..

දැන් සතියකට විතර කලිං අපේ  පාරිභෝගිකයෙකුට (රජයට සම්බන්ධ ආයතනයකි) අපේ Payroll Software එකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.. දුරකථනයෙන් සහාය දිය නොහැකි මට්ටමක ඒවාට සහාය දීම සඳහා Remote Software එකක් හරහා සම්බන්ධ වීමේ ක්‍රමය මෙතැනදී යොදාගන්නට නොහැකි.. අදාල පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාව නැති නිසා.. ඉතින් අපි කිවුවේ.. අපේ Software එක හරහා ලබාගත් Database Backup එකක් අපට ඊ- ලිපියකින් එවන්න කියලා.. ඔන්න පහුගිය දවස් ටිකේ ම උත්සාහ කරලා අද උදේ Backup එකක් එවලා තිබුණා.. ඒත් ඒ Backup එක Restore කරන්න බෑ.. Corrupt වෙලා..

ඉතිං වඩාත් හොඳ විසඳුම විදිහට අපේ Staff එකේ කෙනෙක්ව එහෙට යැවුවා..(එයාගෙ නම ඉන්දික කියමුකෝ..) ඉන්දික ගිහිං පරීක්ෂා කරලා බැලුවාම තේරුණු විදිහට ලෙඩේ හොයාගන්න.. Backup එක Office එකට එවීමේ වුවමනාවක් තිබුණා.. Dongle එක ක්‍රියාත්මක වෙන්නෙත් නැති තරමට පරිගණකය හොඳ තත්වෙක තිබුණු නිසා.. එයා Backup එකක් අරගෙන ඒක E-Mail කරන්න කියලා අදාල User (කාන්තාවක්) ට දුන්නා.. එයා E-Mail එක යවන්න කියලා ගිහිං ගොඩාක් වෙලා ගියත් තාම ආවෙ නැති නිසා ඉන්දික එයාව හොයාගෙන ගියා..

යනකොට අපේ User සහ තවත් සගයෙක්.. පරිගණකයේ ලොකු වැඩක්.. ඊට පස්සෙ ජවනිකාව මේ වගෙයි..

U: එන්න ඉන්දික.. (අතින් සන් කරයි.)
I : මිස් අර E-Mail එක යැවුවද?
U: ආ.. ඒක තමයි මේ යවන්න හදන්නේ..
U ගේ සගයා.. Notepad වලින් විවෘත කරගත් ගොනුවක තැනින් තැන ඇති අපැහැදිලි යමක් මකා දමමින් සිටී.. එය ඔහු කරන්නේ දැඩි අවධානයෙනි..
I : (මඳක් විපරමින් ඒ දෙස බලා හිඳ.. ) ඔය මොකද කරන්නෙ..?
සගයා: මේක මල්ලි එයාට තේරුම් ගන්න පුළුවං විදිහට යවන්න එපාය.. අනික Open කරගන්නත් බෑ නෙව..
I : මේ ඒ Backup එකද?
සගයා: ඔවු..
I: අපෙ අප්පේ.. ඕක දෙන්න මෙහාට.. ඕක එහෙම වෙනස් කරන්න යන්න එපා.. ඕක Backup එකක් නේ..
සගයා: එතකොට එයා Open  කරගන්නේ කොහොමද?
අපේ සගයා මුවින් නොබැණ ඔහුව එතැනින් නැගිට්ටවා.. E-Mail එක අපට එවුවායින් සාර්ථකව ප්‍රශ්නය විසඳාගන්නට හැකි විය..
පසුව දැනගත් පරිදි සගයා.. අදාල ආයතනයේ.. IT පිළිබඳ වැඩ්ඩාය.. ඔහු හිතාගෙන ඉන්නේ ඔහු සියල්ල දන්නවා කියාය.. එහෙත් ඔහුගේ දැනුමේ තරම..! Backup එක එවන්න මේ තරම් කල් ගියේ ඇයිද කියා දැන් අපට වැටහේ.. යළිත් නම් මෙවැනි පණ්ඩිතකම් කරන්නට එපා යැයි.. ඉන්දික විසින් ඉතා කාරුණිකව පැහැදිලි කර දුන්නද? එය එසේ සිදුවේ දැයි.. තවමත් ඇත්තේ සැකයකි..
==============================================
මේ කතාව නිසා මට පරණ කතාවක් මතකයට නැගුණි..
==============================================
එක්තරා ගමක ශක්තිමත් තරුණයෙකු සිටියේ ය.. ඔහු කෙතරම් ශක්තිමත් ද යත් ගමේ ඉහලට දිවෙන පාරේ වූ ඉතා විශාල ආනතියකින් තිබෙන කන්ද ඔහු පාපැදියේ තවත් අයෙකුව නංවාගෙන පැද්දේය..
දිනක් ඔහුට මේ කන්ද පාමුල දී ඔහු ප්‍රිය කරන ගැහැණු ළමයෙකු හමු විය..
නංගි එන්න මේ ටික මං ගිහිං දාන්නම්.. ඔහු කීවේ ආඩම්බරයෙනි..
දැන් කාලේ මෙන් කාර් බාර් නැති එකල අපේ හැඩි දැඩි මිත්‍රයාගෙන් ලද ඇරයුමෙන් සතුටු වුවත්.. පාපැදියේ යෑමට ඇති බිය නිසාම තරුණිය මඳක් අදිමදි කළාය..
එහෙත් තරුණයා කීවේ.. අයියෝ නංගි බය වෙන්න එපා ඔයිට වැඩිය ලොකු අය දාගෙන මම මේ කන්ද පැදලා තියෙනවා.. කියාය..
ඉතිං දැන් නංගීත් නැංගාය.. කන්ද මඳ දුරක් යද්දී.. තරුණයාට දැනුණේ වෙනදා මෙන් පාපැදිය පදින එක පහසු නොවන බවයි.. උපරිම උත්සාහ කිරීමෙන් පසු බිමට බැසගත් තරුණයා හති හලමින් පැවසූවේ..
පුදුම වැඩක්නේ නංගි.. වෙනදට මං ඔයිට වැඩිය බර අයත් දාගෙන පදිනවා.. කවදාවත් මෙච්චර අමාරු වුණේ නෑ නේ. කියලාය..
නංගි කීවේ..
"අනේ ඒක තමයි අයියා මං මුලින්ම කීවේ.. මං හරිම බයෙන් ආවේ.. ආපහු පල්ලමට යයි කියලා.. කොයි එකටත් මං බ්‍රේක් එක අල්ලගෙනම ආවා..
"

* කෙටි යෙදුම්..
I:  ඉන්දික
U: User
ප.ලි
ඇත්ත කතාව.. පළමු කතාව පමණි..

Monday, November 26, 2012

ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා...

එදා ඉඳං අද වෙනකම් අපි රැවටෙනවා
රැවටි රැවටි ඉතිහාසය ගැන දොඩවනවා
බිංදු බිංදු එකතු වෙලා ගඟක් හැදෙනවා
දන්නෙම නෑ ගං වතුරට අපි යට වෙනවා

අපේ මලේ පැණි කවුරුත් බෙදා ගන්නවා
අනේ අපේ කරුණාවනෙ.. සතුටුත් වෙනවා
අපට කොහිද මල් අපි දැං උක් පැණි බොනවා
ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා


ශ්‍රී ලංකාව කියන්නෙ පුංචි රටක්.. අපි මේ රටේ ස්වදේශිකයො වගේ සුද්දන්ට පර සුද්දෝ... දෙමෙල්ලුන්ට පර දෙමෙල්ලු කියමින් බැන්නට අපිත් පර සිංහලයෝ තමයි.. ඒත් ඉතිං දැං කාලයක් තිස්සේ බහුතරය වෙලා හිටි එකට අමතරව.. අපිටයි කියලා වෙන රටක් නැති එකේ.. මේක අපේ රටයි කියලා කියන්ට අපට අයිතියක් තියෙන බව හැබෑව.. මං ඒකෙන් කියන්නෙ නෑ.. දෙමළ නැත්නම් මුස්ලිම් ජාති වල කට්ටියට ඒ අයිතිය නැහැයි කියලා.. එයාලා මොන හේතුවට මෙහාට ආවත්.. එයාලත් අවුරුදු ගානක් අපිත් එක්ක මෙහෙ ඉඳලා දැං අපේම අය බවට පත්වෙලා කියලා අපට හිතෙනවා...

ඒත් එයාලගෙ සමහර අය තවම හිතින් ජීවත් වෙන්නෙ.. ඉන්දියාවෙ නැත්නම් පකිස්ථානෙ කියලා අපට ඔය කිරිකොට් මැච් කාලෙට එහෙම පේනවා.. දෙමල අයත් එක්ක කෙහෙවලු පටලවගෙන අන්තිමේ අවුරුදු තිස් ගානක්.. ජීවිත දාස් ගානකින් වන්දි ගෙවුවා අමතක නෑ.. ඒකට අපි දෙගොල්ලොම වැරදියි.. ඒත් අපි කවුරුත් එකයි කියලා හිතපු දෙමල වගේම සිංහල මිනිස්සුත් ඒ කාලයේ ඕන තරං හිටියා.. තවත් ඉන්නවා..

ඒත් ඉතිං මුස්ලිම් කට්ටිය ගෙන් බහුතරය යන්නේ අමුතුම ගේමකටය කියලා මට තේරුණේ බොහොම ළඟදී.. එයාලා මාස්ටර් ප්ලෑන් එකක් කොටස් වශයෙන් දිග හරිමින්.. අපේ වෙළඳ පොල... අපේ නිදහස.. වගේ අපි කාටත් පොදු බොහෝ තැන් වල පැතිරුණේ හරියට සිරුරටත් නොදැනී පිළිකා සෛල සිරුර පුරා පැතිරෙන්නා වගේ.. මේ ප්‍රශ්නය කලිංම තේරුම් ගත්ත සමහර සිංහල ඈයො.. එළිපිටම මේවට විරෝධය පළ කරමින්.. සිංහල ආධිපත්‍යය පතුරවන්ටත් උත්සාහ කළා.. හිඟුරක්ගොඩ.. කිරිබත්ගොඩ වගේ නගර වල සිංහල ආධිපත්‍යය තියෙන්නේ.. ඒ ජාතිවාදයට පිංසිද්ධ වෙන්ට..

මුහුණු පොතේ අද තිබුණු දැන්වීමක තිබුණා.. කොළඹ ජනගහනය

සිංහල - 76,000 දෙමළ - 106,000 සහ මුස්ලිම් 126,000 කියලා.. මේ අපි දියවෙලා කියන්ට හොඳ උදාහරණයක්..
තවත් පුවතකින් කියැවුණේ.. උතුම් සිංහල කුල කතක් වූ ඇහැලේපොල කුමාරිහාමි නමින් වූ මාවතක් මුස්ලිම් පල්ලිය පාර බවට පත්වූ කතාවයි.. එපමණක් නොවේ.. තවත් පුවතකින් කියැවුණේ.. ඇතැම් මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල පිරිමින් හා ගැහැණුන්ව වඳ බවට පත් කිරීමට කටයුතු කරන බවයි.. මේවා බොහොමයක් මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන ක්‍රියා බව පිළිගත යුතුයි..

එහෙත් මුස්ලිම්වරු ස්වභාවයෙන් මෙන් කරන... සිංහල අපට තර්ජනයක් වන කරුණු බොහොමයක් වනවා..

ඒ අතර ප්‍රධානම වන... ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගන්නා කූට උපක්‍රම.. මා උදාහරණ කිහිපයක් කියන්නම්..

* ඔවුන්ගේ පාරිභෝගිකයා මුස්ලිම් වරයෙකු හෝ පාරිභෝගික සමාගම තුළ මුස්ලිම් ජාතික තීරණ ගන්නෙකු ඇත්නම්.. තමන් මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසා.. අනිවාර්‍යයෙන්ම තමන්ගෙන් මිළ දී ගත යුතු බවටත් එසේ නොකළහොත්.. උලමා සභාව හරහා දඬුවම් කරවන බවටත් තර්ජනය කරයි..

 * යමක් අලුත්වැඩියා කර ගැනීමට පැමිණි විට තමාට එය අලුත්වැඩියා කරන්නට බැරි නම්.. වෙනත් කෙනෙකුටත් අලුත්වැඩියා කරන්නට නොහැකි තත්වයට එය පත්කරනු මිස.. බැරි දේ බැහැයි කියන්නේ නැත.. එමගින් සිය පාරිභෝගිකයා වෙනත් තරඟකාරී සේවා සපයන්නෙකු වෙත විශ්වාසය ඇති කර ගැනීම ප්‍රෝඩාකාරී ලෙස වළක්වයි..

