Saturday, September 15, 2012

බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..

ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමාජවාදී ජනරජයකි.. අනේ ඒ වුණාට.. හැම තැනම ඕක උල්ලංගනය වෙයි.. මට තේරෙන හැටියට පජාතන්තරවාදය කියලා කියන්නේ.. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්න එකටයි.. ඒත් ඉතිං .. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද..? මිනිස්සුන්ට හපං නොවැ අද ආගමික ඉස්තාන..

අපේ බුද්දාගමේ පංසල් වල උදේට කණ පැළෙන්ට පිරිත් දානවා.. හැන්දෑවට කණ පැළෙන්ට බෝදි පූජා තියනවා.. ඒ විතරක් නම් මදෑ.. සමහර කාල වල දවල් තිස්සෙත් පිරිත් දානවා රටටම ඇහෙන්ට..

ඇයි මේ බුද්දාගමේ අපටම එපා වෙන දේවල් කරන්නේ.. පංසලක නම් පංසලක වපසරිය ඇතුලෙ විතරක් ඇහෙන්ට නොදා යකඩ කටිං මුළු ලෝකෙටම කියන්ට ගිහිං පිරිත හෑල්ලු කරන්නේ ඇයි..?

දවසක් මගේ අප්පච්චිත් එක්ක ඉස්පිරිතාලෙට ගිහිං එන අතරේ බස් එකට නගින්ට කියලා ටවුන්හෝල් එක ඉස්සරහා බලං හිටියා.. කන් දෙකේ ගහන්න ඇබ දෙකක් නොගෙනාපු මෝඩකම් කියලා හිතුණා.. එතන තිබුණු මුස්ලිම් පල්ලියක එයාලගේ ආගම සිහිකරණ වාක්‍ය වගයක් මහ හඬින් කියන්න ගත්තා..

සතුටුයි කියන්න.. හින්දු ආගමිකයන්ගෙන් මෙහෙම අනික් අයට මෙහෙම හිරිහැර වෙනවා මම දැකලා නෑ.. එයාලගෙ චාරිත්‍රානුකූල පෙරහැරවල්, අවුරුදු කාලෙට ගෙන් ගෙට එන (කාමං කුත්තු) කුඩා කණ්ඩායම් වලින් වුණත් අනික් අයට වෙන කරදරය අවමයි..

ඒත් අපේ පෙරහැරවල් පාරවල් වහගෙන හැතැක්ම ගනං වාහන පෝලිං හැදෙන විදිහට නොවැ තියෙන්නේ..


සද්ද දූසනය කියලා කියන්නෙත් අර උඩිං කියපු  දේවල් වලටමයි නේද? ඔන්න ඉතිං කියාවි.. පිරිතෙන් සද්ද දූසනය වෙන්නෙ නෑ.. ඒක හොඳ මිහිරි සද්දයක්ය කියලා.. ඒක කෙසේ වෙතත්.. ඒ මිහිරි සද්දය උනත්.. අහන්න තීරණය කරන අයට, එසේ තීරණය කරන වෙලාවට විතරක් අහන්ට තිබුණොත් තමයි හොඳ..

15 comments:

  1. ඒ විතරක් නෙමෙයි තව කට්ටිය කියාවේ පිරිතේ මහා බලයක් තියෙනවයි කියලත්! ඒ හන්දා ඒක හොද දෙයක් කියයි. ඒ අයම ආයෙ කියයි ශබ්ධ දූෂණය කරන මුස්ලිම් පල්ලි කඩලා දාන්න ඕනේ කියලත්!

    ReplyDelete
    Replies
    1. මේවා කතා කරන අපිව දේශ ද්‍රෝහියෝ.. නැතිනම් ප්‍රතිගාමියෝ විදිහට ලේබල ගහවි..

      Delete
  2. බුද්ධාගම එපා කරන්නේ පන්සලෙන්මයි. අපිව මරන් කන්න හදන්නෙ. හාමුදුරුවෝම තමයි බටහිර කුමන්ත්‍රණ කාරයෝ...

    ReplyDelete
    Replies
    1. බුදු සසුන පරිහානියට ලක් කරන්නේ බාහිර බලවේගයන් නෙමේ අභ්‍යන්තරයෙන්මයි කියලා තමා මම දන්න විදිහට නම් බුදු හාමුදුරුවෝත් දේශනා කරලා තියෙන්නේ...

      Delete
    2. මාතලන්,

      බටහිර කුමන්ත්‍රණ නෙවෙයි.. මං හිතන්නෙ නම් මේක මෝඩ කම..

      හසිත කියපු කතාව ඇත්ත.. සිවුවනක් පිරිස නිසා තමයි මේ සසුන පිරිහෙන්නේ කියලා ලු නොවැ බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ..

