Tuesday, November 13, 2012

බැරිදා විග්‍රහය! බජට් එක

බජට් එකෙන් මොකද වෙන්නෙ.. සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක්.. මං නං දන්නවා.. බජට් එක කියන්නෙ.. තවත් එක මවා පෑමක් විතරයි.. මෑත කාලෙ මොන බජට් එකෙන් ද අපේ ප්‍රශ්න වලට උත්තර ලැබුණේ?

රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..

හැබැයි බජට් එකේ ඇත්තටම වෙන්න පුළුවන් දේකුත් කියලා තියෙනවා.. 2015 වෙද්දී.. දුප්පතුන් නැතිකරනවා කියන එක.. ඒකෙ අරුත ඒ වෙද්දි උන්ව පොහොසතුන් කරනවා කියලා හිතුවා නම් ඒක මෝඩ කම.. ඔය කියන්නෙ 2015 වෙද්දි රටේ දුප්පත්තු ටික නැති බංගස්තාන කරන බව කියලා මට නං සුවර්..

මට කණගාටු බජට් එකෙන් පඩි වැඩි කරාවි කියලා බලං උන්නු අහිංසකයො    කාලකන්නි ටික ගැන. සරත් අංකල්ගෙ 10,000/= එපා කියලා මහින්ද මාමගෙ 2,500/= ගන්න බලං හිටියා.. මොකද වුණේ..? තවත් මොනවා බලන්නද?  දැං ඔය දෙනවා කියන 1,500/= දෙන්නෙත් කෑලි තුනකට ලු නේ.. බය වෙන්න එපා.. ඕකෙනුත් කෑලි දෙකකට වඩා ලැබෙන්නෙ නෑ..

රා මදින කට්ටියට පොඩි චෑන්ස් එකක් දීම හොඳ දෙයකි.. අඩු ගානෙ උන්ට හිතේ අමාරුවට තෙලිජ්ජ ටිකක් වත් වක්කොරගන්ට ඇහැකියි නොවැ..

ආණ්ඩුවට නං.. බදු ගහලා හරි අයවැය පරතරය පියවා ගන්ට පුළුවං.. අපි මොනවා කියලා ගහන්ටද? අපේ බඩටම තමයි ගහන්න වෙන්නේ..
හෙජින් සූදුවෙන් කොච්චර ගානකට කෙළ වුණා ද? තාමත් කෙළ වෙනවා නේ.. අපිට තවමත් වැඩි ගානට පැට්‍රෝල් ගන්න වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුව නොසලකා හැරපු හින්දයි කියලා ඔය ඇන්. සිල්වා මහත්තයා කියන්නේ..

උන්නැහේගේ කතා නං අහගෙන ඉන්ට ආසයි.. ඒත් ඉතිං උන්නැහේට කතා කොරනවා ඇරෙන්ට වෙන කොරන්ට දෙයක් නෑ.. හරියට මේ මට වගේ..

එහෙවු එකේ වැඩකට නැති බජට් එකක් ගැන ලියන්ට ගෙහුං නිකරුණේ මගෙ කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.. ඡන්දෙ දීපු උන්දැලාම බජට් එකේ සුන්දරත්වය විඳ ගත්තාවෙ.. මං යනවා මගෙ වැඩක් කොරගන්ට..



8 comments:

  1. වෙන මොනවා කියන්න ද? කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.

    ReplyDelete
  2. //රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..//

    බේබිලා දැන් සෙල්ලම් කරන්නෙ රේසිං කාර් වලින් චතුර අයියා. ඉතින් කොහොමද රේසිං කාර් ලාබ නොකර...

    මමත් ඉතින් දත කට මැදගෙන උන්නා යමක් කමක් ඉතිරි කරගෙන පොඩි කාර් කට්ටක් අර ගන්න. දැන් නම් පොඩි කාර් ගැනිල්ල අතෑරියා. මමත් ගන්නවා රේසිං කාර් එකක්. හදන පාරවල් වල හැටට හැටේ යන්නත් වාහන ඕනනෙ..

    අර කියන්වත් වගේ ඕක ගැන කතා කරන්න කාලෙ නාස්ති කරන්නෙ මොකටද...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. රේසිං කාර් වල බදු අඩු කළාට අපි කොහේ කිට්ටු කරන්නද ඕවට..

      Delete
  3. බලාන ගියාම ඒක රටේ අයවැයට වඩා පවුලෙ අයවැයක්. පවුලෙ සාමාජිකයොන්ගෙ අවශ්‍යතාවලට, එයාලගෙ යෝජනාවලට අනුව තමයි ඒක සකස් කරල තියෙන්නෙ.

    අර කිව්ව වගේ ආණ්ඩුවට බදු සරණයි ! ජනතාවට බුදු සරණයි !

    ReplyDelete
  4. 10,000/= එපා කියලා 2,500/= ගන්න බලං හිටියා.. මොකද වුණේ..?

    yanthan me as dekata lambogini balaganna labuna...:D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. ඒක ඇත්ත.. නැත්නං ඉතිං කවදා දකින්නද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..