Monday, December 24, 2012

බැරිදා විග්‍රහය!හරාම් මෙහෙයුම..

පසුගිය දිනවල මුහුණු පොත පුරා තිබු දැන්වීම් වලින් කියැවුණේ..හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා උලමා සභාව විසින් විශාල මුදලක් අදාල නිශ්පාදන ආයතන වලින් අය කරන බවත්, එනිසා එම භාණ්ඩයේ මිළ ඉහල යන බවත්.. හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින ඉතා සුළු කොටසකට බැවින් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකර ගැනීම අසාධාරන බවත්.. ඒ නිසා හලාල් සහතිකය නැතිව අපට අඩු මුදලටත්.. හලාල් අවශ්‍ය අයට එම සහතිකය සමඟ වැඩි මුදලටත් විකිණිය යුතු බවත්, එතෙක් පාරිභෝගික අප හලාල් නිශ්පාදන ප්‍රතික්ෂේප කළ යුතු බවත් ය.. 

මගේ වැටහීමට අනුවද මෙය ඉතාමත් සාධාරණ තර්කයකි.. එමෙන්ම වැඩි දුරටත් මෙසේ සිතමි.. බෞද්ධ ප්‍රජාව සඳහා නිර්දේශිත මෙවන් තවත් සහතික කිරීමේ ක්‍රමයක් තිබුණා නම් අගනේය..

ඊයේ දිනයේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන ඒමට බිරිඳත් සමඟ නගරයට ගියෙමි.. වාසනාවට හාල්, මුංඇට, පරිප්පු, පිටි, කඩල, කවුපි, මිරිස් තුනපහ ආදිය.. (පැකට් නොකල ඒවායින් ගත් නිසාදෝ) හලාල් කර තිබුණේ නැත.

පොඩි එවුන්ට මාගරින් නුසුදුසු යැයි කියන නිසා.. බටර් ගන්නට ගියෙමු.. තිබුණේ හයිලන්ඩ් බටර් පමණි.. එය හලාල්ය..
බටරුත් නැති එකේ බිස්කට් ටිකක්වත් ගෙහුං තියන්ට එපාය.. කියා සිතමින්.. බිස්කට් තෝරන්නට වීමු.. මංචි හලාල් ය, මැලිබන් හලාල් ය.. කිස්ට් වේෆස් එකක් තිබුණි.. බැලුවාම ඒකත් හලාල්ය.. වෙනත් බිස්කට් ජාති කිසිවක් අප ගිය කඩ වල තිබුණේ නැත..
හලාල් ලකුණ නැති මිල්ග්‍රෝ කිරිපිටි එකක් නම් බොහොම අමාරුවෙන් හොයා ගතිමු.. ඒත් ඉතිං ඒක ශ්‍රීලාංකික නොවන එකක් නොවැ..

එක්කෝ අපි හලාල් කන්න හිත හදාගන්න ඕනෑය.. එක්කෝ කෑම හලාල් නොකර ඉන්ට නිශ්පාදක ඇත්තෝ දැන ගන්ට ඕනෑය.. එහෙමත් නැත්නං වේලක් දෙකක් නොව දිගටම හරි බඩගින්නේ හිඳිමින්.. හලාල් සහතිකේ තියෙන කෑම වර්ජනය කොරන්නට ඕනෑය..

මොනවා කළත් දුකම තමා...

20 comments:

  1. හලාල් නැති බිස්කට් ජාතියක් තියෙනවා චෙරිෂ් ( Cherish) කියලා.. ෆැක්ටරි එක තියෙන්නේ අනුරාධපුරේ.. චොක්ලට් ක්‍රීම් බිස්කට් එක මැලිබන් ඉස්සර තිබ්බා වගේ.. හරි රසයි... බිස්කට් ජාති කීපයක්ම තියෙනවා... නාවින්නේ ආපිකෝ එකේ නම් ආපු ගමන් ස්ටෝක් ඉවර වෙනවා.. ඒත අනිත් කඩවලත් තියෙනවා... ෆුඩ් සිටි නම් දන්නේ නෑ ...

    මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා අප්පා.. රත්ති අරං අරං හිටියේ.. මාත් මිල්ග්‍රො තමයි ගත්‌තේ... ඊට අමතරව නැවුම් එළකිරි ගන්නවා NLDB එකෙන්... හරිස්චන්ද්‍ර නූඩ්ල්ස් නම් තියෙනවා... තව ජාති තියෙනවා ඔය ලංකාවේ හලාල් මාක් එක නෙවෙයි වෙන එකක් තියෙන...

