Wednesday, October 3, 2012

බැරිදා විග්‍රහය..!ඉස්ලාම් භක්තිය හා බුදු දහමේ ශක්තිය

ඉස්ලාම් ආගම අදහන මිනිසුන් අපි සමස්ථයක් ලෙස මුස්ලිම් ජාතිකයින් ලෙස හඳුන්වමු.. එය ලෝකයේ විශාල පිරිසක් අදහන ආගමකි.. මේ ආගමේ වැරදි, අඩුපාඩු ඇති බැවු ආගම හැදෑරූ ඇතැමුන් විසින් පවසයි.. එහෙත් එය මෙහි මූලික අරමුණ හා සම්බන්ධ යැයි මම නොසිතමි.. ආගමක්, යතාර්ථවාදී නොවූවද, සත්‍යයක්ම නොවූවද, එම ආගම විශ්වාස කරන්නන්.. අදහන්නන් සිටිත් නම් අප ඔවුන් ගැරහිය යුතු නැත.. එය ඔවුන් ගේ අයිතියකි..

අප අපගේ දහම ගැන විශ්වාසය තබන්නා සේම.. ඔවුහු ද තමන්ගේ ආගම ගැන විශ්වාසය තබති.. අපගේ දහම තුළ සිතීමේ නිදහස වැඩිපුර දී ඇති නිසා එය සත්‍යයට වැඩියෙන් ළඟයැයි හෝ එය සත්‍යයමයැයි අපි සිතමු.. නමුත් එය නොපිළිගන්නට ඔවුනට අයිතියක් තිබේ.. එසේ නොපිළිගත්තාය කියා ඔවුන්ව ගැරහීමේ අයිතියක් හෝ යුතුකමක් අපට නැත..

එහෙත් මුස්ලිම් ආගමට සම්බන්ධ බොහෝ (හැම දෙනාම නොවේ..) අය තුළ ඇති, ඔවුන්ගේ දියුණුව වෙනුවෙන්ම ඔවුන් පාවිච්චි කරන පොදු ක්‍රමවේද ගනණාවක් ඇති බැවු පෙනේ..මා දන්නා තරමින් (අත්දැකීමෙන්ම) ඒවා සැකෙවින් මෙසේ දක්වමි..

1. වෙළඳාම, රස්සාව ආදී කුමන හෝ කටයුත්තකදී.. තමාගේ ආගමේ කෙනාට ප්‍රමුඛතාවය දීම..
2. එක් ස්ථානයක් මිළ දී ගත් විට.. ඒ අසල හැකිතාක් තමන්ගේ ආගමේ අය පදිංචි කරවීම..(මෙය වෙළඳ ස්ථාන වලට ද සාධාරණය..)
3. වැඩි වැඩියෙන් තමන්ගේ වර්ගයා බෝ කිරීම
4. උදවු අවශ්‍ය තම ආගමේ කෙනාට.. අවශ්‍ය විට පොළී ආදිය පවා නොතකා උදවු - පදවු කිරීම..


මෙයට අමතරව.. ඉතා කූඨ ලෙස.. තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා.. අන්‍ය ජාතීන්ට විරුද්ධව වැඩකරන ඇතැමුන් ද දැකිය හැක..

ඉහත මා දැක්වූ කාරනා බැලූ බැල්මට අසාධාරණයැයි අපට සිතුනද, ත්‍රිලක්ෂණය නොහඳුනන ඔවුන් එය කිරීම අසාධාරණ නොවේ..

එහෙත් ත්‍රිලක්ෂණය දන්නා අප හැසිරෙන්නේ කෙසේදැයි නැවතත් මෙනෙහි කළ යුතුය..
සිංහල ජාතිය, බෞද්ධ ආගම.. අනෙක්වාට වඩා උතුම් බව අපි සිතමු..
එසේ සිතන්නේ බුදු දහමේ පදනම බඳු ත්‍රිලක්ෂණය අමතක කර බව අපි නොසිතමු..

අප උපන් රටට, අප අයත් ජාතියට, අප අදහන ආගමට අපි කළගුණ දැක්විය යුතු වෙමු..
එය කළ යුත්තේ වෙනත් රටකට, ජාතියකට, ආගමකට හෝ පිරිසකට ගරහමින් නොවේ.. මා දකිනා පරිදි.. අප කළ යුත්තේ..