      Delete
  3. සහතික ඇත්ත, මේ අද හවසත් මම කේන්තියෙන් හිටියෙ ඔය ගැන. මම සාමාන්‍යයෙන් වැඩිය සද්ද බද්දවලට කැමති නෑ. අපේ ගෙදර තියෙන්නෙත් හරියටම පන්සලක් ඉස්සරහ. පන්සලේ පීකර් 4 ක්ම අපේ ගෙවල් පැත්තට හරවල ඝන්ටාර කණුවෙ මුදුනෙ අටවල තියෙන්නෙ. මේ වස් කාලෙට හැම සෙනසුරාදටම බෝධි පූජාවක් තියෙනව. හවස හතරෙ විතර ඉඳන් මර සද්දෙ, පිරිත් දැම්මම මහ ඝෝෂාවක් ඇහෙන්නෙ, හිත නිවන ගතියක් නම් ඒකෙ කොහෙත්තම නෑ. දුරින් ඉන්න අයට නම් සද්දෙ ටිකක් අඩු වෙල ඇහෙන්නෙ, අපිට ගෙදර කතාකරන ඒවවත් ඇහෙන්නෙ නෑ. පූජාවක් කරන්න, බණක් කියන්න දැම්මත් කමක් නෑ කියමුකෝ, මේක විනාඩි 30 පූජාව වෙනුවෙන් ඊට කලින් පැය 4 ක් විතර මර සද්දෙට විරිඳුයි, පිරිතුයි එක එක ඒව දාල තියෙන එක තමා මට ඉවසන්නම බැරි. කාලයක් උදේට පාන්දර පිරිත් දැම්ම හැමදාම, මොන හේතුවකටද මන්ද ටික කාලයයි ඒකනම් නතර උනා යන්තම්. නිතර නිතර ඔය කරදරේ විඳින්න වෙනව, ඒ වෙලාවට කොහේ හරි ගිහිල්ල මඟ ඇරල ඉන්නව ඇරෙන්න කරන්න දෙයකුත් නෑ. හාමුදුරුවොත් ගොඩක් හිතවත් හින්ද මොනවත් කියන්න හිතෙන්නෙත් නෑ. ඔන්න මේ මාසෙ විසි ගණන්වලත් සතියක විතර ලොකු පින්කමක්, මම මේ කල්පනා කරන්නෙ ඒ දවස් ටිකේ කොහේ හරි යනවද කියල.

    ReplyDelete
    Replies
    1. බලං ගිහාම පංසලක් කිට්ටුව ගෙයක් කියන්නේ.. ඉස්සර වගේ සාමකාමී පරිසරයක තියෙන වටිනා තැනක් නෙවෙයි.. දැන්.. නේද?

      Delete
  4. ගැටළුව තියෙන්නේ මේක ගැන හිතන විදියනේ.මිනිස්සුන්ට ආගම කියනදේ බලෙන් කාවද්දන්න බෑ.ඒක තමන් විසින්ම කලයුතු දෙයක් ආධ්‍යාත්මිකව.ඒක යකඩ කටකට කරන්න බෑ කියලා මුං දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ආගම විතරක් නෙවෙයි.. මොන දෙයක් වුණත් මිනිස්සුන්ගේ හිතට දැනෙන්නේ... එක්තරා ක්‍රමයකට කිවුවාම.. ඒ ගැන ඉතිං මොකට කතා කරනවාද..?

      Delete
  5. මාත් ලියන්න හිතාගෙන හිටිය මාතෘකාවක්. මමත් කියන්නෙ තමන්ගෙ දේවල් තමන්ගෙ ගෙදර/වත්තෙ සීමාවේ තියාගන්න. අනුන්ට ඇහෙන්න පිරිත්/යාඥා දැමිල්ල සුදුසු නෑ. ඕනම දේක සීමාවක් තියෙන්න ඕන. දියුණු රටවල නම් සද්දෙට සිංදු කිව්වත් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. ලංකවෙ තියෙන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්නේ. ඉතිං ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. සුපිරි පජාතන්තරවාදේ..

      Delete
  6. ඔය සද්ද පූජාවට නම් මාත් හරිම විරිද්ධයි. මොකට කෑගහගෙන දහම විකුනනවද මන්දා. ඒ විතරක්යැ අපේ නිවස අසල කාර් සේල් එකක් තියෙනවා. ඒකෙ මහ කසිකබල් සින්දු ටිකක් දමනවා සමහර වෙලාවට අපිට කතාබහ කරන්න වත් බැහැ. ඉස්සරහ බරවා මධ්‍යස්ථානයෙ ලමා හා මාතෲ සායනයක්. ඒකෙන් මම හිතන්නෙ පියවර අරන් ද කොහෙද සතියේ දින වල යන්තම් දැන් කනක් ඇහිල ඉන්නවා. උන් හිතන්නෙ වාහන විකුනන්න සින්දු කන පැලෙන්න දාන්න ඕනෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඔවු.. එහෙම කට්ටියකුත් ඉන්නවා.. තමන්ගෙ සීමාව නොදන්න කම නේද මේ හැම අවුලකටම හේතුව අක්කේ..?

      Delete
  7. සහතික ඇත්තය. පුළුවන් තරම් හයියෙන් කනට වක්කළාට දහමක් තහවුරු වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝෂයි ඔබේ අදහසට සොයුර..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..