Wednesday, May 23, 2012

බැරි දා විග්‍රහය..! තුන්දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ..

නැති බැරි අපට හැමදාමත් බැරි දා ය.


හිඟා කන්න බැරි කමට හිඟා නොකෑවට, වැඩිමනත් හුදී ජනයා හිඟා නොකා හිඟා කනවාය කියලා කියන්නේ රජයට මඬ ගහන්ටය. අපේ ඈයෝ හිඟා කන්නට රුසියෝය.. නිකං දුන්නොත් දෙමළ පත්තරෙත් ගන්නවාය.. මේ කෙළිය නවත්තන්නට රජය ප්ලෑන් පිට ප්ලෑන් ගහයි..


මුලින්ම තී රෝදෙට, මෝට සයිකලේට පොඩි ඉන්ජැස්සන් එකක් ගැහුවේ කාටත් ඇහැරෙන්ටය.. දැන් ඕනා එකයි, එපා එකයි තී රෝද, මෝට සයිකල් ගන්ට උඩ පනින්නේ නැත.. ඒ කියලත් අහන්නේ නැති උන්ට දැං ඔපරේසොං එකක් පටං ගෙන ඇත..


තී රෝදෙක පිටිපස්සේ පුටුවේ යන්න පුළුවං තුන් දෙනෙකුට පමණි (දරුවන් ද ඇතුළුව). මෝට සයිකලේක එම ගනණ 2 කි.. නැති නම් මුන් පවුල් පිටිං යන්ට මේ පුංචි වාහනේ යොදාගන්ට බලති.. මුං බලන්නේ ලාබය ගැනය.. ඒත් එහෙම ගිහාම තියෙන කැත ගැන උන්ට වගේ වගක් නැත..


තී රෝදයක් හයර් එකට අරං යන්ට එන දරුවෝ දෙන්නයි, අම්මයි, තාත්තයි කියන පවුල සලකන්න... මෙයාලට විකල්ප කීපයක් තිබේ..


1. අම්මයි දරුවෝ දෙන්නයි තී රෝදයේ නංවා තාත්තා බසයේ පැමිණීම
2. අම්මයි, තාත්තයි, දරුවෙකුයි තී රෝදයේ ගොස් එක දරුවෙකු බසයේ පැමිණීම. (දරුවා 12න් පහල නම්.. මෙම ක්‍රමය වඩා වාසි දායකය..
3. නැනෝ කැබ් එකක් ගෙන්වාගෙන සැප පහසුවට ගමන යාම
(සිරි දේසේ සරු සාර මිනිසුන් 3 වැනි විකල්පය තෝරා ගන්නවාට සැකයක් නැත්තේ මය..)


මෙච්චර කල් මොටෝ සයිකලෙන් මුළු පවුලෙම බර ඇද්ද අයටත් දැන් රෝද හතරක් ගැන හිතන්නට අවස්ථාව උදා කර ඇත.. එතෙක් ඔවුනට ද ඉහත විකල්ප භාවිත කර හැක..


රටේ එපාම කරපු පිරිස වැඩියෙන්ම පාවිච්චි කරන මොටෝ සයිකල් හා තී වීල් මෙරටින් තුරන් කිරීමට බලධාරීන් කල් මැරුවා වැඩිය..


ප.ලි.
තුන් දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ මක්කටෙයි කියලා හිතුණා.. ඒත් ඉතිං අහවල් එකක් කරන්ටෙයි කියලා මෙහෙම ලියලා නිකං හිටියා..

25 comments:

  1. Bandula,SB,Jonny,Welgama,Champaka thawath noki GOBBAYO nithi genawata samanna janathawata wena de eun balanne naha.Dan eunta hathara maha nidane pahala welane thiyenne.

    ReplyDelete
  2. එයැයිලට ඕවයෙ අත්දැකීම් ඕන තරං තියෙනවනේ.. ඒකයි බය නැතුව ඔහොම ජනතාවාදී තීරණ ගන්නේ.. හැක්.. හැක්.. හැක්..

