Monday, April 29, 2013

හැඩයට නමක්..

දෙන්නෙක් අතර ඇතිවන සම්බන්ධයකට නමක් දිය යුතුම ද? සම්බන්ධය කුමක් වුණත්.. එයට අනිවාර්යයෙන් තිබිය යුත්තේ හැඩයකි.. එම හැඩයට නමක් දිය හැකි නම් එය වෙනම කතාවකි.. නමක් යෙදිය හැකි නොවීම හැඩයේ වරදක්ද?

මාත් අපේ රටේ නායකත්වයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.. ඒ සම්බන්ධයේ දී.. මට ... ඔහු මගේ රටේ ජනතාව විසින් පත් කළ මගේ රටේ නායකයාය..  ඔහුට .. මා.. සුවහසක් වූ ඔහුගේ ආදරණීය ජනතාව අතරේ.. ඔහු මහත් සේ ආදරය කරන මිනිසෙකි..

ඕනෑම සම්බන්ධයක තත්වය එසේ නොවේ ද? දෙදෙනාටම එක ලෙස දෙදෙනාව දැනෙන්නේ නැත.. එහෙත්.. අප අපගැන තීන්දු තීරණ ගන්නේ එම පදනමේ පිහිටා නොවේද?

යම් යම් සාධක අනුව නිර්ණායකයන් තනා තිබුණත්.. ඒවා පුද්ගලයාට සාපේක්ෂව ඉතා විශාල පරිමානයෙන් වෙනස් වේ..

ඔබට මා සිත ආදරය කළ පමණින්..
ඔබත් මට කළ යුතුද ආලය..
මගේ ආලය ඔබට ඕනෑ නැති මුත්..
මා නැවැත්විය යුතුද ආලය..
ඔබ කොහේදැයි නොදන්නා මට සැබැවින්..
ඔබට කළ නොම හැකිද ආලය
ඔබට දෙන්නට බොහෝ දෑ සිත ඇති මුත්..
දිය යුතුද ඒ සොඳුරු ආලය...
ඔබේ යහපත නිබඳ  පැතුවෙමි සෙනෙහෙන්..
එයට කියනා.... නමද ආලය..

4 comments:

  1. ඔබ ඔය පහල පද ටිකෙන් කියපු කතාව මම බොහෝ කලක ඉඳන් කියන දෙයක්..නමුත් අපේ මේ ගතානුගතික ජන සමාජය සහ පුද්ගල චින්තනය පවසන් ආකාරයට ඕනෑම සබඳතාවකට නමක්,නෛතික ශක්‍යතාවක් හෝ ප්‍රවේණිගත උරුමයක් තිබිය යුතුමයි..නැතහොත් ඒ හැම සබඳතාවක්ම වැටෙන්නේ අනියම් හෝ තහනම් යන දෙකොට්ඨාශයටයි..එය තමයි අපේ සමාජයේ ඉදිරිගමනට මෙන්ම විවෘතභාවයට එල්ල කරගත් දැඩිම පහර

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒත් ඉතිං ඒක සමාජයේ ස්වරූපය..වැඩි දෙනා තෝරන්නේ පහසු මඟ..නිවැරදි මඟ නොවේ..

      Delete
  2. බොහොම අපූරු විග්‍රහයක්. ආදරේට සීමා මායිම් කොන්දේසි නියම කරන අයට හිතන්න ලොකු දෙයක් මෙතන කියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත.. සීමා මායිම්, කොන්දේසි.. අපිම දාගත්තුවා.. අපේම පහසුවට.. අන්තිමට ඒවා අපටම කරදරයක් වෙන එකයි මෙහි තියෙන හාස්‍යයජනක කරුණ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..