1. අපගේ දහමට අනුව සිත දියුණු කරමින්, තමා ගැන සොයමින් අරි අටැඟි මගේ ගමන් කිරීමට උත්සාහ කිරීම..
2. අප ජාතියේ පැවත්ම ට හානි වන පරිදි අපගේ ඇති දුර්වලතා හැඳින ඊට පිළියම් යෙදීම..
3. බුදුන් දෙසූ ධර්මය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව දකිමින්.. ඒවා විනාශ කරන්නට උත්සාහ කරන්නාට අනුකම්පා කිරීම..

ආදියයි..

එහෙත් අප කරන්නේ ක්‍රෝධය වැඩෙන ආකාරයේ දේවල් මය.. ඔවුහු අපට යම් වරදක් කරන්නේ නම්.. අප එයට විරුද්ධ බව දැන්වීම එකකි.. එහෙත් පරිභව කරමින් ඔවුන්ව ගැරහීම.. අපට තරම් නොවේ..

අද දිනයේ බෞද්ධයිනට විරුද්ධව ක්‍රියා කරන ඉස්ලාම් වරුන්ට විරෝධය පෑමට ඇති රැස්වීමක් ගැන  දැන්වීමක්  වත් පොතෙහි බෙදා ගැනීමෙන් පසු.. මාගේ සුහද මුස්ලිම් මිතුරෙකු මට අහිමි විය.. මන්ද එම මුස්ලිම් ජාතික මිතුරා සිතුවේ එහි ඇතුළත ඇති දෑ මා අනුමත කළ බව විය යුතුයි... හැබෑවටම මා බෙදා ගත්තේ පිංතූරයකි.. එහෙත් එම පිංතූරයේ ඉතා පහත් ලෙස මුස්ලිම් ආගමට අදාල චරිත වලට ගර්හා කර තිබුණි.. එය මා දුටුවේ.. ඊට බොහෝ වෙලාවකට පසුය.. ඒ වන විට සිදු විය යුතු දෑ සිදුව හමාරය..

මගේ ආදර මිතුරණි.. මා ඔබෙන් ඉල්ලීම් කිහිපයක් කරමි..
1. වත්පොතෙහි යමකට ලැයික් දැමීමට හෝ ෂෙයාර් කිරීමට පෙර.. එය හොඳින් කියවා තේරුම් ගන්න.. නැතහොත් නිකරුණේ ඔබ නොසිතන දෙයක් වෙනුවෙන් ඔබට පෙනී සිටින්නට සිදුවනු ඇත.. සිත නොරිදවිය යුතු යහපත් මිනිසුන් හිත රිදවා ගනු ඇත..
2. ඔබට හැබෑවටම රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් ඇතිනම්.. අනුන්ට බැණ බැණ නොඉඳ.. තමන්ට හැකි දෙයක් වේ නම්.. එය ඉටු කරන්න..
3. බුදුන් දෙසූ ධර්මයේ ඇති සත්‍යතාව ගැන.. හැබෑ විශ්වාසයක් ඇතිනම්.. ඔබ එම විශ්වාසයට අනුව කටයුතු කරයි නම්.. තව දුරටත් කිසිවෙකුටත් එම ධර්මය විනාශ කළ නොහැකි බව විශ්වාස කරන්න..

22 comments:

  1. කතාව සිරා ඇත්ත. ෂෙයාර් කරන කීදෙනෙක් තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් කරපු දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් වත් පොතේ තියෙන ඔය වගේ දැන්වීම් ෂෙයාර් කළේ.. මට මගේ ජාතිය වෙනුවෙන් දෙන්ට පුළුවන් සහයක්ය කියලා හිතාගෙන.. පස්සෙයි දැන ගත්තේ.. ඒකෙ පසුබිම් කථනය තුළ.. අපේ ආගම (බුද්ධ ධර්මය) කෙළෙසනවා කියලා..මං හැබෑවටම ලැජ්ජාවට පත්වුණා එම සිද්ධියෙන්..

      අපි... ආගම ජාතිය වෙනුවෙන් කරන්න අවශ්‍ය යුතුකම හඳුනාගෙන නෑ කියලයි මට නම් හිතෙන්නේ..

      Delete
  2. Kawru hari ape deyak winsha karanawanm eka gena katha kirima ekata yam kisi piyawarak ganna kiya handa nedima waradak da ?

