Tuesday, March 19, 2013

Wife solves everything!බිරිඳ සියළු පැන විසඳයි!

මිතුරෙකු සිටී මට හරි ....................සිරියාවන්ත
ගැටළුය ඔහුට නිතරම සැමටම ................අන්ත
එනමුත් සිනාසී විලසින් ...................ගුණවන්ත
හැමවිට හිඳී වීලා .........................ඉවසිලිවන්ත

කුකුසට මගේ පිළිතුරු ඔහු ............ගලපන්නා
පිංතූරයක් සැණෙකින් එළියට ............එන්නා
මේ මගෙ බිරිඳ යැයි හිනැහී ............පවසන්නා
මෙය බැලු සැනින් කරදර අමතක .......වන්නා

බැඳලා වසර දහයක් පහළොවක් .............වන
දෙදෙනගෙ පුදුම පෙම.. සතුටකි සිතට .....එන
තව තව විමසුවෙමි ඒ කෙම් ක්‍රමය .........ගැන
පුදුමෙකි ලැබුණු පිළිතුර මිත සිනහ .........යන

රූපය බලා බිරිඳව මම මතක් .................කර
සුන්දර වදන් ඇගෙ මහදට ඇතුළු ...........කර
පාළොස් වසක් විඳි දුක් කඳ මෙනෙහි .....කර
මේවත් කරදරද සිතමින් ගනිමි ..............වැර..!

4 comments:

  1. අලුත් වෙලා වෙනස් වෙලා, අලුත් ඇඳුම් අන්දලා :D

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දත් ළඟයි නොවැ..

      Delete
  2. හොහ්.. අගෙයි අගෙයි... නියම කෙම් ක්‍රමය...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන්නේ...

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..