Tuesday, July 10, 2012

ෆේස් බුක් එකේ හැක් නොවෙන්න නම්..


යම් කිසි හොඳ දෙයක් කරන මිනිස්සුන්ට සමහරු ඉරිසියා කරනවා.. ඉතිං එහෙම අයට නොයෙක් විදිහේ කරදර පමුණවනවා.. අපගේ ඊමේල් එක, ෆේස් බුක්, ට්වීටර් වැනි එකවුන්ට්ස් හැක් කරන එක මේ වගේ ගොං බයියන්ට හරි විනෝද ජනක වැඩක්.. මේ ලඟදී සඳැස් කවිය ප්‍රචලිත කරන්න ලොකු මහන්සියක් ගත්ත ෆේස්බුක් ගෲප් වලට සහ ඒවායේ ඇඩ්මින්ලාටත් මේ ඉරිසියාකාර කාලකන්නින්ගේ බැල්ම වැටුණු බව දැනගන්ට ලැබුණා.. ඉතිං හැක් නොවී ෆේස්බුක් පාවිච්චි කරන්න ගන්න පුළුවන් පියවර මොනවද කියලා මං හොයලා බැලුවා.. මෙන්න හොයා ගත්තු දේවල්..

1. ෆේස්බුක් ඇප්ස් පාවිච්චි නොකරන්න. ඔබගේ තොරතුරු ඇක්සස් කිරීමට කිසිවිටක අවසර නොදෙන්න..

2. ඔබ ෆේස්බුක් ලොග් වෙන සාමාන්‍ය ක්‍රමයෙන් හැර ඊමේල් වල තිබෙන ලින්ක් හරහා ෆේස්බුක් ලොග් වෙන්න එපා.... මෙමගින් ඔබව රවටා ඔබගේ මුරපදය සොරකම් කිරීම බොහොම පහසු සෙල්ලමක්..


3. ඔබගේ පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එක යාවත්කාලීන කර ගන්න. එතකොට පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැන විශ්වාසයි.. 

4. ඔබ යොදාගන්නා වෙබ් බ්‍රවුසරය යාවත්කාලීන කරගන්න. හැකිනම් බ්‍රවුසර දෙකක්  යොදාගන්න... ඔබගේ සාමාන්‍ය අන්තර්ජාල කටයුතු සඳහා එකක් සහ වැදගත් කටයුතු සඳහා තව එකක් වශයෙන්..

5. AdBlock, Facebook Add blocker වගේ අනවශ්‍ය ඇඩ්ස් නවත්වන දිගු ඔබේ බ්‍රවුසරයට එකතු කරගන්න.. මෙතැනට ගියොත් ඒවා හොයාගන්න පුළුවන්..

6. අලුත් මෘදුකාංග බාගත කිරීමෙදී සහ ස්ථාපනය කිරීමේදී සැලකිලිමත් වන්න. ඒ සමඟ ට්‍රෝජන්ස් පරිගණකයට ඇතුලු වීමට පුළුවන්..

7. මුරපදය අනුමාන කිරීමට අපහසු එකක් යොදන්න.. යම් පිට තැනක මුරපදය ටයිප් කරන විට බාගයක් වැරදියට ටයිප් කර වැරදුණු අකුරු ටික සිලෙක්ට් කර ඉතුරු අකුරු ටික ටයිප් කරන්න..මෙමගින් කී ලොග් මඟින් මුරපදය සොයා ගැනීම අවම කරගන්න පුළුවන්..

8. අන්තර්ජාලය භාවිතයේදී නිතරම පරිගණකයේ සාමාන්‍ය ගිණුමකින් ලොග් වෙන්න..(ඇඩ්මින් ගිණුම් භාවිත කරන්න එපා)

9. හැකි හැම විටම ඔබගේ තොරතුරු Backup කර තබා ගන්න..

10. සැක සහිත ෆේස්බුක් මිතුරන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න.. මිතුරු වෙසින් ඉන්න සතුරන්ගෙන් අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි..


ඔයාලා ගාවත් තව තොරතුරු තියෙනවා නම් කියන්න..

21 comments:

  1. වටිනවා නියමයි ඔහොම යං

    ReplyDelete
  2. මේකට තව දෙකක් තුනක් එකතු කරන්නම්..

    #1. Facebook login approval enable කරන්න.

    #2. Facebook එක register කරලා තියෙන E-mail එක ෆේස්බුක් එකටම විතරක් භාවිතා කරන්න.

    #3. Facebook Log වෙනකොට URL එක බලන්න. ඩෙස්ක්ටොප් එකකින් Log වෙනවා නම් URL එක www.facebook.com දුරකථනයකින් log වෙනවා නම් m.facebook.com ලෙසත් තමයි URL එක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කුරුල්ලෝ..

      Delete
  3. වටින ලිපියක්....ඔහොම යං

    ReplyDelete
  4. #1 two step login යුස්‌ කරන්න
    #2 login notification යුස්‌ කරන්න
    #3 secure browsing enable කරන්න( https )
    #4 email එකටයි facebook එකටයි එකම password යුස්‌ නොකරන්න
    #5 මාසයකට වතාවක්වත් password එක වෙනස් කරන්න

    ReplyDelete
  5. ස්තුතියි.. හුඟ කාලෙකින් ඒ පැත්තෙ එන්නත් බැරි වුණා..

    ReplyDelete
  6. හොඳ වැඩක්. දන්න දේ අනිත් අය එක්ක බෙදාගන්න එක. මොකද එකපාර මේවගේ දෙයක් ගැන හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. හේතුව මං උඩිං කියලා තියෙනවා.. ෆේස් බුක් එකේ අපේ හිතවතුන් කීප දෙනකුගේ ගිණුම් හැක් කරලා සඳැස් කවි ගෲප් වලට තර්ජනයක් එල්ල කරලා තිබුණා.. ඒ නිසයි මේ ගැන හෙවුවේ.. ඉතිං හැමෝමත් එක්ක බෙදා ගන්න හිතුවා..

      Delete
  7. වටිනා කියන තොරතුරු ටිකක්.

    ReplyDelete
  8. facebook වලට මම පාවිච්ච්කළ e-mail පාස්වර්ඩ් එක මතක නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකත් අදාල ඊ ලිපිනයේ පාස්වර්ඩ් එකත් සමාන විය යුතු නෑ.. සමහර විට ෆේස් බුක් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක ඔයාට මතක ඇති.. එහෙම වුණොත් ප්‍රොෆයිල් එකට අලුත් ඊමේල් එකක් ලිංක් කරගන්න පුළුවන් වෙයි.. අපේ හැකර් කෙනෙකුට දුන්නා නම් වැඩේ නියමෙට කරලා දෙයි..

      අනික ඊ මේල් එක හදද්දී අහන රහස් ප්‍රශ්න, විකල්ප ඊ මේල් වගේ දේවල් හරහා ඊ මේල් එක රිකවර් කරගන්නත් ට්‍රයි එකක් දෙන්න පුළුවන්...

      Delete
  9. අතිශයින් වැදගත් තොරතුරු ටිකක් නෙ...

    ReplyDelete
  10. අයියේ මගේ FB EKA hack karala ekata mamma mokada කරන්නේ තාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලිපියෙ තියෙන උපදෙස් පිළිපදින්න කියන එකට වැඩි දෙයක් නම් මං දන්නෙ නෑ මල්ලි..
      https://www.facebook.com/help/www/131719720300233
      කෙලින්ම මේ දිගුවට ගියොත් උපකාරයක් ගන්නත් පුළුවන් වේවි.. උත්සාහ කර බලමු..
      https://www.facebook.com/hacked

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..