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම නෑ... සොයුර.. ඒත් ගතයුතු පියවර ගත යුත්තේ වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ ද්වේශයෙන් නොවේ නේද?

      Delete
  3. // 1. වත්පොතෙහි යමකට ලැයික් දැමීමට හෝ ෂෙයාර් කිරීමට පෙර.. එය හොඳින් කියවා තේරුම් ගන්න.. නැතහොත් නිකරුණේ ඔබ නොසිතන දෙයක් වෙනුවෙන් ඔබට පෙනී සිටින්නට සිදුවනු ඇත.. //

    මේ ටික හරිම වැදගත් අයියේ... මේ දවස්වල සිද්ධ වෙන සමහර සිදුවීම් දිහා බලද්දී හිතෙන්නේ මේ වගේ පුංචි පුංචි දේවල්වත් හරියට තේරුම් ගත්තා නම් ...කියලා..

    ජාතිය කුමක් හෝ වේවා...ආගම කුමක් හෝ වේවා...වැදගත්ම දේ " මනුස්සකමයි "

    ReplyDelete
    Replies
    1. සිරා කතාව මචන් මම කියන්නෙ නැ බංගලාදේශයේ කරපු වැඩේ හරි කියලා නමුත් එ කරේ මම හොයලා බලපු විදියට එහේ ඉන්න ත්‍රස්තවදීයො පිරිසක් ආගම කෙසේ වෙතත් මම නම් කියන්නෙ මනුස්සකම කටත් තියෙන්ඩ ඔනේ මම කැමති නෑ ලොකේ කොහෙවත් වෙන වැඩවලට අපෙ කට්ටියගේ ජිවිත අහිමි වෙනවට අද කලේ මිනිසුන්ට ජිවිත වල වටිනාකම දන්නෙ නැ ලොකේ හෑම තැනම ආගම් අතර ප්‍රශ්න ජිවිතයක් නෑති වෙනව කියන්නෙ එ වගේ දෙයක් ලොකේ අහිමි වෙන්ඩ තවත් නෑ

      Delete
    2. "ජාතිය කුමක් හෝ වේවා...ආගම කුමක් හෝ වේවා...වැදගත්ම දේ " මනුස්සකමයි "

      මේක තමයි නඟා අපේ තීම් එක වෙන්න ඕන..

      Delete
    3. @Sri Lanka Fashion..
      තව චුට්ටක් එහාට ගිහිං හිතුවොත්.. ඕනම යුද්ධයකින් අහිමි වෙන්නේ.. මිනිස්සු.. ඒ හැමෝම අපි වගේම හැඟීම්.. බලාපොරොත්තු තිබුණු.. අපට වගේම පංචස්කන්ධයක් තිබුණු අය නේද? බොහොම ස්තුතියි අදහසට..

      Delete
  4. අපොයි ඔවු ඔය බුකිය හරියට පාවිච්චි කරන්න දන්නැත්නම් ඔකෙන් අයින් වෙන එකමයි කාරිය ඇත්ත වෙනත් ආගමකට නිගරු කරනවට පරිබව කරනවට වඩා වැදගත් තමනුන්ගේ වැඩේ හරියට කොරන එක

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. දැන් නම් මටත් එහෙම හිතෙනවා..

      Delete
  5. මගේ යාලුවෙක් ඉන්නවා මුස්ලිම් මුල්ලා වරයෙක් මේ වෙනකොට... හරිම හොඳ කෙනෙක්... ඒත් වෙලාවකට මට ඒ කොල්ලා මහ කරදරයක්... ඒත් මම කැමති එක දෙයක් තියෙනවා එයාගේ... අපි හැමතිස්සේම ඔය ආගම් සම්බන්ධව කතා කරනවා... මම කොච්චර මුස්ලිම් ආගමට බැන්නත් එයා තරහා ගන්නේ නැ... එයා බුද්ධාගමට කෝච්චර බැන්නත් මම ගණන් ගන්නේත් නෑ.. ඒ අපේ යාලුකම හින්දා....

    මගෙත් කිසිම කැමැත්තක් නෑ ඔය ආගමට නම්.. ඒත් මිනිස්සුන්ව ඉලක්ක කරලා බනින්න මම කැමති නෑ... විශේෂයෙන් ඔවුන්ගේ ආගමේ නායකයින්... වැදගත් චරිත...

    කොච්චර වැරදි දෙයක් කරපු කෙනෙක් උනත් අපි හාමුදුරැනමකට ගෞරවයෙන් සලකනවානේ...

