Friday, August 17, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(1)



මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන්න හිතාගෙන මං වෙනදා යාළුවෝ හැමෝම එකතු වෙන බෙන්ච් එකට ආවේ යාළුවෝ හමු වීමේ සතුට විඳගන්න.. ඒත් බෙන්ච් එකේ ඔළුව තියාගෙන හිටියේ ඔයා විතරයි.. මං මගේ අත ඔයාගේ ඔළුවට ගෙනාවේ පුංචි තට්ටුවක් දාන්න.. ඒත් ඔයා මගේ අත අල්ලා ගත්තා..

ඇයි මට මගේ අත ආපහු ඇදලා ගන්න හයියක් නැති වුණේ..?
මගේ හිත තාමත් මට දොස් කියනවා..

වෙනදා හැමතැනම සිටි යාළුවෝ අද කොහේ ගිහිං ද..? මගේ හිතේ ප්‍රශ්නයක්..
ඔඩිටෝරියම් එකේ ෆිල්ම් එකක් පෙන්නනවලු.. උත්තරේ එතනින් ගිය නංගිලා දෙන්නෙකුගෙන් ලැබුණා..

ඒ නිමේශයෙන් ඔයා කොහොමද මගේ තුරුළට ආවේ.. ? ඇත්තටම මට ඒ ගැන වැටහීමක් නෑ..

මගේ අත ඔයාගේ අතෙන් ගැලවෙනකොට අපි දෙන්නා හිටියේ බස් එකක..

ඇයි මොකද වුණේ..? ඔයා ඇහුවේ මෙච්චර වෙලා මොකුත් නොවුණා වගේ..

මෙච්චර වෙලා මොකද වුණේ..? මට තිබුණේ ඒ ප්‍රශ්නේ විතරයි..

ඔයා මගේ හොඳ යෙහෙලියක් විතරක් විදිහටයි මම හිතුවේ..
මගේ හොඳම යාළුවාගේ බලාපොරොත්තුව උදුරගන්න මට කොහෙත්ම ඕන වුණේ නෑ..

ඒ විතරක් නෙවෙයි.. මට ඔයා ගැන අදහසක් ඇති වෙලා තිබුණෙත් නෑ..

දැං ඉතිං ඕවා කාට කියන්නද?

රොෂාන් ඔයාට කැමැත්තෙනුයි ඉන්නේ.. මං ඔයාට කිවුවේ මගේ අසරණ කම කියන්න..

මට ලඟදී හම්බවුණු සාස්තර කාරයෙක් කිවුවා.. මට දෙන්නෙක් අතරින් කෙනෙක් තෝර ගන්න වෙනවා කියලා.. ඒ ඔයා තමා..

ඔයා කිව්වේ ඇත්තක්ද කියලා නම් මං දන්නෙ නෑ..

මං වික්ෂිප්ත වුණේ නං ඇත්තටමයි..

ඔයා මට සතියක් ඇතුළත උත්තරයක් දෙන්න.. ඔයා බෑ කිවුවොත් මං කැම්පස් එක දාලා ආච්චිලාගෙ ගෙදර යනවා..

ඔයා මාව ගිරයට අහුවුණු පුවක් ගෙඩියේ තත්වෙට පත් කළා..

රොෂාන්ව කොහොම හරි ෂේප් කරගන්නවා.. හ්ම්.. මං හිත තද කරගත්තෙ මගෙ ගොංකමටම වෙන්න ඇති..

ඔයාගෙ අම්මා මට කැමති වෙයිද?  මං ඇහුවෙ තීරණයක් ගන්නමයි..

ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ.. ඔයා කිවුවෙ විශ්වාසයෙන්..

හොඳයි එහෙනම් ඔයා ඔයාගෙ පැත්තෙන් යුතුකම් ඉටු කරන්න.. මං මගේ පැත්තෙන් යුතුකම් ඉටු කරන්නම්..

ඔයත් එක්ක මං ප්‍රේම ගිවිසුම ගැහුවේ එහෙමයි..

ඒත් මගේ යාළුවෝ මං ගැන මොනවා නොහිතයි ද?  මට හිතාගන්නවත් බැරි වුණා..

මතු සම්බන්ධයි..

13 comments:

  1. දිග කතාවක් වගේ.....
    මේ ටික නම් මමත් අත්දැකීමෙන් විදලා තියෙනවා.. කොල්ලෙක් මට එයාගේ යාලුවෙක්ව ජෝඩු කරන්න ආවා... මං කිව්වා මං එයාට නෙවෙයි ඔයාටයි කැමති කියලා...
    අද එයා මගේ හබී... හි හි..

    දැම්ම ඉදන් දිවැස් හෙලන එක හරි නෑ නේ.... ඊළඟ ටික දැම්මම එන්නම්....

    ReplyDelete
    Replies
    1. හපොයි.. තවත් එහෙම අය ඉන්නවද? අනේ ඒ මනුස්සයා පත්වෙන අසරණ තත්වෙ ගැන හිතුණෙම නැද්ද හැබෑට..?

      වැඩිය දික් වෙන එකක් නෑ.. ඒත් කොටස් කීපයක් ලියන්න හිතං ඉන්නවා.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

      Delete
    2. අවුලක් උන් නෑ.... මං කෙලින්ම කිව්වනේ.... යාලුවා තාම අපිත් එක්ක යාලුයි.... මිනිහා විභාගෙත් කරගෙන රට ගියා.... ඉස්කෝලෙ යන කාලේ ලවු නේ....
      ඉතුරු ටික දානකම් බලන් ඉන්නවා...

      Delete
    3. මං කිවුවේ යාළුවා ගැන නෙවෙයි.. ඔයාගෙ හබියා ගැන.. කමක් නෑ අවුලක් නැත්නම් ලොකු දෙයක්..

      Delete
    4. පිස්සු තමයි... මෙයා සතියක් විතර ෂේප් එකේ ඉදලා මෙන්න ලියුමක් එවනවා පොඩ් එකෙක් අතේ.... මාත් ඔයාට කැමැත්තෙන් හිටියේ, ඒත් යාලුවා නිසා සද්ද නැතුව හිටියා කියලා.... ඒ පාර මං ගණන් ඉස්සුවා... බදින්න අවුරුද්දකට කලින් තමයි හා කිව්වේ.... හි හි..
      ඒ අවුරුදු 10කට පස්‌සේ....

      Delete
    5. ආහ්.. ඒක නම් නියමයි.. නියම දඬුවම.. හික්.. හික්.. අවුරුදු 10ක්..!!!!!!!!!!!!

      Delete
  2. මට නම් අත්දැකීම් නැත. ඉතුරු කොටසුත් දාන්ඩකෝ.

    ReplyDelete
  3. අනේ මන්ද.....මොනවා වෙයිද......

    ReplyDelete
    Replies
    1. වැඩේ සාර්ථක වෙන්ටත් පුළුවං.. බලමුකෝ..

      Delete
  4. අහා . . .. ප්‍රේම කතාවක් . . ..නියමයි . . .ආරම්භයේදිම කරකෝලා අත හැරියා වගේ . .

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. එහෙම වුණාද..? හැමදාම තියෙන කතා වලට වඩා ටිකක් වෙනස් එකක් ලියන්ටයි හිතුවේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..