Monday, September 17, 2012

තමන් කවුරුද සොයනු මැනවී..

කිසිවක් නොදන්නා
මහදැනමුත්තො ඉන්නා
පචම හලමින්නා
මුළු රටම පටලවාලන්නා

අනුනට වද දිදී
තම සුවයටම බරදී
කාටත් ඉඩ නොදී
කරයි හැමවිට වැඩම වැරදී

දහමට ගරහනා
පස් පවු නිබඳ කරනා
සැමට දොස් නඟනා
තවත් අය වෙති මෙලොව සරනා

ගුණදම් සුරකිනා
මිනිසත් දහම රකිනා
සැමසිත් පහදනා
සුසිත් මිනිසුන් එමට වෙසෙනා

තමන් දන්නා දේ
සැමට නිති පහදා දේ
යුතුකම් වල බැඳේ
එවන් මිනිසුන් ලොවට සුවදේ

කියවා මෙම කවී
මා හා නොම තරහ වී
සිතා පසෙකට වී
තමා කවුරුද සොයනු මැනවී..


8 comments:

  1. ඉස්සර ඉස්කෝලෙ 1 හරි 2 වසරේ පොතේ තිබුණු කවි පන්තියක් මතක් වුනා. අපි හැමෝටම ඉතින් එක එක විදියෙ ගති ලක්‍ෂණ තියෙනව නොවැ. මිනිස්සු ස්වභාවයෙන්ම විවිධාකාරයි. ඒත් බොහෝ අයගෙ සිතුම් පැතුම්වල නම් වැඩි වෙනසක් නෑ. විටෙක අපිත් ඔය මොකක් හරි කුලකයකට අහුවෙනව, තවත් විටෙක නැහැ. ඕක තමයි ඉතිං හැටි.

    ReplyDelete
  2. අනුනට වද දිදී
    තම සුවයටම බරදී
    කාටත් ඉඩ නොදී
    කරයි හැමවිට වැඩම නිවැරදී

    කවිය හදාගනින් ඔක්කොම කචල් ඵ්කෙන්ම

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියන දේ මට තේරෙන්නේ නෑ.. මගෙ කවිය වැරදියි කියලද කීවෙ..

      මුල් කවි තුනෙන් කියැවෙන්නෙ වැරදි ගති සිරිත් ගැන..

      කරයි හැම විට වැඩ ම වැරදී.. තමයි වෙන්න ඕන..

      Delete
  3. තමා කවුරුද සොයනු මැනවී.. - ඇත්ත!
    ජයෙන් ජය සහෝ!

    ReplyDelete
  4. තථාගත සමිඳුන්
    ඔවා දුන් හැටි කදිමයි
    තමා ගැන බලමින්
    අනුනගේ දොස මගහරිමින්...

    ලෝකය හැටි ඔහොමය
    ඔලුගෙඩි කෙලෙස් බරමය
    ඉරිසියා මසුරුකම
    දුරුකලොත් හෙම පින්බරය..

    (ජයන්ගේ අවකාශය/සිතක දෑලවර)

    ReplyDelete
    Replies
    1. ලෝභය දේවේශ මෝහය යන තුන් දොසට
      අසු වුණ කෙනෙකු ගැන තව කියනුයෙ කුමට


      බොහොම ස්තුතියි.. ජයන්ත සොයුර...

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..