Monday, November 5, 2012

නොහෙලමු ඒ ගැන කඳුළු නෙතේ!

           
සමහරු කියනව රට වැනසෙන බව බය හිතෙනව ඇහුවාමපුතේ
ඇත්තම කියලා මටත් හිතෙනවා නැති වෙනකොට මගෙ අතේසතේ
පාරට බැස්සම එහෙම පෙනෙන්නෑ ලොකු ලොකු වාහන දසතඇතේ
සැලා කියන්නෙත් රට ගොඩ යන බව රජයේ මහ මෙහෙවරක්මතේ
  
හෙජින් සූදුවෙන් කෝටි අටයි තව පොළියයි දෙන්නට වෙලාඇතේ
අදියාපනෙ කෙරුවාව අහද්දී කෙළිං වෙනව නොවැ මයිල්ගතේ
බෙහෙත් පෝලිමේ ලෙඩ්ඩු පිරී ඇත ඉස්පිරිතාලේ බෙහෙත්නැතේ
අනේ ඒත් ඡන්දයක් තිබ්බොතින් වැඩිම මනාපය රජයඅතේ
  
අබුද්දස්ස කාලේ හැටි මෙහෙමලු අහල තියේ නෙක කතාපුතේ
ගොම රිටි යට ගොස් කළු ගල් පා වෙයි තව ටික කලකින් ජලයමතේ
රටේ ලොක්කො ටික අපායෙ යන හැටි අනේ ඇඳෙනවා මගේහිතේ
අනුකම්පා කර හිත පහදා ගමු නොහෙලමු ඒ ගැන කඳුළුනෙතේ
  

12 comments:

  1. මෙහෙම හිතුවත් කවුරුත් දැන් දැන් මලේ
    කාගෙත් අතේ නැති බව පෙනේ සතේ
    අපි අපි හැදී හිටියොත් නම් චතුර මලේ
    අනෙකුන් අපා ගත වෙන හැටි බලනු කෙසේ

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු අක්කෙ, වැරදි කරන එවුං අපාගත වෙන එක අපිට මොකටද කියලා හිතන්නත් පුළුවං.. ඒත් ඉතිං දහමේ යම් යම් තැන් වලදී අපට උන් ගැන අනුකම්පා ඇතිවෙන අවස්ථාත් තියෙනවා.. ඒ වගේම අපේ පුංචි එවුන්ගෙ අනාගතේ ට මුං මේ කරන වින්නැහිය දැකලා හිතේ තරමක ගැටුමකුත් ඇති වෙනවා.. අපි අපි හැදෙන්න බලන එක තමයි හොඳම වැඩේ... මේ ලඟදි මම කියවපු පොතක තිබුණා.. නිවන් අරමුණට යද්දී අපිට හුඟාක් ආත්මාර්ථකාමී වෙන්ට වෙනවා කියලා..

      Delete
  2. හිතට හිතුන දේ අපූරුවට අකුරුකරලා...

    ReplyDelete
  3. ආශ්චර්යය අයියණ්ඩි ආශ්චර්ය්ය :(

    ReplyDelete
  4. රට කරවන්නට නම්
    මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ
    විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත්
    හතර වටේ
    ඒවා නොවික්කොත්
    අප හැම මකර කටේ

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතිං අද ඊයෙ කියපු සිංදුය.. නේද?

      Delete
  5. ලංකාවේ ඉන්න උන් රට දියුනු වෙනවාය, අපි කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවාය, රට ඉන්න උන්ට එක හතර වෙලා පේනවාය කිය කිය මාත් එක්ක රන්ඩු වුනු විදිහට මම හිතුවේ රට අගාදයට යන එක බඩු මිල වැඩිවන එක දැනෙන්නේ පිට රට ඉන්න අපිට විතරයි කියලා . . එහෙම ත් නෑ වගේ නේද . .

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්.. මරු විහිලුව දුකා.. රට ඉන්න එවුන්ට දැනෙන බඩුමිල වැඩි වීම අපේ එවුන්ට දැනෙන්නෙ නෑ කියන එක.. අනේ මංදා බං.. හැබැයි එක දෙයක්... මිනිස්සු ගාව දැං ඉස්සරට වඩා සල්ලි ගැවසෙනවා.. ඒත් ඒවා උංගෙ නෙවෙයි මයෙ හිතේ.. අනුංගේ සල්ලි.. අවශ්‍යතාත් එන්ට එන්ටම වැඩි වෙනවා නේ.. ඉතිං කොහොමෙයි ඔලුව උස්සන්නේ..?

      අනික ඉතිං ඔලුව උස්සන්න මොකක් හරි කරමයක් ඇති වෙනකොටම ඒකටත් කෙළවෙනවා නේ..

      අපි අවුරුදු 4ක් අපේ ගේයි ඉඩමයි බද්දට දීලා.. මහරගමට ඇවිත් හිටියා කුලියට.. ඒ කාලෙ.. පොල් 50-60 යි..

      ඊට පස්සෙ අපි ආපහු අපේ ගෙදරට ගියා.. අපේ වත්තෙ පොල් ගෙඩි 100-200ක් විකුණන්න පුළුවං.. පොල් ගාන 25ට බැස්සා නොවැ.. අපි වළක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියන්නෙ ඕකනේ..

      Delete
  6. දේශ ද්‍රෝහියෝ ..... ආශ්චර්යට තව හූවක දුර, එතකන් ඉවසන් ඉන්න බැරි හැටි.

    ඔය කවි දාද්දි දකුණු පැත්තෙ එලයින්මන්ට් එක හදාගන්න හැටි අළුත් මල්ලි ලියල තිබුණ.

    http://aluth-malli.blogspot.com/2012/10/9.html

    කොහේද මෙච්චර දවසක් ගිහින් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. දේශ ද්‍රෝහියෝ.. ඇත්ත තමයි..

      බොහොම ස්තුතියි ලිංක් එකට.. ඔන්න ඒ විදිහට හදලා දැම්මා..

      කොහෙවත් ගියෙ නෑ මල්ලි.. අන්තර් ජාලෙ පැත්තෙ එන්න වගේම ලියන්න වෙලාව ලැබුණෙ හරිම අඩුවෙන්.. තව ටික දවසක් යනකම් එහෙම ම වෙයි මයෙ හිතේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..