Thursday, February 2, 2012

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 2 (සයිබරයේ සාමූහික අත්දැකීම්)

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 1 තුළින් මං ලිවුවේ කොම්පියුටරේ එක්ක බැඳුණු අතීතයේ සාරාංශයක්..


මුලින්ම සමූහයක් එක්ක වැඩ කරන අත්දැකීම මම ලැබුවේ http://www.vbforums.com/ කියන දැවැන්ත ෆෝරමයෙන්.. Visual Basic 6 වලින් Programming  කරණ අවධියේ දී තමයි වැඩිපුර මේ ෆෝරම් එක පාවිච්චි කළේ.. මෙහිදී මිතුරන් කීප දෙනෙක් හඳුනා ගත්තත්.. වඩාත් සමීප මිතුරෙක් වුණේ.. Danasegaran Arun කියන ඉන්දීය සොහොයුරා.. මෙහිදී මට පුළුවං හැටියට මගේ දැනුම අනෙක් අය හා බෙදා හදා ගන්නටත් නොදන්නා දේ අනෙක් අයගෙන් අසා දැනගන්නටත් හැකි වුණා.. අලුතින් VB6, VB.Net වගේ Programming Languages ඉගෙන ගන්න කට්ටියට මේ ෆෝරම් එක මහත් අත්වැලක් වෙන බව නම් පැහැදිලියි..


http://www.wayn.com කියන Community එක තමයි මගේ සයිබර් ගමනේ ඊලඟ සාමූහික අත්දැකීම. ඒකෙදිත් මං දන්නා කීප දෙනාට අමතරව තව කීප දෙනෙක්ව අඳුනගන්න ලැබුණා.. ඒ අතර එක්තරා යෙහෙලියක් හිටියා.. ඇය තාමත් කලාතුරකින් මාත් එක්ක චැට් කරනවා..


ඔය අතරේ අපේ ඉස්කෝලේ අපිත් එක්ක උ/පෙ කරපු මිතුරෝ ටික Yahoo Groups වල  Group එකක් හදාගෙන හිටියා Mahanama 1996 කියලා.. මේ Group එකේ ආනුභාවයෙන් අපිට Get එකකුත් තියන්න පුළුවං වුණා..
මතක විදිහට ඊලඟ නැවතුම තමයි ෆේස් බුක් . බොහෝ අය හිතාගෙන ඉන්න තරම් භයංකාර දේවල් වලට මට නම් ෆේස් බුක් තුළ මුහුණ දෙන්න ලැබුණේ නෑ.. ඒත් කවමදාකවත් හමු නොවෙයි කියලා හිතුණු යාළුවෝ විශාල පිරිසක් ආයෙමත් මුණ ගස්සන්න ෆේස්බුක් සමත් වුණා.. ඒක නම් ඇත්තටම සුන්දර අත්දැකීමක්..


එළකිරිය තමයි සයිබරය තුළ මගේ ගමනේ සැබෑ වෙනසක් කරපු තැන.. නිර්මාණකරණය වෙත මාව නැවත යොමු කරපු තැන.. එතැනදී මට හමු වුණු සුන්දර සොයුරු, සොයුරියන් ඇත්තෙන්ම සිහිනයක් වගේ..


සඳුන් තිලක මල්ලී, cspMax, Amalka101Asoka Hemanthaamila_90210amilapriyankara.dscj2lNisha.hasanthi,Meeeharaka,RuZZa,maranaya,lmw, ZurieL,  එළකිරියෙදි හඳුන ගත්තු අපූරු යාළුවෝ කීප දෙනෙක්..  ඒ දවස් වල සිංහල යුනිකෝඩ් භාවිතය අද තරම් ජනප්‍රිය නැති කාලෙ.. මට මුලින්ම සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරන්න කියලා දුන්නේ සඳුන් තිලක මල්ලී.. සිංහල බිංදුව වෙනුවට '0' ටයිප් කර කර හිටපු මට ඒක කියලා දුන්නේ cspMax මල්ලී.  ඔය වගේ මේ යාලුවෝ හැමෝම මට විවිධ ආකාරයෙන් උදවු කළා.. ඒ අතර විශේෂයෙන්ම මතක් කරන්න ඕන නම් කීපයක් තියෙනවා..


