මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Thursday, September 6, 2012
෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴
සහසක් පෙරුම් දම් පුරලා නුඹ මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි ඇත්තේ
හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින් මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා නෙතූ
වයසින් වැඩෙයි මෝරයි දැනුමද යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන් බසට
මනසින් උසස් යහපත් දරුවෙකු ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන රටට
පස් වැනි උපන් දිනයට අද දින යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි කරන
අපගේ ආදරණීය දියණියගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් රචිත කවි පෙළකි..
Subscribe to:
Post Comments (Atom)
සුභ උපන් දිනයක් වේවා කෙලි පොඩිඩිට...!!!!
ReplyDeleteකවි පෙලත් ලස්සනයි... ( මම වැඩිය කවි රස විදින්න දන්නේ නෑ...)
අවුරුදු 5යි කියන්නේ ඉස්කෝලෙ යන්න කිට්ටුයි නේද..... මොන්ටිසෝරි ගිහින් ඇවිත් පණ්ඩිත කතන්දර කියන්නේ එහෙම නැද්ද.... ?
බොහොම ස්තුතියි හිරු..
Deleteඔවු.. ලබන අවුරුද්දෙ.. ඉස්කෝලෙ..
කතන්දර නම් ඉවරයක් නෑ..
දූට මගේ සුබ පැතුමත් එක්කරන්න..... සුබ උපන්දිනයක් පොඩි දුවේ..!!!
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්..
Deleteසුබ උපන්දිනයක් දුවේ..!!!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ..
Deleteඉන්නේ මටත් කෙල්ලෙකි ඔබ හට වාගේ
ReplyDeleteපතනෙමි සුබ උපන්දින හදවතින් මගේ
තුති මම පුදමි සුබ පැතුමට නැඟුණු අගේ
Deleteනුඹෙ දියණියත් වැජඹෙනු ඇත සතුටු මඟේ
අාදරණීය දුෙව්, ඔයාට සුභම සුභ උපන් දිනයක් ෙව්වා .
ReplyDeleteබොහොම ස්තුතියි මංජු..
Deleteචූටි දූට සුභ උපන් දිනයක් !
ReplyDeleteඅවුරුදු 5 කියන්නෙ හරි හුරතල් වයසක්. මගේ නංගිගෙ දූටත් අවුරුදු 5 යි.
ඔවු හැබෑම හුරතල්.. එයාට අද බොහොම විනෝදයි.. අපේ අක්කගෙ පොඩි එවුන් ටිකත් එක්ක සැට් වෙලා හොඳ ජෝගිය..
Deleteඅපිත් එයාට සුභ පැතුවා කියන්න හ්ම්ම් :)
ReplyDeleteජය!
බොහොම ස්තුතියි.. කමෙන්ටුව ස්පෑම් එකට ගිහිං තිබුණා.. මං කියන්නම්..
Deleteචූටි දූට සුභම සුභ උපන්දිනයක් වේවා !
ReplyDeleteබොහොම ස්තුතියි පැතුමට..!
Deleteමගෙනුත් සුභ උපන් දිනයකට ආසිරි :)
ReplyDeleteබොහොම ස්තුතියි හසිත පැතුමට..!
Deleteපියෙකු විසින් දියණියකට දෙන්න පුළුවන් හොඳම උපන් දින තෑග්ගක්.
ReplyDeleteචූටි දුවට ආවඩා ආයුබෝ වේවා!
බොහොම ස්තුතියි මිත්රයා..
Deleteආයුශ වර්ණ සැප ලැබෙන සුබ උපන් දිනයක්ම වේවා! දුවේ.
ReplyDeleteඔන්න නැන්දා උපන් මාසෙම උපන් නිසාම තව හාද්දක් නැන්දාගෙන්.
ඔවු.. දවස් 2-3ක වෙනසක් නේද..? බොහොම ස්තුතියි අක්කේ..
Deleteදූගේ පස් වෙනි උපන් දිනේට මගෙත් සුභ පැතුම් පිරිනමපන් මචං . . . .
ReplyDeleteලස්සන කවි පෙල . .
ස්තුතියි මචං..
Delete