    හැබැයි ඉතිං මට එකක් තේරෙනවා... ඒකත් මෙතන කියන්න හොදයි කියලා හිතෙනවා...

    බෞද්ධයෝ ආගමික හරි වෙන මොන හේතුවකට හරි තමා ගැනම සොයමින් වෙන දේ බලාගෙන, දෙන දේ කාලා, ඕනේ දෙයක් වේචචදෙං කියලා හිතාගෙන හිටියොත් නම් ඉතිං අන්තිමට ඉන්න හිටින්න තැනුත් නැතිවෙලා පාරට බහින්න වෙනවා... මොන දේ උනත් ජීවත් වෙනකම් හරිහමන් විදියට ජීවත් වෙන්න එපැයි...

    ආ ඔය ලැයික් කිරිල්ලයි ෂෙයාර් කිරිල්ලයි එපාම වෙලා මම ඔය ෆේස්බුක් එකවුන්ට් එක දැං පාවිච්චි කරන්නේ නැත.... ඒක මල වදයක්...

    ReplyDelete
    Replies
    1. මං කිවුවේ.. බෞද්ධයෝ නිසා... දෙන දේ කාලා වෙන දේ බලා ඉමු කියලා නෙවෙයි.. යතාර්ථය තේරුම් අරගෙන ඊට මුහුණ දෙමු කියලයි.. එකමුතුව.. සුහදව සහ සංවරව..

      Delete
  6. මෙහෙම පොස්ට් (මේ ඔයා ලියපු වගේ) ඔය මුහුණු පොතෙනුත් කමක් නැති ගානටම තියෙනවා. ඒත් වැදගත්ම දේ මෙහෙම ලියන මිනිස්සු හිතන්නෙ තමන් ශාන්තුවරුන් වෙනව කියල මේවගේ දේවල් ලියුවාම.

    ඔව් එහෙම රූපයක් පේනවා. ඒත් ඒ රූපෙ ඇතුලෙ ගොඩක්ම ඉන්නෙ පස්පව් ඉහලින්ම කරන තමන්ව ඉහලින්ම මාර්කටින් හොදින්ම කරන අමනුස්සයොයි.

    ගොඩක් වෙලාවට කෙල්ලොන්ට ලොලේ,... ඒ වැඩ ටික කොරගන්න කොමෙන්ට් ටිකක් දාගන්න මෙහෙම පුස් ලියුම් ලියනවා.

    හොදයි ඔබතුමා ජීවිතේට පස් පව් එකක් වත් නොකරපු කෙනෙක්ද?

    උත්තරේ “ඔව්“ නේද?

    ReplyDelete
    Replies
    1. මං උපතින්ම බෞද්ධයෙක් වුණාට මිත්‍රයා.. මං ධර්මය දැනගෙන උපන්නෙ නෑ.. මගෙ අතින් සිල්පද හතරක් ගණං කළ නොහැකි තරම් වාර ගානක් කැඩිලා ඇති.. මගේ වැටහීමේ තරමට අනෙක් සිල් පදේ මම කඩලා නෑ..

      අද වෙනකොට මං ඉතුරු සිල් පද හතරත්... බොහෝ විට ආරක්ෂා කරනවා.. ඒත්.. බිඳෙන අවස්ථා තියෙනවා..

      මං ශාන්තුවරයෙක් නෙවෙයි කියලා මගේ බ්ලොගය බැලුවාම පේනවා නේද? මට ඉතිං කොහොමටත් වැටෙන්නෙ කමෙන්ටු 4-5 යි නොවැ.. ඒකෙනුත් වැඩි හරියක් පිරිමි පරාණ..

      මොන අංශෙන් බැලුවත් ඔබතුමාගෙ අදහස් මගෙත් එක්ක ගැලපෙන්නෙ නෑ නොවැ..

      කමක් නෑ.. මොනවා වුණත්.. ඉතා සභ්‍ය විදිහට ඔබේ අදහස් දක්වලා තියෙන එක ගැන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි..

      Delete
  7. බුදුන් දෙසූ ධර්මය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව දකිමින්.. ඒවා විනාශ කරන්නට උත්සාහ කරන්නාට අනුකම්පා කිරීම..

