Tuesday, August 21, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(4)

තුන්වැනි කොටසට




මම මේ පාර නම් ගයාත්‍රී කියන යෙහෙළියවත් හිතින් අමතක කළේ, එහෙම නොවුනොත් මගේ තීරණය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව දැනගෙනයි.. හැබැයි ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක උදවු කරණවා කියලා මං තීරණය කරලා තිබුණේ..


ඒත් ඔයා ගේ හැසිරීම නම් එන්න එන්නම නරක අතට හැරුණා... ඔයා මගෙත් එක්ක පැටලෙන්නමයි බැලුවේ.. මට මතකයි ඔයා මගේ ලඟ තිබුණු අපේ පිංතූර වගයක් ගෙනත් දෙන්න කියලා කිවුවා.. මං මුලින්ම එකක් ගෙනත් දුන්නා.. ඔයා ඒක මට පේන්නම ඉරලා කුණුබක්කියට දැම්මේ මට මූණට දමලා ගහනවා වගේ.. ඉතුරු ටිකත් ගෙනත් දෙන්න කියලා ඔයා කිවුවහම මං ඒ ටික ගෙදරදිම ඉරලා දාන්නම් කියලා මං කිවුවේ.. ඇත්තටම ඒවා මෙහෙ ගෙනැල්ලා ඉරලා දාන එකෙත්, එහෙදිම ඉරලා දාන එකෙත් වැඩි වෙනසක් නැති නිසා.. ඒත් මට තිබුණ ප්‍රශ්නේ ඔයාට ඔය පිංතූර ටික ගැන ඔය තරම් බයක් දැනුණේ ඇයි කියන එක..

ඔය අතරේ තමයි මට සිසිර මුණගැහෙන්නෙ.. මාත් මගේ හොඳ මිතුරෙක් වුණ නිමලුත් කැරම් සෙල්ලම් කරද්දී සිසිරත් එනවා එතැනට.. ඔයා හොඳටම කලබල වෙලා වගේ වෙන යෙහෙළියක්ව එවලා මාව එතැනින් ඉවත් කරගන්නවා.. ඒත් මම පස්සෙයි දැනගන්නේ ඒ ඔයාගේ කලිං පෙම්වතා බව. මං එහෙම දෙයක් ගැන ඔයාගෙන් ඇහුවෙත් නෑ.. ඔයා මට කිවුවෙත් නෑ..  ඒත් සිසිර නිමල් එක්ක කියලා තිබුණා ගොඩක් නරක දේවල්.. ඔයා ගැන.. කොටින්ම ඔයාගේ ගන්න දෙයක් නැති බව.. මේක ඇහුවාම මට තේරුණා ඔයා පිංතූර ටික ගැන ඔයහැටි වද වෙන්නේ ඇයි කියලා.. සිසිර ඔයාව පිංතූර පෙන්නලා අපහසුතාවයට පත්කරන්න ඇති.. මං සිසිර වගේ හාල්පාරුවෙක් නෙවෙයි කියලා ඔයාට හිතෙන්න නැතුව ඇති..

ඔය කාලෙම වගේ මට හමුවුණා අපේ මිතුරෙක්ව.. එයා මාව දැක්කෙ ගමං ඇහුවේ ඔයා ගැන.. ඒ සම්බන්දෙ දැං ඉවරයි මචං කියලා කිවුවහම.. ඌ කිවුවෙ.. ඒක හොඳයි මචං.. ඒකි උඹට ගැලපෙන්නෙ නෑ.. මට කියන්න විදිහක් නැතුවයි හිටියේ.. කියලා.. මට දවසක් එයාලගෙ ටවුන් එකේදි ගයාත්‍රීව මුණගැහුනා.. එදා තමයි මං තේරුම් ගත්තේ.. උඹට ඒකි හරියන්නෙ නෑ..(කියපු ටික මෙහි පළ කිරීම බලධාරියා විසින් කපා හරින ලදී.)

