Wednesday, January 30, 2013

ලංකාවේ තියෙන්නේ ජාතිවාදය ද?


අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම මෙත පතුරවන්ට කියාය.. ඉතිං කියන එක අහපු අපි කොයිකාටත් සම මෙත පැතිරවූයෙමු.. එම සම මෙතෙහි ආනුභාවයෙන් අපට අපගේ බොහෝ බෞද්ධ උරුමයන් අහිමි වුණු බැවු සැබෑවකි.. එහෙත් එයින් මහා ලොකු පාඩුවක් සිදු වුණේ ද නැත.. නාමික බෞද්ධයින් ගණන අඩු වන්නට ඇත.. එහෙත් වත්මනෙහි ඇති ආගමික පිබිදීමත් සමඟ බුද්ධියෙන් ආගම සමඟ ගනුදෙනු කරන බෞද්ධයින් ගණන වැඩි ඇතැයි මට සිතේ.. 

පසුගිය දශක තුනකට අධික කාලය තුළ පබාකරන් ගේ පිරිවර සමඟ තිබුණු යුද්ධය ඇසුරු කරගෙන රටක්, ශ්‍රීලාංකීය ජාතියක් වශයෙන් අප බෙහෙවින් පසු පසට ගියෙමු. එම කුරිරු ත්‍රස්තවාදී සංවිධානය අවියෙන්ම මර්ධනය කොට අප ජයක් ලැබුවා යැයි උදම් වීමු.. එක අතකට එසේ උදම් වීමේ සාධාරණයක් තිබේ.. එහෙත් එයද මිරිඟුවේ තවත් ස්වරූපයක් බැවු අවබෝධ කරගන්නට තරම් ශක්තියක් අපට තිබුණේ නැත.. 

කැමැත්තෙන් මෙන්ම අකැමැත්තෙන් අපේ රටේ ශ්‍රම බලකායෙන් සැළකිය යුතු පිරිසක් අපට අහිමිව ගොස් තිබුණ ද.. ඉතිරිව සිටි ශ්‍රම බලකායට ද කරන්නට ඒ තරම් වැඩක් නොතිබූ බව පශ්චාත් යුධ වාතාවරණය සැලකීමේ දී පෙනේ.. දේශපාලකයින් වඩාත් නිර්භීතව ජනතා දේපල මංකොල්ලයෙහි, ජනතා ස්වාධිපත්‍යය මංකොල්ලයෙහි, මාධ්‍යය නිදහස මංකොල්ලයෙහි හා ජනතාව ගොනාට ඇන්දවීමෙහි නිරත වීම.. කොටි ත්‍රස්තවාදය තරම්ම ම්ලේඡ්ඡ බව මගේ අදහසයි... වෙනසකට තිබුණේ.. කට පියාගෙන හිටියොත් පණ බේරගන්ට වැඩි අවස්ථාවක් හිමි වීම පමණි..

මේ කාලය ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් මෙන්ම සිංහල ජාතිය වශයෙන් ද වත්මනෙහි ඉහත කී දේශපාලන ම්ලේඡ්ච කමට අමතරව අප මුහුණ දෙන බරපතලම ගැටළුව යළිත් හිස ඔසවන ජාතිවාදී අරගලයන්ය.. හාමුදුරුවෝ සිතන්නේ හෙළ බොදු සංස්කෘතියට අයත් පුරා වස්තු රැක ගැනීමට පෙරමුණ ගත යුත්තේ හාමුදුරුවන්ය කියලාය.. එහෙත් මට නම් හිතෙන්නේ එය කළ යුත්තේ ආණ්ඩුව විසින් බවයි.. විශේෂයෙන් හෙළ උරුමය පාර්ශවකරුවෙකු වන ආණ්ඩුවකින් එවැන්නක් බලාපොරොත්තු වීමේ අයිතියක් අපට තිබේ.. එහෙත් ආණ්ඩුව එම බලාපොරොත්තුව අමු අමුවේ විනාශ කර දමයි.. ආණ්ඩුවට බැරි නම්.. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ සිංහල ගිහියන්ය.. හාමුදුරුවෝ එළියට බැහැලා සටන් පාඨ කියන එක අපේ බෞද්ධ කමට තරම් නොවේ.. අනෙක් අතට අප කළ යුත්තේ වෛරී නොවන දැනුවත් කිරීම්ය.. සිංහල ජාතියට, බෞද්ධ ආගමට බරපතල ගැටළුවක් රට තුළ තිබේ... එහෙත් පැතිර යන්නේ වෛරයයි, ද්වේශයයි, ක්‍රෝධයයි.. බෞද්ධ ඉගැන්වීම් ගැන යම් අවබෝධයක් ඇති.. එහෙත් මුසල්මානුවන්ගෙන් සිංහල - බෞද්ධ උරුමයන්ට ඇති තර්ජනය ගැන හරි අවබෝධයක් නැති උදවිය සිතන්නේ හෙළ - බොදුවන් ජාති වාදීන් කියාය.. 