* යමක් මිළ දී ගැනීමේ දී සැම විටම මුස්ලිම් ව්‍යාපාරිකයාට සහ විකිණීමේ දී.. මුස්ලිම් පාරිභෝගිකයාට ප්‍රමුඛතාවය ලබා දේ..


මේ වගේ විවිධ උපක්‍රම වලින් එයාලා එයාලගේ වර්ගයා ඉදිරියට ගෙන යද්දි.. අපිත්  එයාලට වෛර කර කර ඉන්නෙ නැතුව.. සහජීවනයෙන් ජීවත් වෙන ගමන්..

ගනු දෙනු වලදී.. අපේ කෙනාට ප්‍රමුඛ තාවය දීලා..
අපේ සිංහලයින් තුළ මනුෂ්‍යත්වය හා සහෝදරත්වය වර්ධනය කර ගනිමින්.. මුස්ලිම්, දෙමල ආදී ජාතීන් වල අයත් සහෝදරත්වයෙන් පිළිගනිමින්..
අපගේ ජනගහනය පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි (පවුල තුළ) සංවිධානය වීමෙන් මේ ගැටුම් අවම කරගන්න පුළුවන්..

කොයි ආගමෙත් අන්තවාදීන් ඉන්නවා.. බුදු දහමේ කියලා එහෙම නැති වෙන්නේ කොහොමද?අනෙකුත් ආගම් හා ජාතීන් සමඟ සැසඳීමේ දී මුස්ලිමුන්.. අන්තවාදී පිරිස වැඩිම ජාතියක් බවත් කියන්ටම ඕන..

වෛරය පිටු දකිමින්.. අනවබෝධය තුළ නොමියෙන්නට ගනිමු ද පුංචි උත්සාහයක්..?

ප. ලි.

මෙයාලා කරලා තියෙන විනාශ කීපයක් මේ ලිපියෙන් අනාවරණය වෙනවා.. යළිත් මුස්ලිම් පල්ලි ඩෝසර් කරන්නෙ නෑ කියලා මුස්ලිම් අයට පොරොන්දු දුන්නයි කියන ආඩම්බරකාරයා.. නැගෙනහිර වෙහෙර විහාර විතරක් නෙවෙයි බත්තරමුල්ලේ පවා බුදුපිලිම, විහාර ඩෝසර් කරද්දී මුණිවත රැකීම.. ආඩම්බරයට කරුණක් නොවේද?


Tuesday, November 13, 2012

බැරිදා විග්‍රහය! බජට් එක

බජට් එකෙන් මොකද වෙන්නෙ.. සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක්.. මං නං දන්නවා.. බජට් එක කියන්නෙ.. තවත් එක මවා පෑමක් විතරයි.. මෑත කාලෙ මොන බජට් එකෙන් ද අපේ ප්‍රශ්න වලට උත්තර ලැබුණේ?

රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..

හැබැයි බජට් එකේ ඇත්තටම වෙන්න පුළුවන් දේකුත් කියලා තියෙනවා.. 2015 වෙද්දී.. දුප්පතුන් නැතිකරනවා කියන එක.. ඒකෙ අරුත ඒ වෙද්දි උන්ව පොහොසතුන් කරනවා කියලා හිතුවා නම් ඒක මෝඩ කම.. ඔය කියන්නෙ 2015 වෙද්දි රටේ දුප්පත්තු ටික නැති බංගස්තාන කරන බව කියලා මට නං සුවර්..

මට කණගාටු බජට් එකෙන් පඩි වැඩි කරාවි කියලා බලං උන්නු අහිංසකයො    කාලකන්නි ටික ගැන. සරත් අංකල්ගෙ 10,000/= එපා කියලා මහින්ද මාමගෙ 2,500/= ගන්න බලං හිටියා.. මොකද වුණේ..? තවත් මොනවා බලන්නද?  දැං ඔය දෙනවා කියන 1,500/= දෙන්නෙත් කෑලි තුනකට ලු නේ.. බය වෙන්න එපා.. ඕකෙනුත් කෑලි දෙකකට වඩා ලැබෙන්නෙ නෑ..

රා මදින කට්ටියට පොඩි චෑන්ස් එකක් දීම හොඳ දෙයකි.. අඩු ගානෙ උන්ට හිතේ අමාරුවට තෙලිජ්ජ ටිකක් වත් වක්කොරගන්ට ඇහැකියි නොවැ..

ආණ්ඩුවට නං.. බදු ගහලා හරි අයවැය පරතරය පියවා ගන්ට පුළුවං.. අපි මොනවා කියලා ගහන්ටද? අපේ බඩටම තමයි ගහන්න වෙන්නේ..
හෙජින් සූදුවෙන් කොච්චර ගානකට කෙළ වුණා ද? තාමත් කෙළ වෙනවා නේ.. අපිට තවමත් වැඩි ගානට පැට්‍රෝල් ගන්න වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුව නොසලකා හැරපු හින්දයි කියලා ඔය ඇන්. සිල්වා මහත්තයා කියන්නේ..

උන්නැහේගේ කතා නං අහගෙන ඉන්ට ආසයි.. ඒත් ඉතිං උන්නැහේට කතා කොරනවා ඇරෙන්ට වෙන කොරන්ට දෙයක් නෑ.. හරියට මේ මට වගේ..

එහෙවු එකේ වැඩකට නැති බජට් එකක් ගැන ලියන්ට ගෙහුං නිකරුණේ මගෙ කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.. ඡන්දෙ දීපු උන්දැලාම බජට් එකේ සුන්දරත්වය විඳ ගත්තාවෙ.. මං යනවා මගෙ වැඩක් කොරගන්ට..



Saturday, November 10, 2012

උපන් දිනය දා..

ආදරණීය සචී වෙත..
ක්‍රමක්‍රමයෙන් වියැකිලා යන ජීවිතය තුළ අපි කියපු කරපු දේවල්, අපි ගොඩනඟපු දේවල්, අපි ලබාගත්තු ජයග්‍රහණ ගැන පොඩි තක්සේරුවක් කරන්න අපට අවුරුද්දට තුන් හතර වතාවක් ඉඩ ලැබෙනවා.. ඒ අතර උපන් දිනය සුවිශේෂ වෙන්නේ.. අපේ වයසත් එක්කලා අපි කොයිතරම් දුර ඇවිල්ලද කියලා හිතන්න හොඳම අවස්ථාවක් හින්දයි..

ඉතිං ඔයාගෙ 34 වැනි උපන් දිනය දවසෙ ඔයාට හිතන්න ගොඩක් දේවල් තියෙන බව මම දන්නවා.. මේ ජීවිතයෙ ආපු අසීරුතා, සතුටු දායක අවස්ථා හැම එකකටම මට සහභාගී වෙන්න බැරි වුණත්.. එහෙම පුළුවං වුණු අවස්ථාත් සෑහෙන තරමක් තියෙනවා.. මං දන්නවා.. ඔයා හුඟක් දේ දරාගෙන මගෙත් එක්ක මේ ගමන යන බව.. දැං පටං ගන්න යන්නේ අපේ ජීවිතයෙ දුෂ්කරම අවධිය කියලයි මට හිතෙන්නේ..

අපි තරුණ කමින් දුරස් වෙනවා..
අපේ ජීවන බර එන්න එන්නම වැඩි වෙනවා..
ජීවිත තව තවත් සංකීර්ණ වෙනවා..
ආර්ථිකේ තවත් අමාරු වෙනවා..
අපි අතරම අපි තනි වෙනවා..
හිනා වෙන්න කතා කරන්න අමතක වෙනවා..
ඒ මොනවා වුණත්..
මතක තියාගන්න..
විශ්වාසය..
ඔවු.. අපි අතර තියෙන විශ්වාසය..
ඒක බිඳෙන්න නම් දෙන්න එපා..
මැරෙන කල්..
මං විශ්වාසය ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්..
ඒක හරි ලේසියෙන් බිඳෙන්න පුළුවං...
හැබැයි..
ඒක නිකරුණේ නොබිඳෙන්න නම්..
ඔයාටයි මටයි දෙන්නට ම..
ඒ විශ්වාසය තියෙන්න ඕන..

අපි අද පන්සල් යමු.. පැතුම් වෙනුවට.. විශ්වාසය හිතේ පුරවගමු..!
විශ්වාසය තියෙනවා නම්.. මොකුත්ම අපෙන් ගිලිහෙන එකක් නෑ..
ඔයාගේ උපන් දිනය යෙදෙන දවසෙම මිය පරලොව ගිහිං තියෙන ඔයාගෙ සීයා ටත්,  මගේ අත්තම්මාටත්..
ඒ ආසන්නම දවස් වල මිය පරලොව ගොස් ඇති.. ඔයාගේ තාත්තා, මගේ ආතා සහ මගේ ආච්චි අම්මාටත්
පිං බලාපොරොත්තු වෙනවා නම්.. පිං පෙත් පතමු..

කලිං අවුරුද්දෙ.. මං ඔයාට ලියපු ලිපිය   හුඟක් දේවල් කියන නිසා ඔයාට තුනුරුවන්ගේ ආශිර්වාදය පතමින් නවතින්නම්..

Friday, November 9, 2012

෴෴කොමාව෴෴



මං පුංචිම පුංචි කාලෙ
මට සෙල්ලම් කරන්න දුන්
සෙල්ලම් බඩු සැරින් සැරේ
මගෙන් උදුර ගත්තා...

තව චුට්ටක් ලොකු වෙනකොට
මගේ තිබුණු චණ්ඩි කමට
නුඹේ කෑම බීම පවා
මාත් උදුර ගත්තා..

ගැටයො ගැටිස්සියො වුණාම
එකිනෙකාට ලැජ්ජාවෙන්
අපෙ හිත් වල තිබුණු සතුට
අපි නැතිකර ගත්තා..

මගෙ යාළුවො හොරෙන් හොරෙන්
නුඹට කොලොප්පං කළාම
මගේ හොඳම යාළුවන්ව
මං නැතිකර ගත්තා..

ලස්සන හොඳ මහත්තයෙක්
නුඹෙ හිත හොරකම් කළාම
මගේ හිතේ ආල පැතුම්
මං හංගා ගත්තා..

කුසින් උපන් දරු එක්කලා
නුඹ ආයෙත් තනි වුණාම
නුඹට තනිය නුසුදුසු බව
මං තේරුම් ගත්තා..

ඒ තනියට තිත තියන්න
ආදරයෙන් ලං වුණාම
කොමාවකට වැඩිය ඉඩක්
නැති බව දැනගත්තා..

Thursday, November 8, 2012

මගේ වාහනේ..



එළියට පෙනුනට
බෙන්ස් එකක් වගෙ
මං පදින්නෙ පොඩි
ඇල්ටො එකක්
ඉඳ හිට ලෙඩ වෙයි
සද්දෙ වැඩියි නොවැ
ඒ උනාට හරි
ඉකොනොමිකල්
බරත් අදිනවා
ගමනත් යනවා
ගැට්ටක් නැතුවත්
ගැස්සෙනවා
කන්ඩිෂන් හොඳයි
එකම කේස් එක
චුට්ටක් වැඩිපුර
රත් වෙනවා..

Monday, November 5, 2012

නොහෙලමු ඒ ගැන කඳුළු නෙතේ!

           
සමහරු කියනව රට වැනසෙන බව බය හිතෙනව ඇහුවාමපුතේ
ඇත්තම කියලා මටත් හිතෙනවා නැති වෙනකොට මගෙ අතේසතේ
පාරට බැස්සම එහෙම පෙනෙන්නෑ ලොකු ලොකු වාහන දසතඇතේ
සැලා කියන්නෙත් රට ගොඩ යන බව රජයේ මහ මෙහෙවරක්මතේ
  
හෙජින් සූදුවෙන් කෝටි අටයි තව පොළියයි දෙන්නට වෙලාඇතේ
අදියාපනෙ කෙරුවාව අහද්දී කෙළිං වෙනව නොවැ මයිල්ගතේ
බෙහෙත් පෝලිමේ ලෙඩ්ඩු පිරී ඇත ඉස්පිරිතාලේ බෙහෙත්නැතේ
අනේ ඒත් ඡන්දයක් තිබ්බොතින් වැඩිම මනාපය රජයඅතේ
  
අබුද්දස්ස කාලේ හැටි මෙහෙමලු අහල තියේ නෙක කතාපුතේ
ගොම රිටි යට ගොස් කළු ගල් පා වෙයි තව ටික කලකින් ජලයමතේ
රටේ ලොක්කො ටික අපායෙ යන හැටි අනේ ඇඳෙනවා මගේහිතේ
අනුකම්පා කර හිත පහදා ගමු නොහෙලමු ඒ ගැන කඳුළුනෙතේ
  

Sunday, October 7, 2012

කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..)