    මෙහෙම කර කර එදා දුටුගැමුනු කුමාරයත් හිටියානම් අද අනුරාධපුරයේ රුවන්වැලි සෑයක් නැත.......මෙහි අරුත මොලයක් ඇත්තවුන්ට වැටහෙත්වා.......

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණු රජතුමා එදා යුධ වැදී ජය ගත්තා.. ඒක හෙළ ඉතිහාසයේ විශිෂ්ඨ ජයක්... ඒත් එම ජයග්‍රහණය ලබා ගන්න තිබුණ හොඳම ක්‍රමය එයයි.. කියා ඔබට කිව හැකිද? මීට වඩා ධාර්මික වූ පියවරක් තුළින් මිනිස් සංහාරයකුත් නැතිව මේ ගැටළුව විසඳන්නට ක්‍රමයක් තිබුණා විය හැක.. ඒ ගැනත් සිතා බලන්න..

      Delete
  8. අපි ඇදහුවත් නැතත් විශ්වාස කළත් නොකළත් අන්‍යයන්ගෙ ගෞරවයට පාත්‍ර වුනු දේවල්වලට ගැරහිය යුතු නෑ. එය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගැනීමක්. එය හැම දෙනාටම පොදුයි. ඔබ ස‍ඳහන් කරන දේවල්වලට මුල් වුනු දේවල් ජාලය තුළ තිබෙනව මමත් දැක්කා. මොලේ අමාරුකාරයොන්ගෙ වැඩ, අනිත් අයත් ඒවට මැදිහත් වීමෙන් වෙන්නෙ නැති ප්‍රශ්න හැදෙන එක විතරයි.

    ReplyDelete
  9. මධ්‍යස්තව බැලුවම 1 2 3 කාරණා ඇති තැන බෞද්ධයන්ගෙන් (නැත්නම් නාමික බෞද්ධයන්ගෙන්) මේවගේ ප්‍රතිචාර මිසක් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද. ක්‍රියාවට ප්‍රතික්‍රියාව වගේම හැමකෙනාම තමන් වැපිරූ දේ නෙලාගනීවි. කොහොම උනත් එක දෙයක්. මුස්ලිම් ආගමේ සමහර ඉගැන්වීම් සමාජයේ අයහපතට හේතුවෙනව. ඒක දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. " මුස්ලිම් ආගමේ සමහර ඉගැන්වීම් සමාජයේ අයහපතට හේතුවෙනව. ඒකෙ දෙකක් නෑ."
      හැබෑව..

      Delete
  10. මේ ප්‍රශ්ණය එකිනෙකාට වෛර කරල ජයගන්න බැහැ. අපි ලෝකෙ තියෙන ඕනෙම ආගමකට ගරු කරන්න ඕනෙ. ඒ ආගම් වල ඉන්න කඩාකප්පල් කාරීන් තමයි මේවා කරන්නෙ. මතකනෙ කලු ජූලිය ! මේ වෙලාවෙ කොපමණ බෞද්ධයො පිහිට උනාද අපේ දමිල යහළුවන්ට. ඒ වගේමයි සුනාමිය වෙලාවෙ අපි හම්බන්තොට පැත්තෙ මුස්ලිම් අයට ගිහින් පිහිට උනා. එහෙම යි වෙන්න ඕනෙ. මේව පෙලපාලි ගිහින් කෑ කෝ ගහල විසඳන්නට බැහැ. එකිනෙකාගෙ ජාතීන් වලට මඩ ගහන ඒවට මම නම් හරිම විරුද්ධයි. බෞද්ධ අපිට මේවා සුදුසුම නෑ.ඒ ආගමේ සමහර ඉගැන්වීම් සමාජයට අහිතකර බව ඒ අයම හොඳින් දන්නවා. නමුත් ආගමට ගරු කිරීම මත ඔවුන් ඒවා ඉවසනවා. බොහෝ අය සාමකාමීව ඉන්න කැමතියි. සමහර අය එයට අකමැතියි. මේක ලෝක ධරමතාවක්ම නේද?

    ReplyDelete
  11. කාලෝචිත සටහනක්.

    හැම උපකරණයක් ම, ගලක සිට පරිගණකය දක්වා භාවිතය කුමක් දැයි සොයාගත යුතුයි. වැරදීම් සිදුවීම මිනිස් ස්වභාවය, වැරදි හදාගෙන ඉස්සහරට යෑමට ඇති හැකියාව තමයි අනිත් මිනිස් ස්වභාවය!!!!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..