Wednesday, September 12, 2012

භව ගමනක සිහිනය (3)



දෙවැනි කොටසට

ආයෙමත් හැන්දෑවක.. මං මගේ බිරිඳයි මගේ දුවයි එක්ක ඇවිදින්ට යනවා.. ඒක ටිකක් පාළු, ගුරු පාරක්.. රබර් ගස් පාර දෙපැත්තෙන්.. දන්න අඳුනන කෙනෙක් ඉස්සරහට එනවා..

ආ.. මොහොමඩ්.. කොහොමද? මොකද ඔය කට ඉදිමිලා..

මොකද දන්නෙ නේ.. මාතියා.. වෙද මාතියා ඉන්ජෙක්ෂන් එක තමා ගානවා කීවා..

ඉන්ජෙක්ෂන්..!

හොඳයි.. අපි ගිහිං එන්නම්..

වෙද මහත්තුරු ඉන්ජෙක්ෂන් ගහනවද? මගේ පුංචි දුවගෙන් ප්‍රශ්නයක්..
හ්ම්.. දැං ඉන්නවනේ ඉංග්‍රීසි වෙදකමත් දන්න වෙද මහත්තුරු.. එහෙම කෙනෙක් වෙන්න ඇති..

ආයෙත් අර උමඟ..

මොහොමඩ්ගෙ මූණ මට ආයෙත් මැවිලා පෙනුණා.. සූරිය ආරච්චි මහත්තයා.. ඒ මොහොමඩ්ම නේද?

මතකද අපි තුන් දෙනා ජීප් එකක නැඟලා මෙතැනින් ගියා.. අප්පච්චි තමයි ජීප් එක එලෙවුවෙ.. අම්මා මේ පැත්තෙ වාඩි වෙලා ගියා.. පුංචි කෙල්ල තොර තෝංචියක් නැතුව කියවනවා..

සූරිය ආරච්චි මහත්තයාගෙ අවවාදය..

මොනවද මේ විකාර කියවන්නෙ.. ඕක නවත්තන්න .. පොඩි එකීට මගෙන් අණක්..

මොන අණ ද.. කෙල්ල දැං බඩ අල්ලගෙන හිනා වෙනවා.. ආයෙමත් අඬනවා.. හූ කියනවා.. මට හීං දාඩිය දැම්මා.. ඇයි මට මුලින්ම දුවව නවත්තන්න බැරි වුණේ.. මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා... කෙල්ල පරල වෙලා..
දුවේ.. දුවේ.. චූටි දුවේ..
අනේ මගෙ දුවේ.. මගෙ බිරිඳත් විළාප තියන්න ගත්තා..

මගෙත් හදවත නවතින්න යනවා වගේ..

ඕකනේ මම කිවුවේ.. !

සූරිය ආරච්චි මහත්තයා.. එහෙම කියලා.. නොපෙනී ගියා..

මං ගිරිය යටින් කෑ නොගහපු ටික විතරයි.. පපුව ගැහෙන වේගය හොඳටම වැඩි වුණා..

මට ඇහැරුණා..! 


මතු සම්බන්ධයි..

10 comments:

  1. ඇහැරුණ එක හොඳයි, තව ටිකක් පෙනුන නම් නින්දෙන්ම පිස්සු වැටෙනව.

    ReplyDelete
  2. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  3. කතා කරලා වැඩක් නැහැ.කියවන කෙනාට කියවන ටික ඒ ආකාරයෙන් දැනෙන්නම ලියල තියනවා.
    ඔබට ජය!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..