Wednesday, January 2, 2013

වරද කාගෙද?

උඹයි මායි එකම තැනින් බස් එකට නැංගා..
මම මං මගේ කෙල්ල ළඟට ගියා..
උඹ ඒ ළඟම හිටපු වෙන කවුද කෙල්ලෙක් ළඟට ගියා..
මම.. ආදරේ කරපු කෙල්ලගේ අතින් මුලින්ම ඇල්ලුවේ.. මාස එක හමාරකට පස්සේ..
උඹ එදාම දැක්කා වුණාට කාලෙක ඉඳං අඳුරනවා වගේ.. අර කෙල්ලත් එක්ක කතා කර කර ගියා..
මම.. මට කැමති වුණු මගේ කෙල්ලව.. මගේ ක්ලාස් එකට ප්‍රමාද වෙද්දි එයාගෙ ක්ලාස් එකට එක්ක ගියා..
උඹ.. උඹෙත්.. ඒ කෙල්ලගෙත් ක්ලාස් කට් කරලා... ෆිල්ම් හෝල් එකට ගියා..
මම.. මගේ කෙල්ලගේ මූණ මුලින්ම සිම්බේ.. මාස තුනකට පස්සේ..

උඹ.. ෆිල්ම් හෝල් එකේදිම කෙල්ලව ඉඳුල් කළා..
මම.. ඒ කෙල්ලගේ චරිතය හොඳින් හදාරලා.. පෑහෙන්නෙ නැති තැන් තියෙන නිසා වෙන් වුණා.. 
උඹ.. කෙල්ලගෙන් බේරෙන්න බැරි කමටම හරි.. ඒ කෙල්ලව බැඳගත්තා..මම ද වැරදි..? උඹ ද..?
මට ද වැරදුණේ..? උඹටද....?

14 comments:

  1. හ්ම්ම් හිතන්න දෙයක්. . . අද තමයි මේ පැත්තට ගොඩවුනේ. :)

    ReplyDelete
    Replies
    1. හදපතුලින්ම පිළිගන්නවා.. එහෙනම්..

      Delete
  2. ඇත්තටම ඒ වගේ සම්බන්ධ විවාහයක් දක්වා යනවා අඩුයි.. ගියත් ඒවාත් බොහෝ දුරට අසාර්ථකයි මං දැකලා තියෙන විදියට...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. වෙන්න ඇති.. ඒත් මේ විවාහය අසාර්ථක ම නෑ.. හැබැයි.. ප්‍රශ්න වල නම් කෙළවරක් නෑ.. අපේ ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා.. ඒත් දෙන්නා හොඳ බැඳීමකින් නම් ඉන්නවා.. ඒ අතින් උන් දෙන්නා අපට ආදර්ශයක්...

      Delete
  3. හරිම වැදගත් පෝස්ට් එකක් යාළුවා...
    ගොඩක් වටින කරුණක්.
    ඔබට සුබම සුබ වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මේකේ හිතන්නට යමක් නම් තියෙනවා.. ඒත් ඒ තරම්ම වටින එකක් කියලා මට වත් හිතුණෙ නෑ නොවැ.. ඔබටත් සුබම සුබ වසරක් වෙන්ට පතනවා..

      Delete
  4. බොහොම වටින පොස්ට් එකක් චතුර මල්ලි. අද කාලෙ බොලදව ආදරේ කරන අයට පාඩමක්. ඔයාටත් , නංගිටත් දරු දෙන්නාටත් වාසනාවන්ත නව වසරක් පතනවා සෙනෙහසින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දි අක්කා.. ඇත්තටම මං මෙතන උත්සාහ කළේ.. ටිකක් වෙනස් කාරණා ටිකක් මතු කරන්න..

      1. යාළුවා ගත්තු පළමු පියවර වැරදි වුණත්.. එයාගේ ඊළඟ පියවරයන් නිවැරදියි.. (මට හිතෙන හැටියට..)
      2. මගේ පළමු පියවර නිවැරදි නිසා ඉතා පහසුවෙන් දෙවැනි (වෙන් වීමේ) පියවරට යන්න පුළුවන් වුණත්.. ආදරය කියන්නෙ ඒක ද කියලා ආයෙමත් හිතන්න වෙනවා.. නේද?

      Delete
  5. තාවකාලි සුවයක් නොවැ ඒ හාදයා අරගෙන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒක තාවකාලික සුවයකට වැඩිය.. ඉක්මන් සුවයක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්.. මොකද.. මිනිහා කෙල්ලව බැඳගත්තනෙ.. ඇන්නා පැන්නා මොඩ්ල් එකේ එකෙක් නෙවෙයිනෙ..

      Delete
  6. විරල නොවන කතාන්දරයක් ..වැරදුනේ එයාට කියල තමයි දැක්ක ගමන් හිතෙන්නේ නේ !!!!!

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒක ඇත්ත.. එයාට ඉවසීමෙන් යුතුව සිය සහකාරිය තෝරගන්න තිබුණ අවස්ථාව අහිමි වුණා.. ඒත් එයා එන විදිහට මුහුණ දෙන්න තරම් ශක්තිමත් කෙනෙක් වුණා.. ඒ වගේම මොනවා නැතත්.. ගෑණු දරුවත් හාකොබොන්ඩ් වගේ කෙනෙක්.. ඉතිං දෙන්නා ඉතා හොඳින් ඉන්නවා.. ඒ වගේම මේ කතාවෙ එන මටත් වැරදෙන්න තියෙන ඉඩ අඩුයි.. ඒත් මං වැරදියි ද මංදා..

      බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වුවාට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..