Wednesday, January 30, 2013

ලංකාවේ තියෙන්නේ ජාතිවාදය ද?


අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම මෙත පතුරවන්ට කියාය.. ඉතිං කියන එක අහපු අපි කොයිකාටත් සම මෙත පැතිරවූයෙමු.. එම සම මෙතෙහි ආනුභාවයෙන් අපට අපගේ බොහෝ බෞද්ධ උරුමයන් අහිමි වුණු බැවු සැබෑවකි.. එහෙත් එයින් මහා ලොකු පාඩුවක් සිදු වුණේ ද නැත.. නාමික බෞද්ධයින් ගණන අඩු වන්නට ඇත.. එහෙත් වත්මනෙහි ඇති ආගමික පිබිදීමත් සමඟ බුද්ධියෙන් ආගම සමඟ ගනුදෙනු කරන බෞද්ධයින් ගණන වැඩි ඇතැයි මට සිතේ.. 

පසුගිය දශක තුනකට අධික කාලය තුළ පබාකරන් ගේ පිරිවර සමඟ තිබුණු යුද්ධය ඇසුරු කරගෙන රටක්, ශ්‍රීලාංකීය ජාතියක් වශයෙන් අප බෙහෙවින් පසු පසට ගියෙමු. එම කුරිරු ත්‍රස්තවාදී සංවිධානය අවියෙන්ම මර්ධනය කොට අප ජයක් ලැබුවා යැයි උදම් වීමු.. එක අතකට එසේ උදම් වීමේ සාධාරණයක් තිබේ.. එහෙත් එයද මිරිඟුවේ තවත් ස්වරූපයක් බැවු අවබෝධ කරගන්නට තරම් ශක්තියක් අපට තිබුණේ නැත.. 

කැමැත්තෙන් මෙන්ම අකැමැත්තෙන් අපේ රටේ ශ්‍රම බලකායෙන් සැළකිය යුතු පිරිසක් අපට අහිමිව ගොස් තිබුණ ද.. ඉතිරිව සිටි ශ්‍රම බලකායට ද කරන්නට ඒ තරම් වැඩක් නොතිබූ බව පශ්චාත් යුධ වාතාවරණය සැලකීමේ දී පෙනේ.. දේශපාලකයින් වඩාත් නිර්භීතව ජනතා දේපල මංකොල්ලයෙහි, ජනතා ස්වාධිපත්‍යය මංකොල්ලයෙහි, මාධ්‍යය නිදහස මංකොල්ලයෙහි හා ජනතාව ගොනාට ඇන්දවීමෙහි නිරත වීම.. කොටි ත්‍රස්තවාදය තරම්ම ම්ලේඡ්ඡ බව මගේ අදහසයි... වෙනසකට තිබුණේ.. කට පියාගෙන හිටියොත් පණ බේරගන්ට වැඩි අවස්ථාවක් හිමි වීම පමණි..

මේ කාලය ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් මෙන්ම සිංහල ජාතිය වශයෙන් ද වත්මනෙහි ඉහත කී දේශපාලන ම්ලේඡ්ච කමට අමතරව අප මුහුණ දෙන බරපතලම ගැටළුව යළිත් හිස ඔසවන ජාතිවාදී අරගලයන්ය.. හාමුදුරුවෝ සිතන්නේ හෙළ බොදු සංස්කෘතියට අයත් පුරා වස්තු රැක ගැනීමට පෙරමුණ ගත යුත්තේ හාමුදුරුවන්ය කියලාය.. එහෙත් මට නම් හිතෙන්නේ එය කළ යුත්තේ ආණ්ඩුව විසින් බවයි.. විශේෂයෙන් හෙළ උරුමය පාර්ශවකරුවෙකු වන ආණ්ඩුවකින් එවැන්නක් බලාපොරොත්තු වීමේ අයිතියක් අපට තිබේ.. එහෙත් ආණ්ඩුව එම බලාපොරොත්තුව අමු අමුවේ විනාශ කර දමයි.. ආණ්ඩුවට බැරි නම්.. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ සිංහල ගිහියන්ය.. හාමුදුරුවෝ එළියට බැහැලා සටන් පාඨ කියන එක අපේ බෞද්ධ කමට තරම් නොවේ.. අනෙක් අතට අප කළ යුත්තේ වෛරී නොවන දැනුවත් කිරීම්ය.. සිංහල ජාතියට, බෞද්ධ ආගමට බරපතල ගැටළුවක් රට තුළ තිබේ... එහෙත් පැතිර යන්නේ වෛරයයි, ද්වේශයයි, ක්‍රෝධයයි.. බෞද්ධ ඉගැන්වීම් ගැන යම් අවබෝධයක් ඇති.. එහෙත් මුසල්මානුවන්ගෙන් සිංහල - බෞද්ධ උරුමයන්ට ඇති තර්ජනය ගැන හරි අවබෝධයක් නැති උදවිය සිතන්නේ හෙළ - බොදුවන් ජාති වාදීන් කියාය.. 