    මෙහෙම බැලුවාම චොක්ලට් එකක්, අයිස්ක්‍රීම් එකක් කන්න වෙන්නේ නෑ... පුදුම කරුමයක් තමයි... මෙච්චර හරියක් වෙනකම් අපිත් ඇහැ කන පියාගෙන හිටිය එකට නම් මට මාත් එක්කත් තරහයි.. ඇත්තමයි.....

    ReplyDelete
    Replies
    1. අපේම නයි අපිවම කයි..:D

      හුඟ කාලෙකින් චෙරිෂ් දැක්කෙ නෑ.. ඉස්සර නම් මාත් ගේන්නෙ චෙරිෂ්.. ඒවා රසත් හොඳයි..

      Delete
    2. එතකොට SLS, ISO සහතික වලට ගෙවන සල්ලි? කවුරු හරි කිව්වොත් අපිට SLS ISO එපා කියලා උනුත් කියයි ඒවා ඕන අයට වෙනමයි අපිට වෙනමයි දෙන්න කියලා. ඒවට ගෙවන්නේ ලාභයෙන් මිසක් ඒවා නිෂ්පාදක පිරිවැයට එකතු කරන්නේ නෑ. හරියට වෙලඳ දැන්වීම වගේ. ඒවාට වෙන්කරන්නෙත් ලාභයෙන් මිසක් නිෂ්පාදක පිරිවැයෙන් නෙවෙයි. වානිජ්‍ය ගැන මුකුත් දන්නෙ නැතුව හොයල බලන්නෙත් නැතුව එක එකා අඹරලා දෙන ගුලි ගිලින උන් නිසා තමයි අද රටට හෙන ගහලා තියෙන්නේ. පේස් බුක් එකේ මොනා හරි දැම්මොත් ඇති කවුරු හරි අපේ මිනිස්සුන්ටත් පිලිගන්න!

      Delete
    3. ඇනෝ
      SLS, ISO කියන්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නිකුත් කරන සහතික නොවැ.. ඒවා පොදුවේ අපි හැමෝම වෙනුවෙන් නිකුත් කරන සහතික.. ඉතිං ඒවාට වියදම් කරන එකේ ප්‍රතිලාභ අපි හැමෝටම තියෙනවා.. ඒත්.. රතු පැන්සලක් කණේ ගහගෙන සත්තු මරන්ට අවසර දීලා නිකුත් කොරන සහතිකේකට ඇයි අපි ගෙවන්නේ..?

      ඕකට අමුතු වාණිජ්‍ය දැනුමක් මොකටද මිත්‍රයා.. පිරිවැය වැඩි වෙද්දී ලාභය අඩු වෙන බව තේරුම් ගන්ට.. අඩු වෙන ලාභය වැඩි කොර ගන්ට බඩු වල ගාන උඩ යන බව තේරුම් ගන්ට.. ෆේස් බුක් එකේ නෙවෙයි කොහේ හරි යමක් කියලා තිබුණාම.. අපි නම්.. අපේ මොළේ සයිස් එකට විමසලා බලනවා..

      Delete
  2. ඔච්චර දඟලන්නේ නැතුව මේකටත් අලුත් බදු ක්‍රමයක් හඳුන්වල දුන්නනම් ඉවරයි. බෞද්ධ බද්ද, මුස්ලිම් බද්ද, හින්දු බද්ද වගේ. රටත් සංවර්ධිත නිසා දැන් කරන්න වැඩකුත් නෑනේ ලොක්කන්ට.

    ReplyDelete
  3. ඔය සහතිකේ ගන්න කොච්චර වියදමක් යනවද?

    ReplyDelete
    Replies
    1. මූලිකව ගත් කල මෙය ආගමික අවශ්‍යතාවයක් උවද නොමිලේ ලබාදෙන ලකුණක් නොවේ.ඒ සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදල වැය කල යුතුය.ආසන්න වශයෙන් මේ වනවිට හලාල් ලකුණ ඉල්ලුම් කිරීමේ අයදුම්පතට රුපියල් 4000.00ක් ද සමාගමේ ධාරිතාවයේ ප්‍රමාණය පරිදි රු.200 000.00- රු. 1 500 000.00 දක්වා මුදල අය කෙරේ.එමෙන්ම සමාගම විසින් නඩත්තු කරන අවම වශයෙන් එක් අයෙකුවත් සිටින ඉස්ලාම් භක්තිකයෙකු (මුස්ලිම් ජාතිකයෙකු) සේවයට බඳවා ගත යුතුය.
      හලාල් නිසා මිල වැඩි වන අයුරු උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