ඔන්න මටත් ඉන්න ගමං පරණ කතාවක් මතක් වුණා..

අපේ  සුමේධ සර් ගෙ ඇප්ලයිඩ් පංතියෙ.. ක්ලාස් ගියපු අය දන්නවා ඇතිනෙ.. අන්තිම දවස්වල යන්නෙ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ.. මගෙ ලඟිං වාඩි වෙලා හිටියෙ සමීර.. ඊට එහා අංජන.. මං නෝට් එකක් ලියන්න ගිහාම සාමාන්‍යයෙන් පරක්කුයි.. සර් කියන විදිහටම හිතට අරගෙන හෙමීට පොතට දාගන්නකොට .. අනිත් අය ටිකක් වැඩිපුර දුර ගිහිං..

ඔන්න එදා පාඩමේ සර් (මොනවා ඉගැන්නුවාද කියලා නම් මට මතක නෑ..) පොයින්ට්ස් විදිහට යම් දෙයක් ලියන්න දෙන ගමං ඒ කරුණු ගැන විස්තර කරනවා...

1. බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..
2.


කියලා දෙවැනි පොයින්ට් එක ලියන්න දෙන්න කලිං.. ආයෙමත් පළමු කරුණ තව ටිකක් පැහැදිලි කළා.. ඊට පස්සෙ කිවුවා.. අර ලියපු 2 කපලා.. 1. යටතේම මේ ටිකත් ලියාගන්න කියලා.. හෙමීට ලියන මම පළවෙනි පොයින්ට් එක ලියලා ඉවර වෙද්දී දැන ගත්තා.. 2. කියලා දාන්න ඕන නෑ කියලා.. ඉතිං මං 2. කියලා ලිවුවෙ නෑ.. ඒත් මට එහා පැත්තෙ හිටපු සමීර 2. ලියලා තිබුණු නිසා.. මම 2. කපන්න කියන කොටම සමීරයගෙ පොතේ.. 2. කැපුවා....

සමීර 2. කපන්න බලනකොට.. කවුරු හරි කපලා.. මිනිහා අහනවා..

කවුද බොලේ.. මං කපන්න ඉස්සෙල්ලා මගේ 2 කැපුවේ...?

ඒක ඇහුණු අංජන කියාපි..

කවදා හරි උඹේ ගෑණිටත් වෙන්නේ ඔය ටික තමයි..

සමීරයා.. ඇයි මොකද?

අංජන හිනා වුණා විතරයි..

හැබැයි.. සමීරයට.. එහෙම අවුලක් නෑ.. ඌ වගේම පැටවු 3න් දෙනෙක් ඉන්නවා... දැං.. 
:D



ප/ලි:
නං ගං සත්‍ය යැයි නොසිතන්න..

Wednesday, October 3, 2012

බැරිදා විග්‍රහය..!ඉස්ලාම් භක්තිය හා බුදු දහමේ ශක්තිය

ඉස්ලාම් ආගම අදහන මිනිසුන් අපි සමස්ථයක් ලෙස මුස්ලිම් ජාතිකයින් ලෙස හඳුන්වමු.. එය ලෝකයේ විශාල පිරිසක් අදහන ආගමකි.. මේ ආගමේ වැරදි, අඩුපාඩු ඇති බැවු ආගම හැදෑරූ ඇතැමුන් විසින් පවසයි.. එහෙත් එය මෙහි මූලික අරමුණ හා සම්බන්ධ යැයි මම නොසිතමි.. ආගමක්, යතාර්ථවාදී නොවූවද, සත්‍යයක්ම නොවූවද, එම ආගම විශ්වාස කරන්නන්.. අදහන්නන් සිටිත් නම් අප ඔවුන් ගැරහිය යුතු නැත.. එය ඔවුන් ගේ අයිතියකි..

අප අපගේ දහම ගැන විශ්වාසය තබන්නා සේම.. ඔවුහු ද තමන්ගේ ආගම ගැන විශ්වාසය තබති.. අපගේ දහම තුළ සිතීමේ නිදහස වැඩිපුර දී ඇති නිසා එය සත්‍යයට වැඩියෙන් ළඟයැයි හෝ එය සත්‍යයමයැයි අපි සිතමු.. නමුත් එය නොපිළිගන්නට ඔවුනට අයිතියක් තිබේ.. එසේ නොපිළිගත්තාය කියා ඔවුන්ව ගැරහීමේ අයිතියක් හෝ යුතුකමක් අපට නැත..

එහෙත් මුස්ලිම් ආගමට සම්බන්ධ බොහෝ (හැම දෙනාම නොවේ..) අය තුළ ඇති, ඔවුන්ගේ දියුණුව වෙනුවෙන්ම ඔවුන් පාවිච්චි කරන පොදු ක්‍රමවේද ගනණාවක් ඇති බැවු පෙනේ..මා දන්නා තරමින් (අත්දැකීමෙන්ම) ඒවා සැකෙවින් මෙසේ දක්වමි..

1. වෙළඳාම, රස්සාව ආදී කුමන හෝ කටයුත්තකදී.. තමාගේ ආගමේ කෙනාට ප්‍රමුඛතාවය දීම..
2. එක් ස්ථානයක් මිළ දී ගත් විට.. ඒ අසල හැකිතාක් තමන්ගේ ආගමේ අය පදිංචි කරවීම..(මෙය වෙළඳ ස්ථාන වලට ද සාධාරණය..)
3. වැඩි වැඩියෙන් තමන්ගේ වර්ගයා බෝ කිරීම
4. උදවු අවශ්‍ය තම ආගමේ කෙනාට.. අවශ්‍ය විට පොළී ආදිය පවා නොතකා උදවු - පදවු කිරීම..


මෙයට අමතරව.. ඉතා කූඨ ලෙස.. තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා.. අන්‍ය ජාතීන්ට විරුද්ධව වැඩකරන ඇතැමුන් ද දැකිය හැක..

ඉහත මා දැක්වූ කාරනා බැලූ බැල්මට අසාධාරණයැයි අපට සිතුනද, ත්‍රිලක්ෂණය නොහඳුනන ඔවුන් එය කිරීම අසාධාරණ නොවේ..

එහෙත් ත්‍රිලක්ෂණය දන්නා අප හැසිරෙන්නේ කෙසේදැයි නැවතත් මෙනෙහි කළ යුතුය..
සිංහල ජාතිය, බෞද්ධ ආගම.. අනෙක්වාට වඩා උතුම් බව අපි සිතමු..
එසේ සිතන්නේ බුදු දහමේ පදනම බඳු ත්‍රිලක්ෂණය අමතක කර බව අපි නොසිතමු..

අප උපන් රටට, අප අයත් ජාතියට, අප අදහන ආගමට අපි කළගුණ දැක්විය යුතු වෙමු..
එය කළ යුත්තේ වෙනත් රටකට, ජාතියකට, ආගමකට හෝ පිරිසකට ගරහමින් නොවේ.. මා දකිනා පරිදි.. අප කළ යුත්තේ..

1. අපගේ දහමට අනුව සිත දියුණු කරමින්, තමා ගැන සොයමින් අරි අටැඟි මගේ ගමන් කිරීමට උත්සාහ කිරීම..
2. අප ජාතියේ පැවත්ම ට හානි වන පරිදි අපගේ ඇති දුර්වලතා හැඳින ඊට පිළියම් යෙදීම..
3. බුදුන් දෙසූ ධර්මය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව දකිමින්.. ඒවා විනාශ කරන්නට උත්සාහ කරන්නාට අනුකම්පා කිරීම..

ආදියයි..

එහෙත් අප කරන්නේ ක්‍රෝධය වැඩෙන ආකාරයේ දේවල් මය.. ඔවුහු අපට යම් වරදක් කරන්නේ නම්.. අප එයට විරුද්ධ බව දැන්වීම එකකි.. එහෙත් පරිභව කරමින් ඔවුන්ව ගැරහීම.. අපට තරම් නොවේ..

අද දිනයේ බෞද්ධයිනට විරුද්ධව ක්‍රියා කරන ඉස්ලාම් වරුන්ට විරෝධය පෑමට ඇති රැස්වීමක් ගැන  දැන්වීමක්  වත් පොතෙහි බෙදා ගැනීමෙන් පසු.. මාගේ සුහද මුස්ලිම් මිතුරෙකු මට අහිමි විය.. මන්ද එම මුස්ලිම් ජාතික මිතුරා සිතුවේ එහි ඇතුළත ඇති දෑ මා අනුමත කළ බව විය යුතුයි... හැබෑවටම මා බෙදා ගත්තේ පිංතූරයකි.. එහෙත් එම පිංතූරයේ ඉතා පහත් ලෙස මුස්ලිම් ආගමට අදාල චරිත වලට ගර්හා කර තිබුණි.. එය මා දුටුවේ.. ඊට බොහෝ වෙලාවකට පසුය.. ඒ වන විට සිදු විය යුතු දෑ සිදුව හමාරය..

මගේ ආදර මිතුරණි.. මා ඔබෙන් ඉල්ලීම් කිහිපයක් කරමි..
1. වත්පොතෙහි යමකට ලැයික් දැමීමට හෝ ෂෙයාර් කිරීමට පෙර.. එය හොඳින් කියවා තේරුම් ගන්න.. නැතහොත් නිකරුණේ ඔබ නොසිතන දෙයක් වෙනුවෙන් ඔබට පෙනී සිටින්නට සිදුවනු ඇත.. සිත නොරිදවිය යුතු යහපත් මිනිසුන් හිත රිදවා ගනු ඇත..
2. ඔබට හැබෑවටම රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් ඇතිනම්.. අනුන්ට බැණ බැණ නොඉඳ.. තමන්ට හැකි දෙයක් වේ නම්.. එය ඉටු කරන්න..
3. බුදුන් දෙසූ ධර්මයේ ඇති සත්‍යතාව ගැන.. හැබෑ විශ්වාසයක් ඇතිනම්.. ඔබ එම විශ්වාසයට අනුව කටයුතු කරයි නම්.. තව දුරටත් කිසිවෙකුටත් එම ධර්මය විනාශ කළ නොහැකි බව විශ්වාස කරන්න..

Monday, October 1, 2012

දරුවෝ, දෙමාපියෝ සහ සැලකිළි...

ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනි..

වහ වහා තමන්ගේ වැඩකටයුතු නිමා කරන අම්මා ඇදෙන්නේ සාලයේ මුල්ලක තබා ඇති රේඩියෝව වෙතටය.. දැන් සෑහෙන දවසක සිට අම්මාගේ ක්‍රියා පටිපාටිය සෑහෙන්න වෙනස් වී ඇත..

පහු වුණු කාලේ කොයිතරම් සිල් ගන්ට ගියත්.. කවුරු හෝ සිල් ඇත්තියක් පවසන සාස්තර කරුවෙකු, යන්තර-මන්තර ගුරුකම් කරන කපුවෙකු  වෙත යාමට ඇයට සිත් වේ.. තමාගේ දරුවෝ හම්බ කරන මුදල් මදියැයි ඇයට සිතෙයි.. ගුරුකමක් කරගත්තොත් සියල්ල හරියනු ඇතැයි ඇය සිතුවාය.. මාගේ දැඩි අකැමැත්ත නිසා ඇතැම් ව්ට පසුබෑව ද, විටින් විට උපාසකම්මලා ගෙන එන ආරංචි නිසා හිතේ සැනසීම නැති කරගත්තාය..

වාසනාවකට මෙන් දැන් ඇය සිල් ගන්නට, භාවනා පුරුදු වෙන්නට යන්නේ හේමාලෝක හාමුදුරුවෝ ලඟටය... උන්නාන්සේ දේශනා කරන බොහෝ කරුණු ඉතා අවබෝධයෙන් ඉදිරිපත් කරන නිසා දෝ.., ඉතා ප්‍රායෝගිකය.. මගේ වැටහීමට අනුව බොහෝ සෙයින් නිවැරදිය.. ඇතැම් විටෙක හාස්‍යයත්, ඇතැම් විටක රළු ගතියත් බොහෝ විට ශාන්ත බවත් මුසු කරමින් කරන දේශනා වලට ඇහුම්කන් දීම ද මහත් සේ  ප්‍රිය උපදවයි..

රාත්‍රී නවය වෙද්දී රේඩියෝව ළඟට ඈ එන්නේ හේමාලෝක හාමුදුරුවන්ගේ බණ අහන්නටය... පුතේ මේ සුදු මහත්තයා කරකවලා... මීටරේ වෙනස් වෙලා.. මගේ පුංචි පුතා ගේ වැඩ.. මම වහා ගොස් එෆ්. එම්. චැනලය අල්ලා දෙමි..

