Monday, August 27, 2012

සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද?


පරිගණකය ඇසුරු කරගෙන සිංහල බසින් ලියැවෙන ලිපි, නිර්මාණ ආදියෙහි අක්ෂර වින්‍යාසය හෙවත් අකුරු විනිස නිවැරදිදැයි දැන ගැනීමට අපට තිබූ කදිම මෙවලමකි.. සුබස අකුරු විනිස පිරික්සුව..

වැඩි විස්තර මේ ලිපියෙන්  දැන ගත හැකි වනු ඇත...

එහෙත් අවාසනාවකට මෙන් පහු ගිය කාලයේ එම මෙවලමට අදාළ දිගුව ක්‍රියාත්මක වූයේ නැත.. එයට හේතුව කුමක් වුවත්.. ඒ ගැන අපි බොහෝ සේ කණගාටු වූයෙමු.. 100% නිවැරදියැයි විශ්වාසයක් නොවූවද.. වඩාත් හොඳම විකල්පය ලෙස අපි සුබස තෝරාගෙන සිටියෙමු.. එපමණක් නොව.. බොහෝ දුරට නිවැරදි වීමට සුබස මා හට නම් බොහෝ සේ උපකාරී වී ඇත.. ඒ නිසාම දැන් ඉස්සර තරම් වරදින්නේ නැත..


සුබස දැන් අලුත් තැනක ඇති බව දැකීමෙන් ඉතා සතුටට පත් වූ මම.. ඒ සතුට ඔබ හැම දෙනා සමගම මෙසේ බෙදා හදා ගන්නට සිතුවෙමි.. එහෙත් ඇතැම් විට ඔබට මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවනු ඇත..

හැකිතාක් නිවැරදිව සිංහල බස ඉදිරියට ගෙන යාමට උර දෙන සුබසට මගේ ප්‍රණාමය..



මේ තියෙන්නෙ අලුත් තැන..

12 comments:

  1. සොයමින් සිටියෙ බොහෝ කල් සිට අලුත් තැන. බොහොම ස්තුතියි !!

    ReplyDelete
    Replies
    1. මගේ පුවත ප්‍රයෝජනවත් වූ බව දැන සතුටු වීමි..

      Delete
  2. කලින් වතාවක් දෙකක් අහම්බෙන් ඔය ගැන අහල තිබුණට මම ඒකෙන් වැඩක් නම් අරගෙන නෑ. බලමු ඉස්සරහට ඒකත් පාවිච්චිකරලම. දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා බලන්න.. අඩුපාඩු තිබුණත් සාපේක්ෂව හොඳ වැඩක්..

      Delete
  3. මම අද තමයි මුලින්ම මේ අඩවියට පැමිණියේ. මුලින්ම කියන්න තියෙන්නේ නිවැරදි සිංහලෙන්, ශිෂ්ට භාෂාවෙන්, සංවර කමෙන්, යුක්තව ලියා තිබෙන මෙවැනි බ්ලොග් අඩවියක් දකින්නට ලැබීම පිනක් ලෙස සලකන බවයි. ඔබ නැවත සොයාදී ඇති දිගුවත් ඉතා අගනේයි. මෙලෝ හසරක් නැති කුණු බසින් බ්ලොග් ලියන්නන්ට ඔබ පහන් ටැඹක්මැ වේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබටත් බෙහෙවින් ස්තුතියි මෙහි පැමිණ අදහසක් දැක්වීම සම්බන්ධව... ඔබගේ අඩවිය පැත්තෙත් ගියා..

      Delete
  4. මේක හුගාක් වටිනවා සැක සහිත අවස්ථාවලදී අතිශයින්ම ප්‍රයෝජනවත්...
    බොහොම ස්තූතියි ඔත්තුවට....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉඳලා හිටලා ඔත්තු සපයන්ටත් එපාය..

      Delete
  5. අවශ්‍ය අවස්ථාවලදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවිනේ. ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඔවු.. ගොඩක් ප්‍රයෝජනවත් වේවි..

      Delete
  6. ස්තූතියි චතුර මල්ලී. මේ ගැන සොයමින් හිටියේ. මගෙ කොහොමත් ටිකක් සිංහල අවුල්.

    ReplyDelete
    Replies
    1. ටික ටික අවුල ලෙහා ගන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..