Thursday, November 8, 2012

මගේ වාහනේ..



එළියට පෙනුනට
බෙන්ස් එකක් වගෙ
මං පදින්නෙ පොඩි
ඇල්ටො එකක්
ඉඳ හිට ලෙඩ වෙයි
සද්දෙ වැඩියි නොවැ
ඒ උනාට හරි
ඉකොනොමිකල්
බරත් අදිනවා
ගමනත් යනවා
ගැට්ටක් නැතුවත්
ගැස්සෙනවා
කන්ඩිෂන් හොඳයි
එකම කේස් එක
චුට්ටක් වැඩිපුර
රත් වෙනවා..

9 comments:

  1. ඉතින් දැන් කාලේ හැටියට ඉකොනොමිකල් නොවැ හරියන්නේ...දැන් ජීවිතෙත් ඉතින් ඒ වගෙනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. ඒක ඇත්ත.. මං මෙතන වාහනේ ගැන කිවුවට.. අදහස් කළේ වාහනේ ම නෙවෙයි..

      Delete
  2. වාහනේ මොක උනාම මොකෝ ගමන යනවා නම්. ලස්සනයි චතුර මල්ලී.

    ReplyDelete
    Replies
    1. හැබෑව.. වාහනේ යද්දි පොඩි පොඩි ප්‍රශ්න එනවා.. ඒත් කාගෙන යනවා.. ඔන්න ඔය අල්ටො එක මගෙ වාහනේ කියලා එහෙම හිතනවා නෙවෙයි.. මට තියෙන්නේ එව්රි බඩියක්.. ස්තුතියි අක්කා..

      Delete
  3. // චුට්ටක් වැඩිපුර රත්වෙනවා // කෑල්ල කපල "zuzuki" ලට ඇඩ් එහෙකට දීල ගානක් ගන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඕන නම්.. ඒ වෙනුවට තව හොඳ feature එකක් දාන්ට බැරියෑ.. හොඳ ළමයා වගේ පොඩියක් හොයලා බලන්ටකෝ.. කෙන්ජි ජැපෑන් නොවැ නමත්.. හෙහ්..

      Delete
  4. ඇල්ටො එකක් බෙන්ස් එකක් වගේ පේනව නම් ඉතිං වහාම අක්‍ෂි වෛද්‍යවරයෙක් චැනල් කරන එක හොඳයි. ඇයි දෙයියනේ ... බෙන්ස් කම්පැනියෙ ලොක්කො එල්ලෙයි මෙහෙම අපහාස කරාම.

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්.. ඒකෙන්ම තේරෙන්ට එපාය.. ඔය කියන්නෙ.. ඇල්ටො එකක් ගැනවත්, බෙන්ස් එකක් ගැනවත් නෙවෙයි කියලා..

      Delete
    2. අපොයි තේරුනා අයියා, මොකද නැත්තෙ. අද දවසෙම මේ වගේ නංගි පෙන්නල අක්ක දෙන කතාවක් කිව්වම මොන මෝඩයටද ඒක නොතේරෙන්නෙ.

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..