    ReplyDelete
  3. මටනම් හිතෙන්නේ මේ නීති කිසිවක් අවඥාවෙන් බැහැර කලයුතු දේවල් කියා නොවෙයි. එහි විශාල පසුබිමක් තිබෙනවා. ඔබ දන්නවාද උතුරු නැගෙනහිර සමහර ප්‍රදේශවල හෙල්මට් නොදමා අදටත් මෝටර් සයිකල් පදින බව? ඔබ දන්නවාද ඒ ප්‍රදේශවල කාන්තාවන් මෝටර් සයිකලයේ පසුපස අසුන්ගන්නේ හරහට බව? ඉතින් මේ විදිහට ආරක්ෂාව මෙන්ම නීතියද ඉක්මවා ගියොත් ඇතිවන්නේ කෙබඳු තත්වයක්ද? මම මෝටර් සයිකල් අනතුරු දෙකකට මුහුණදී ජීවිතය බේරාගත් කෙනෙක්. මම හිතාගත්තා මෝටර් සයිකල් අත හැරීමටත් රෝද හතරේ වාහනයක් ගැනීමටත්. ඉතා දුකසේ උපයාගත් මුදලින් මිලදීගත් ඉතාම සරල වාහනයක් අද මම පාවිච්චි කරන්නේ. මෝටර් සයිකලය නිපදවා තිබෙන්නේ දෙදෙනෙකුට (සමහර මෝස්‌තර එක්කෙනෙකුට) යාම පිණිසයි. මුළු දරු පවුලක්ම ඒකේ පටවාගෙන යන්නේ, අද පාරවල්වල ඇති අනතුරුදායක තත්වය ගැන අවබෝධයක් නැති, තිබුනත් එය නොතකන, තම දරු පවුලට ආදරයක් නැති, (මෙය කියවා කෝපයට පත්වන) අමනොඥ පුද්ගලයන් පමණයි. හිතට එකඟව අවංකව සිතා බලන්න, එය කොතරම් අනතුරුදායක සහ නීති විරෝධී කටයුත්තක්ද කියා. ත්රිරෝද රථ සම්බන්ධයෙන්ද තත්වය ඒකමයි. එහි චැසිය සකසා තිබෙන්නේ නිශ්චිත බරක් ගෙනයාමටයි (රෝද හතරේ වාහනත් එහෙමම තමයි) රෝද හතරේ වාහනයක් මෙන් නොව රෝද තුනේ වාහනයක ගුරුත්ව කේන්ද්‍රයේ සමතුලිතතාව නොසිතු ලෙස වෙනස් විය හැකියි. අවාසනාවකට මෙන් තුන් රෝද රථ පදවන බහුතරයකට ඒ කාරණය වැටහෙන්නේ නැහැ. ඔවුන් සිතන්නේ තමන් පදවන්නේ නොපෙරෙලෙන මෝටර් බයිසිකලයක් කියායි. ඒ නිසා මෝටර් සයිකලයක යාහැක්කේ දෙදෙනෙකුට පමණයි සහ තුන් රෝද රථයක යාහැක්කේ තිදෙනෙකුට පමණයි යන නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කලයුතුයි. මෝටර් සයිකල් සහ තුන් රෝද රථවලින් ඇතිවන අනතුරු සංඛ්‍යාව සහ එයින් ඇතිවන ජීවිත හානිය කොතරම් බරපතලද? නීති විරෝධී ලෙස වාහන පේලි අතරින් රිංගන මෝටර් සයිකල් සහ තුරෝද රථ රියදුරන්ට දඩ ගැසුවොත් දිනකට කෝටි ගණනක් උපයාගත හැකියි. ඔවුන් බොහෝ දෙනෙක් කියන්නේ, ලොකු වාහන තමන්ට ඉඩ නොදෙන බවයි. නමුත් සිදුවන්නේ, කොහෙන් හෝ රිංගා යන්නට උත්සාහ ගැනීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමයි.
    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවේ ඇත්තක් නැත්තේම නොවේ.. එහෙත් මං දකින විදිහට බොහෝ විට අනතුරු සිදු වෙන්නේ අපරික්ෂාකාරී කමින් මිස පටවාගෙන යන ප්‍රමාණය නිසා නොවේ.. විශේෂයෙන් යතුරු පැදි වල..

