Tuesday, July 17, 2012

බැරිදා විග්‍රහය! ඉතිං මොකෝ..?

ගෑස් මිල බැස්සා.. එකසිය පනහකින්.. ළදරු කිරිපිටි රුපියල් 2 කින්...පරිප්පු, සැමන් එහෙමත් අඩුවෙලා.. මේවා චන්ද ගුන්ඩු.. 


ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. චන්ද හැමදාම තියලා හරි මොකද බඩු ලාබ වෙනවා නම්..
==================================
ඒක නෙවෙයි කෙළිය.. අන්න ලබන මාසෙ.. උද්ධමනය දෙගුණ වෙනවාලු..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උද්ධමනය කන්ට යැ..

==================================

කවුද ලොක්කෙක් ඇල්ටෝ දාහක් විතර ගෙන්නුවාට පස්සෙ තමයි ඔය ටැක්ස් වැඩි කරලා තියෙන්නේ.. දැං ඔය අලුත් ගානට විකුණනවා කියන්නේ..
ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උං කාර් එකක් විකුණගෙන කීයක් හරි හොයා ගත්තහම මක් වෙනවද? රජ පුත්තු නොවැ..

==================================
ඒ වුණාට පහුගිය දවස් ටිකේ ප්‍රාදේශීය සභා වල ඉන්න දේශපාලුවො කී දෙනෙක් ජරා වැඩ කරලා අහු වුණාද? එකෙක් ගෑණු 100ක් එක්ක බුදියගෙන.. තව එකෙක් රත්තරන් චේන් කඩලා.. තවත් එකෙක් මැර කම් කරලා.. 
ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත..උන් කී දෙනෙක් එක්ක බුදියගත්තත් අපේ මොකෝ.. රත්තරන් චේන් කඩන්නෙ රත්තරන් දාගෙන යන හින්දනේ.. අපි වගේ බැංකුවේ තිබ්බා නම් ඔය අවුල නෑ නෙව.. මැරකම් නම් ඉතිං කරන්ට ඇත්තේ තවත් මැරයෙක්ටම වෙන්ට ඇති..

==================================
ආරස්සාවේ ලේ කම් හුරතලේට.. නෑ... නෑ.. ආරස්සාවට පිට රටින් බල්ලෙක් ගෙන්නන්ට ගොහිං ගුවන් ගමනකුත් අවලංගු කරලා පුද්ගලික යානයකින් ගෙන්නන්ට දාගෙන මොකක්දෝ පලහිලවුවක් උනාය කියන්නේ..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උන්නැහේට බල්ලෙක් ගේන්ට ඕන වුණාම ඒක කොර ගන්ට දීලා.. එදා මෙහෙ එන්ට ඉන්න ඈයින්ට පහුවදාට එන්ට බැරුවයෑ..

==================================
විපස්සනා යක තුමා හදි-හූනියම්, යාග, බලි-තොවිල් කරමින් දේවාලයක්, දේවාලයක් ගානේ කරක් ගහනවැයි කියන්නේ..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත..උන්නැහේටත් කොරන්ට කියලා එහෙමට වැඩක් තියෙන එකක්යෑ.. දේවාල ගැන පොඩියක් දැන කියාගෙන ඉන්න එකත් වටිනවානේ..

==================================
ඒක නෙවෙයි.. යකඩ මුලින්ම භාවිතා කරලා තියෙන්නේ ලංකාවෙලු..

ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. යකඩ මුලින්ම භාවිතා කොළයි කියලා අපට කන්ට හම්බ වෙනවැයි..


==================================
ලංකාවෙ උන් බුද්ධිමත් ලු.. ඒකලු තමන්ගෙ කෑම ගැන නොහිතා මේ වගේ බුද්ධිමත් ඈයො පත් කරගන්නේ..

ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. කෑම ගැනම හැම වෙලාවෙම හිතලා හරියනවැයි.. රට කන එකාලා ගැනත් ටිකක් හිතන්ට එපැයි..

16 comments:

  1. හිතේ වේගෙට ලියවෙන ඒව නේද...?

    ReplyDelete
    Replies
    1. හිතේ වේගෙට ලිවුවා නං.. ලොවෙත් නෑ..

      Delete
  2. Replies
    1. ඉතිං මොකෝ..

      ඒකත් ඇත්ත.. මේ වගේ වෙලාවක අනේ මන්දා කියලා ෂේප් වෙනවා ඇරෙන්ට.. කළුගල් වල ඔළුව ගහ ගන්ට කියලයෑ..

      Delete
  3. ඉතිං මොකෝ..?

    ඒකත් ඇත්ත. රටේ මොනව උනාම අපිට මොකෝ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්නනේ අපිට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි දැඟලුවා කියලා රට යන අත වෙනස් වේවියෑ..

      Delete
    2. ඇත්තනේ. අපි මොකට දඟලනවද, අපි කතිරෙ ගහල අපි වෙනුවෙන් දඟලන්න උත්තමයො පත්කොරල තියෙන්නෙ. ඒ උත්තමයො ඔය රට කරවන්නෙ අපූරුවට, ඒ ගමන්ම කතිරෙ ගහපු හුදී ජනයන්ටත් එක්ක උන්නාන්සෙල හම්බකර ගන්නෙ. බලන් හිටියත් බඩ පිරෙනව. තන්තෝෂෙ බැරුවා.

      Delete
  4. ඉතින් මොකෝ කියන වාක්‍යය අපේ කටින් එන තරමට දේශපාලුවෝ අපිව නිර්වින්දනය කරලා තියෙන්නේ :(

    ReplyDelete
  5. ekath aththa
    Hithe dukata api owa blog eke liwwata .parata panal udgosana karanta kiyala ye.

    ReplyDelete
  6. අපි අපිටම ලැජ්ජා කොරගෙන ජීවත් වෙනවා ඇරෙන්ඩ ආයෙ අහවල් එකක් කොරන්ඩයැ

    ReplyDelete
    Replies
    1. අපිටම ලැජ්ජා කොරගැනිල්ල කෙසේ වෙතත් අපි ගැනම ලැජ්ජා හිතෙනවා අප්පා..

      Delete
  7. අප්පේ, අදනම් හරියට කේන්තියෙන් වගේ. ඉතින් මොකෝ......... මෙව්වා වෙනස් කරන්න අපි වගේ සොක්කොන්ට බැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. හැබෑව.. හැබෑව.. හැබැයි.. කේන්තියෙන් නෙවෙයි අක්කා මේ ලිවුවෙ.. දුකට.. දුකට..!

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..