Saturday, December 8, 2012

මෘදුකාංග (Software)

ඔන්න ඉතිං.. ඒ ගැන දන්න කස්ටිය .. අපි නොදන්න සොෆ්ට්වෙයාර්.. කියලා මාව කපලා දාන්නෙ නැතුව.. පොඩියක් කියවලා බලලා..ඌණ පූර්ණයක් එහෙම කොළා නම් තමයි වටින්නේ..

සොෆ්ට්වෙයාර් කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන වැදගත්ම දෙයක් නොවැ.. ඒ කියන්නෙ.. සොෆ්ට්වෙයාර් නැතුව කොම්පියුටරේ දුවන්නෙ නෑ.. ඔයාලට කියන්න. ඒවා නැතුව අද කාලෙ සමාගම් බොහොමයකුත් දුවන්නෙ නෑ..ඒ ගැන පස්සෙ දවසක විස්තර ඇතුව කියන්නම්කෝ..

කොම්පියුටරේ පාවිච්චි කරද්දී අපිට පේන්න තියෙන සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් තියෙනවා..

එකක් තමයි සිස්ටම්ස් සොෆ්ට්වෙයාර් (මෙහෙයුම් පද්ධතිය .. දන්න සිංහලෙන් කියනවා නම් OS එක එහෙම අයිති වෙන්නෙ මේ වර්ගයට ). මේවැයින් තමයි කොම්පියුටරේ තියෙන හාඩ්වෙයා ගැජට් කෑලි  එක්ක සම්බන්දතාවය හදලා දෙන්නෙ.. Windos 7, WinXP වගේ උදාහරණ ඕන තරම් තියෙනවානෙ මේ OS වලට. ඒ වගේම අපි සමහර අලුත් ගැජට් කොම්පියුටරේට දැම්මාම.. Drivers කියලා එකක් Install කරනවා නේද? අන්න ඒවත් වැටෙන්නෙ මේ කොටසටම තමයි මයෙ හිතේ..


අනික් එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්.. ඒවැයින් තමයි අපි වගේ පරිශීලකයො (Users) කොම්පියුටරේ පොරෝජනේට ගන්නෙ.. අපි කවුරුත් දන්න උදාහරණෙ තමයි ඉතිං.. MSOffice (ඇම්. ඇස් ගේ කාර්‍යාලය) . ඔය ඇප්ලිකේෂනුත් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් සහ වෙබ් ඇප්ලිකේෂන්ස් විදිහට බෙදෙනවා.. මං මේ ලිපිය ලියන්නෙ එහෙවු වෙබ් ඇප්ලිකේෂන් එකක.. (Madhura Real Time Singlish කියන ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකේ සහායෙන්).. හිතලා බැලුවහම.. මේවායේ නිර්මාපකයෝ කොහොම මේවා නිර්මාණය කළා ද කියලා හිතා ගන්ටත් බෑ..  මේ ඇප්ලිකේෂන් හදන්ට ලැන්ග්වේජස් කියලා ජාතියක් තියෙනවා.. ඒ ලැන්ග්වේජස් පාවිච්චි කරන්න පුළුවං විදිහේ ඇප්ලිකේෂන්ස් වගයකුත් තියෙනවා.. විසුවල් ස්ටුඩියෝ කියන්නෙ එහෙම එකක්..

වැදගත්ම දේ මම දෙවැනියට කිවුව.. ඇප්ලිකේෂන් නිසා අපේ කාලය හා ශ්‍රමය විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම නිරවද්‍යතාවය හා පිළිවෙල ඉහලටම ගිහිං තියෙනවා..විශේෂයෙන් ව්‍යාපාර වලට එහෙම.. මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලින් ලැබෙන්නේ එසේ මෙසේ තල්ලුවක් එහෙම නෙවෙයි..

ඒ ගැන අපි පස්සෙ දවසක කතා කරමුකෝ..


5 comments:

  1. හොඳා.. හොඳා.. අපිත් ඔන්න ඒ පැත්තෙ ගියා..

    ReplyDelete
  2. මෘදුකාංග ගැන කවියෙන් පාඩමක් කළානම් නරකද?

    ReplyDelete
  3. මචං, මධුර එකට වඩා රියල් සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. පැන්සල කියලා ..මම සිංහලෙන් කොටන්න පාවිච්චි කරන්නෙත් ඒක. මෙන්න ලින්ක් එක .http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ඇත්තටම මට නම් මධුර එකේ කියන්න තරම් වරදක් නෑ.. ඒත් බලමු පැන්සල ඊට වඩා හොඳයි ද කියලා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..