      ඉන්දියානු යතුරු පැදි බොහොමයක් නිපදවා ඇත්තේ පිටුපස අසුනේ පැත්තට අසුන් ගෙන යාමට පහසු වන ලෙසයි. එය අනතුරු දායක වන්නේ එසේ පැත්තට ඉඳගත් කෙනෙකු දමාගෙන හැටට හැටේ යාම නිසයි..

      ත්‍රී රෝද රථ වල වුවත්, යතුරු පැදි වල වුවත් අනතුරු දායක නොවන ලෙස පැටවිය හැකි ප්‍රමාණයක් සහ එසේ පැටවූ විට යා හැකි වේගයක් තියෙනවා.. එය තේරුම් නොගැනීම නිසයි බොහෝ අනතුරු සිදුවන්නේ..

      මා දැක තිබෙන විදිහට සිදුවන යතුරු පැදි අනතුරු වලින් අති මහත් බහුතරයක් තනිව පදවන විට සිදු වූ ඒවා.. නැතිනම් බීමතින් පදවලා..
      කලාතුරකින් වාර්තා වන ළමයිනුත් එක්ක ගිහිං වෙන අනතුරකට වරදත් බොහෝ විට අනික් වාහනයේ..

      මං මගේ තනි ගමන්, බිරිඳත් සමඟ පමණක් හා බිරිඳත් එක් දරුවෙකුත් සමඟ ගමන් වලට මගේ යතුරු පැදිය යොදාගන්නවා.. එහි පැට්‍රෝල් ලීටරයකට කි.මි.60 ක් පමණ ගමන් කරනවා.. ඒ නිසා මට බයිසිකලයේ සමස්ථ වියදම කි.මි. 1 කට රු. 4.50 ක් පමණ වෙනවා..

      දරුවන් දෙදෙනාම සමඟ හෝ මවු පියන් සමඟ ගමනක් යාමේදී ඔබ කිවු ආකාරයේ සරල රෝද හතරේ වාහනයක් යොදාගන්නවා.. එය පෙට්‍රල් ලීටරයකින් කි.මී 15 කට ආසන්න ප්‍රමාණයක් දුවනවා.. එහි සමස්ථ වියදම කි.මි. 1කට රු. 20ක් ඉක්මවනවා..

      මසකට මං වාහනය කි.මි.100ක් වැඩිපුර ධාවනය කළොත් අඩුගානෙ රු.1500/=ක් මට පාඩු වෙනවා..

      මං මේ පෙන්නුවේ පුංචි උදාහරණයක්..
      මට පුංචි වාහනයක් ගන්ට පුළුවන් වුණාට එහෙම කරගන්නටත් අමාරු අය කොච්චර ඉන්නවද..? එහෙම අයගේ පවුලේ වාහනය තමයි යතුරු පැදිය.. ඔවුන් අනතුරුදායක විදිහට පදින්නේ නැති නම් අනතුරු වෙන ප්‍රවණතාවය අවමයි..

      අනුන්ට කරදරයක් නැතුව තමන්ට තියෙන දේ පාවිච්චි කරන්ට තහනම් කරන එක නෙවී කරන්ට ඕන.. අනුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන අයව නීතියේ රැහැනට කොටු කරන එක..

      වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමි ඒ අමාරුව..

      වැඩිපුර ම නීති කඩන්නේ, නීති හදන ඇත්තෝ ම නොවැ.. මේ නීතිය එයාලට අදාල නැති එකක් නොවැ..

      Delete
  4. Podu pravahana phasukam hoda vidiyata salasala thibenavanam oya kisi deyak venne naha.225 rakinna viyadam karana mudal valin ratata mona tharam deval karanna puluvanda?