මුසල්මානුවෙකු වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න අප තවමත් කාරුණිකය.. මෛත්‍රී සහගතය.. මුස්ලිම් ගැබිණි මාතාවකට බසයක ආසනයක් පිරි නැමීමට තරම් අප කාරුණිකය.. එහෙත් අප ජාතිය හා ආගම ගිලගන්නට හදද්දීත් නිහඬව බලා හිඳීම තුළින් උපේක්ෂාව වැඩීම අපේ මතු පරපුරට කරන අසාධාරණයක් නොවන්නේද? 

සංඝ පීතෘ වරුණි .. බුදුන් දෙසූ දහමින්ම අප පෝෂණය කරන සේක්වා..
සිංහල බෞද්ධ උපාසක - උපාසිකාවනි... බොදු උරුමයන් නොවැනසෙන්නට ගතහැකි පියවරයන් ගනිමින්ද, අරි අටැඟි මඟෙහි සරමින් තමාගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් ද සිංහල බෞද්ධයා මේ යැයි ලොවට උදාරම්ව පවසන්නට හැකි අයුරින් වෙසෙත්වා..
සියළු අබෞද්ධ ලක්වැසියනි - තම තමාගේ ආගම් වල ඇති හොඳ නරක හඳුනාගෙන අනෙකාට කරදරයක් නොවන සේ වෙසෙන්නට උත්සාහ ගනිත්වා..

ප.ලි.
මම බෞද්ධ පුදබිම් ආක්‍රමණය, ලංකාවටම හලාල් භාණ්ඩ කැවීමට උත්සාහ කිරීම, කිලෝමීටර් ගානක් ඈතට ඇහෙන ලෙස ආගමික ප්‍රලාප මහ හඬින් කියා බලෙන් අපට ඇස්සවීම ආදී අපගේ මූලික නිදහස නැතිකරවන සුළු දෑට විරුද්ධ නිසා ෆේස් බුක් තුළ හා ඉන් පිටත ඒවාට විරුද්ධව සටන් වදින අයගේ දැන්වීම් ශෙයාර් කළෙමි.. මා සිටින්නේ ද ඔවුන් දරණ මතයේම යැයි එයින් අදහස් වන්නේ නැත..

17 comments:

  1. ඇත්තටම චතුර මෛත්‍රිය, සාමය කියන්නේ ගිලෙනකම් බලන් ඉන්න එක කියලා හිතාගෙන ඉන්න එකයි කියලා අපේ අය හිතන් ඉන්නවා කියලා මට හිතෙන්නේ.. අනිත් එක ගිලෙන්න යන මිනිහා වැඩිපුර කරන්නේ බේරෙන්න ගිහින් තවත් ඉක්මණට ගිලෙන එක.. දැං ඔය හාමුදුරුවරු කරන දේ මට පෙන්නෙත් එහෙමයි.. ඒත් අඩුගානේ හාමුදුරුවෝ පාරට බස්ස එකෙන් ගොඩක් අයගේ ඇස් ඇරුනා මෙහෙම දෙයක් තියෙනවා කියලවත් දැනෙන්න..