මුසල්මානුවෙකු වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න අප තවමත් කාරුණිකය.. මෛත්‍රී සහගතය.. මුස්ලිම් ගැබිණි මාතාවකට බසයක ආසනයක් පිරි නැමීමට තරම් අප කාරුණිකය.. එහෙත් අප ජාතිය හා ආගම ගිලගන්නට හදද්දීත් නිහඬව බලා හිඳීම තුළින් උපේක්ෂාව වැඩීම අපේ මතු පරපුරට කරන අසාධාරණයක් නොවන්නේද? 

සංඝ පීතෘ වරුණි .. බුදුන් දෙසූ දහමින්ම අප පෝෂණය කරන සේක්වා..
සිංහල බෞද්ධ උපාසක - උපාසිකාවනි... බොදු උරුමයන් නොවැනසෙන්නට ගතහැකි පියවරයන් ගනිමින්ද, අරි අටැඟි මඟෙහි සරමින් තමාගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් ද සිංහල බෞද්ධයා මේ යැයි ලොවට උදාරම්ව පවසන්නට හැකි අයුරින් වෙසෙත්වා..
සියළු අබෞද්ධ ලක්වැසියනි - තම තමාගේ ආගම් වල ඇති හොඳ නරක හඳුනාගෙන අනෙකාට කරදරයක් නොවන සේ වෙසෙන්නට උත්සාහ ගනිත්වා..

ප.ලි.
මම බෞද්ධ පුදබිම් ආක්‍රමණය, ලංකාවටම හලාල් භාණ්ඩ කැවීමට උත්සාහ කිරීම, කිලෝමීටර් ගානක් ඈතට ඇහෙන ලෙස ආගමික ප්‍රලාප මහ හඬින් කියා බලෙන් අපට ඇස්සවීම ආදී අපගේ මූලික නිදහස නැතිකරවන සුළු දෑට විරුද්ධ නිසා ෆේස් බුක් තුළ හා ඉන් පිටත ඒවාට විරුද්ධව සටන් වදින අයගේ දැන්වීම් ශෙයාර් කළෙමි.. මා සිටින්නේ ද ඔවුන් දරණ මතයේම යැයි එයින් අදහස් වන්නේ නැත..

Tuesday, January 29, 2013

කන්දට හඳ ලඟයි..?

කඳු මුදුනට දිවුවේ නුඹ 
හඳ අල්ලන්නට හිතාන
මුදුන අපට උසින් වුණත්
හඳට බෝම දුරයි..
පාත ඉඳං බැලුවම නං
කන්ද හඳට ලඟයි..

රොකට්ටුවෙන් හඳට බැහැපු
ආම්ස්ට්‍රෝං මහත්තයත්
එහෙට වෙලා ඉන්නෙ නැතිව
මෙහෙට ආවෙ කිමැයි..
හඳේ සිරිය දුරට මිසක
පුතේ ලඟට නොවෙයි..