ඔයාට මතකද සුදාරි ඔයාලගෙ ගෙදර ගිහිං ඉඳලා ආපු දවසක... ඔයාලගෙ ගෙවල් ලඟ මල්ලි ගැන.. ඇති වෙච්ච කතාව..

ඔයා: අනේ සුදාරි මෙන්න මෙයාට කියන්න අපේ මල්ලි කොහොමද කියලා..
සුදාරි : හරි ෂෝක් අනේ..

ඒත් මේ සම්බන්දෙ නැවතුනාට පස්සේ සුදාරි කියනවා.. අනේ ඔයා ඒක නවත්තපු එක ලොකු දෙයක්.. එයාගෙ ගෙවල් ලඟ මල්ලිත් එක්ක වුණත් එයා හැසිරෙන විදිහ හරි නෑ.. ඒ විතරක් නෙවෙයි සමන් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා.. අපි එයාලගෙ ගෙදර ගියා.. ඒ ළමයගෙ අම්මත් ඉන්නැද්දි.. ඒ ළමයගෙ කරේ නැඟලා.. බෙල්ල බදාගෙන.. මට ලැජ්ජාවෙත් බෑ.. ඒ කරපු වැඩ ටිකට..

එතකොට මට මතක් වුණා ඔය සමන් මල්ලිව.. ඔයාට එයා එවපු ලියුමක් දවසක් මොකකට හරි ඔයාගෙ පොතක් අවුස්සනකොට හම්බවුණා මතකද? මං බැලුවේ ඒකේ ආමන්ත්‍රණය විතරයි... "ආදරණීය ගයා" .. එහෙමයි ආමන්ත්‍රණය තිබුණේ.. ඒ වෙලාවෙ මං ඒකට හිනාවුනා මතකද? ඔයා මල්ලි..මල්ලි.. කිවුවට මිනිහා ඔය ආදරණීය ගයා කියලා නෙ කියලා තියෙන්නේ.. කියලා..

ඒත් එක්කම මට මතක් වුණා... අපි සිරීපාදෙ ගිය ට්‍රිප් එක.. ඒකෙදිත් ඔයාගෙ තනියට එක්කරගෙන ආවෙ.. අහල පහල මල්ලි කෙනෙක්.. මිනිහගෙ නම් වරදක් පෙනුණෙ නෑ.. ඒත් ඔයාගෙ ගෙදර පරිසරය ගැන මට ඒකෙන් හිතාගත්තෑකි.. ඒත් මං ඒ දවස් වල ඒවා නොසලකා ඇරියේ ම්ට ඒවා නොතේරුණු නිසා නෙවෙයි.. සම්බන්ධය රැක ගන්න නම් ඔයවගේ දේවල් ඉවසන්න වෙනවා කියලා හිතුණු නිසා..

හැම කෙනාම ඔය වගේ ගොඩක් දේවල් මට කිවුවා.. කවුරුවත් අපරාදෙ උඹ ඒ සම්බන්දෙ නැවැත්තුවෙ කියලා කිවුවෙ නෑ..

මටත් තේරුණා මං බේරුණේ ලොකු උගුලකින් කියලා.. සුදාරිගේ වචනයට තවත් අරුතක් එක්කරමින්.. ඔයා සමන් ව කසාද බැන්දා... මට පොඩ්ඩක්වත් දුක නෑ.. ඇත්තටම මට සතුටුයි.. ඒ මර උගුලින් ගැලවුණු එක ගැන.. මං විතරක්යෑ.. අපේ රොෂාන්..


නිමි.

8 comments:

  1. උෟහ්....... දැං මං මොකද කියන්නේ..... යාලුවෙලා හිටපු කාලෙම ඔයාට ඇත්ත නොකිව්ව යාලුවන්ට බනිනවද ..... ම්ම්ම්.... නෑ ඕන් නෑ......

    කමක් නෑ. ඒක ඉවරයි නේ.... මේක මීට වඩා ගැඹුරු කතාවක් කියලයි මට හිතෙන්නේ.... ඒක නිසා උඩින් පල්ලෙන් දාපු එකට වඩා ටිකක් විස්තර ඇතුව කතාවක් කරන්න උත්සාහ කළොත් නරකද...