    දැං කරන්න ඕනේ සාමකාමීව ප්‍රශ්නෙට ගැලපෙන උත්තර, ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා ගෙනල්ලා, ඒවා ක්‍රියාත්මක කරන්න පෙරමුණ ගන්න එක.. සිවුර කරේ තියාගෙන පාරට බහින්න අවශ්‍ය අවස්ථාව තාම ඇවිත් නෑ.. දැන්මම පාරට බැස්සම අවශ්‍ය වෙලාවට පාරට බැස්සත් වැඩක් වෙන්නේ නෑ...

    බොදු බල සේනාවට උනත් වැදගත් විදියට කරන්න පුලුවන් දේවල් තියෙනවා.. එයාලගේ වෙඩ් සයිට් එකට ගියාමම ඒවා තේරුම් ගන්න පුලුවනු.. ( ඒකේ සෙක්ෂන් ගොඩක් හිස් හැබැයි තාමත්) ඒවා පැත්තක තියලා ගහගන්න යන එක මට නම් පේන්නේ මෝඩකමක් විදියට...

    ReplyDelete
    Replies
    1. දැං කරන්න ඕනේ සාමකාමීව ප්‍රශ්නෙට ගැලපෙන උත්තර, ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා ගෙනල්ලා, ඒවා ක්‍රියාත්මක කරන්න පෙරමුණ ගන්න එක.. සිවුර කරේ තියාගෙන පාරට බහින්න අවශ්‍ය අවස්ථාව තාම ඇවිත් නෑ.. දැන්මම පාරට බැස්සම අවශ්‍ය වෙලාවට පාරට බැස්සත් වැඩක් වෙන්නේ නෑ...

      මන් එකඟයි හිරු එක්ක

      Delete
    2. ඔයා කියන දේ හරි හිරු.. පහුගිය දවසක අපේ හාමුදුරු නමක්.. අපේ ඔෆිස් එක ඉස්සරහා බොහොම ආවේගයෙන්... අර ලොතරැයි ලවුඩ්ස්පීකර් එකකින් කෑ ගැහුවා.. අපි බලාන හිටියේ බොහොම සංවේගයෙන්.. උන් වහන්සේට තිබුණා ඔය කරුණු ටික ඊට වඩා සංවරව ඉදිරිපත් කරන්න..

      අඩුපාඩු සහිතව හරි.. මේ ආක්‍රමණයට විරුද්ධව නැගිටපු එකට උන්වහන්සෙලාට තුති පුදන්න ඕන.. එයාලා කළේ අපි කරන්න ඕන වැඩක්..

      Delete
  2. ඔයා කියන ඒවා එක්ක එකඟයි චතුර. නමුත් විරෝධතාවය දක්වන ක්‍රම වල අවුලක් තියෙනවා . යම් යම් නීති ගෙන එන්න ආණ්ඩුවලට බල කරනවා මිසක් කෙලින්ම මුස්ලිම් මිනිස්සු එක්ක ගහගන්න යාම ටිකක් භයානකයි නේද .

    ReplyDelete
    Replies
    1. බල කරන්න..? මේ ආණ්ඩුවට.. ? හොඳම විහිළුව තමයි ඒක.. ඇත්තෙන්ම අපට ආණ්ඩුව ගැන පොඩ්ඩක් වත් විශ්වාස කරන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ... ඒත් යම් යම් රීති අපේ අයම දාගත්තොත්.. මේ ආක්‍රමණය ටිකක් මෙල්ල කරන්ට පුළුවන් වේවි.. ඒත් අපේ ඈයො.. උඩ පැන පැන කඩේ යනවනෙ මෙයාලට..

      විරෝධතාවය දක්වන සමහර ක්‍රම වල ගැටළු තියෙනවා.. ලොකුම ප්‍රශ්නෙ.. එයාලා සංවිධානය වෙන්නෙ පල්ලියේ හොර රහසේ.. අපි සංවිධානය වෙන්නෙ.. පාරෙ නැත්නම් ෆේස් බුක් එකේ..එළිපිට.. අනෙක මේ ප්‍රශ්නය අද ඊයෙ ඇති වුණු එකක් නෙවෙයි කාලයක් තිස්සෙම තිබුණු එකක්... කොළඹට කෙළ වුණාට පස්සෙ තමයි කට්ටියගෙ ඇස් ඇරුණේ..

