Thursday, March 22, 2012

ඉල්ලීම් සැර වැඩි ද?

අපි පුංචි කාලෙ මොනවා හරි ඕන වුණාම අඬනවා.. එතකොට ඒක අපට ලැබෙන බව අපි දන්නවා.. ඒත් ටික ටික ලොකු වෙද්දී ඇඬුවටම හැමදේම නොලැබෙන බව තේරෙනවා.. තමන්ගේ වැඩ කිඩ (දක්ෂතා) පෙන්නලා නැත්නම් උපක්‍රමශීලී ව වගේම වෙනත් ක්‍රම වලිනුත් අපි අපිට වුවමනා දේ ලබාගන්න පෙළඹෙනවා.. අඬලා ගන්න එක තත්වෙටත් හරි මදිනේ.. ඒත් ඔය ආදර සම්බන්ධතා වගේ ඒවායෙදි නම් අඬා වැළපිලාත් වැඩේ ගොඩ දා ගන්න අවස්ථා තියෙනවා..

කොහොම හරි මෙච්චර කල් දෙමවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පෙම්වතුන්/පෙම්වතියන් ගෙන් අහිංසක විදිහට ඉල්ලීම් ඉල්ලපු අය.. ලොකු ලොකු ඉල්ලීම් වලට අත ගහනවා..
රැකියා දියවු!
බඩු මිළ අඩු කරනු!
සරත් ෆොන්සේකා වහා නිදහස් කරනු!
අපේ රටට අත නොතබනු!

මුංගෙ තියෙන ඝණකම..!
රැකියාවක් දෙන්නකෝ..
බඩු මිළ ටිකක් අඩු කරන්නකෝ..
ඔය සරත් ෆොන්සේකා මහත්තයාව නිදහස් කරලා දෙන්නකෝ..
අපේ රටට කරදර කරන්නෙ නැතුව පාඩුවෙ ඉන්නකෝ.. 

වගේ ටිකක් සෞම්‍ය විදිහට ඔය ඉල්ලීම් ඉදිරිපත් කරන්න බැරිද හැබෑටම..? 



8 comments:

  1. ඇත්තටම ටිකක් සෞම්‍ය විදියට ඉල්ලීම් කරනවනම් ඒවා ඉටුවෙන සම්භාවිතාවත් වැඩිවෙයි.නමුත් ලෝකෙම ඉන්නේ විප්ලවීය මානසිකත්වයෙන්. ඒක නිසා හැමදේටම විප්ලවේ තමයි ගාවගන්නේ. හැබැයි හැමදේටම විප්ලව කරන්න ගිහින් විප්ලවයේ ශක්තියත් පිරිහිලයි තියෙන්නේ. වටින අදහසක්

    ReplyDelete
    Replies
    1. හැබෑව.. හැම සැරය ට ම වඩා හීංසැරය ලොකුයි කියලා කියනවා නොවැ..

      Delete
  2. හොඳ යෝජනාවක් . . . හෙ හෙ හේ . . ඇත්ත තමයි දීපියව් කරපියව් වගේ බලකරලා කිව්වම කාටද යමක් කරන්න හිතෙන්නේ . . .

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම කිවුවාම කරන්න හිතෙනවද..? හුඟ කාලෙකිං මේ පැත්තට ආවාට බොහොම ස්තුතියි දුකා..!

      Delete
  3. ඔන්න ඔය විදිහේ ඉල්ලීම් කරන කට්ටියකගේ එක යාලුවෙක් මැරුනලු. අවමඟුල් ගෙදර මේ අයගේ ශෝක ප්‍රකාශ දාල තිබ්බේ " විමල් සහෝදරයාට නිවන්සැප ලබා දියවූ " කියලලු. හි හී

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා ලු නේ..

      Delete
  4. නොලැබිච්ච බොහෝ ඉල්ලීම දිනාගන්න එහෙමවත් ඉල්ලලා බැලුවොත් නරක නැහැ. ප්‍රශ්ණය සෙනඟ රැස් කරන කට්ටියම නොවැ ඒ පාඨයන් ලියලා දෙන්නේ, ඒ අයගේ කෝප මීටරයේ තරම පෙන්වන්නේ වාක්‍යයේ අන්තිම වචනයේ කියලා නොවැ තවම (සම්)මතය. වෙනසකට වෙනසක් කරලා බැලීම නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සම්මතය මේක වුණා නම් මේ සම්මතය කඩන්න අද තියෙන සම්මතය ගෙනේවී.. ඕක ලෝකෙ හැටිනේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..