Tuesday, December 18, 2012

මම (අ)සාමාන්‍ය මිනිසෙක්ද?..

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්මයාගේ දේශනයක් ඇසුරින් මීට වසර 18කට පමණ පෙර චිත්ත ධර්ම විද්‍යා පුවත් පතෙහි පළ වූවා යැයි කියන ලිපියක් ඔබ සාමාන්‍ය මිනිසෙක් ද? යන මැයෙන් ගයනී සමරසිංහ මහත්මිය විසින් සුමනදාස සමරසිංහ මහතාගේ නමින් පවත්වාගෙන යන බ්ලොගයේ පළ කර ඇත. කෝදාගොඩ මහතා මෙන්ම සමරසිංහ මහතාත් මා ඉතා ගරු කරන විද්වතුන් දෙපලක් බවත් මේ අදහස් දැක්වීම කිසිසේත්ම ඔවුන් ව නොසලකා හැරීමක් නොවන බවත් සලකන්න..

උක්ත ලිපියේ සාමාන්‍ය මිනිසා අර්ථ දක්වා ඇත්තේ අපූරු ක්‍රමයකටය.. ඒ අනුව සාමාන්‍ය මිනිසුන් තම පළමු සැතපුම වේගයෙන් ගොස්.. ඉතිරිය ඔහේ සිටින්නන්ය.. මෙය කාලයේ වෙනසක් දැයි නොදනිමි.. අද කාලයේ නම්.. සාමාන්‍ය මිනිසුන්  ජීවිත කාලයම පිම්මේ දුවයි.. එහෙත් මේ දිවිල්ලෙන් ඔවුනට අහිමි වන දෑ බොහෝය.. හිමි වන දෑ ද බොහෝය..

මම .. මේ දිවිල්ල නරකයැයි දකින.. එහෙත් හැල්මේ දුවන එකෙක්මි.. මම අසාමාන්‍ය අයෙක් වන්නට ඇත.. මට මේ තත්වයෙන් මිදීමට අවශ්‍ය නැත.. මට අවශ්‍ය මේ තත්වය වර්ධනය කර ගැනීමටයි.. මට මේ දිවිල්ලෙන් හිමි වන දෑ සුළුය.. අහිමි වන දෑ ද ඉතා සුළු ය..  පළමු සැතපුම් කීපය වේගයෙන් දුවා නවතින්නට මට අවැසි නැත.. මම දිගටම දුවමි.. මට තරඟයක් නැත.. යාන්තම් ජීවත් වීම වෙනුවට අඩු පිරිවැයකින් හොඳින් ජීවත් වෙමි.. මට මානසික සිර ගෙයක් ඇත.. එය ඔය විශේෂ මිනිසුන්ටත් ඇතැයි මම සිතමි.. ඉතින් මම සාමාන්‍ය මිනිසෙක් ද?..

අනුගමනය කරන ක්‍රමවේදයන්ගෙන් පමණක් අසාමාන්‍ය වෙමි.. මම අවශ්‍ය පමණට වඩා සොයන්නේ වත්, අසීමිත ලෙස කල්පනා කරන්නේ වත්, නැවතීමේ ලකුණ නොදන්නේ වත් නොවෙමි.. එහෙයින් මම විශේෂ මිනිසෙකුද නොවෙමි..

හැබෑටම මම මොකෙක් ද?

6 comments:

  1. මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහත්මයා නම් සාමාන්‍යයෙන් අසාමාන්‍ය කෙනෙක් තමයි. එතුම ගැන හරි රසකතාත් තියෙනව නේද? එතුම දේශනවලදි එහෙම හරි අපූරු උත්තර දීල තියෙනවළු. අනෙක එතුම සාමාන්‍ය පෙළ ගණිතය කීප පාරක්ම ෆේල්වුනා වගේ කතාවක් මම අහල තියෙනව, ඇත්තද දන්නෑ.

    මම ගැන නම් ... අනේ මන්ද. මට දැනෙන හැටියට නම් මම හෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක්.

    ReplyDelete
    Replies
    1. හුඟක් උසස් ගතිගුණ තියෙන මහාචාර්‍යවරුන්ගේ ජීවිත කතා හරිම රසවත්..

      අපේ සාමාන්‍ය කමත් තරමක් අසාමාන්‍යයි නොවැ මල්ලී..

      Delete
  2. සාමාන්‍ය මිනිසා කියලා ඇත්තටම එකෙක් නෑ.

    දැන් ඔය ඇඩ්ස් වල තියෙන්නේ... ඕනෙම කිරිපිටි වර්ගයක්, සබන් කෑල්ලක්, රෙදි සෝදන දියර.., දන්තාලේපන .. ඔය හැම දෙයක්ම ඒවගෙ සංසන්දනය කරන්නේ මොනවා එක්කද? "සාමාන්‍ය" කිරිපිටි, සබන්, රෙදි සෝදන දියර, දන්තාලේපන එක්ක. ඒත් කවදාවත් ඒ 'සාමාන්‍ය' බ්‍රෑන්ඩ් එකක් කඩේ විකුනන්න තියනවා දැකලා තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒක නොවෙන්නම්.. එහෙම එකෙක් නෑ..

      Delete
  3. මම අර්ථදැක්වෙන්නෙ හැමවිටම අනිකාට වඩා සුපර්බ් ඩයල් එකක් විදියට..ඒක ජාන වලින්ම එනවා..මම වැරදි කලත් ඒ වැරදි වුනත් සුපර් කිය නැත ගොඩක් වෙලාවට මම කියන කෙනා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. එහෙමද?.. මං හිතන්නෙ ඒක එහෙම වෙන්නෙ අපේ තියෙන මාන වල වරදින්.. මාන කියන ඒවා කොහොමත් සාපේක්ෂයි නොවැ.. මට නම් මං සුපර්බ් ඩයල් එකක් විදිහට හැම විටම දැනෙන්නේ නෑ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..