1. ronsilva පහු කාලෙක එක එක කතන්දර මෙයාට විරුද්ධව කීවත් මගෙ හිතට දැනුණු දෙය රොන් අයියා සමාජයේ යහපත වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන්න උත්සාහ කළා.. ෆේස් බුක් එකේ බන්දුල රුවන්පුර කියලා ඉන්නේත් මේ රොන් අයියම තමා ලු.. රොන් අයියා තමා මගේ නිර්මාණයකට මට දැනෙන්න විචාරයක් දීපු මුල්ම කෙනා... ඉතිං මං කොහොම අමතක කරන්නද එයාව..


2. DiLakshika පහුගිය දවස් වල යම් ලිපි වගයක හුට පටයක් හින්දා එයාගේ බ්ලොග් අඩවිය හංග ගත්තු දිල් තමයි ඊලඟ නම.. දිල් එළකිරියෙදි මට ලොකු ශක්තියක් වුණා.. විශේෂයෙන් කවියකට පසුබිම් නිර්මාණයක් ගැන මෙලෝ අදහසක් නැති කාලෙක දිල් තමයි මගේ නිර්මාණයකට මුල්ම පසුබිම් නිර්මාණය කරලා දුන්නේ.. දිල් ම තමයි මට බ්ලොගර් වල බ්ලොග් එකක් කරන්න කියන අදහස දුන්නෙත්.. 


3. dukaa|දුකා .. ඔවු ඔවු.. අපේ දුකාම තමයි.. දුකාගේ බ්ලොග් ලිවිල්ල බලලා මං ඉගෙන ගත්තු ගොඩක් දේ තියෙනවා.. ඒ ඔක්කෝටම වඩා.. කමෙන්ටුවක් දාන්න කවුරුවත් නැති මොහොතක ඇවිත් කමෙන්ටුවක් දාලා යන්න මැලි වුණේ දුකා නොවේ.. හුඟාක් බ්ලොග්ස් වල වගේම... හදපතුලේ මුල්ම කමෙන්ටුව දැම්මෙත් දුකා ම තමයි..

4. mdee: අපි කවුරුත් අඳුරන ඩීන් අයියා.. ඔවු.. ඔවු.. ගල්-මල්-කොරල් ලියන්නේ.. මෙයා තමයි එළකිරියේ හිටපු අමුතුම විදිහේ නිර්මාණකරුවා.. විටෙක තාක්ෂණිකයි, විටෙක හැඟුම් බරයි.. හිතාගන්නත් අමාරුයි ඩීන් අයියගේ නිර්මාණ.. ඩීන් අයියා දීපු පවර්පොයින්ට් පාඩම් පෙළ පවර්පොයින්ට් ගැන තිබුණු අදහස වෙනම මානයකට අරන් ගියා.. මට ඒක හුඟක් ප්‍රයෝජනවත් වුණා.. 


5. Mindada hee sara.. සහ nwnbs කියන්නෙත් අමතක නොවෙනම දෙන්නෙක්.. අපි නිතරම අපේ නිර්මාණ ගැන කතා කළා.. ඒ තුළින් ලබා ගත් සතුට බොහෝයි..

6. Anjala_88 සහ dulhari ද මා සිත් ගත් සොයුරියන් දෙපලකි.. මෑතකදී යාවත්කාලීන නොවුණු එහෙත් ලස්සන නිර්මාණ වලින් ගහණ http://anjalasl.blogspot.com/   හා ලස්සන නවකතා තියෙන  http://mennamehemai.blogspot.com  සහ http://kiyannamahanawada.blogspot.com/  මේ බ්ලොග්ස් කියවන්න වටින තරම් රසවත්..

7. චාන්දිගේ සිතුවිලි උයන ලියන චන්දි අක්කත් මට මුලින්ම හමු වුණේ එළකිරියෙදී.. ලැබෙන හැම වෙලාවෙම මගේ බ්ලොග් එකට ඇවිත් මට දිරිය දෙන චන්දි අක්කව අමතක කරන්නේ කොහොමද?

ඔන්න නම් සඳහන් කරන්න අමතක වුණා කියලා එහෙම අමනාප වෙනවා නෙවෙයි..