      Delete
  3. Thanks..මහාචාර්ය කැල්ක්යුලස්

    ReplyDelete
  4. මිනිස්සුන්ගෙ ආගමික භක්තිය, ජාතික හැඟීම ඡන්දවලට හරවගත්තු පාලකයෙක්ට මීට වඩා දෙයක් මේ වෙලාවෙ කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුව තුළ සිටින තවත් සුළු පිරිසක් වෙනුවෙන් ඔහු නිහඬව සිටිනව, මොකද අනෙක් බහුතරය කප පෙරළුනත් මීක් කියන්නෙ නැති බව ඔහු දන්න නිසා. මේ අවස්ථාවාදී දේශපාලුවොන්ගෙ වැඩ නිසා ක්‍රමයෙන් ගොඩනැගුනු ප්‍රශ්නයකින් අපේ රට දශක ගණනාවක විශාල වන්දියක් ගෙවුවා, දැන් ඉන්න අය අන්ධයො වගේ ඒක තවත් වටයකින් ඉදිරියට ගෙනියන්න පාර කපනව කියලයි මට නම් හිතෙන්නෙ. මේව ගැන කතාකරල වැඩක් නෑ අෆ්ෆා.

    මොන දේවල් සිද්ධ වුනත් භික්‍ෂූන් වහන්සේලා තමන්ගෙ ශීලය, සංවරකම නැතිකරගත යුතු නෑ කියල මමත් හිතනව. සමහර චීවරධාරී උන්නාන්සේල ආවේගශීලී වෙන හැටි දැක්කම ගිහි අපි තව සංවරයි කියල හිතෙනව. මම කියන්නෙ දැන් ඔය කියන ප්‍රශ්නෙ සම්බන්ධයෙන් විතරක් නෙවි, වෙනත් කාරණාවලදිත් එයාලගෙ හැසිරීම අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. කළ යුතු සහ කළ හැකි අය කරන්නෙ නැතුවාම නොකළ යුතු හා කරන්න බැරි අය කරන්න හදනවා.. එතකොට වැඩ වරදිනවා.. ඕවා ඔහොම තමයි.. ඔයා කියන කතාව ඇත්ත.. සමස්ථයක් විදිහට හාමුදුරුවො මීට වඩා කයෙන් හා වචනයෙන් සංවර වෙන්න ඕන..

      Delete
  5. කිසිම ආකාරයක් තලෙයිබාන් කරනයකට මාත් විරුද්දයි. ඔය ලව්ස්පීකර් නම් පල්ලියෙන් නෙම්යි පන්සලෙනුත් අතුගාලා දාන්න ඕන මළ කරදරයක්...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. පන්සලක් ඉස්සරහ ඉන්න අය තමා ඒකෙ රඟ දන්නෙ, මේ අපි වගේ. ගමේ ටිකක් දුරින් ඉන්න එවුන් ඇවිත් හාමුදුරුවොන්ට කියනවළු “අනේ හැමුදුරුවනේ අපේ ගෙවල් පැත්තට මේ පීකර්වල සද්දෙ ඇහෙන්නෙත් නෑ, ටිකක් හයියෙන් දාන්ට. උදේට උදේට පිරිත් ටිකක්වත් දැම්මනම් නරකද“ කියල. පීකර් කටවල් 4 ක් අපේ දොර ඉස්සරහ, උදේට ඕක දාපු දවසට මට ගිහින් තලල එන්න හිතෙනව.

      Delete
    2. ලංකාවේ තියෙන්නේ පර පීඩාකාමී සමාජයක් ... මෙහි මිනිසුන් වශයෙන් අපිට අයිතිවාසිකම් නොමැත ... ඔය ලවුඩ් ස්පිකර් වලට මමත් තදින්ම විරුද්දය් ... ඕකට නීතියක් ගේනවා නේද එකට මොකද උනේ ?

      Delete
    3. සහතික ඇත්ත.. මං ඒ ගැන මීට කළිං පෝස්ට් එකක් දැම්මා.. හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා.. බෞද්ධ අය හැමෝම අදාල වෙලාවෙ පන්සල් යන්නෙ නැති නිසා සමහර බෞද්ධයින්ට පන්සල් වල දාන ඉස්පීකරය ඇහෙන එක සතුටක් වෙන්ට ඇති..

