Saturday, June 30, 2012

මොනවද කන්නේ..?

පහුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවුණු කතාබහකදී ජවිපෙ මන්ත්‍රීවරයෙක් අලුත් කෑමක් හඳුන්වා දුන් බව ප්‍රවෘත්තියකින් කියැවුනා.. එතුමා කිවුවේ "ජනතාවට දැන් කන්න වෙන්නේ මැතිවරණ" කියලා..

ඔය කතාව ඇහුවාම මට මතක් වුණේ මට අවස්ථා දෙකකදී හමුවුණු පුද්ගලයන් දෙදෙනෙකු කියූ මෙවැනි කතා දෙකක්..

1. මම අපේ ගෙදර අවශ්‍යතාවයකට හාඩ්වෙයාර් එකකට ගිහිං ඇණ වගයක් ගත්තා... ඒවායේ මිළ මං බලාපොරොත්තු වුණාට වඩා බොහොම අඩුයි.. ඇණ හරි ලාබයි නේද? මට ඉබේටම කියැවුණා..

ඒ ලඟ හිටපු අංකල් කෙනෙක්.... ඇණ තමයි දැන් මිනිස්සුන්ට කන්න වෙන්නේ.. කියලා බඩු මිළෙහි සුන්දරත්වය පැහැදිලි කළා.. උන්නැහැගේ කතාවත් ඇත්ත..

2. දවසක් අපේ බ්ලෙන්ඩරය හදාගන්ට කියලා, ඒවා හදන තැනකට ගිහිං,  ඒක හදනකං බලා ඉන්න අතර අපි නොයෙක් දේ කතා කරමින් හිටියා.. එතන හිටියා ලොරියක් හයර් කරන පුද්ගලයෙක්.. උන්නැහේ මේ රටේ වෙන අතිශය සාධාරණ කරුණු කීපයක් මතක් කළා.. උන්නැහේලට තියෙනවලු අවුරුදු පතා දුම් සහතිකයට අමතරව තවත් මොකක්ද සහතියකයක් ගන්ට.. ඒක ගන්ට ඕන ලංගමයෙන්ලු.. ඒත් ලංගමයෙ බස් වලට ඒ සහතිකය තියා දුම් සහතිකය වත් බල නොපාන බව උන්නැහේ මතක් කළා..මේක මිනිස්සුන්ගේ සල්ලි ගරාගන්න උපක්‍රමයක් විදිහට මිස රට ගැන හිතලා ගත්තු තීරණයක් වෙන්න බැහැ කියලයි උන්නැහැ කිවුවේ.. ඊලඟට උන්නැහේ කිවුවේ ජපානෙන් පාවිච්චි කරපු බඩු ගෙන්නන තැනක් ගැන.. මෙයාලා ජපානේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික උපකරණ ලංකාවට ගෙනැල්ලා, ලංකාවෙ අඩු මුදලට විකුණලා තියෙනවා.. දැං මාකට් එකේ තියෙන අලුත්ම චීන හෝ ඉන්දියානු උපකරණ වලට සාපේක්ෂව පාවිච්චි කරපු ජපන් උපකරණ දාහින් සම්පතයි කියන එක මමත් කිවුවා (මං ඒක අත්දැකීමෙන්ම දන්නවා).. ඒ වුණාට දැන් ඒ වෙළඳාම කරන්ට බෑලු..මොකද ගෙන්නන හැම උපකරණයකටම රු.2000/= ක විතර ලොකු බද්දක් ගහනවලු.. ඉතිං කොහොමද ඒවා ලාබෙට දෙන්නෙ.. ඔය අතරෙ ඩීසල්, පැට්‍රෝල්, කිරිපිටි එහෙමත් කරලියට ආවා.. අන්තිමට උන්නැහේ මෙහෙම කිවුවා..

දැන් මිනිස්සුන්ට කන්න වෙලා තියෙන්නේ බදු..

මොකද කියන්නේ.. මැතිවරණ කනවද? ඇණ කනවද? බදු කනවද?

මැතිවරණ සහ බදු නම් අපට ඕන වුණත් එපා වුණත් කන්න වෙනවනේ..

ඇණ කනවද නැද්ද කියලා තමයි තීරණය කරන්න ඕන..