    ReplyDelete
    Replies
    1. එළිපිට තියෙන රැකීම් වලට වඩා හැංගි හැංගි කරන රැකීම් වලට කොයිතරම් නං මුදලක් යට වෙනවද? ඒත් කමක් නෑ අපට පාඩුවෙ ඉන්ඩ දෙනවා නම්..

      Delete
  5. මාත් මෝටර් සයිකල් කාරය නොවැ. අනතුරුදායක බව ගැන විචාරක එක්ක එකගයි. ඒත් ඉතිං අපිට ලැබෙන පඩියෙ හැටියට මෝටර් සයිකලෙන් උඩට එන්න සෑහෙන කාලෙකට අමාරුයි. ඒ මදිවාට ටැක්ස් එකකුත් ගහල ඒකත් නැතිකරල. ආණ්ඩුව අපිට කියන්නෙ එක්කෝ පයින් පලයල්ල, නැත්නම් පාගන බයිසිකලේක පලයල්ල කියලයි.

    ReplyDelete
    Replies
    1. ශරීර සෞඛ්‍යය ට හොඳ හින්දා වෙන්ටෑ..

      Delete
  6. මම ඔබ දක්වා ඇති ඉන්දන වියදම් ගැනනම් එකඟ වෙනවා. මම පාවිච්චි කරන්නේ ඩීසල් කාර් එකක්. පැ.කි.මී. 50 - 60 වේගයෙන් කි.මී. 15 ට වඩා යනවා ලීටරයකට.

    ඉන්දියාවේ හදන මෝටර් බයිසිකල්, පිටුපස අසුනේ එක්කෙනාට හරහට ඉඳගෙන යාහැකි ආකාරයටයි හදලා තියෙන්නේ කියන්නේ, වෙළඳ උපක්‍රමයක් මිස විද්‍යාත්මක සත්‍යයක් නොවේ. පිටිපස අසුනේ හරහට ඉඳගෙන යන කෙනා වෙට්ටුවකදී ඉඟටියෙන් නැවෙනවා. ඉදිරිපසට නැවුනොත් පාලනය ටිකක් තියනවා. පසුපසට නැවුනොත් බයිසිකලයේ පාලනය ගිලිහෙනවා. ඔය කතාව ඉන්දියන් බයිසිකල් නිපදවන්නන් කියන්නේ ඉන්දියාවේ කාන්තාවන් 99% ක් ම හරහට ඉඳගෙන යන නිසයි. මම ඉන්දියාවේ උසස් යුද පුහුණු පාඨමාලාව හදාරද්දී ඉන්දියානු නිලධාරීන්ගෙන් ඇහුවා 'මොකද උඹලාගේ ගෑනු මෙහෙම යන්නේ' කියලා. ඒගොල්ලෝ කිව්වා 'එතකොට උඹලා කියන්නේ කකුල් පේන්න ඉඳගෙන යන්න කියලද' කියලා. අපි කිව්වා 'එතකොට උඹලගේ නිලියෝ පෙන්නන්නේ මොනවද? බලපල්ලා ලංකාවේ ගෑනු කකුල් නොපෙනෙන්න බයිසිකලේ යනහැටි' කියලා. උන්ට කට උත්තර නැතිවුණා. ඉන්දියාවේ මෝටර් බයිසිකල් පදින බහුතරය හෙල්මට් දාන්නේවත්, මාර්ග නීති පිලිපදින්නේවත් නැහැ.
    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් මුස්ලිම් අය හරහට යනව. ඉතාම අනතුරුදායකයි.

      Delete
    2. මුස්ලිම් අය බොහොම දෙනා යන්නෙ හරහට තමයි..(බොහොම දෙනා කිවුවේ හැමෝටම නෙවෙයි..)

      Delete
  7. ලංකාවේ අද දැවෙන ප්‍රශ්න බං මේවා! ඒක නිසා තමයි අනිත් එව්වා පැත්තකට දාලා මේවට විසදූම් හොයන්නේ කස්ටියම!