දරුවනේ.. අම්මලාට, තාත්තලාට දෙන්න පුළුවං උතුම්ම තෑග්ග මොකද්ද?

ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු සල්ලිකාරයෙක් වෙන එකද? සක්විති රජ  වෙන එකද? හැම අම්මම, හැම තාත්තම හිතන්නෙ තමන්ගෙ පුතා සක්විති රජෙක් කරන්ට නේ.. 

නෑ පිංවතුනි.. උතුම්ම තෑග්ග..
නිර්වාණ මාර්ගයට යන එක.. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන එක..අම්මා තාත්තවත් මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවලා නිර්වාණ මාර්ගයට යොමු කරන එක..

මගේ සිතට සතුටක් දැනෙයි.. මං හම්බකරන මුදල මදියැයි සිතා අම්මාත් අප්පච්චිත් ඉන්නේ මහත් කණස්සල්ලෙන් බව මම දැන සිටියෙමි.. දැං වත් ඔවුන් තේරුම් ගන්නවා නම්..
අම්මෙ තාත්තෙ... තමන්ගෙ දරුවාට දෙන්න පුළුවං උතුම්ම දායාදය මොකද්ද?
ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක් කරන එකද? ලොකු ඩවුරියක් එක්ක මනමාලියෙක්ව බන්දලා දෙන එකද? ජීවත් වෙන කාලයටම කිසි මහන්සියක් නොවී කාලා බීලා ඉන්ට තරං ලොකු මුදලක් දරුවන්ට හරි හම්බ කරලා දෙන එකද? සක්විති රජෙක් කරවන එකද?

නෑ.. නිර්වාණ මාර්ගයට යොමු කරවන එක...මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවන එක.. ගුණ ධර්ම කියලා දෙන එක.. ඒක තමයි උතුම්ම තෑග්ග..


අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මට ඉබේම සුසුමක් පිටවුණා.. අවුරුදු තුනේ ඉඳං මොන්ටිසෝරි යවලා, එලකියුෂන් පංති යවලා ඉගැන්නුවාට.. ගුණ ධර්ම උගන්නන්ට අපි දරලා තියෙන උත්සාහය මදි නේද?

ගෙදර ආපු වෙලාවෙ ඉඳං ගෙදර උන්දැගෙ කං කෙඳිරිය මට මතක් වුණා.. බලන්න තවම මේ ළමයාට "G" අකුර ලියා ගන්ට බෑ නොවැ.. මේ ළමයා අර ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා තියෙන හැටි දැක්කම මට දුක හිතෙනවා.. බලන්නකෝ අනිත් ළමයි.. දුලාරි අක්කගෙ දුවත් මේ වයස.. එයාට දැන් අකුරු දෙකේ, තුනේ වචන ලියන්නත් පුළුවන් ලු.. මෙහාට එනවා.. කෙල්ලව කෙස් වැටියෙන් අල්ලාගෙන ගොස් අකුරු කරවන අපේ ගෙදර උන්දැව මට මැවී පෙනෙයි...

ඉස්සර අන්තිමට ගෙදර එන්නේ තාත්තා.. දැන් එක වසරෙ පොඩි එකා.. ඉස්කෝලෙන් පස්සෙ.. එළකියුෂන්, ශිෂ්‍යත්වෙ, ඉංග්‍රීසි.. පංති.. කෝ ඉස්සර තිබුණු ගුණධර්ම.... ඉස්සර අපි තාත්තා ආවහම.. කට්ටියම එකට එකතු වෙලා බුදුන් වැඳළා.. තිසරණ සහිත පඤ්ච ශීලය සමාදන් වෙනවා.. තාත්තලාට බැරිනම් අඩු ගානේ අම්මාවත් දරුවෝ ටික එකතු පහදු කරගෙන.. දන්නෙ එක ගාථාව නම්.. ඒක කියලා බුදුන් වඳින්න... ළමයින්ට ආදර්ශයෙන් පෙන්නන්න... ගුණධර්ම කියන්නෙ මේවායි... කියලා.. ගුණධර්ම කියන්නේ මොනවද? ශීලය.. ශීලය නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද?


යළිත් දිගු සුසුමක් හෙළූ මා නැගිට ගියේ.. අරමුණක් ඇතිවදැයි මට මතක නැත....
====================================================

පුංචි දරුවන් දෙදෙනා මා සමඟ හුරතල් වෙයි.. මට මගේ දරුවන්ගේ තරුණ කාලය මැවී පෙනෙයි.. අනේ තව කී කාලයක් මාත් එක්ක මෙහෙම හුරතල් වෙයිද..? සිතේ ඇතිවෙන්නේ සියුම් ලෝභයක් බව මම දනිමි.. එහෙත් එය බොහෝ ආශ්වාදජනක සිතුවිල්ලක් නොවේදැයි මම සිතමි..

මගෙ පුතේ.. ඔයාලා තව ටික කාලයයි නේ මෙහෙම හුරතල් වෙන්නේ..
ඇයි..?
ඊට පස්සේ ඔයාලා ලොකු වෙනවනේ.. අප්පච්චිලා වයසට යනවා..
පුංචි එවුන් මදෙස අමුතු විදිහකට බලා හිඳී...
දැං අත්තම්මලා වගේ ද? අවසන පැනයක් අසයි..
ඔවු පුතේ..
එතකොට මයෙ පුතාලා.. අපට සලකනවද?
ඉතිං අප්පච්චිලා.. අත්තම්මලාට සලකනවායෑ..?
මගේ ඇඟ හීතල වී ගිය වගක් දැනුණි.. ඇයි මේ කෙල්ල මෙහෙම කියන්නේ..?
ඇයි පුතේ එහෙම කියන්නේ..?
ඉතිං අප්පච්චිට තේ හදලා දෙන්නෙත් අත්තම්මානේ..?
මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ දැන්ය..
පුතේ සලකනවා කියන්නේ තේ හදලා දෙන එකට විතරක්ම නෙවෙයි.. අනික අත්තම්මලා තවම තෙරුවන් සරණින් හොඳට ඉන්නවනේ.. ඉතිං අපි කරන්නේ.. ලෙඩ වුණාම බෙහෙත් අරං දෙන එක, පිං දහම් කරගන්න උදවු කරන එක, වගේ දේවල් විතරයි...

පොඩි එකාගෙ කතාවට එහෙම කිවුවට..

තවමත් අපි දෙමවුපියන්ට සලකනවාට වඩා.. දෙමාපියෝ අපට සලකනවා නේද? කියලා මං කල්පනා කළා.. ඒත් මේවා කොහොම පොඩි එවුන්ට තෝරලා දෙන්නද..?

ආයෙමත් සුසුමකින් ළය සැහැල්ලු කරගන්නවා ඇරෙන්න මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..



Friday, September 28, 2012

පුංචි පුතුට ලෝකයක්..


මගෙ පුතේ..
උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි..

අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, 
ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව, 
පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව, 
මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා දැනුණත්.. ඒ කාටවත් වෛර කරන්නෙ නැතිව,
කාට හරි දුකක් කරදරයක් වුණාම.. අනේ අපොයි කියලා හෙමීට මාරු වෙන්නෙ නැතිව, 
ජීවත් වීමේ අරමුණ.. සල්ලි වලට වත්.. මත්ද්‍රව්‍ය වලටවත්.. සූදුවටවත් උකස් කරන්නෙ නැතිව,
තමන්ගෙන් සමාජයට විය යුතු දෑ නොසිතා.. සමාජයෙන් තමාට හිමිවිය යුතු දෑ හොයන්නේ නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔබට කියාදෙන එක ලේසි නැති වෙයි.. 

ඒත්..

අලුත් වෙන ලෝකයේ.. අලුත් අලුත් ප්‍රවණතාත් එක්ක.. අලුත් විදිහෙ යාළුවොත් එක්ක උඹ අලුත් මිනිහෙක් වෙයි.. කාලයක් ගිහිං හරි.. උඹ අලුතිං මොනවා හරි හොයා ගනියි..ඊටත් පස්සෙ ඒ අලුත් දේ උඹ හිතන තරං අලුත් නෑ කියලා උඹට තේරෙයි.. 

පුතේ..

උඹ අලුත් වෙන එකට මං එපා කියන්නේ නෑ.. පුළුවන් නං අලුත් වෙන්න කළියෙං හිතපං .. උඹ අලුත් වෙන්න ඕන ඇයි කියලා.. උඹේ අප්පච්චි අලුත් උනේ නැත්තෙ ඇයි කියලා..කොච්චර අලුත් උනත් කමක් නෑ.. මනුස්සකම අමතක වෙච්ච මිනිහෙක් වෙන්න එපා.. මනුස්සකම තියෙන අන්තිම එකා උඹ උනත්.. උඹ මැරෙණකං වත් මනුස්සකම රැකහං..  

මේ අහපං..

මිනිස්සු කියන්නේ හෝමෝ සේපියන් කියන යන්තරයට නෙවෙයි.. උන්ට හිතක් පපුවක් තියෙනවා.. දුක.. සතුට දැනෙනවා.. උන්ට විළිසංගෙ තියෙනවා.. බොරු කියන්ට ලැජ්ජයි.. මිනී මරන්ට ලැජ්ජයි.. සූදු කෙළින්ට ලැජ්ජයි.. කොටිංම.. පවු කරන්ට ලැජ්ජයි.. ලැජ්ජයි විතරක් නෙවෙයි.. බයයි.. 

මං දන්නවා..

හෙට ලෝකයක් තිවුණොත්.. උඹට මාව තේරුං ගන්ට පුළුහං උනොත්.. බුදුංගෙ සරණිං.. මගේ පුතාට මිනිහෙක් වගේ පොළවේ.. පය ගහලා ඉන්ට පුළුහං වෙයි..

පුතුනි නොදනිම්
තිබේදැයි හෙට
නුඹට ඉන්නට 
ලෝකයක්..
එසේ තිබුණොත්
බලං ඉන්නෙමි
නුඹෙන් මම
මිනිසත් කමක්..
පුතේ දවසක
හිතට දැනුණත්
ලොවේ නුඹ 


අසරණ බවක්..
හිතේ දිරි ගෙන
දරා ඉනු මැන
නොදෙනු මට
අවමානයක්..




Thursday, September 20, 2012

මරණය කලිං දැනෙනවාද..?

මෙය මට විටින් විට ඇසූ කතා නිසා ඇතිවූ ප්‍රශ්නයකි..

මීට අවුරුදු එක හමාරකට පමණ පෙර දවසක.. අපි අපේ ඥාතියෙකු අසනීප වී සිටි නිසා ඔහු බැලීමටම වඩා සිංහල අලුත් අවුරුදු කාලෙට යන අවුරුදු ගමනක් ලෙසින් ඔහුගේ නිවහනට ගොඩ වීමු... ඔහුව රෝහලට ගෙන යන ලෙස ඔහු අපට බැගෑපත් විය.. එහෙත් ඔහුගේ දූ දරුවන් කීවේ.. මීට පෙරත් ඔහු නිතරම එසේ කියන බවත්.. ඔවුන් එසේ රෝහල ට රැගෙන ගිය විට පහුවදා ටිකට් කපන බවත්.. මෙය මොහුගේ හිතේ ලෙඩක් බවත්ය.. එනිසා ඔහුට ඇහුම්කන් නොදෙන ලෙස අපට අවවාද ලැබිණි.. පහුවදා කැළණි පන්සලට යන්නට අවශ්‍ය බව ඔහු කියා තිබේ.. ඔය තරම් අමාරුනම් යන්නේ කොහොමදැයි ඇසූ විට ඔහු තනිවම දෙපයින් සිටගෙන ඔහුට ගමන යා හැකි බව පවසා ඇත.. එහෙයින්ම ඔහුගේ දරුවෝ.. ඔහුව කැළණි පන්සල කරා රැගෙන ගියෝය.. වාහනයේ සිටම කැළණියට නමස්කාර කර ඇති හේ, මේ බුදුන් වැඩි තැනක් නේදැයි පවසා ඇත්තේ ඉතා සතුටිනි.. කැළණි ගොස් ගෙදර ආවේ ඔහුගේ මළ කඳය.. ඔහුට මරණය දැනුණාදැයි විටෙක අපට සිතුණි..

