Thursday, April 11, 2013

මේ පාරත් පොල්ල තමයි..

මේ පාර සයිබරයේ බක්මහ සැණකෙළිය තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදාය කියලා මං දැනගත්තේ.. ඊයෙ.. ඉතිං මේ පාර නං කොහොම හරි යනවයි කියලා හිතා ගත්තු මං තකහනියක්ම ගිහිං ඉල්ලුම් පත්තරේකුත් පිරෙවුවා.. හුටා පටස්.. ගෙදර ගිහාමයි මතක් වුණේ.. 21 අපේ ගෙදර නෑදෑ හමුවක් තියෙනවා.. නෑදෑ හමුවක් කියන්නේ අපේ අම්මගෙ සහෝදර සහෝදරියො ටික අපේ ගෙදරට කැඳවලා පුංචි සංග්‍රහයක් කොරනවා.. ඒ මදිවට අපේ අප්පච්චිගේ උපන් දිනේ.. ඉතිං නෝ හෙල්ලුම්..

කමක් නෑ එහෙනං .. මේ පාරත් පොල්ල තිබ්බට සමාවන සේක්වා..!

ලබන්නා වූ සිංහල අවුරුද්ද කට්ටියටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

අනේ ඉතිං පුළු පුළුවං කට්ටිය.. මෙතැන්ට ගිහිං සැණකෙළි අසිරිය විඳගන්ට..!

එහෙනං ආයිබෝං..!

4 comments:

  1. මටත් යන්න වෙන්නේ නැහැ

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා..අයියා ඔයාටත් පවුලේ හැමෝටමත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. නංගි.. ඔයාටත් පවුලේ හැමටත් සුබ අලුත් අවුරුද්දක් මාත් ප්‍රාර්ථනා කරනවා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..