Friday, November 9, 2012

෴෴කොමාව෴෴



මං පුංචිම පුංචි කාලෙ
මට සෙල්ලම් කරන්න දුන්
සෙල්ලම් බඩු සැරින් සැරේ
මගෙන් උදුර ගත්තා...

තව චුට්ටක් ලොකු වෙනකොට
මගේ තිබුණු චණ්ඩි කමට
නුඹේ කෑම බීම පවා
මාත් උදුර ගත්තා..

ගැටයො ගැටිස්සියො වුණාම
එකිනෙකාට ලැජ්ජාවෙන්
අපෙ හිත් වල තිබුණු සතුට
අපි නැතිකර ගත්තා..

මගෙ යාළුවො හොරෙන් හොරෙන්
නුඹට කොලොප්පං කළාම
මගේ හොඳම යාළුවන්ව
මං නැතිකර ගත්තා..

ලස්සන හොඳ මහත්තයෙක්
නුඹෙ හිත හොරකම් කළාම
මගේ හිතේ ආල පැතුම්
මං හංගා ගත්තා..

කුසින් උපන් දරු එක්කලා
නුඹ ආයෙත් තනි වුණාම
නුඹට තනිය නුසුදුසු බව
මං තේරුම් ගත්තා..

ඒ තනියට තිත තියන්න
ආදරයෙන් ලං වුණාම
කොමාවකට වැඩිය ඉඩක්
නැති බව දැනගත්තා..

8 comments:

  1. සිතුවිල්ල නම් දුක්බරයි..
    ලියවිල්ල නම් මල් හතයි...

    හි හි

    ReplyDelete
    Replies
    1. ඕව නම් ඔහොමම තමයි
      හිරු නංගිටත් ඉස්තුතියි

      Delete
  2. වැඩිමහල් සොහොයුරියක් ගැනද මල්ලි මේ? හරිම සංවේදී සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. අක්කා මේකෙ වස්තු බීජය වුණේ පුංචි කෙල්ලෙකුයි කොල්ලෙකුයි.. ඉතුරු ටික පරිකල්පනය.. අර වස්තු බීජයෙ හිටපු චූටි කෙලි පොඩිත්ත නම්.. කොලු පැට්ටට වඩා චුට්ටක් ලොකුයි තමයි.. හෙක්..හෙක්..

      Delete
  3. පුංචි කාලෙ ඉඳන්ම එකටම හැදිච්ච කෙල්ලෙක්ට, කොල්ල කියන කවි නොවැ... කොමාව කියන්නේ තාවකාලික නැවතීමක් කියන එක මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. කෙල්ලගෙ තනි කමට තිතක් තියන්න මේ කොල්ලට ඉඩක් නෑ.. කොමාවකට විතරයි ඉඩ තියෙන්නේ.. ඒ කියන්නෙ තාවකාලිකව පාළු මැකීමක් මිසක ස්ථිරව හිමිකාරත්වය දෙන්න මේ කොලුවට ඉඩක් නෑ කියන එකයි..

      Delete
  4. දුක්බර උනත් අපූරු සිද්ධියක්.

    ෴ කොමාවකට වැඩිය ඉඩක්
    නැති බව දැනගත්තා.. ෴

    මේක නම් මට වැඩිය වැදුනෙ නෑ, අදහසක් නම් ආවා, අනේ මන්දා.

    අර සුදෝ සුදු එකෙත් චුට්ටක් මීට ළඟින් යන සීන් කෝන් එකක් නේද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලී.. මට දැන් සුදෝ සුදු සම්පූර්ණයෙන් මතක නෑ.. ආයෙ කියවලා බලන්න ඕන..ස්තුතියි මතක් කළාට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..