අපේ අප්පච්චි මට මතක කාලයේ සිට.. වයස 49 පසු කරන තෙක්ම.. ඔහු 49න් මිය යන බව තරයේ විශ්වාස කළේය.. එය ඔහු හැම තැනකදීම වාගේ කීවේය.. එයට තිබුණු එකම පදනම ඔහුගේ පියා (අපේ සීයා) වයස 49දී මිය යාමයි.. ඊට පසු ඔහුගේ බාල සොහොයුරෙකු හා සොයුරියක ද ඒ වයස ආසන්නයේදී මිය ගියෝය.. එහෙත් තෙරුවන් සරණින් අප්පච්චීට දැන් වයස 69කි.. ඔහු නිතරම මරණය මෙනෙහි කරන නිසා මරණය ඔහු අසලට ඉක්මණින් නොඑන බව ඇතැමුන් කියනු මම අසා ඇත්තෙමි..

මම ද අවුරුදු 55 ආසන්නයේ දී මිය යනු ඇතැයි මට නිතරම සිතේ.. මගේ ජීවිතේ බොහෝ දෑ සැලසුම් වෙද්දී.. එම අනුමාන වයස යොදන්නට මම අමතක නොකරමි..එම වයස වන විට.. මගේ දුව හා පුතු අවුරුදු 20 ඉක්මවා සිටින බව සිතීමෙන්ම මම සැහැල්ලුවක් ලබමි.. බොහෝ දෙනෙකු මොටෝ සයිකලය පදින්නට එපා කීවත්.. දැන්ම මා නොමැරෙන බවට ඇති විශ්වාසය මත එම අදහස ඉවත දමමි.. ඒ සිතුවිල්ලට කිසිම පදනමක් නැති වුණත්.. මට දැනෙන දේ මම විශ්වාස කරමි..


මරණය ඉතා ආසන්න බව දැනුණාදෝයි හිතෙන.. අපූරු බ්ලොග් පෝස්ටුවක් දිටිමි.. මෙය ඔබ බොහෝ දෙනා දැක තිබෙන්නට පුළුවන.. එහෙත් එසේ නොදැක්කේ නම් නොවරදවාම ගිහිං බලන්න.. එය මිය යන්නට දින 4කට කලිං මරණය සිහි කරමින් පෝස්ටුවක්  ලියූ කුමුදු පිංතු මහතාගේ තම තම නැණ පමණින් බ්ලොගයයි..

"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"
මේ එම බ්ලොග් ලිපියේ අගට එතුමා එකතු කරලා තිබුණු වදන්.. පුදුමයි නේද?


Wednesday, September 19, 2012

෴෴මා නැඟි කන්ද අහවර බව මට තේරේ෴෴



දෙනෙතින් කඳුළු, මුවඟින් මදහස -----------බේරේ
සිත් මල ඔකඳ වී දරු සෙනෙහස ------------මේරේ
මනමාලියක වී දියණිය ගිය ------------------පාරේ
මා නැඟි කන්ද අහවර බව මට ------------- තේරේ

නුඹෙ නව සොඳුරු නිවහන වෙත පිය -------මනින
දිනයෙදි සුදු දුවේ තව සුරතල් --------------වෙමින
මුදවා කඳුළු යළි නිසි සිහියට -------------- පැමිණ
නොලසා අසනු මැන පිය හිමි බස ---------සොඳින

ඔහු මව දකිනු නුඹ මවටත් වැඩිය --------- පෙමින්
දින දින ඔහු පතන විළසට පුරුදු -----------වෙමින්
නොදොඩනු මැනවි උරණව කිසි කලෙක- නොමින්
සැනසෙනු උරුම සෙනෙහස දරු කැළට --- දෙමින්

තරහා නොවෙමි නාවට මා --------------බලන්නට
කිසිදා නො එමි අයිතිය ගැන ----------- කියන්නට
මතුදා දිනෙක ඉස්සර මා ---------------මියෙන්නට
සිරිපා පුදනු මවගේ පවු -------------- ගෙවෙන්නට

Monday, September 17, 2012

තමන් කවුරුද සොයනු මැනවී..

කිසිවක් නොදන්නා
මහදැනමුත්තො ඉන්නා
පචම හලමින්නා
මුළු රටම පටලවාලන්නා

අනුනට වද දිදී
තම සුවයටම බරදී
කාටත් ඉඩ නොදී
කරයි හැමවිට වැඩම වැරදී

දහමට ගරහනා
පස් පවු නිබඳ කරනා
සැමට දොස් නඟනා
තවත් අය වෙති මෙලොව සරනා

ගුණදම් සුරකිනා
මිනිසත් දහම රකිනා
සැමසිත් පහදනා
සුසිත් මිනිසුන් එමට වෙසෙනා

තමන් දන්නා දේ
සැමට නිති පහදා දේ
යුතුකම් වල බැඳේ
එවන් මිනිසුන් ලොවට සුවදේ

කියවා මෙම කවී
මා හා නොම තරහ වී
සිතා පසෙකට වී
තමා කවුරුද සොයනු මැනවී..


Saturday, September 15, 2012

බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..

ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමාජවාදී ජනරජයකි.. අනේ ඒ වුණාට.. හැම තැනම ඕක උල්ලංගනය වෙයි.. මට තේරෙන හැටියට පජාතන්තරවාදය කියලා කියන්නේ.. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්න එකටයි.. ඒත් ඉතිං .. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද..? මිනිස්සුන්ට හපං නොවැ අද ආගමික ඉස්තාන..

අපේ බුද්දාගමේ පංසල් වල උදේට කණ පැළෙන්ට පිරිත් දානවා.. හැන්දෑවට කණ පැළෙන්ට බෝදි පූජා තියනවා.. ඒ විතරක් නම් මදෑ.. සමහර කාල වල දවල් තිස්සෙත් පිරිත් දානවා රටටම ඇහෙන්ට..

ඇයි මේ බුද්දාගමේ අපටම එපා වෙන දේවල් කරන්නේ.. පංසලක නම් පංසලක වපසරිය ඇතුලෙ විතරක් ඇහෙන්ට නොදා යකඩ කටිං මුළු ලෝකෙටම කියන්ට ගිහිං පිරිත හෑල්ලු කරන්නේ ඇයි..?

දවසක් මගේ අප්පච්චිත් එක්ක ඉස්පිරිතාලෙට ගිහිං එන අතරේ බස් එකට නගින්ට කියලා ටවුන්හෝල් එක ඉස්සරහා බලං හිටියා.. කන් දෙකේ ගහන්න ඇබ දෙකක් නොගෙනාපු මෝඩකම් කියලා හිතුණා.. එතන තිබුණු මුස්ලිම් පල්ලියක එයාලගේ ආගම සිහිකරණ වාක්‍ය වගයක් මහ හඬින් කියන්න ගත්තා..

සතුටුයි කියන්න.. හින්දු ආගමිකයන්ගෙන් මෙහෙම අනික් අයට මෙහෙම හිරිහැර වෙනවා මම දැකලා නෑ.. එයාලගෙ චාරිත්‍රානුකූල පෙරහැරවල්, අවුරුදු කාලෙට ගෙන් ගෙට එන (කාමං කුත්තු) කුඩා කණ්ඩායම් වලින් වුණත් අනික් අයට වෙන කරදරය අවමයි..

ඒත් අපේ පෙරහැරවල් පාරවල් වහගෙන හැතැක්ම ගනං වාහන පෝලිං හැදෙන විදිහට නොවැ තියෙන්නේ..


සද්ද දූසනය කියලා කියන්නෙත් අර උඩිං කියපු  දේවල් වලටමයි නේද? ඔන්න ඉතිං කියාවි.. පිරිතෙන් සද්ද දූසනය වෙන්නෙ නෑ.. ඒක හොඳ මිහිරි සද්දයක්ය කියලා.. ඒක කෙසේ වෙතත්.. ඒ මිහිරි සද්දය උනත්.. අහන්න තීරණය කරන අයට, එසේ තීරණය කරන වෙලාවට විතරක් අහන්ට තිබුණොත් තමයි හොඳ..

Friday, September 14, 2012

භව ගමනක සිහිනය (4)


තුන්වැනි කොටසට

ඊයෙ මං මහ අමුතු හීනයක් දැක්කනේ..
කුස්සියේ උය උයා උන්නු මගේ අම්මයි, බිරිඳයි හා කතාවට වැටෙමින් මං කිවුවා..
***************************************************************

ඕක භව දෙක තුනක කතාවක් වගේ.. නේද?
අතීතය මතක් වෙනවද දන්නෙ නෑ..
එතකොට පුතා පෙර ආත්මෙ ඉඳං අපිත් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයිද?
කෙල්ලට මොකක් හරි නරකක් වෙයිද දන්නෑ..

ඔය ආකාරයටයි.. මගේ බිරිඳගේ ප්‍රතිචාර..

අපේ ආච්චි නං ... නැගිට්ට ගමං.. රෙද්දකිං ඔලුව වහගෙන කාටවත් නොපෙනෙන්න ගිහිං පැඟිරි ගහකට හීනය කියනවා..

ඒ අපේ අම්මගේ ප්‍රතිචාරය..

***************************************************************
ඇත්තටම  මට පරණ භව වල මතකයක් ආවද..?
මගේ හිතේ තිබුණු දේවල් ම හීනයක් විදිහට පෙනුණද?
නිකම්ම නිකං හීනයක් විතරද?

මගේ දුව.. පෙර ආත්මෙ තංගමනී ද..? එහෙම වෙන්නත් පුළුවන්..
එතකොට සූරිය ආරච්චි මහත්තයා දීපු පණිවුඩේ....!
හිතට මුලා වෙන්න එපා.. ඒක හුඟක් වැදගත් උපදෙසක්.. විශේෂයෙන් තමන් යම් යම් දේ වලින් ආවරණය වෙලා තියෙන වෙලාවට.. උමඟෙන් සංඛේතවත් කළේ.. අපේ හිතද..? නැත්නම් සිතුව්ලි ද? තීන්දු තීරණ ද?..
සූරිය ආරච්චි මහත්තයා එක එක චරිත වලින් මතු වුණේ ඇයි..? මුල් චරිත දෙකේ උසස් මට්ටමේ ජීවිත ගෙවූ ඔහු අවසන් චරිතයේ.. දුර්වල චරිතයක් වුණේ ඇයි.. ? එතනින් පෙනෙන්නේ... මොන වගේ දෙයක් ද..? භවයේ සැරි සරද්දී.. චරිත වලට වන වෙනස ද?

මේ වගේ අදහස් ගනණාවක් මගේ හිතේ ඇති වුණා..

මං තීරණය කළා මේක ඔබ හමුවේ තියන්න..

***************************************************************
හීනේ කියන්න පටං ගත්ත ගමං

හුඟක් අයට ප්‍රශ්නයක් උනේ උමඟ.. DDT මල්ලිට තමයි වැඩියෙන්ම එහෙම උනේ..
අපේ.. හිරුයි, හිරු හිමාවියි නං.. අනේ මන්දා.. අනේ මන්දා.. කිය කියා අහගෙන හිටියා.. චන්දි අක්කට ගල්කිස්සෙ පාලමක් මතක් වුණත්.. සූරිය ආරච්චි මහත්තයාගේ අවවාදය ගැන නම් මොනවා හරි තේරුණා වගෙයි පෙනුණේ.. දුකාටත් උමඟ ගැන තමයි අවුල ඇවිත් තියෙන්නේ..
කතාවේ මැද හරියට එද්දී

DDT මල්ලිට.. කතාව ලහිරු පෙරේරාගේ සිංදුවක් තරම් රසවත්ව දැනෙන්න ගත්තා....
මාතලන්ට නං රසයක් දැනිලා තිබුණා..

හීනේ ඉවර වුණාම..
DDT මල්ලිට හරි සතුටක් දැනුණා.. මට හීනෙන්ම පිස්සු නොහැදුණු එක ගැන..
හසිත ගෙයි හිරු ගෙයි ඔළුව මඤ්ඤං වුණු බවකුයි පේන්න තිබුණේ..
හිරු හිමාවියි, යසිරුයි  දෙන්නා කතාව රස වින්ද බවකුයි... පෙනුණේ..

නිමි..

ප.ලි.
මේක ඇත්තටම මං දැක්ක හීනයක්.. කතාවට පුංච්.. පුංචි වෙනස් කම් ටිකක් කළා..



Wednesday, September 12, 2012

භව ගමනක සිහිනය (3)



දෙවැනි කොටසට

ආයෙමත් හැන්දෑවක.. මං මගේ බිරිඳයි මගේ දුවයි එක්ක ඇවිදින්ට යනවා.. ඒක ටිකක් පාළු, ගුරු පාරක්.. රබර් ගස් පාර දෙපැත්තෙන්.. දන්න අඳුනන කෙනෙක් ඉස්සරහට එනවා..

ආ.. මොහොමඩ්.. කොහොමද? මොකද ඔය කට ඉදිමිලා..