    ReplyDelete
  8. මමත් ඉතින් බයිසි මොටො තමයි.... මම නම් කියන්නේ යන ප්‍රමානය නෙමෙයි ප්‍රශ්නය පදවන රියදුරන් හික්මිමෙන් ඉවසිමෙන් පදවනවනම් රිය අනතුරු 90% ම අඩුවෙනවා, තව සමහරුන්ට තියෙනව ලෙඩක් වෙගයෙන් යන්න හරියට හිමින් ගියොත් මග මැරෙනව වගේ පුදුම තදියමක් තියෙනේ, මගෙ යාළුවෙකුත් ඉන්නවා මැන්ට 80/90 වත් ගියෙනැත්නම් හරි අමාරුයි එයා තමන්ගෙ ලමයි දෙන්නාව ඉස්කොලෙ ඉදන් ගෙදර අරන් එන්නෙත් 90/100 විතර මෙයා 2 පාරක් ඇක්සිඩන් වුනා, ගිය අවුරුද්දෙ එකක් වෙලා මැරෙන්න ගිහින් නුලෙන් ගොඩ ආවේ, එත් තාම පුරුද්ද අත හරින්නෙ නැහැ.... ඉතින් එහෙම අයත් ඉන්නවා එකයි ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. එහෙම අයටයි බෙහෙත දෙන්න ඕන.. නැතුව මේ අහිංසක අපට නෙවෙයි..

      Delete
  9. මොනවා උනත් චතුර ඔබේ "බැරිදා විග්‍රහය" කියන මාතෘකාව නම් හරිම අගෙයි!

    ReplyDelete
    Replies
    1. මොකක් නැතත් මාතෘකාව වත් හොඳයි නොවැ එහෙනං.. ඒ මඳැයි..

      Delete
  10. 161 kama atha ussala YES kiyana nisane paule eunta vitharak UDIN yanna Janathavage mudal viyadam karala thava 2k genvanne.Meunta X [kathire] gahana ATHIGARU JANATHAVAMA mi laga X [kathire] katadai thiranaya karanna.???????????????????????

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. ඒ වුණත් එහෙම වෙයිද..?

      Delete
  11. මෙතන තියෙන්නෙ නීති රීති වල වරදක් නෙවෙයි. මේවා ගෙනෙන්නෙ අසම්පූර්ණ සමාජයකට වීමයි ගැටළුව. එතකොට ඒ නීති රීති කෘත්‍රීම වෙනවා.
    ලෝකයේ ජන ඝනත්වය වැඩිම රටවල් 10 න් එකක් ලංකාව කියන්නෙ. එහෙම රටකට ඔය වගේ නීති රීති අහසින් පාත් කරලා හරියන්නෙ නෑ. මෙහෙම නීති ගෙනෙන්න කලින්
    1.පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න ඕන
    2.මිනිසුන්ගේ ප්‍රවාහන "අවශ්‍යතා" සීමා කරන්න ඕන.
    3.ජනගහනය තිරසාරව පාලනය කරන්න ඕන.

    එතකොටයි මේ නීති රීති අර්ථවත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පළමු කාරණා දෙකට නම් එකඟයි.. තුන්වැනි කාරණය නම් ඉතිං පාලනය කරන්නෙ කෝමෙයි..

      වඩා සාර්ථක විකල්ප ප්‍රවාහන මෙවලම් වලට සරිලන සේ පරිසරය සැකසීමත් අවශ්‍ය දෙයක් මයෙ හිතේ..

      කොහොම වෙතත්... ඔය නීති දැම්මය කියලා විතරක් නං පොලෝසියේ ආදායම වැඩි වෙන එක මිසක්කා, අනතුරු වල නම් අඩුවක් වෙන්නෙ නෑ කියලා මට ඉර හඳ වගේ සුවර්..