      හලාල් ඉල්ලුම් කිරීමට පෙර X නම් සමාගමක් එහි උපරිම ධාරිතාවයෙන් වර්ශයකට බිස්කට් කිලෝ 100 000.00 නිෂ්පාදනයක් සිදු කරයි. සියලු පිරිවැය දරා ලාභයක්ද සහිතව ඔවුන් හලාල් රහිතව එක් බිස්කට් කිලෝවක් රු. 200.00 ගනනේ වෙලඳපලට ඉකුත් කරනු ලබයි.

      හලාල් ඉල්ලෙමේන් පසු;
      1.ඉල්ලුම් සහතිකය වෙනුවෙන් රු. 4000
      2.වාර්ෂික අවම දායකත්වය රු. 200 000.00
      3.එක් සේවකයෙකු වෙනුවෙන් මාසික අවම වැටුප රු. 25000.00 ලෙස සලකා - රු. 300 000.00

      එකතුව = රු. 504 000.00කි.මේ නයින් බලන කල එක් සමාගමකට අවම වශයෙන් මෙම පිරිවැය අතිරේකව දැරිය යුතුය.එහිදී 504000/100000= 5.04 ක අමතර පිරිවැයක් දැරිය යුතුය.එවිට අපට රු. 200.00ක මිලකට ලබාගත හැකිව තිබූ බිස්කට් එකක් සඳහා අපි අපට අනවශ්‍ය හලාල් ලේබලයද සහිතව රු. 205.40 කට මිලදී ගත යුතුය.

      ඇත්පවුර ජාතික සංවිධානයේ තරංග රත්නායක මහතාගේ ලිපියකින් උපුටා ගතිමි..

      Delete
  4. ‘හලාල්’ කියන්නේ ‘අවසරලත්’, ‘නීත්‍යානුකූල’ වැනි අදහසක් දෙන අරාබි වචනයක් නේ. විරුද්ධ වචනය ‘හරාම්’.අපි මේ හලාල් කියලා පාවිච්චි කරන්නේ කිසියම් ආහාරයක් ඉස්ලාම් ෂාරියා නීතියට අනුකූල එකක්ය යනුවෙන් අනිත් අයටත් දැනුම් දීමට. මම දන් නැ නොකා නොබි ඉන්නත් බැ.නමුත් වෙලඳ සමාගම් මිට වඩා කල්පනාකාරව ක්‍රියාත්මක වෙලා මේ හලාල් වලින් ගැලවිලා ලාංකිය නම රැක ගන්න කටයුත් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එයාලට බලපෑමක් කරන්න අපට පුළුවන්.. තමන්ගෙ ගෙදරින් පටං ගමු.. අපේ ගෙදර නම්.. 95%ම හලාල් රහිතයි.. ඉක්මනටම 100% කරන්න බලාපොරොත්තු වෙනවා..

      Delete
  5. යාලුවනේ,
    රයිගම්, හරිශ්චන්ද්‍ර, ලකී (යෝගට්) හලාල් නොවේ. තව දන්න හලාල් නොමැති වෙලඳ නාම ගැන දැනුවත්වෙමු.

    ReplyDelete
    Replies
    1. සුඛී ( යෝගට්, මීකිරි) නිෂ්පාදනත් හලාල් නොවේ...

      Delete
    2. Oba thumiya mage lipiyata commentuwak demima gena imahath sathutu wemi..mama hithuwe mage blog eka mama witharai balanne kiyala..:D mama blog ekata godak aluth..mata litabta puluwan..eth oya eka eka ewwa anunanta danne netha..weda adikaya..sathiyakata eka warak peya 12k hath maluwe lipi okkoma kiyawami.. Isthuthiy..

      Delete
  6. mewwa mokuth oni nehe ban..oya sinhalayage thawath eka sakkili balu gunayak..mehema hithapan..awuruddata ubala wediyenma badu ganna yanne no limit..wedding ekakata aduma kuduma 90% ganna yanne pitakotuwe..nikamata me irisiya weda ekka unta mala penala kadawal tika wahala demmoth ubala yanawada sinhala kadayakata..nehw ne ban.. Api ape ewuntama irisiya karanawa..balanakota api apitamai mulu loketamai irisiya karanawa.. Meka thamai ban eththa..eth api eka penwanta yanne nehe..