      ඒත්.. මුසලුවො හැමෝම පල්ලියට යනවනේ.. ඉතිං කාට ඇහෙන්නද ඕක ඉස්පීකරෙන් දාන්නෙ..

      කොහොම වුණත් තමන්ගෙ සීමාව ඉක්මවන්නෙ නැතුව බණක් දහමක් වුණත් ප්‍රචාරය කරන්න කොයි කවුරුත් පුරුදු වෙන්න ඕන..

      මහාචාර්ය කැල්ක්යුලස්
      නීතිය තියෙනවා.. ක්‍රියාත්මක වෙන්නේ නෑ..

      Delete
  6. වටිනා අදහස් ටිකක් චතුර මල්ලි. අපේ ස්වාමීන් වහන්සේලා දැන් ටිකක් ඇස් හැර බලනවා වගේ. නමුත් අර එක එක පෙට්ටි වල උඩ නැගලා කෑ ගහන උන්නාන්සේලා නම් පේන කොට අප්‍රියයි. ඒ අයට කිසිම සංවර කමක් නෑ. කොහොම හරි අපි එක්වෙන්න ඕනෙ වෙලාවක් මේ. හැම කෙනෙක්ම වැරදි නොකරන බවත් දැනගන්න ඕනෙ. මේ සටහන මට මේලයකින් ලැබුන එකක්. මේක මෙහෙම තමා වෙන්න ඕනෙ.

    Prime Minister Julia Gillard - Australia

    Muslims who want to live under Islamic Sharia law were told on Wednesday to get out of Australia, as the government targeted radicals in a bid to head off potential terror attacks.

    Separately, Gillard angered some Australian Muslims on Wednesday by saying she supported spy agencies monitoring the nation's mosques. Quote:

    'IMMIGRANTS, NOT AUSTRALIANS, MUST ADAPT. Take It Or Leave It.

    I am tired of this nation worrying about whether we are offending some individual or their culture. Since the terrorist attacks on Bali, we have experienced a surge in patriotism by the majority of Australians.'

    'This culture has been developed over two centuries of struggles, trials and victories by millions of men and women who have sought freedom.'

    'We speak mainly ENGLISH, not Spanish, Lebanese, Arabic, Chinese, Japanese, Russian, or any other language. Therefore, if you wish to become part of our society ... learn the language!'

    'Most Australians believe in God. This is not some Christian, right wing, political push, but a fact, because Christian men and women, on Christian principles, founded this nation, and this is clearly documented. It is certainly appropriate to display it on the walls of our schools. If God offends you, then I suggest you consider another part of the world as your new home, because God is part of our culture.'

    'We will accept your beliefs, and will not question why. All we ask is that you accept ours, and live in harmony and peaceful enjoyment with us.'

    'This is OUR COUNTRY, OUR LAND, and OUR LIFESTYLE, and we will allow you every opportunity to enjoy all this. But once you are done complaining, whining, and griping about
    Our Flag, Our Pledge, Our Christian beliefs, or Our Way of Life, I highly encourage you take advantage of one other great Australian freedom, 'THE RIGHT TO LEAVE'.'

    'If you aren't happy here then LEAVE. We didn't force you to come here. You asked to be here. So accept the country YOU accepted.'


    Maybe if we circulate this amongst ourselves in Sri Lanka, WE will find the courage to start speaking and voicing the same truths.

    If you agree please SEND THIS ON and ON, to as many people as you know.

    ReplyDelete
  7. 'We will accept your beliefs, and will not question why. All we ask is that you accept ours, and live in harmony and peaceful enjoyment with us.'

    'If you aren't happy here then LEAVE. We didn't force you to come here. You asked to be here. So accept the country YOU accepted.'

    මේ ටික කියන්ට තරම් කොන්ද පණ තියෙන උන්නැහේ කෙනෙක් අර 225 අතරෙ වත් එයාලව පාලනය කරන අය අතරෙ වත් නැති එකනෙ කරුමෙ අක්කෙ..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..