      Delete
    2. නිරිඇල්ල මහත්තයේ හා විචාරකගේ කොමෙන්ට් එක්කම ලිපිය බැලුවම මටත් තේරුනු කාරනා ඔක්කොම කියැවිලා තියේ - හරවත් බ්ලොග් සටහනක් චතුර

      නීතිය කොච්චර හරවත් වුණත් - නිරිඇල්ල මහත්තය කියල තියෙන දේ එක්කම තමා එව්ව ගන්න වෙන්නේ - නැත්නම් ප්‍රායොගිකත්වය ගිලිහෙනව

      අනෙකුත් ක්‍රම හා නීති සලැසුම් සම්බන්ධයෙන්ද එසේමය

      වැස්ස නැතිකාලෙට වැස්ස නෑ නෑ කිය කිය ලතෝනි දෙනව මිසක කාණු බෝක්කු සුද්ද කරල ඊලඟට වහින අනෝරා වැස්සට මග සලසාගන්නේ නෑ නෙව. වැව්වල මඩ ටික බස්සල ඉවුරු බැඳල සොරොව්ව පිළිසකර කරල තියාගන්න ඕනෑ නෙව. කාට කියමුද - අපිම කරගන්නව මිසක!

      Delete
    3. තිස්ස අයියා කියන දේත් ඇත්ත.. මේ හුඟක් දේවල් වලට අපේ දායකත්වය හා සහයෝගයත් තියෙනවා නම් රජයකට වුණත් වැඩේ පහසුයි..

      හැබැයි ඔය බයිසිකල් එකේ බබාලා දෙන්නෙක් විතර දාගෙන වැඩිහිටියෝ දෙන්නා යන එක අනෙකුත් ගමනාගමන ක්‍රම වලට වඩා ඉහල අනතුරුදායක බවක් තියෙනවය කියන කතාව නම් හිතළුවක් ම විතරයි.
      1. ළමයි දාගෙන ගිහිං සිද්ධ වෙන අනතුරු හා සමස්ථ අනතුරු සැලකුවාම ළමයි එක්ක යනකොට සිද්ධ වෙන අනතුරු ඉතාම අල්පයි.
      2. ළමයි එක්ක යාමේදී දෙමවිපියෝ වඩා පරෙස්සම් වෙනවා (පුද්ගලිකව මමත් එහෙමයි)
      3. අපි ළමයි දාගෙන බයිසිකලේ යන්නේ ආසාවට නෙවෙයි..
      4. වැඩිපුරම අනතුරු වෙන්නේ බීමතින්, අසිහියෙන් හෝ අධිතක්සේරුවෙන් වාහන එලවීම නිසයි..
      3.

      Delete
  12. ලංකාව වගේ රටවල කොහොමත් හැම කුණුගොඩටම අන්තිමට කරගහන්න වෙන්නෙ සාමාන්‍ය ජනතාවට තමයි. කොහොම උනත් මේ හැම දේකම දෙපැත්තක් තියනව. මම දැකල තියනව උදේට ස්කූල් හයර් යන සමහර ත්‍රී වීල්වල ළමයි පටවල යන හැටි. දැක්කහම දුක හිතෙනව. පොඩි එවුන් ඇතුලෙ තැලිල මිරිකිල පොල් පටවන්න වගේ පටවල. ඇත්තෙන්ම වැරදියි. දැන් තත්ත්වෙ බැලුවම ඒ ත්‍රී වීල් අයිතිකාරයට මාසයක්ම එකම ළමයි තුන් දෙනෙක් උදේට එක්ක ගිහින්, හවසට එක්ක ඇවිත් කීයක් කියල ගන්නද? තෙල් වියදමවත් කවර්කර ගන්න පුළුවන්ද මන්ද.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් තමයි... ඒත් මට මතකයි අපි පුංචි කාලෙ බස් එකේ නැත්නම් බට්ටා වෑන් වල මොන තරම් දුකක් විඳගෙන ද ගියේ කියලා.. ඒ අතින් බලනකොට මේක සැපයි.. ත්‍රී රෝද රථයක වුණත් පටවගෙන යන ගාන ගැන අවබෝධයකින් යනවා නම් අනතුරු අඩු කරගන්න පුළුවන්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..