Monday, December 10, 2012

රන් වන් අනාවක් වේවා පුතුනි මගේ..!



පුතුනේ නුඹේ සුන්දර ජීවිතය මත
අප හැම දෙනගෙ පැතුමන් හා සතුට ඇත
බාධක කම්කටොලු මැඩ, වීරියෙන් සිත
මා නිම නොකළ මෙහෙයට අත තබනු පුත

ජාතිය සිහල කම රැක සලසවා සෙත
ආගම දහම ඇසුරෙන් මෙත වඩා සිත
කාටත් හොඳින් සලකා තෙත දරා නෙත
ජීවත් වෙයන් මිනිසෙකු ලෙස මගේ පුත

තුන්වැනි වියට පා ඔසවන දිනේ නුඹ
සුන්දර නුඹේ නළලත ආදරෙන් සිඹ
යන්නට වෙතට සතුටේ රන් පහන් ටැඹ
දෙන්නෙමි සෙත් පැතුම්  උණුසුම් සුසුම් පිඹ

17 comments:

  1. චතුර අයියගේ පුංචි පුතු පැටියට සුබම සුබ උපන් දිනයක් වේවා !

    නිරෝගිකමෙන්.. දැනුමෙන් පිරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නඟා.. මං පුතාට කියන්නම්කෝ..

      Delete
  2. සුබම සුබ උපන් දිනයක් වේවා පොඩ්ඩට....

    ReplyDelete
  3. පුතා බොහොම හුරතල් පාටයි
    තාත්තගේ පැතුම් ඉටුවෙන්නත් පුතා යෙහෙන් දිනෙන්නත් සුභ පැතුම් පතමි!

    ReplyDelete
    Replies
    1. ඔවු.. මේකා කොල්ලො අතර හුරතල් කොල්ලෙක්.. බොහොම ස්තුතියි අයියා..

      Delete
  4. හරිම සුරතල් පුතෙක්නේ . නිදුක් නිරෝගී ලස්සන අනාගතයකට මගේ ආදර සුබ පැතුම්

    ReplyDelete
  5. පුතාට සුබම සුබ උපන්දිනයක් ! පොඩ්ඩගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල නැවතත් ප්‍රාර්ථනාකරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මළයා.. ඔයාලගේ අනාගතෙත් ඒ වගේම සාර්ථක වේවා..!

      Delete
  6. මොකද කියන්නෙ චතුර අයියා. හොඳවුණාට පස්සෙ මගේ කොල්ලට සෙට්කරමුද?
    කොලු පැටියාට සුභම සුභ උපන්දිනයක්...

    ReplyDelete
    Replies
    1. මොකක්ද මලේ ඒ හරුපේ..
      1. හොඳ වුණාට පස්සේ???
      2. කොල්ලට සෙට් කරමුද???

      මට තේරෙන්නෙ නෑ බං මේවා.. කොයි හැටි වෙතත් බොහොම ස්තුතියි සුබ පැතුමට..

      Delete
    2. හරි.. හරි.. ඔයාගෙ බ්ලොගයට ගියා.. හ්ම්.. දරුවට ඉක්මන් සුව පතනවා මල්ලියේ..

      Delete
  7. එන්න පමා වුණා වුවත් ,,පුතාට සුබපැතුම් එක් කරනවා චතුර.

    ReplyDelete
  8. සුබ අනාගතයකට ආදර සුබ පැතුම්! පුතාට සුබම සුබ උපන්දිනයක් !

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..