    ReplyDelete
    Replies
    1. උඹලා යනුවෙන් අමතා ඇත්තේ කාට දැයි නොදනිමි.. මම නම් නෝලිමිට් ගිය කාලයක් මතක නැත.. අපි අවුරුද්දට රෙදි ගන්නේ.. තිලකවර්ධන, කැන්ඩි, විජය(CIB) වැනි ආයතන වලිනි.. අඩුම කුඩුම ගන්ට පිටකොටුවේ යන්නේ ද නැත..

      කෙසේ වෙතත් ලංකාවේ රෙදි, පරිගණක ආදී ව්‍යාපාර බොහොමයක් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට නතුව ඇති අතර.. ඔවුහු එම බලය යොදාගෙන සිංහල ව්‍යාපාරිකයින්ට කොකා පෙන්වති.. ඔවුහු තම දක්ෂතාවය යොදාගෙන ව්‍යාපාර වල ඉහලින් සිටියාට අපගේ අමනාපයක් නැත.. එහෙත් තමන්ගේ ආගම ඉස්සරහට දමාගෙන ගෙන යන කූට වැඩපිළිවෙලට මුහුණ දීමට අපට සිදුව ඇති බව අප තේරුම් ගත යුතුය..

      Delete
  7. වටිනා ලිපියක් අපි හැමෝම මේ විදිහට එකතුවෙලා අපිට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියලා කතිකාවතක් ගොඩ නගා ගන්නවානම් අද දිනේ අපිට කරන්න පුළුවන් හොඳම දෙය එකයි. ගොඩක් ස්තුති හරි දේ වෙනුවෙන් එක වචනයක් හරි කතා කරපු එකට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දෙයක් අවශ්‍යයි මිත්‍රයා.. සිංහල ජාතිය තවත් අවුරුදු 2500ක් තියෙන්ට අවශ්‍යයිනේ..

      Delete
  8. හලාල් කියන්නෙ විවිධ තේරුම් තියන වචනයක්. මුස්ලිම් ජාතික ගුරුවරයෙක් මට කියල දීපු විදියට "පිරිසිදු" කියන්නෙ එක තේරුමක්. මස් ජාති වගේ දේවල් සම්බන්ධයෙන් ගත්තොත් හලාල් කියන්නෙ "ඉස්ලාම් ක්‍රමයට මරනලද" කියන තේරුම දෙනව. මෙන්න මේ මැරීමේ ක්‍රමයට තමයි හුඟ දෙනෙක් අකමැති. ඒ වගේම හලාල් සහතිකය ගන්න කරන වියදම සම්බන්ධයෙන් උලමා සංවිධානය දැන්වීමක් පලකරල තිබුන. ඒකෙ කියල තියන කාරණාව තමයි බොහෝ නිෂ්පාදන ඉන්දියාව මැදපෙරදිග වගේ ප්‍රදේශවලට යැවීමේදී හලාල් සහතිකය නොමැති වුවහොත් පවතින්න අමාරුයි කියන කාරණාව.

    කොහොම උනත් මුස්ලිම් අයට හලාල් තිබීම වගේම හලාල් නොමැති නිෂ්පාදන ඉල්ලීමේ අයිතිය අනෙකුත් පාරිභෝගිකයන්ට තිබිය යුතුයි. මුස්ලිම් නියෝජිතයන්ගේ විරෝධය නිසා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඌරුමස් තහනම් කිරීම වගේ දේවල් බැලුවම, "ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ" තුල එහෙමනං අනෙක් අයට තියන අයිතිවාසිකම් ගැන කවර කතාද කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මං අද කියවපු ලිපියක තිබුණ විදිහට හලාල් කියන්නේ ආගමානුකූලව අනුමතයි කියන අදහස.. ඉස්ලාමයේ හරි වැරැද්ද තෝරන විදිහ අමතක කරමු..

      එයාලට හලාල් ඒවයි.. අපට අඩු ගානට හලාල් නැති ඒවයි දුන්නම අහකයිනේ..

      හැබෑට.. අපට මොන අයිතිවාසිකම් ද?

      Delete
  9. හලාල් කියන්නෙ සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක්
    මට මේ ගැන කියන්නට ඇති සියළුම දේ මගේ බ්ලොගියේ කියලා තියෙනවා...කැමති කෙනෙක් පහළ ලින්කුවෙන් බලන්න...
    http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..