Friday, November 30, 2012

අවාසනාවට.. ඇත්ත කතාවක්..

දැන් සතියකට විතර කලිං අපේ  පාරිභෝගිකයෙකුට (රජයට සම්බන්ධ ආයතනයකි) අපේ Payroll Software එකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.. දුරකථනයෙන් සහාය දිය නොහැකි මට්ටමක ඒවාට සහාය දීම සඳහා Remote Software එකක් හරහා සම්බන්ධ වීමේ ක්‍රමය මෙතැනදී යොදාගන්නට නොහැකි.. අදාල පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාව නැති නිසා.. ඉතින් අපි කිවුවේ.. අපේ Software එක හරහා ලබාගත් Database Backup එකක් අපට ඊ- ලිපියකින් එවන්න කියලා.. ඔන්න පහුගිය දවස් ටිකේ ම උත්සාහ කරලා අද උදේ Backup එකක් එවලා තිබුණා.. ඒත් ඒ Backup එක Restore කරන්න බෑ.. Corrupt වෙලා..

ඉතිං වඩාත් හොඳ විසඳුම විදිහට අපේ Staff එකේ කෙනෙක්ව එහෙට යැවුවා..(එයාගෙ නම ඉන්දික කියමුකෝ..) ඉන්දික ගිහිං පරීක්ෂා කරලා බැලුවාම තේරුණු විදිහට ලෙඩේ හොයාගන්න.. Backup එක Office එකට එවීමේ වුවමනාවක් තිබුණා.. Dongle එක ක්‍රියාත්මක වෙන්නෙත් නැති තරමට පරිගණකය හොඳ තත්වෙක තිබුණු නිසා.. එයා Backup එකක් අරගෙන ඒක E-Mail කරන්න කියලා අදාල User (කාන්තාවක්) ට දුන්නා.. එයා E-Mail එක යවන්න කියලා ගිහිං ගොඩාක් වෙලා ගියත් තාම ආවෙ නැති නිසා ඉන්දික එයාව හොයාගෙන ගියා..

යනකොට අපේ User සහ තවත් සගයෙක්.. පරිගණකයේ ලොකු වැඩක්.. ඊට පස්සෙ ජවනිකාව මේ වගෙයි..

U: එන්න ඉන්දික.. (අතින් සන් කරයි.)
I : මිස් අර E-Mail එක යැවුවද?
U: ආ.. ඒක තමයි මේ යවන්න හදන්නේ..
U ගේ සගයා.. Notepad වලින් විවෘත කරගත් ගොනුවක තැනින් තැන ඇති අපැහැදිලි යමක් මකා දමමින් සිටී.. එය ඔහු කරන්නේ දැඩි අවධානයෙනි..
I : (මඳක් විපරමින් ඒ දෙස බලා හිඳ.. ) ඔය මොකද කරන්නෙ..?
සගයා: මේක මල්ලි එයාට තේරුම් ගන්න පුළුවං විදිහට යවන්න එපාය.. අනික Open කරගන්නත් බෑ නෙව..
I : මේ ඒ Backup එකද?
සගයා: ඔවු..
I: අපෙ අප්පේ.. ඕක දෙන්න මෙහාට.. ඕක එහෙම වෙනස් කරන්න යන්න එපා.. ඕක Backup එකක් නේ..
සගයා: එතකොට එයා Open  කරගන්නේ කොහොමද?
අපේ සගයා මුවින් නොබැණ ඔහුව එතැනින් නැගිට්ටවා.. E-Mail එක අපට එවුවායින් සාර්ථකව ප්‍රශ්නය විසඳාගන්නට හැකි විය..
පසුව දැනගත් පරිදි සගයා.. අදාල ආයතනයේ.. IT පිළිබඳ වැඩ්ඩාය.. ඔහු හිතාගෙන ඉන්නේ ඔහු සියල්ල දන්නවා කියාය.. එහෙත් ඔහුගේ දැනුමේ තරම..! Backup එක එවන්න මේ තරම් කල් ගියේ ඇයිද කියා දැන් අපට වැටහේ.. යළිත් නම් මෙවැනි පණ්ඩිතකම් කරන්නට එපා යැයි.. ඉන්දික විසින් ඉතා කාරුණිකව පැහැදිලි කර දුන්නද? එය එසේ සිදුවේ දැයි.. තවමත් ඇත්තේ සැකයකි..
==============================================
මේ කතාව නිසා මට පරණ කතාවක් මතකයට නැගුණි..
==============================================
එක්තරා ගමක ශක්තිමත් තරුණයෙකු සිටියේ ය.. ඔහු කෙතරම් ශක්තිමත් ද යත් ගමේ ඉහලට දිවෙන පාරේ වූ ඉතා විශාල ආනතියකින් තිබෙන කන්ද ඔහු පාපැදියේ තවත් අයෙකුව නංවාගෙන පැද්දේය..
දිනක් ඔහුට මේ කන්ද පාමුල දී ඔහු ප්‍රිය කරන ගැහැණු ළමයෙකු හමු විය..
නංගි එන්න මේ ටික මං ගිහිං දාන්නම්.. ඔහු කීවේ ආඩම්බරයෙනි..
දැන් කාලේ මෙන් කාර් බාර් නැති එකල අපේ හැඩි දැඩි මිත්‍රයාගෙන් ලද ඇරයුමෙන් සතුටු වුවත්.. පාපැදියේ යෑමට ඇති බිය නිසාම තරුණිය මඳක් අදිමදි කළාය..
එහෙත් තරුණයා කීවේ.. අයියෝ නංගි බය වෙන්න එපා ඔයිට වැඩිය ලොකු අය දාගෙන මම මේ කන්ද පැදලා තියෙනවා.. කියාය..
ඉතිං දැන් නංගීත් නැංගාය.. කන්ද මඳ දුරක් යද්දී.. තරුණයාට දැනුණේ වෙනදා මෙන් පාපැදිය පදින එක පහසු නොවන බවයි.. උපරිම උත්සාහ කිරීමෙන් පසු බිමට බැසගත් තරුණයා හති හලමින් පැවසූවේ..
පුදුම වැඩක්නේ නංගි.. වෙනදට මං ඔයිට වැඩිය බර අයත් දාගෙන පදිනවා.. කවදාවත් මෙච්චර අමාරු වුණේ නෑ නේ. කියලාය..
නංගි කීවේ..
"අනේ ඒක තමයි අයියා මං මුලින්ම කීවේ.. මං හරිම බයෙන් ආවේ.. ආපහු පල්ලමට යයි කියලා.. කොයි එකටත් මං බ්‍රේක් එක අල්ලගෙනම ආවා..
"

