Thursday, June 7, 2012

"ඔහු" කවුරුදැයි පුළුවන්නම් පවසන්න..

දවසක් දෙකක් නොව අට වසරක් තිස්සේ
වෙහෙසක් නැතිව ඇය ගේ හිත ඔහු පස්සේ
මොහොතක් ඇයට පෙන්වා පෙම් හිත රිස්සේ
පිටසක්වලය ඔහු නිතරම වස් වැස්සේ


ඔහුගේ දියුණුවයි නිතරම ඔහු බැලුවේ
ඇයගේ දරුවො ගැන නැහැ පොඩියක් හිතුවේ
පිටිනුත් ණයට ගෙන ඔහු මඬි තර කෙරුවේ
ඇය නම් කඳුළු බිඳුවක් පමණයි හෙළුවේ


දරුවන් අනතුරේ! නෑ නිසි පිළිවෙලට
ඇය විකුණන් කන්න ඔහු බැලුවේ යසට
ඇගෙ ලඟ තිබූ හැම පිච්චිය ඔහු හොරට
අරගෙන වහසි බස් දොඩවයි දැන් ලොවට


සොයුරන්, පුතුන් පමණක් නොව දැන ගන්න
මිතුරන් හටත් දී ඇත ඇය කෙළෙසන්න
දරුවන් දැරුවොතින් තැත් ඇය රැකගන්න
එසැණින් හැකිය සුරලොව තරු දැක ගන්න


ඔහුගේ දෙබිඩි පිළිවෙත තව නොම දන්න
දරුවන් කියයි තවමත් ඔහු රැක ගන්න
බොරු ආඩම්බරේ බැහැ තව ඉවසන්න
මේ හොර තාත්තව දැන්වත් එළවන්න

10 comments:

  1. "නරුමයා"
    ටෙනිසන් ‍පෙරේරාග් "භවාන්තරය" කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. නරුමයා.. කිවුවෙ මට ද? හෙක්.. හෙක්..

      නෑ.. එහෙම පොතක් කියවන්ට ලැබිලා නෑ.. මොන වගේ දේවල් ද ඔය පොතේ තියෙන්නෙ හැබෑට..?

      Delete
    2. ඒ පොතේ තියෙනවා තමන්ගේ ජාතක පුතාවත් නිධානයක් ගන්න බිල්ලට දෙන...නියම නාස්තිකාර කඩප්පුලි චරිතයක්...

      Delete
    3. එක අතකට එහෙම චරිත කියවන එකත් එපා වෙනවා.. තොරතුරට ස්තුතියි සුමිත්..

      Delete
  2. හෙහ් හෙහ් .... ආඩම්බොරුකාර තාත්තගෙ සායම ඉවරයි. පරෙස්සමට පුතේ.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔවු.. අපි ඉතිං ඇල්වතුරත් නිවල නෙව බොන්නෙ..

      Delete
  3. පට්ට! ලෙසටම ලියල තියනව. මේ තාත්ත එලවන්න ඕන තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං දීලා බලමු ට්‍රයි එකක්..

      Delete
  4. ආවෙත් අදමයි මේ පැත්තට.
    කවියෙන් කියැවෙන කතාව නම් මල් 7යි. ඇත්තයි.

    ඒත් හැබෑට මේ තාත්ත එලෝලා ගෙන්න ගන්නේ මොන බාප්පද කියලා මන් ළතැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ වැඩේ.. නියම බාප්පා ආපු වෙලාවේ යුතුකමේ මනාපය දීලා, කොම්පීතර විජ්ජා දාලා නා ගත්තා.. දැං ඉතිං උලා කමින් බලා ඉමු..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..