එළකිරියෙදි තමයි.. මං මුලින්ම බ්ලොග් ලිපියක් ලිවුවේ.. ඊට පස්සේ තමයි මං මගේම කියලා හදපතුලනිදුක් වගේ බ්ලොග් ලියන්න පටං ගත්තේ.. ඒ ගැන ඊලඟ ලිපියකින් කියන්නම්කෝ..

ෆේස්බුක් එකේ සඳැස කියන සඳැස් කවි සමූහය හා එක්වෙලා වැඩ කරන්න ගත්තේ පහුගිය අවුරුද්දේ අග හරියේ.. ඒ කියන්නේ මීට මාස 4 කට විතර ඉස්සර.. 



ප.ලි.
ලිපිය දිග වැඩි වෙලා නීරස උනාද දන්නේ නෑ.. මං මේ ලිපියෙන් උත්සාහ කළේ අද වෙනකොට මං නිර්මාණකරණයේ ඇවිත් තියෙන තැනට එන්න උදවු වුණු  ආදරණීය සහෘදයන් හා සමූහ ගැන මතකය අවදි කරන්ටයි.. 

6 comments:

  1. බොහොම ස්තූතියි! චතුර මල්ලි. මේ කියන යහළුවන් හැමෝම වගේ මටත් ශක්තියක් වෙච්ච අය. ජීවිතේට මෙවන් අය වාසනාවක් කියල මට නම් හිතෙන්නෙ. මම ඔයාලට වඩා ගොඩක් වයසින් වැඩි උනත් මාව හැමදාම සම වයසේ අයෙක් සේ සලකා දිරිමත් කල මේ හැම දෙනාම පිළිබදව මගෙ හිතෙත් තියෙන්නෙ මහත් සෙනෙහසක්. වෙලාවක සඳැසටත් ගොඩ වෙන්නම්. ලිපිය දිග උනාට එහි රසයේ අඩුවක් නම් නෑ. ඉතින් , ඉදිරි ගමනට දිරිය ශක්තිය නිබදවම ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
  2. බොහෝම ලස්සන මතක ආවර්ජනයක් චතුර මල්ලී.

    හැම දෙයකම දෙපැත්තක් තියෙනවා, හොඳ නොහොඳ එය උපයෝගී කරගන්න උදවිය හා වටාපිටාව මත තීරණය වෙන්නක්; මගේ අදහස. මං පුරහඳට ඇලුම් කරන්නේ එතැන තියෙන පරිපුන් හැඩය, සැඩ හිරුගෙන් අරගෙන බෙදන සෞම්‍ය කිරණ ඉන් දුරු වෙන අඳුර ගැන බලලා. ඒත් හඳේ ද විසල් ආවාට තියෙනවාලු.

    මේ තාක්ෂණය හා පහසුකම් දියුණු වීම ගැන නම් මං ගොඩාක් සතුටුයි. විශේෂයෙන් යුනිකේත හා සිහල බස පහසුකම් ගැන. මං 83-85 කාලේ සිංහල බසින් වැඩකරන වර්ඩ් ප්‍රොසෙසර්යක්, සිංහල හෝඩිය මුලුමනින්ම නිර්මාණය කර ද ඉදිරියට ගෙනියන්න හැකියාවක් ලැබුනේ නැහැ.

    පාවිච්චි කරන්න මා ලද වරම අද සාමාන්‍ය දෙයක් වීම ගැන ගොඩාක් සතුටුයි. ඒත් ඒ කාලේ අද තියෙන * තිබුනා නම්, මේ කටුක ජීවිතය පසුකර ගමනේ දී හමු වූ සුන්දර මිනිසුන් බොහෝමයක් හා සම්බන්ධ වෙන්න තිබුනා ලේසියෙන්ම.

    2009 දී එළකිරි සමූහයට එකතු වීම මගේ සිංහල බසින් ලිවීමේ නව නැම්මක් ගත්තා. මේ ලිපියේ සඳහන් හැම දෙනා කිසිම ලෝබකමක් නැතිව, වෙලාවක් බලන්නේ නැතිව අත හිත දුන් අය. නිර්මාණයක් ඉදිරිපත් කරාම ලැබෙන විමසුම් මොනතරම් රුකුලක් ද ලිවීමට. ඒ බැඳීම් අදටත් එහෙමමයි. ඒ සැවෙම හමුවෙන දිනක් පතනවා.

