Thursday, April 5, 2012

ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න!

මගේ සිතැඟි දොයිතුවකට හිත් මායිමකට නොගන්න
ලොවේ හැමගෙ දුක් කරදර ඔබේ වගේ ලඟට ගන්න
උදේ ඉඳං රෑ වෙනකං බැරි දේ ගැන සිහි කරන්න
ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න


ඔබේ නැතත් මගේ තියෙන ඕනැ එපා කම් බලන්න
මගේ ඇඟේ දුවන ලෙයට යුතුකම් ටික ඉටු කරන්න
උදේ ඉඳං රෑ වෙනකං වෙහෙසුම අමතක කරන්න
ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න


ලොවේ තියෙන ඔක්කොම බර මගේ උරට අත හරින්න
මගේ බරට කම්පා වී විස්සෝපෙන් තුරුළු වෙන්න
ඇගේ පරණ මතක මගේ හිතේ තියේ දැයි බලන්න
ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න





9 comments:

  1. ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න.....nice rhyme....:)

    ReplyDelete
    Replies
    1. මේ කවි පෙළ ලියන්න පාදක වුණු මූලික සිතුව්ල්ලත් මෙය මයි.. එම සිතුවිල්ලට ගැලපෙන්න තමයි ඉතිරි ටික ගොඩ නැඟුණේ.. කවි පෙළෙන් කියැවෙන අර්ථයට එහා ගිය අර්ථයක් මේ පදය තුළ තියෙනවා.. බොහොම ස්තුතියි එය හඳුනා ගත්තාට..

      Delete
    2. ඕ.. සහෝ.. මේ rhyme එක ගැන නේද කියලා තියෙන්නේ.. ඇත්තටම මේක ඉතිං හිතට ආපු තාලය නොවැ.. ස්තුතියි අදහසට.. මං ඊයෙ නිදිමතේ වෙන තේරුමක් නොවැ ඔයාගේ අදහස ගැන අරං තියෙන්නේ..

      Delete
  2. ලස්සන අදහසක් සහෝ...

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි
    ලොකු අර්ථයක් යට සැඟවුනු දුකක්

    ReplyDelete
    Replies
    1. ජීවිතේම දුකක් නොවැ.. අපි කාගෙත් හිතට එන අදහස් අපේමයි කියලා අපි හිතුවට.. සමහර වෙලාවට අයිතිවාසිකමට සණ්ඩු ඇල්ලුවට ඒ අදහස් අපේම නෙවෙයි...අපි ඒ අදහස් මතුවෙන තැනේ (එනම් අපේ හිතේ) තාවකාලික හිමි කාරයා පමණයි.. මෙතන මං උදාහරණෙකට අරං කතා කළ දේට වඩා මාතෘකාවේ තියෙන කරුණ ගැන තමයි ටිකක් හිතන්න තියෙන්නේ..

      Delete
  4. //ලොවේ තියෙන ඔක්කොම බර මගේ උරට අත හරින්න
    මගේ බරට කම්පා වී විස්සෝපෙන් තුරුළු වෙන්න
    ඇගේ පරණ මතක මගේ හිතේ තියේ දැයි බලන්න
    ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න//

    අමු ඇත්ත

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. අපි බොරු කියන්නේ නෑ නෙව..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..