Wednesday, August 15, 2012

ජීවිතේ දිනයක්..!


අළුයම  සෙල්ලමින් දඟ කරමින් උන්නා
අරුණළු සමඟ දැනුමට සිත යොදවන්නා
දහවල ජය පතා සිරුරම වෙහෙසන්නා
හැන්දෑ කොරේ නිති ජොලි කරමින් යන්නා

ඇඳිරිය එද්දි හිරු අවරින් බැස යද්දී
දිනයක නිමාවට සිත ගත හුරු වෙද්දී
දහමට යොමු වුණා බෑ කළුවර එද්දී
රෑ බෝ වෙද්දි හිටියා යහනෙහි පැද්දී

ප.ලි..
අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ඉහත පිංතූර සොයාගතිමි.. ඒ පිංතූර වල අයිතිකරුවන්ට පිං සිදු වේවා..

18 comments:

  1. Replies
    1. ස්තුතියි තිස්ස අයියා..

      Delete
  2. Replies
    1. හ්ම්.. අදහස නම් හරියට පැහැදිලි නෑ.. මොකක් වුණත් මේ පැත්තේ ඇවිත් කවි පෙළ කියවලා මොනවා හරි කියලා ගියාට බොහොමත්ම ස්තුතියි.. හිරු..

      Delete
    2. අරමුණ නම් සුහදතාවය සහෝ :)
      අපූරුයි හ්ම්ම් :)

      Delete
    3. හරි.. හරි.. මීට පස්සේ මතක තියා ගන්නම්..:) කියන්නේ සුහදතාවය කියලා.. බොහොම ස්තුතියි..

      Delete
  3. Replies
    1. අපි ගෙම්බාගේ, සමනළයාගේ ජීවන චක්‍රය ඉගෙන ගත්තට.. අපේ ජීවන චක්‍රය ගැන හරි හැටි හිතන්නේ නෑ.. නොවැ.. හැබැයි.. මේකෙ පුරුක් කීපයක් අඩුයි.. තුති මචං..

      Delete
    2. ඒත් අඩුවක් දැනුනේ නම් නෑ මචෝ

      Delete
  4. ජීවන අරගලයක් ම කියල කියන්නත් බෑ වගේ, ඒ වුනාට ඒ වගේ මෙව්ව එකක්ද කොහෙද. හැමෝගෙම ජීවිත ඔය වගේ තමා.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වචනෙ මොකක් වුණත් මළයෝ.. මට මතු කරන්ට ඕන වුණේ.. දහමට යොමු වෙද්දී කළුවර වැටිලා.. රෑ වුණාම ඉතිං දොයියන්ටම වෙනවා.. කියන එකයි..

      Delete
  5. විවාහයත් එකතු උනා නම් තවත් සම්පූර්ණයි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      ඔවු.. ජීවිතේ සන්ධිස්ථාන ගැන හිතුවාම නම් ළිහිණි කියන දේ ඇත්ත.. ඒත් මං මෙතන මතු කරන්ට උත්සාහ කළේ කාලයත් එක්ක ගමන් කරද්දී.. මේ මර උගුලෙන් ගැලවෙන්ට අපි ප්‍රමාද වෙන හැටියි..

      Delete
  6. ලෝක සොබාවය නොවැ.... ඒත් සමහරු ඉන්නේ මේ ගැන වගේ වගක් නැතිව

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..