    ෆෝරම් වලින් ඉටුවෙන සේවය අනුපමේයයි, එය පලදායී ලෙස යොදා ගත්තේ නම්. වෘත්තීය වශයෙන්, අද ඕනෑම ප්‍රශ්ණයකට සහය ලබා ගන්න තරම් ෆෝර්ම් තියෙනවා මීට දශකයකට එපිට ප්‍රශ්ණයක් නිරාකරනය කරගන්න මොනතරම් නම් කට්ටක් කන්න වුනාද (අපි ඒ විදියට වැඩ කරාද කියලත් හිතෙනවා).

    ෆෝරම් වලින් ප්‍රයෝජනය ගන්න නම් ලාංකීය ෆෝරම් වටා ගොනුවී ඇති රුචිය වෙනස් වෙන්න වෙනවා. ඒ මාධ්‍යය හරහා මීට වඩා යහපතක් කරන්න පුලුවන් වේවි.

    ReplyDelete
  3. වැඩිමහලු කෙනෙක් හම්බ වුණාම සම වයසේ කෙනෙකුට වඩා ගෞරවයක් හිතේ මැවෙනවා ඇරෙන්ට, එයාලා ගැන වැරදි මානයකින් මේ කවුරුවත් බැලුවේ නෑ.. ඒක ඇත්තයි.. කවදාවත් දැකලා නැති වුණත් හිතට දැණුනු ලෙංගතු බව ඇත්තෙන්ම පුදුමාකාරයි නේද අක්කේ.. මේ බැඳීම තුළ බලාපොරොත්තු අවම වීම තමයි තියෙන රසය.

    අක්කටත් ජය..!

    ReplyDelete
  4. මේ දශකයක් දෙකක් තුළ කොයි තරම් විපිරියාසයක් වුණාද හැබෑටම.. එය හෙළ බසේ ත්, මිනිසත් කමේත් උන්නතිය පිණිස යොදවා ගන්න එක නොවැ අපගේ වගකීම.. ඒ වගකීම අයියා කොයි තරම් හොඳින් කරනවාද කියලා ඉතිං අයියගේ බ්ලොග් බලලා ම තේරුම් ගත්තහැකි නේ..

    ෆෝරම් සංස්කෘතියෙන් මාත් මේ දවස් වල ටිකක් ඈත් වෙලා ඉන්නේ.. ඒත් ෆෝරම් සංස්කෘතිය මීට වැඩිය අප අතරට යා යුතුයි කියලත් වෙලාවකට හිතෙනවා..

    ReplyDelete
  5. අහම්බයෙන් නෙත ගැටුන මේ ලිපිය කියවලා අයියේ මට හිතට සතුටක් දැනුනා.එලකිරියෙන් මට ලැබුණු අත්දැකීම් එමටයි.විශේෂයෙන්ම මට හමුවුන හොද යාලුවෝ ජීවිතයේ කවදාවත් ඇත්තට හමුනොවුනත් හැමදාටම මතකයේ රැදේවී.

    එලකිරි ජීවිතයට සහ බ්ලොග් කෙරුවාවටද,නිසැදැස් ලියන එකටද සම්පූර්ණයෙන්ම නවත්වන්න සිද්ධ වුනා මට මගේ පුද්ගලික හේතුවක් මත.විවිධාකාර ගතිගුණ තියන මිනිසුන් ෆෝරම් එක තුලින් අදුන ගත්තා හොද/නරක ඒ අත්දැකීම් ජිවිත කාලයටම ඇති.ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ! :)

    ReplyDelete
    Replies
    1. මට නම් හොඳ මිතුරන් ගැන මිසක් නරක එළකිරියේ හිටපු නරක ඈයො ගැන වැඩි මතකයක් නෑ.. බොහොම ස්තුතියි නංගිගේ ප්‍රාර්ථනාවට.. පුළුවන් නම් පරණ මතකයන් අමතක කරලා ආයෙමත් බ්ලොග් ලියමු..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..