තවත් විකල්ප කෑම මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ..

20 comments:

  1. ඔහොම ගියොත් ඉතින් ඉස්සරහට කන්න වෙන්නෙ වහ!

    ReplyDelete
    Replies
    1. අපොයි.. වහත් ටිකක් ගනං කියලා තමයි ආරංචිය.. විකල්පයක් බලමු..

      Delete
  2. මෙකනෙ බං.. උබලා අපි වගේ එවුංට මේ රටේ වෙන සංවර්ධනේ ‍පේන්නෙ නැ.. ඒකට නිල්පාට‍ කන්නාඩියක් දාගන්න ඕනා :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු බං.. මාත් මේ එහෙවු කන්නාඩියක් හොයනවා..

      Delete
  3. අයියෝ මල්ලි පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ සංවර්ධනය. අයිනකට වෙලා කන්නකෝ පොඩි කාපට් කෑල්ලක්, නැතිනම් එන්නකෝ බලන්න නැව් නැති වරායක්, මෙලෝ වැඩකට නැති එයාපෝට්.

    ReplyDelete
  4. තාම වහ කන්න නොවුණු නිසා දේශපාලුවන්ට හොඳයි. පළාත් සභා ඡන්ද වටේකත් දැණ් පටන් අරගෙනනේ තියෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒ වටෙත් අවුරුදු 2ක් වත් ඇදෙයි.. වරකට එක බැගින් නොවැ.. රටට බරක් නොදැනෙන්න ලු..

      Delete
  5. අම්මපා ඇත්ත යාළු. කතා කොරන කොට නම් දේශානුරාගය කන් දෙකෙන් පෙරෙනවා. කිරියා පටි පාටියෙන් නම් මුන්ව සමාන කොරන්ට පුලුවන් වැම්පයර්ලට විතරයි. ජය...!

    ReplyDelete
    Replies
    1. වැම්පයර් ලා (ත්) ලේ ම බොන කට්ටියක්ය කියලා මං අහලා තියේ.. එහෙනං හරියටම හරි..

      Delete
  6. පෙරෙයිදා මම ගත්තා

    අමුමිරිස් 100
    බංඩක්කා 250
    තිබ්බටු 250
    මුරැන්ගා 250
    වට්ටක්කා 250
    තැලිච්ච මාළු 250
    සම්බා 1
    පොල්ගෙඩි 1
    ඇන්කර් 1

    දවසටම හම්බ කෙරැවේ 1000ක්
    ගෙදර එනකොට රැපියල් 7ක් ඉතුරැ උනා

    ReplyDelete
    Replies
    1. අටම්පහුර ගේ දවසේ ආදායම හොඳයිනොවැ.. රු.7 ක ඉතුරුවකුත් තියෙන්නෙ.. ජය වේවා... !

      Delete
  7. උඹ i.t.n නිවුස් බලන්නෙ නැතෙයි ? :D

    ReplyDelete
  8. හෙක්.. බලපු කාලයක් මතක නෑ.. කලාතුරකින් අමා බලපු දවසක දැක්කා උමා ඔය ව්‍යාපෘතිය කියලා දැවැන්ත ව්‍යාපාරයක් කොරනවයි කියලා.. හම්බන්තොට පැත්තට නම් අපට තියෙන පස්න නැතුව ඇති මයෙ හිතේ..

    ReplyDelete
  9. ඔබතුමාගේ බ්ලොගයේ පිළිතුරක් ලියා ඇත,
    කරුණාකර එය බලන්න.

    ReplyDelete
  10. ඇයි ඔච්චර මහන්සි වෙන්නේ . දත් මිටි තියෙන්නේ . අපේ රටේ මැතිවරණ වැඩියි. එක පක්ෂයක් තිබ්බ නම් ඉවරනේ . එක්කෝ ඇතිවෙයි . නැත්නම් නැති වෙයි

    ReplyDelete
    Replies
    1. ඔවු.. තවත් හොඳ විකල්පයක්.. ඒත් ඉස්සරහට දත්මිටි කන්න දත් ඉතුරු වෙයිද කියලා සැකයකුත් තියෙනවා.. ඕං..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..