Monday, September 3, 2012

භව ගමනක සිහිනය 1

සූරිය ආරච්චි  මහත්තයා මට හමු වුණේ දවසක හැන්දෑවක අසිරිය බලන්න මුහුදු වෙරළක ඉන්නැද්දී.. එතුමා බොහොම සරලව සැහැල්ලුවෙන් හැඳ පැළඳගෙන මාත් එක්ක සිනාමුසුව ඒ හැන්දෑව ගත කරද්දී තමයි මම දැනගත්තේ එතුමා ගුරුකම් කරන ඇදුරෙක් බව. එතුමා හැබැයි බොහොම සාධාරණව රස්සාව කරන කෙනෙක්.. එතුමාගේ හදේ රැඳුණු කතාවක් මට මෙහෙම කීවා..

දවසක් මගේ ගාවට ආවා... එක පිරිමි කෙනෙක්.. එයාට ඕන වෙලා තිබුණේ ගෑණු දරුවෙකුගේ සම්බන්ධයක් නවත්ත ගන්න.. ඒත් මට තේරුණා මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.. මම දැරිවිට සෙතක් වෙන විදිහට ගුරුකම කළා.. ඒ නිසා එයාලගේ සම්බන්ධය දිගටම පැවතුණා.. ඒත් පස්සේ  ආරංචි වුණා ඒ දැරිවියි, එයාගෙ පෙම්වතයි, අර මා ලඟට ආව මනුස්සයයි.. ගැටුමකින් පස්සෙ මියෑදිච්ච බව.. ඒ විතරක් නෙවෙයි.. ඒ මනුස්සයා.. අර දැරිවිගේ බාප්පා කෙනෙක්.. බාප්පා මේ දැරිවිව බලෙන් අඹුව විදිහට තියාගන්ට තමයි උත්සාහ කරලා තියෙන්නේ.. අවසානයේ මරණ තුනකින් තමයි මේක කෙළවර වුණේ..

මේක අහද්දි මං හිතුවේ බාප්පලාට මෙහෙම වෙන්න පුළුවන් ද කියලා.. ඒ වගේම සූරිය ආරච්චි මහත්තයා කොයි තරම් හොඳ යතිවරයෙක් ද කියලා හිතුණා.. අපි කතා කරමින් මාවතක් දිගේ ඇවිද ගියා.. අපි දෙන්නා වෙන් වෙන තැනදී එතුමා මට උපදෙසක් දුන්නා..

ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..

මං උමඟ ඇතුලින් යද්දී.. සිතුවිලි වල යම් වෙනසක් ඇති වුණා.. එක දිගටම එකම සිතුවිල්ලක් ඔස්සේ දිගටම හිතෙන්න ගත්තා..

සූරිය ආරච්චි මහත්තයගෙ උපදෙස මතක් වුණ නිසා.. ඒ සිතුවිලි වලින් මිදෙන්න මට පුළුවන් වුණා..

ඒත් එක්කම මගේ ඔළුවේ බර ගතියක් ඇති වෙලා නැති වුණා.. අපේ ජීවිතත් එක්ක අද්භූත දේවල් වල තියෙන සම්බන්ධය මොන වගේද කියලා උමඟින් පිටවුණාට පස්සේ මං හිතන්න ගත්තා..


මතු සම්බන්ධයි..

15 comments:

  1. වංගු තියෙන උමඟ කිව්වෙ ...... ඒ ටික නම් මට තේරුන් නෑ හරියට.

    ReplyDelete
    Replies
    1. කතාවෙ හැටියට මට යන්න තියෙන පාරෙ වංගු තියෙන උමඟක් තිබුණා.. ඒ ගැන තමයි සූරිය ආරච්චි මහත්තයා කිවුවෙ..

      Delete
    2. ඔව්, මම එහෙම හිතුව. ඒත් කතාව පටන් ගන්නෙ මුහුදු වෙරළකින් නිසා මම හිතුව මට වැරදුනා කියල. අපේ රටේ කඳුකරයෙ මිස මුහදුබඩ පළාත්වල පාරවල්වල මොන උමං ද?

      Delete
    3. ඒක ඇත්ත.. මේක හීනයක් නොවැ.. අනික මේ උමඟ කොන්ක්‍රීට් එකක්..

      Delete
  2. Replies
    1. මේ කතාවටත් අර කළිං කතාවෙදි වුණා වගේ කටු සටහනක් ගහන්න බැරි වුණා.. ඒ හින්දා ප්‍රලාපයක් වගේ පෙනෙනවද මන්දා.. ඒත් මේක ඇත්ත කතාවක්.. හැබැයි.. හීනයක්..

      Delete
  3. ඊළඟ කොටස් ටිකත් කියවලාම බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ඔවු.. පොඩියක් ඉවසලා ඉන්ට.. තව සතියක් දෙකක් ඇතුළත ඔක්කොම ටික දාන්නම්..

      Delete
  4. හ්ම්ම්..මේ ගැන තව හිතන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික පොඩ්ඩක් මට තේරුනේ නැද්ද මන්ද හරියට..

      Delete
    2. දැන්නම් මටත් තේරෙන්නෙ නෑ වගේ කතාව.. :D

      Delete
  5. එතකොට ඔය ගියෙ ගල්කිස්ස පාලම යටින් ද?
    කතාව නම් ලස්සනයි , ලැබුන උපදේශයත් හොඳයි. හිතට මුලා උනොත් ඔක්කොම ඉවරයිම තමයි.

    ReplyDelete
    Replies
    1. ආ.. ඒකද දන්නෙ නෑ.. මේක නිකං සිමෙන්ති තාප්ප දෙකක් පාර දෙපැත්තෙන් තිබුණු අමුතු විදිහෙ උමඟක්.... මටත් ඕක මොකක්ද කියලා හරි වැටහීමක් නෑ.. හීනයක් නොවැ..

      Delete
  6. වෙරලක ඉඳන් එකපාරටම උමඟක යන එක අවුල් වගේ දැනුනා කොමෙන්ට් කියෙව්වාම හරි ගියා

    ReplyDelete
    Replies
    1. එහෙනං කමක් නෑ.. මේ උමඟ තමයි.. කතාවේ ජීවය.. එක එක තැන්වලදී මතු වෙනවා.. ඒක මං මුලින් නොකියා හිටියේ.. දැං ඉතිං පස්සේ කොටස් ඇවිත් හින්දා කිවුවා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..