මොකද දන්නෙ නේ.. මාතියා.. වෙද මාතියා ඉන්ජෙක්ෂන් එක තමා ගානවා කීවා..

ඉන්ජෙක්ෂන්..!

හොඳයි.. අපි ගිහිං එන්නම්..

වෙද මහත්තුරු ඉන්ජෙක්ෂන් ගහනවද? මගේ පුංචි දුවගෙන් ප්‍රශ්නයක්..
හ්ම්.. දැං ඉන්නවනේ ඉංග්‍රීසි වෙදකමත් දන්න වෙද මහත්තුරු.. එහෙම කෙනෙක් වෙන්න ඇති..

ආයෙත් අර උමඟ..

මොහොමඩ්ගෙ මූණ මට ආයෙත් මැවිලා පෙනුණා.. සූරිය ආරච්චි මහත්තයා.. ඒ මොහොමඩ්ම නේද?

මතකද අපි තුන් දෙනා ජීප් එකක නැඟලා මෙතැනින් ගියා.. අප්පච්චි තමයි ජීප් එක එලෙවුවෙ.. අම්මා මේ පැත්තෙ වාඩි වෙලා ගියා.. පුංචි කෙල්ල තොර තෝංචියක් නැතුව කියවනවා..

සූරිය ආරච්චි මහත්තයාගෙ අවවාදය..

මොනවද මේ විකාර කියවන්නෙ.. ඕක නවත්තන්න .. පොඩි එකීට මගෙන් අණක්..

මොන අණ ද.. කෙල්ල දැං බඩ අල්ලගෙන හිනා වෙනවා.. ආයෙමත් අඬනවා.. හූ කියනවා.. මට හීං දාඩිය දැම්මා.. ඇයි මට මුලින්ම දුවව නවත්තන්න බැරි වුණේ.. මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා... කෙල්ල පරල වෙලා..
දුවේ.. දුවේ.. චූටි දුවේ..
අනේ මගෙ දුවේ.. මගෙ බිරිඳත් විළාප තියන්න ගත්තා..

මගෙත් හදවත නවතින්න යනවා වගේ..

ඕකනේ මම කිවුවේ.. !

සූරිය ආරච්චි මහත්තයා.. එහෙම කියලා.. නොපෙනී ගියා..

මං ගිරිය යටින් කෑ නොගහපු ටික විතරයි.. පපුව ගැහෙන වේගය හොඳටම වැඩි වුණා..

මට ඇහැරුණා..! 


මතු සම්බන්ධයි..

Sunday, September 9, 2012

භව ගමනක සිහිනය 2

පළමු කොටසට
මං මගේ බිරිඳත් එක්ක ගමනක් යනවා.. ජීප් රථයක නැඟලා.. හදිසියේ ගැහැණු කෙනෙක් වාහනයට අත දැම්මා..

මාත්තියා මාව වෙදමාතියා ගාවට එක්ක යන්න.. දෙමළ කාන්තාවගෙන් ආයාචනයක්.. ඇය තරමක අසනීපයෙන් සිටි බවකුයි පෙනුණේ.. දරුණු උණක් ඇයට වැළඳිලා තිබුණා.. ඇයට ජීප් රථයේ පිටුපසින් නඟින්න කිවුවා.. ඇය අප දෙස බැලුවේ, අප හා කතා කළේ බොහොම හිතවත්ව.. ලෙංගතුව... ඇයගේ නම තංගමනී.. ජීප් රථයේ යද්දිත් හම්බ වුණා අර උමඟ... ඒක කොහොමද මෙතැනට ආවේ.. සිතුවිලි දිගින් දිගටම හිතෙන්න ගත්තා.. මට මතක් වුණේ සූරිය ආරච්චි මහත්තයාගේ ඔවදන..


ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..
තංගමනී මේ ළඟමද? හනිකට ඇයගෙන් පැනයක් ඇසුවේ.. ඇයවත්, මගේ බිරිඳවත් දැහැනින් මුදවා ගන්ටයි..

අප තංගමනීව වෙද මහත්තයා ලඟට එක්ක ගියා..වෙද මහත්තයා හිටියේ මිදුලේ... පුදුමයක්.. මේ ඉන්නෙ සූරිය ආරච්චි මහත්තයා නේ..

මං වාහනේ නවත්තලා එතුමා වෙතට ගියා.. මෙයා මට හම්බ වුණේ කොයි කාලෙද..? මට නිනවු නෑ.. එච්චර කාලයක් ගිහිල්ලත්.. ඉස්සර වගේමයි.. අනේ මන්දා..? අර අද්භූත වැඩ කර කර හිටිය මනුස්සයා.. වෙද මහත්තයෙක් වුණේ කොහොමද..?

වෙදමහත්තයාගෙ නම සුරිය ආරච්චි ද?
අනේ නෑ මහත්තයෝ.. මගෙ නම මුදියාන්සෙ..
හ්ම්..
මං නිහඬවම ජීප් රියට ගොඩ වුණා..

ඔයා ඒ වෙද මහත්තයාව අඳුණනවාද? බිරිඳ ගේ පැනයට.. දෙන පිළිතුර මොකක්ද කියලා මට හිතාගන්ට බැරි වුණ නිසා මං නිහඬවම හිටියා..


මතු සම්බන්ධයි..

Thursday, September 6, 2012

෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴




සහසක් පෙරුම් දම් පුරලා නුඹ           මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ    ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි       සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි        ඇත්තේ

හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින්      මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන     සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා          නෙතූ

වයසින් වැඩෙයි මෝරයි දැනුමද            යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන්               බසට
මනසින් උසස් යහපත් දරුවෙකු          ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන               රටට

පස් වැනි උපන් දිනයට අද දින          යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි      නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි       සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි     කරන

අපගේ ආදරණීය දියණියගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් රචිත කවි පෙළකි..

Monday, September 3, 2012

භව ගමනක සිහිනය 1

සූරිය ආරච්චි  මහත්තයා මට හමු වුණේ දවසක හැන්දෑවක අසිරිය බලන්න මුහුදු වෙරළක ඉන්නැද්දී.. එතුමා බොහොම සරලව සැහැල්ලුවෙන් හැඳ පැළඳගෙන මාත් එක්ක සිනාමුසුව ඒ හැන්දෑව ගත කරද්දී තමයි මම දැනගත්තේ එතුමා ගුරුකම් කරන ඇදුරෙක් බව. එතුමා හැබැයි බොහොම සාධාරණව රස්සාව කරන කෙනෙක්.. එතුමාගේ හදේ රැඳුණු කතාවක් මට මෙහෙම කීවා..

දවසක් මගේ ගාවට ආවා... එක පිරිමි කෙනෙක්.. එයාට ඕන වෙලා තිබුණේ ගෑණු දරුවෙකුගේ සම්බන්ධයක් නවත්ත ගන්න.. ඒත් මට තේරුණා මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.. මම දැරිවිට සෙතක් වෙන විදිහට ගුරුකම කළා.. ඒ නිසා එයාලගේ සම්බන්ධය දිගටම පැවතුණා.. ඒත් පස්සේ  ආරංචි වුණා ඒ දැරිවියි, එයාගෙ පෙම්වතයි, අර මා ලඟට ආව මනුස්සයයි.. ගැටුමකින් පස්සෙ මියෑදිච්ච බව.. ඒ විතරක් නෙවෙයි.. ඒ මනුස්සයා.. අර දැරිවිගේ බාප්පා කෙනෙක්.. බාප්පා මේ දැරිවිව බලෙන් අඹුව විදිහට තියාගන්ට තමයි උත්සාහ කරලා තියෙන්නේ.. අවසානයේ මරණ තුනකින් තමයි මේක කෙළවර වුණේ..

මේක අහද්දි මං හිතුවේ බාප්පලාට මෙහෙම වෙන්න පුළුවන් ද කියලා.. ඒ වගේම සූරිය ආරච්චි මහත්තයා කොයි තරම් හොඳ යතිවරයෙක් ද කියලා හිතුණා.. අපි කතා කරමින් මාවතක් දිගේ ඇවිද ගියා.. අපි දෙන්නා වෙන් වෙන තැනදී එතුමා මට උපදෙසක් දුන්නා..

ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..

මං උමඟ ඇතුලින් යද්දී.. සිතුවිලි වල යම් වෙනසක් ඇති වුණා.. එක දිගටම එකම සිතුවිල්ලක් ඔස්සේ දිගටම හිතෙන්න ගත්තා..

සූරිය ආරච්චි මහත්තයගෙ උපදෙස මතක් වුණ නිසා.. ඒ සිතුවිලි වලින් මිදෙන්න මට පුළුවන් වුණා..

ඒත් එක්කම මගේ ඔළුවේ බර ගතියක් ඇති වෙලා නැති වුණා.. අපේ ජීවිතත් එක්ක අද්භූත දේවල් වල තියෙන සම්බන්ධය මොන වගේද කියලා උමඟින් පිටවුණාට පස්සේ මං හිතන්න ගත්තා..


මතු සම්බන්ධයි..

Monday, August 27, 2012

සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද?


පරිගණකය ඇසුරු කරගෙන සිංහල බසින් ලියැවෙන ලිපි, නිර්මාණ ආදියෙහි අක්ෂර වින්‍යාසය හෙවත් අකුරු විනිස නිවැරදිදැයි දැන ගැනීමට අපට තිබූ කදිම මෙවලමකි.. සුබස අකුරු විනිස පිරික්සුව..

වැඩි විස්තර මේ ලිපියෙන්  දැන ගත හැකි වනු ඇත...

එහෙත් අවාසනාවකට මෙන් පහු ගිය කාලයේ එම මෙවලමට අදාළ දිගුව ක්‍රියාත්මක වූයේ නැත.. එයට හේතුව කුමක් වුවත්.. ඒ ගැන අපි බොහෝ සේ කණගාටු වූයෙමු.. 100% නිවැරදියැයි විශ්වාසයක් නොවූවද.. වඩාත් හොඳම විකල්පය ලෙස අපි සුබස තෝරාගෙන සිටියෙමු.. එපමණක් නොව.. බොහෝ දුරට නිවැරදි වීමට සුබස මා හට නම් බොහෝ සේ උපකාරී වී ඇත.. ඒ නිසාම දැන් ඉස්සර තරම් වරදින්නේ නැත..


සුබස දැන් අලුත් තැනක ඇති බව දැකීමෙන් ඉතා සතුටට පත් වූ මම.. ඒ සතුට ඔබ හැම දෙනා සමගම මෙසේ බෙදා හදා ගන්නට සිතුවෙමි.. එහෙත් ඇතැම් විට ඔබට මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවනු ඇත..

හැකිතාක් නිවැරදිව සිංහල බස ඉදිරියට ගෙන යාමට උර දෙන සුබසට මගේ ප්‍රණාමය..



මේ තියෙන්නෙ අලුත් තැන..

Tuesday, August 21, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(4)

තුන්වැනි කොටසට




මම මේ පාර නම් ගයාත්‍රී කියන යෙහෙළියවත් හිතින් අමතක කළේ, එහෙම නොවුනොත් මගේ තීරණය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව දැනගෙනයි.. හැබැයි ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක උදවු කරණවා කියලා මං තීරණය කරලා තිබුණේ..


ඒත් ඔයා ගේ හැසිරීම නම් එන්න එන්නම නරක අතට හැරුණා... ඔයා මගෙත් එක්ක පැටලෙන්නමයි බැලුවේ.. මට මතකයි ඔයා මගේ ලඟ තිබුණු අපේ පිංතූර වගයක් ගෙනත් දෙන්න කියලා කිවුවා.. මං මුලින්ම එකක් ගෙනත් දුන්නා.. ඔයා ඒක මට පේන්නම ඉරලා කුණුබක්කියට දැම්මේ මට මූණට දමලා ගහනවා වගේ.. ඉතුරු ටිකත් ගෙනත් දෙන්න කියලා ඔයා කිවුවහම මං ඒ ටික ගෙදරදිම ඉරලා දාන්නම් කියලා මං කිවුවේ.. ඇත්තටම ඒවා මෙහෙ ගෙනැල්ලා ඉරලා දාන එකෙත්, එහෙදිම ඉරලා දාන එකෙත් වැඩි වෙනසක් නැති නිසා.. ඒත් මට තිබුණ ප්‍රශ්නේ ඔයාට ඔය පිංතූර ටික ගැන ඔය තරම් බයක් දැනුණේ ඇයි කියන එක..