* කෙටි යෙදුම්..
I:  ඉන්දික
U: User
ප.ලි
ඇත්ත කතාව.. පළමු කතාව පමණි..

13 comments:

  1. අප්පේ ... සමහර ආයතන වල ලොක්කෝ ඔහොම තමා.... මේලෝකේ දෙයක් දන්නේ නෑ... ඒත් කියන්නේ නම් අරකෙන් මේකෙන් උපාධි අරන් ආවා කියලා....

    අපේ මහත්තයත් මේ දවස්වල ඒ වගේ ලොක්කෙක් එක්ක යකා නැඟලා හැමදාම ගෙදර එන්නේ... රට වටේ වැඩට යන ආයතනයක මැනේජර් කෙනෙක්... කොළඹ ඉඳලා කටුනායකට යන්න කොච්චර වෙලා යනවද දන්නෙ නෑ... දන්නැත්නම් කාගෙන් හරි අහපං... ඒත් නෑ... බොරුවට වැඩර් වෙන්න ගිහින් අපේ මහත්තයාගේ යකා අවුස්සලා....

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි.. නොදැන හිටියත් කමක් නෑ.. වැඩි වැඩ නොකර ඉන්නවානම්.. සමහර විට එයා ඔයාගෙ මහත්තයාට ඉවසීම පුරුදු කරවනවා ද දන්නෙ නෑ..

      Delete
  2. අදමයි ආවෙ අපුරු අඩවියක් අයෙමත් එන්න තරම් සිත් ගත්තා කාලෙකින් ආසාවෙන් කියවපු කතාවක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අදහසක් පළ කළාට.. එය මට ලොකු දිරියක්..

      Delete
  3. කියලා වැඩක් නැත සමහරැ ඉන්නවා අපේ ආයතන්යේත්. අපොයින්ට්මන්ට් එක තමා අයිටී ඔෆිසර්..හැබැයි උන්ට අඩු ගානේ පර්මිෂන් දිලා හරියට ෆෝල්ඩර් එකක්වත් ෂෙයාර් කරගන්න බැහැ.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. ඕක තමයි දැන් බොහොමයක් තැන් වල තත්වය..
      තෙරුවන් සරණින් ඔබටත් සෙත් වේවා..!

      Delete
  4. නොදන්නා බව නොදන්නා අය

    ReplyDelete
  5. ඔය වගේ පන්ඩිත වහන්සෙලා එක්ක වැඩකරන්න ගියහම ලේ වතුර වෙනව මචං වෙලාවකට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. පැයෙන් ගොඩ දාන්න තිබුණ වැඩේට.. දවස් ගානක් ගිහින්.. එතනට ගිය අපේ කොලුවත් පැය 3-4ක් එතන රස්තියාදු වුණා.. මෙයාලගෙ වැඩ නිසා..

      Delete
  6. දෙවෙනි කතාව තමා නියම :)

    ReplyDelete
    Replies
    1. පළවෙනි කතාවෙ කියන්නෙත් ඕකම තමයි..
      දෙවැනි කතාවෙ.. බයිසිකලේ ඉස්සරහට පදිද්දි පස්සට ආපහු යන්නෙ නැති බව නොදැන නංගි තිරිංග තද කරනවා.. ඉතිං බයිසිකලේ පදින්න බැරි වෙනවා..

      පළවෙනි කතාවෙ.. බැකප් ෆයිල් එකක් කියන්නෙ මොන වගේ එකක් ද කියලා දන්නෙ නැතුව.. අපේ ඔපිසර මහත්තයා.. නෝට්පෑඩ් එකෙන් ඕපන් කරලා එඩිට් කරනවා.. (එයා හිතන්නෙ ඒක ඇතුලෙ තියෙන ඒවා කියවලා තමයි අපි මොනවා හරි තේරුම් ගන්නේ කියලා) ඉතිං බැකප් එක රීස්ටෝර් කරන්න බැරුව යනවා..


      Delete
  7. දෙවෙනි කතාව තමයි ලස්සනම.පැදපු එකාට මල පනින්න ඇති.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..