හඳේ තැනින් තැන තියෙනා

අඳුරු වෙච්ච ආවාටය
ඈත ඉඳං බලනා කල
සා පොවුවෙක් වගෙයි..
ඒ වුණාට ලඟට ගියොත්
ආවාටය කැතයි..

කඳු පාමුල අපිත් එක්ක
හඳ බලන්න එකතු වෙයන්
ගාල කඩං දුවන්නෙපා
හැම දේ මඟ හැරෙයි..
අන්තිමේදි ඉතුරු වෙන්නෙ
කළ පිං පවු තමයි..

Wednesday, January 23, 2013

෴෴ලැබ යස ඉසුරු නොගිලින් පුත උගේ ඇම෴෴


ලෝකය තිබෙන්නේ අප අපගෙම අතර
කාලය ගෙවන්නෙමු මෙය නොහිතා නිතර
වේගය වැඩි වුණත් නෑ නිම මේ සසර
සාදය විඳිමු දම්, අපි අතරින් පතර

ඔබ වෙනුවෙන්ම රැක ගන්නට අපේකම
තබ තබ පුංචි පියවර හැම වෙලාවෙම
ඔබ මොබ ගියෙමි ගැහැටෙන් මැඩ විඩාවම
ලැබ යස ඉසුරු නොගිලින් පුත උගේඇම

රැක ගත යුතුය බුදු දම අද වගේ හෙට
එකටම තිබිය යුතු වෙයි මුතු වගේ රට
බක පණ්ඩිතයො කීවත් බොරු අගේ කොට
වක නැහැ කෙලින්මයි සිංහල මගේ කට

අපි විතරක් නෙවෙයි උන් ඉන්නත් ඕනා
උන් විතරක් ලෙසින් සැරසෙන්නට වානා
යහපත නොමැතිමය ලඟ පාතක පේනා
සටනට බසිමු හෙළයිනි නුවණැස මානා



ප.ලි.
උන් යනුවෙන් හඳුන්වා ඇත්තේ හෙළයින්ගේ මනුස්සකම නිවට කමක් ලෙස දකිමින්.. බොදුනුවන්ගේ ශාන්ත බව දුර්වල කමක් සේ දකිමින්.. ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ඨික මතවාදය හරහා හෙළය ගිලගන්නට හදනා අයයි..

Wednesday, January 2, 2013

වරද කාගෙද?

උඹයි මායි එකම තැනින් බස් එකට නැංගා..
මම මං මගේ කෙල්ල ළඟට ගියා..
උඹ ඒ ළඟම හිටපු වෙන කවුද කෙල්ලෙක් ළඟට ගියා..
මම.. ආදරේ කරපු කෙල්ලගේ අතින් මුලින්ම ඇල්ලුවේ.. මාස එක හමාරකට පස්සේ..
උඹ එදාම දැක්කා වුණාට කාලෙක ඉඳං අඳුරනවා වගේ.. අර කෙල්ලත් එක්ක කතා කර කර ගියා..
මම.. මට කැමති වුණු මගේ කෙල්ලව.. මගේ ක්ලාස් එකට ප්‍රමාද වෙද්දි එයාගෙ ක්ලාස් එකට එක්ක ගියා..
උඹ.. උඹෙත්.. ඒ කෙල්ලගෙත් ක්ලාස් කට් කරලා... ෆිල්ම් හෝල් එකට ගියා..
මම.. මගේ කෙල්ලගේ මූණ මුලින්ම සිම්බේ.. මාස තුනකට පස්සේ..

උඹ.. ෆිල්ම් හෝල් එකේදිම කෙල්ලව ඉඳුල් කළා..
මම.. ඒ කෙල්ලගේ චරිතය හොඳින් හදාරලා.. පෑහෙන්නෙ නැති තැන් තියෙන නිසා වෙන් වුණා.. 
උඹ.. කෙල්ලගෙන් බේරෙන්න බැරි කමටම හරි.. ඒ කෙල්ලව බැඳගත්තා..මම ද වැරදි..? උඹ ද..?
මට ද වැරදුණේ..? උඹටද....?