ඔය අතරේ තමයි මට සිසිර මුණගැහෙන්නෙ.. මාත් මගේ හොඳ මිතුරෙක් වුණ නිමලුත් කැරම් සෙල්ලම් කරද්දී සිසිරත් එනවා එතැනට.. ඔයා හොඳටම කලබල වෙලා වගේ වෙන යෙහෙළියක්ව එවලා මාව එතැනින් ඉවත් කරගන්නවා.. ඒත් මම පස්සෙයි දැනගන්නේ ඒ ඔයාගේ කලිං පෙම්වතා බව. මං එහෙම දෙයක් ගැන ඔයාගෙන් ඇහුවෙත් නෑ.. ඔයා මට කිවුවෙත් නෑ..  ඒත් සිසිර නිමල් එක්ක කියලා තිබුණා ගොඩක් නරක දේවල්.. ඔයා ගැන.. කොටින්ම ඔයාගේ ගන්න දෙයක් නැති බව.. මේක ඇහුවාම මට තේරුණා ඔයා පිංතූර ටික ගැන ඔයහැටි වද වෙන්නේ ඇයි කියලා.. සිසිර ඔයාව පිංතූර පෙන්නලා අපහසුතාවයට පත්කරන්න ඇති.. මං සිසිර වගේ හාල්පාරුවෙක් නෙවෙයි කියලා ඔයාට හිතෙන්න නැතුව ඇති..

ඔය කාලෙම වගේ මට හමුවුණා අපේ මිතුරෙක්ව.. එයා මාව දැක්කෙ ගමං ඇහුවේ ඔයා ගැන.. ඒ සම්බන්දෙ දැං ඉවරයි මචං කියලා කිවුවහම.. ඌ කිවුවෙ.. ඒක හොඳයි මචං.. ඒකි උඹට ගැලපෙන්නෙ නෑ.. මට කියන්න විදිහක් නැතුවයි හිටියේ.. කියලා.. මට දවසක් එයාලගෙ ටවුන් එකේදි ගයාත්‍රීව මුණගැහුනා.. එදා තමයි මං තේරුම් ගත්තේ.. උඹට ඒකි හරියන්නෙ නෑ..(කියපු ටික මෙහි පළ කිරීම බලධාරියා විසින් කපා හරින ලදී.)

ඔයාට මතකද සුදාරි ඔයාලගෙ ගෙදර ගිහිං ඉඳලා ආපු දවසක... ඔයාලගෙ ගෙවල් ලඟ මල්ලි ගැන.. ඇති වෙච්ච කතාව..

ඔයා: අනේ සුදාරි මෙන්න මෙයාට කියන්න අපේ මල්ලි කොහොමද කියලා..
සුදාරි : හරි ෂෝක් අනේ..

ඒත් මේ සම්බන්දෙ නැවතුනාට පස්සේ සුදාරි කියනවා.. අනේ ඔයා ඒක නවත්තපු එක ලොකු දෙයක්.. එයාගෙ ගෙවල් ලඟ මල්ලිත් එක්ක වුණත් එයා හැසිරෙන විදිහ හරි නෑ.. ඒ විතරක් නෙවෙයි සමන් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා.. අපි එයාලගෙ ගෙදර ගියා.. ඒ ළමයගෙ අම්මත් ඉන්නැද්දි.. ඒ ළමයගෙ කරේ නැඟලා.. බෙල්ල බදාගෙන.. මට ලැජ්ජාවෙත් බෑ.. ඒ කරපු වැඩ ටිකට..

එතකොට මට මතක් වුණා ඔය සමන් මල්ලිව.. ඔයාට එයා එවපු ලියුමක් දවසක් මොකකට හරි ඔයාගෙ පොතක් අවුස්සනකොට හම්බවුණා මතකද? මං බැලුවේ ඒකේ ආමන්ත්‍රණය විතරයි... "ආදරණීය ගයා" .. එහෙමයි ආමන්ත්‍රණය තිබුණේ.. ඒ වෙලාවෙ මං ඒකට හිනාවුනා මතකද? ඔයා මල්ලි..මල්ලි.. කිවුවට මිනිහා ඔය ආදරණීය ගයා කියලා නෙ කියලා තියෙන්නේ.. කියලා..

ඒත් එක්කම මට මතක් වුණා... අපි සිරීපාදෙ ගිය ට්‍රිප් එක.. ඒකෙදිත් ඔයාගෙ තනියට එක්කරගෙන ආවෙ.. අහල පහල මල්ලි කෙනෙක්.. මිනිහගෙ නම් වරදක් පෙනුණෙ නෑ.. ඒත් ඔයාගෙ ගෙදර පරිසරය ගැන මට ඒකෙන් හිතාගත්තෑකි.. ඒත් මං ඒ දවස් වල ඒවා නොසලකා ඇරියේ ම්ට ඒවා නොතේරුණු නිසා නෙවෙයි.. සම්බන්ධය රැක ගන්න නම් ඔයවගේ දේවල් ඉවසන්න වෙනවා කියලා හිතුණු නිසා..

හැම කෙනාම ඔය වගේ ගොඩක් දේවල් මට කිවුවා.. කවුරුවත් අපරාදෙ උඹ ඒ සම්බන්දෙ නැවැත්තුවෙ කියලා කිවුවෙ නෑ..

මටත් තේරුණා මං බේරුණේ ලොකු උගුලකින් කියලා.. සුදාරිගේ වචනයට තවත් අරුතක් එක්කරමින්.. ඔයා සමන් ව කසාද බැන්දා... මට පොඩ්ඩක්වත් දුක නෑ.. ඇත්තටම මට සතුටුයි.. ඒ මර උගුලින් ගැලවුණු එක ගැන.. මං විතරක්යෑ.. අපේ රොෂාන්..


නිමි.

Monday, August 20, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(3)


දෙවැනි කොටසට




එදා ඔයාව මුණගැහෙන්න එන අතරතුර මට ඔයාගෙන් වෙන්වීම ඇරෙන්න වෙන කිසිම විසඳුමක් ඇති බවක් හිතුණෙ නෑ.. ඒත් මට තිබුණු එකම බය ඔයා මේ හින්දා ඉගෙනීම කඩාකප්පල් කරගනීද කියන එක..

ඔයා සම්බන්දෙ නවත්වන්න බෑ කියනකොට මං කිවුවෙ වෙන කරන්න දෙයක් නෑ අමාරුවෙන් හරි අපි මේ තීරණය ගමු.. ඉස්සර හිටියා වගේම යාළුවෝ විදිහට ඉමු කියලා.. අවසානයේදී ඔයා ඒකට එකඟ වුණේ වෙන කරන්න දෙයක් නොතිබුණු හිංදා වෙන්න ඇති.. මමත් ඒ තීරණය ගත්තේ වෙන කරන්න දෙයක් නොපෙනුනු හිංදා මයි..

ඒත් ටික දවසක් යද්දී ඔයා බලාගත්තු අතේ බලාගෙන ඉන්න ගත්තහම මටත් ඒක දරාගෙන ඉන්න අමාරු වුණා... අවසානයේ මං තීරණය කළා අපේ ගිවිසුම අලුත් කරන්න.. ඔවු.. හැබැයි අලුත් වගන්තියක් එකතු වුණා..  ඔයාගේ අම්මා මගේ දෙමවුපියන්ගෙන් සමාව ගන්න ඕනි කියලා.. ඒකට ඔයා මාස තුනක් කල් ඉල්ල ගත්තා..

ආයෙමත් අපි සාමාන්‍ය විදිහට සතුටින් හිටියා.. මාස තුන ගතවෙලා ඉවර වෙනකලුත් ඔයා ඒ ගැන කිසිම පියවරක් අරගෙන තිබුණේ නෑ.. මට ඒක අමතක වෙයි කියලා ඔයා හිතුවද දන්නෙ නෑ.. ඒත් මට ඒක හොඳට මතක තිබුණා.. මං ඔයාගෙන් ඇහුවා ඒ ගැන මොකද කරන්නේ කියලා.. ඔයා හරි උත්තරයක් දුන්නෙ නෑ.. මං තීරණය කළා ඔයාව අතහරින්න.. ඒත් ඒ වෙනකොට අපේ වර්ෂාවසාන විභාග ලං වෙලා තිබුණේ.. විභාග ඉවරවෙන්න තව මාස තුනක් විතර තියෙනවා.. එහෙම වෙලාවක ඔයාට මේක කියන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. ඉතිං මගෙ ජීවිතයේ ප්‍රථම වතාවට රඟපාන්න මං තීරණය කළා...

මං සුදාරිට මගේ තීරණය ගැන කිවුවා....සුදාරිගෙන් මං ඉල්ලුවේ පුළුවං තරං ඔයාට ලං වෙලා ඔයාගෙ හිත හදන්න කියලා.. සුදාරි ඒ වගකීම බාරගත්තු එක මට ලොකු සහනයක් වුණා.. විභාග ඉවර වෙනකල් ඔයත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්න එක ලොකු සටනක් වුණා.. මගේ රඟපෑම අසාර්ථකම නැතුව ඇති මයෙ හිතේ..

විභාග ඉවර වෙලා මං ඔයාව මුණගැහිලා මගේ තීරණය ඔයාට කිවුවා.. මේ පාර ආත්මාර්ථකාමී වෙන්න මං හිත හදාගෙන හිටියේ.. 


මතු සම්බන්ධයි..

Saturday, August 18, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(2)

1 වැනි කොටසට


මං එදා ගෙදර ආව මොහොතේ ඉඳං කල්පනා කළේ මං කරපු වැඩේ හරිද කියලා.. යාළුවන්ට කොහොමද මේක කියන්නේ කියලා.. මට, ඔයාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන්ද කියලා..

රොෂාන් වගේම හිටපු හොඳම යාළුවෙක් වුණු ගිහාන් ට ඔය කතාව කිවුවට ඌ පිළිගත්තෙම නෑ.. ඌ කිවුවේ.. මගේ හිතේ කලිං ඉඳන්ම ඔය අදහස තියෙන්ට ඇති කියලා.. මං ඒක පිළිගත්තේ නැති එකට තරහා වෙලයි අන්තිමට ඌ ගියෙ.. පස්සෙ මං කතා කරලා කිවුවා.. උඹ කිවුව එක ඇත්ත වෙන්න ඇති.. කොහොම වුණත් දැං වුණ දේ වෙලා ඉවරයිනේ.. කියලා.. ඔන්න එකෙක් ෂේප්..

ඊ ලඟට ඔයා ඇරෙන්න අපේ කණ්ඩායමේ හිටපු එකම ගෑණු පරානේ.. සුදාරි.. එයාට නම් වැඩිය විස්තර අවශ්‍ය වුණේ නෑ.. ලේසියෙන්ම පිළි ගත්තා..

අනික් යාළුවෝ ටිකත් ලොකුවට මොකුත් කිවුවෙ නෑ..

ඔය අතරෙ තමයි සුදාරියි එයාගෙ පෙම්වතා වන කැළුමුයි ට්‍රිප් එකක් දාගත්තේ.. ඉතිං අපි දෙන්නත් යන්න සෙට් වුණා.. රොෂානයා ඊට ඉස්සරින්දා කෝල් එකක් දුන්න වෙලාවේ මං ගමන ගැන කිවුවා.. මෙන්න මේකත් සෙට් වුණා ගමනට.. ඌ දන්නෙ නෑ නොවැ මේ කිසිම දෙයක්.. අනික් යාළුවො වත් ඌට මේක කියලා නෑ.. උගේ හිත රිදෙයි කියලා.. මටත් ඌව නිවී හැනහිල්ලෙ හම්බ උනේම නෑ මේ ගැන කියන්න..ඌ තාම ඔයාට ට්‍රයි එක.. පවු... ඒත් මොනවා කරන්නද..?

ඌ වෑන් එකේ යද්දිත් මගේ ලඟින්ම වාඩි වෙලා ගියේ මගෙත් එක්ක තිබුණු ෆිට් එකටමයි.. ඔයා දන්නවද මං ඒ හැම මොහොතෙම හිතින් විඳවපු තරං.. ? හදවතට එකඟව වැඩ කරන එකෙක් විදිහට මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ..

වැව ලඟ ඉඳං පින්තූර ගනිද්දි.. ඒ අමාරු මොහොත මං කොහොම පහු කළා ද මංදා.. සුදාරි.. අපි දෙන්නව එකට තියලා පිංතූරයක් ගත්තා.. මට ඔයාගේ කරට උඩින් අතක් දාන්න කිවුවා.. ........
හපොයි.. රොෂාන් ගේ මූණ.. අනේ ඌට කොහොම දැනෙන්න ඇත්ද? මට හිතාගන්න බැරි වුණා.. ඊට පස්සේ ගමන ඉවර වෙනකං රොෂාන් අපි ගාවට ආවේ නෑ..

