Thursday, March 28, 2013

අන්තිමේ හිත් දෙකම එකම මතයකට ආවා..!

මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන්..
එහෙම කාලෙකුත් තිබුණා නේද? 

මට ඇහෙන නෑහෙන ගානට මගේ හිතම මට කෙඳිරුවා..

ඇත්තටම එහෙම කාලයක් තිබුණද? 

ඒ ප්‍රශ්නයත් මගේ හිතෙන්මයි.. ඒ වුණාට අර කලිං හිතට වඩා මේ හිතට පොඩ්ඩක් හිතන්න පුළුවං ද කොහෙද..

එහෙම හිතෙන කාලයක් තිබුණා.. ඒකයි ඇත්ත..
ඒත් දැං..
එහෙම හිතෙන්නෙ නෑ..
ඒත් ඇයි ඒ..
ඕවා හිත හිතා ඉන්න කොහෙද අප්පා වෙලාවක්..
අනික ඉතිං මොනවා හිතන්නද.. එයා ඉතිං මගෙ වෙලා ඉවරනෙ..


හික්.. හික්.. මගෙ වෙලා විතරක් නං මදෑ.. මට එපා වෙලත් ඉවරනෙ.. 


ආයෙත් අර චාරයක් නැති හිත ඉස්සරහට පැන්නා..

එහෙම එපා වෙලා කියන්ටත් බෑ.. 

උදේ පාන්දර මටත් පැයකට හමාරකට කලිං නැගිටගෙන මේ මනුස්සයා අපේ ඕනෑ එපාකම් හැම එකක්ම හොයලා බලනවනේ..

හ්ම්.. ඒ අතින් නං අඩුවක් නෑ..


එහෙනං මොකක්ද එයාගෙ තියෙන අඩුපාඩුව..?


අන්න ආයෙමත් අර හිතන්න පුළුවං හිතෙන් ප්‍රශ්නයක්..


අඩුපාඩුව..? අඩුවක් නං නෑ.. වැඩියක් මිසක..


හෑ..


මං කිවුවෙ එයාගෙ කට ගැන..


කට කට..!

කට පොඩ්ඩක් අඩු වුණ නම්, මොලෙ පොඩ්ඩක් වැඩි වුණ නම්,
මගෙ ගෑණිගෙ වටිනාකම කියල වැඩක් නෑ..



ඒක තමයි අදට ගැලපෙන සිංදුව..
ඔවු ඒක ඇත්ත..


අන්තිමේ ... හිත් දෙකම එකම මතයකට ආවා..

14 comments:

  1. :) මා ඉතා ප්‍රිය කරන ලුඩ්විග් වොන් මීසස් මහා ප්‍රාඥයා ද ඔය විදියට ම හිතලා ඔය විදියටම ලියලා තියෙනවා චතුරයි මායි ඉපදෙන්නත් කළින්.

    ReplyDelete
    Replies
    1. එහෙනං.. මටත් මහා ප්‍රාඥයෙකු වගේ හිතන්ට පුළුවං වුණා.. ඈ..?
      බොහොම ස්තුතියි අක්කේ..
      ඔන්න මං කොපි කළේ එහෙම නෑ.. ඔහොම කෙනෙක් ගැන ඇහුවෙත් අදයි..

      Delete
  2. චතුරගෙ බ්ලොග් එක දැනගත්තෙ අද... හොඳ හොඳ දේවල් ලියවිලා තියෙනවා... හෙමින් හැරේ බලන්නම් බුක්මාක් එකක් දාගෙන... ඉහත ලියවිල්ලත් සරලයි වගේ පෙනුනට දිවියේ යථාර්ථය කියා පාන්නක්....
    කොටින්ම ප්‍රාඥ සිතුවිල්ලක්...මගේ සුබපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විපුල අයියා.. ඔයාගෙ පැමිණීම මට ලොකු සතුටක්..

      Delete
  3. මෙව්ව මේ තනිකඩයොන්ට ටිකක් සැර වැඩි කතන්දර.

    එතකොට ඔය අරුණි අක්ක කියන්නැහෙ මහාප්‍රාඥයො ගෑනු ගැනත් හිතල තියෙනව. බලාගෙන ගියහම මේ අපිට වඩා ගෑනු ගැන හිතල තියෙන්නෙ කවියොයි ප්‍රාඥයොයිනෙ.

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්.. කවියොයි, ප්‍රාඥයොයි ගෑණු ගැන හිත හිත ඉන්නකොට, අනික් අය ගෑණු එක්ක මොන මොනවා හරි කොරගන්ට ඇති මයෙ හිතේ...

      Delete
  4. ඒ කට පොඩ්ඩක් සැර උනාට අර නිතර නිතර ඇඟ වටේ කැරකෙන පැටව් දෙන්නයි මේ හැමතැනම කවි කිය කියා යන ගොයියයි තුන්දෙනාම රැකෙන්නෙත් වෙලාවකට ඒ කට හින්දම තමයි...

    කියමු බලන්න බොරුද කියලා අවංකවම....

    ReplyDelete
  5. හද පතුලට රිංගුවේ අදමයි. බලාගෙන යනකොට ගෑනියි මිනිහයි දෙන්නම එකම බෝට්ටුවේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ගෑණුන්ට තියෙන පස්නෙත් ඕකම ද හැබෑට..
      හදපතුලට සාදරයෙන් පිළිගන්නවා තරු අරණ ව..

      Delete
  6. අදමයි මේ පැත්තට ගොඩ වුනේ :) නියමයි

    ReplyDelete
    Replies
    1. හද පතුලට සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තුතියි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..