    ඒත් එපා නේ... ඉවර වෙච්ච ඒවා ඉවර වෙලාම තිබුනදෙන්........

    ReplyDelete
    Replies
    1. එහෙම නොකියන්ට හේතු තියෙන්ට ඇති.. යාළු වෙලා ඉන්න දෙන්නෙක්ව වෙන් වෙන විදිහේ දේවල් කියන්ට කවුරුත් වැඩිය කැමති නෑ නෙව.. අනික ගයාත්‍රි බොහොම හිත හොඳ කෙල්ලෙක් විදිහට හැමෝම හඳුනගෙන හිටියා.. ඔය වගේ පුංචි පුංචි හේතු ගොඩයි..

      ඔවු.. මේ කතාව මීට වඩා ලස්සනට ලියන්න තිබුණා.. මං වෙන කොහේ හරි මේක ලියලා පස්සේ පබ්ලිෂ් කළා නම්.. කටු සටහන් නැතිව හැදෙන නිර්මාණ වල පොඩි අවුලක් තියෙනවා.. ඇයි ඉතිං පළවෙන් කොටස දැම්මට පස්සේ හිතෙනවා.. ඊට කලිං මේ ටික දැම්මා නං හොඳයි කියලා.. මේක මං ලිවුව පළවෙනි මේ ජාතියෙ කතාව හිංදා.. සමාව දෙන්න.. ඊලඟ කතාවකදී ඒ අඩුව නැති කරන්න උත්සාහ ගන්නම්..දැං ඉතිං මේ කතාව ඉවරයිනේ..

      Delete
  2. දැන් නම් ටිකක් රෝන් සයිඩ් වගේ. බලාන ගියාම කොයි ආලෙත් ගැට තමා, මුළු ජීවිත කාලෙම ලිහ ලිහ ඉන්න වෙන.

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. කොයි ආලෙත් ගැට කියලා දැංමම එහෙනං තේරිලා තියෙන්නේ.. සමහර ගැට මේ වගේ ලෙහාගන්ට චෑන්ස් එකක් එනවා.. සමහර එවුවා නං ලිහනවා බොරු..

      මේ කතාව ඇත්ත කතාවක් පදනම්ව ලියපු එකක්.. මල්ලිලාටත් මේවා හොඳ පාඩං..

      Delete
  3. හි හි....නියමයි නියමයි.. :)

    ReplyDelete
  4. හපොයි දෙයියනේ මට මේ ටිකම මග හැරිලා. පහුගිය සතිදෙකේම මට හුස්මක් ගන්න වත් ඉවරයක් තිබ්බෙ නෑ. අවුරුදු 5කට පස්සෙ මගෙ නංගිල ආව අපිව බලන්න. ඒ එක්ක රවුම් ගැහුවා මිසක මොකුත් කලේ නෑ. හරිම ලස්සනයි කතාව. බලාගෙන යනකොට ආල ගැටේ කියන නමත් හරියටම හරි වගේ. දැන් ඉන්න ප්‍රියම්බරී නම් ඒ වගේ නෑ මයෙ හිතේ. ඔය එක එක දේවල් නම් කවුරුත් කියනවා. වෙන්වුනාම එහෙම කියන ඒවා ගොඩයි. ඒව විශ්වාස කරන අයත් නැත්තෙම නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 5කින් තමන්ගෙ සොයුරියක් හමුවුණාම අනික් ඒවා ගැන කුමට කතා ද? අක්කා පහුගිය ටිකේ හුඟක් සතුටින් ඉන්න ඇති..

      හ්ම්.. යාළුවෙලා ඉන්න කෙනා තරහා වුණාම එයා ගැන වැරදි අනික් අය එක්ක කියන එක නම්.. හරිම කැත වැඩක්.. විශේෂයෙන් එයාගෙ චරිතය කැත වෙන විදිහේ දේවල් කියන එක..

      ස්තුතියි අක්කා කමෙන්ටුවට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..