අපි අතරෙ තිබුණු බැඳීම මොන වගේ එකක්ද කියලා මං නිතරම හිතුවා.. ඒක රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය එකක් නම් නෙවෙයි.. අවසර ලද ඇසිල්ලක සිප ගැනීම් ආදියෙන් අපි මුසපත් වුණා.. කසාද බැන්දට පස්සේ කරන්න තියෙන වැඩ, කලින්ම කරන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ.. ඔයත් එහෙම වෙන්න ඇති..  ඒත් මට නිතරම හිතුණු දෙයක්.. පෙම්වතියක් විදිහට වඩා ඔයා යෙහෙළියක් විදිහට සාර්ථකයි.. ඒ වගේම මට සමීපයි කියන එක..

ඔයා වැඩිපුරම ආශ්‍රය කළේ පිරිමි යාළුවෝ..මට ඔයාව වෙනස් කරන්න ඕන වුණා..  අඩු ගානේ ඔයා සුදාරිව වත් වැඩිය මායිම් කළේ නෑ.. ඒත් මගේ පිරිමි යාළුවන්ව ඕනවටත් වඩා ලඟින් ඇසුරු කළා..

"මං මේ දවස් ටිකේ සුමේධත් එක්ක ලයිබ්‍රරියට ගිහිං පාඩම් කරන්නද?"
ඔයාට මතකද... මං වැඩිය කැම්පස් නොඑන කාලෙක.. ඔයා මගෙන් මෙහෙම ඇහුවා..?
ඒත් මං ඔයාට එපා කිවුවා.. මං එහෙම කිවුවේ ඇයි කියලා මගේ හිතත් එක්ක පස්සේ මං සෑහෙන්න තර්ක කළා.. මං එහෙම කිවුවේ ඉරිසියාව හිංදා නෙවෙයි කියලා තමයි මං අදටත් හිතන්නේ..

ඔයාගේ මං දැකපු හොඳම ගතිය තමයි.. පරෝපකාරී බව.. ඔයා හිත හොඳ කෙල්ලෙක් කියලා මගෙ යාළුවො මා එක්ක නිතර කියලා තියෙනවා.. ඒක නම් ඇත්තම ඇත්ත.. ඔයා හිත හොඳ කෙල්ලෙක්..ඒ වගේම ඔයා අඳින්නේ සරල සංවර ඇඳුම්..

ඔයාගේ අම්මට අපි ගැන ආරංචි වෙලා.. පළමු පියවර විදිහට කරලා තියෙන්නේ මං හිටපු බෝඩිමේ ඥානා ආන්ටිට කතා කරලා.. ඔයාට ඒක කිවුවාම ඔයා කිවුවේ.. ඕක ඔතනින් නවතියි කියලා.. ඒත් ඒක නැවතුනේ නෑ..

එයා අපේ ගෙදට්ටත් කතා කරලා.. බොහොම පහත් විදිහට.. හරියට මං ඔයාව රවට්ටගෙන ඉන්නවා වගේ..

මං ඒක දැන ගත්ත වෙලේ ඔයාගේ ගෙදරට කෝල් කළේ අම්මට හොඳවයිං දෙකක් කියන්න.. ඒත් කෝල් එක ගත්තේ ඔයා.. අපේ ගිවිසුම ඉවරයි..! මං කිවුවේ දැඩිව හා ස්ථිරව..! ඔයාගේ දුක මට නොතේරුනා නෙවෙයි.. ඒත් ඔයාගේ අම්මා ඉදිරියේ.. මගේ දෙමවුපියෝ බිංදුවක් වත් හෑල්ලු කරන්න මට ඕන නෑ..

ඔයා ගේ බලවත් ඉල්ලීම නිසා මං ඔයත් එක්ක අන්තිම වතාවට මේ ගැන කතා කරන්න  ඔයාව මුණගැහෙන්න එකඟ වුණා.. !


මතු සම්බන්ධයි..!


Friday, August 17, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(1)



මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන්න හිතාගෙන මං වෙනදා යාළුවෝ හැමෝම එකතු වෙන බෙන්ච් එකට ආවේ යාළුවෝ හමු වීමේ සතුට විඳගන්න.. ඒත් බෙන්ච් එකේ ඔළුව තියාගෙන හිටියේ ඔයා විතරයි.. මං මගේ අත ඔයාගේ ඔළුවට ගෙනාවේ පුංචි තට්ටුවක් දාන්න.. ඒත් ඔයා මගේ අත අල්ලා ගත්තා..

ඇයි මට මගේ අත ආපහු ඇදලා ගන්න හයියක් නැති වුණේ..?
මගේ හිත තාමත් මට දොස් කියනවා..

වෙනදා හැමතැනම සිටි යාළුවෝ අද කොහේ ගිහිං ද..? මගේ හිතේ ප්‍රශ්නයක්..
ඔඩිටෝරියම් එකේ ෆිල්ම් එකක් පෙන්නනවලු.. උත්තරේ එතනින් ගිය නංගිලා දෙන්නෙකුගෙන් ලැබුණා..

ඒ නිමේශයෙන් ඔයා කොහොමද මගේ තුරුළට ආවේ.. ? ඇත්තටම මට ඒ ගැන වැටහීමක් නෑ..

මගේ අත ඔයාගේ අතෙන් ගැලවෙනකොට අපි දෙන්නා හිටියේ බස් එකක..

ඇයි මොකද වුණේ..? ඔයා ඇහුවේ මෙච්චර වෙලා මොකුත් නොවුණා වගේ..

මෙච්චර වෙලා මොකද වුණේ..? මට තිබුණේ ඒ ප්‍රශ්නේ විතරයි..

ඔයා මගේ හොඳ යෙහෙලියක් විතරක් විදිහටයි මම හිතුවේ..
මගේ හොඳම යාළුවාගේ බලාපොරොත්තුව උදුරගන්න මට කොහෙත්ම ඕන වුණේ නෑ..

ඒ විතරක් නෙවෙයි.. මට ඔයා ගැන අදහසක් ඇති වෙලා තිබුණෙත් නෑ..

දැං ඉතිං ඕවා කාට කියන්නද?

රොෂාන් ඔයාට කැමැත්තෙනුයි ඉන්නේ.. මං ඔයාට කිවුවේ මගේ අසරණ කම කියන්න..

මට ලඟදී හම්බවුණු සාස්තර කාරයෙක් කිවුවා.. මට දෙන්නෙක් අතරින් කෙනෙක් තෝර ගන්න වෙනවා කියලා.. ඒ ඔයා තමා..

ඔයා කිව්වේ ඇත්තක්ද කියලා නම් මං දන්නෙ නෑ..

මං වික්ෂිප්ත වුණේ නං ඇත්තටමයි..

ඔයා මට සතියක් ඇතුළත උත්තරයක් දෙන්න.. ඔයා බෑ කිවුවොත් මං කැම්පස් එක දාලා ආච්චිලාගෙ ගෙදර යනවා..

ඔයා මාව ගිරයට අහුවුණු පුවක් ගෙඩියේ තත්වෙට පත් කළා..

රොෂාන්ව කොහොම හරි ෂේප් කරගන්නවා.. හ්ම්.. මං හිත තද කරගත්තෙ මගෙ ගොංකමටම වෙන්න ඇති..

ඔයාගෙ අම්මා මට කැමති වෙයිද?  මං ඇහුවෙ තීරණයක් ගන්නමයි..

ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ.. ඔයා කිවුවෙ විශ්වාසයෙන්..

හොඳයි එහෙනම් ඔයා ඔයාගෙ පැත්තෙන් යුතුකම් ඉටු කරන්න.. මං මගේ පැත්තෙන් යුතුකම් ඉටු කරන්නම්..

ඔයත් එක්ක මං ප්‍රේම ගිවිසුම ගැහුවේ එහෙමයි..

ඒත් මගේ යාළුවෝ මං ගැන මොනවා නොහිතයි ද?  මට හිතාගන්නවත් බැරි වුණා..

මතු සම්බන්ධයි..

Wednesday, August 15, 2012

ජීවිතේ දිනයක්..!


අළුයම  සෙල්ලමින් දඟ කරමින් උන්නා
අරුණළු සමඟ දැනුමට සිත යොදවන්නා
දහවල ජය පතා සිරුරම වෙහෙසන්නා
හැන්දෑ කොරේ නිති ජොලි කරමින් යන්නා

ඇඳිරිය එද්දි හිරු අවරින් බැස යද්දී
දිනයක නිමාවට සිත ගත හුරු වෙද්දී
දහමට යොමු වුණා බෑ කළුවර එද්දී
රෑ බෝ වෙද්දි හිටියා යහනෙහි පැද්දී

ප.ලි..
අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ඉහත පිංතූර සොයාගතිමි.. ඒ පිංතූර වල අයිතිකරුවන්ට පිං සිදු වේවා..

Friday, August 10, 2012

බැරි දා විග්‍රහය!සූදු කෙළ පැරදුණෙමි...!

මං ඉතිං සුරාවෙන් සූදුවෙන් තොර හාදයා වුණාට.. අවුරුදු ගානකට සැරයක් හරි.. මේවයෙ යෙදෙනවා.. ඔන්න කාලෙකට පස්සෙ මට සූදු කෙළින්න හිතුනේ මගේ අල්ලක් කහන්න ගත්තැයින් පස්සේ..

ඒත් අවාසනාව කියන්නේ අල්ල කහපු දාට පහුවෙනිදා තමයි මට සූදු කෙළින්න වාසනාව පෑදුණේ..

ඔන්න ඉතිං මං ගැන ඔය හැටි හිත කලකිරවා ගන්නවා හෙම නෙවෙයි ඕං.. මං සූදු අන්තුවෙක් නං ලංකාවේ ඉන්න 90%ක් විතර අය මට වඩා දරුණු සූදු අන්තුවෝ.. මං කළේ සුවිප් ටිකැට් දෙකක් හූරපු එකයි.. හත්තිලවුවට ගහපු මොකක්ද එක කිවුවලු.. දෙකම පරාදයි.. රුපියල් හතලිහකට සුවිප් එක ඇදුනා.. දැං එක ටිකැට් එකක් විස්සයි නොවැ..

ඉස්සර වගේ නෙවෙයි දැං හූරන ටිකැට් බොහොම හිඟයි.. ඒ වගේ ම ඒවා ඇදෙන්ට තියෙන චෑන්ස් එකත් අවමයි.. ඉතිං කවුරුත් බලන්නෙ මහජන සම්පත, ශනිදා වාසනාව වගේ අදින ටිකැට් ගන්න.. මං ඒවට ආසා නැත්තේ.. ඒවා ඇදිලද කියලා බලන්න මතක් වෙන්නෙ නැති හිංදා..

ඔය ජාතියෙ අදින ටිකැට් එකක් ඇදෙන්න තියෙන චෑන්ස් එක මොන වගේද කියලා අපේ සුමේධ සෑර් සංකරණ හා සංයෝජන කියන අනු විෂය උගන්නද්දී කියලා දුන්නා මතකයි.. මට මතක විදිහට ඒ අගය 1/382637520 වගේ අගයක්.. ඒත් පහු කාලෙක ඉංගිරීසි අකුරකුත් එකතු වුණාට පස්සෙ ඒ චෑන්ස් එක තවත් අඩු වුණා.. මුල් තෑග්ග ඇදෙන්න තියෙන චෑන්ස් එක එච්චර අඩු වුණාට අනෙකුත් තෑගි ඇදෙන්න තියෙන චෑන්ස් එක ඔයිට වැඩිය චුට්ටක් වැඩියි.. මේකෙ තියෙන නරකම පැත්ත තමයි.. ප්‍රතිඵලය බලද්දි අපිට මේක නූලෙන් මිස් වුණේ කියලා හිතෙන එක.. ඇයි ඔක්කොම ඉලක්කම් මිස් වෙලා තියෙන්නේ එකෙන් දෙකෙන් නේ.. ඉතිං ආයෙ ගන්නවා.. අපේ අප්පච්චි ආරෝග්‍යශාලා ලොතරැයිය තියෙන කාලෙ ඉඳං ගත්තු ටිකැට් වලට වියදං කොරපු සල්ලි එක්කහු කළා නං අද අපිටත් ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වල යන්න තිබුණා.. (හැක.. හැක..). කොහොම වුණත් හැමෝටම ලැබෙන මුලු තෑගි මුදල ටිකැට් විකුණලා ලැබෙන මුලු ආදායමින් ඉතා සුළු මුදලක් බව පැහැදිලියි..

කොහොම උනත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ගජරාමෙට කෙරෙන මේ සූදුව හිංදා අනාත වුණු පවුල් ගනන ගැන කවුරුත් කටක් අරිනවද?