Wednesday, April 3, 2013

Payroll Software එකක වැදගත්කම.. 1

මගේ ආයතනයේ  ප්‍රධානම Product එක Payroll Software එක හින්දා ඒ ගැන ලිපි කිහිපයක් ලියන්න ඕන කියලා මට හිතුණා... කලා කටයුතු වලට අවුලක් නොවෙන්න අතරින් පතර.. එකින් එක දාන්නම්..

ආයතනයක් පවත්වාගෙන යද්දි කරන වැඩේට වඩා අමාරු වැඩේ තමයි.. රජයට අවශ්‍ය Documents හදන එක.. Payroll එකත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ Documents කීපයක් මතක් කරනවා නම්..

C Form - මාසිකව EPF සඳහා
Form C3 Return - මාස හයකට වරක් EPF සඳහා
R4 Form - මාසිකව ETF සඳහා
Form II Return -  මාස හයකට වරක් ETF සඳහා
PAYE Tax Deduction - මාසිකව PAYE Tax සඳහා
T-10 - වාර්ෂිකව  PAYE Tax සඳහා

මේ විදිහට මහා ගොඩාක් Reports අවශ්‍ය වෙනවා.. ඒ ඔක්කොටම වඩා පඩි ගෙවන එකනේ වැදගත්. පඩි ගෙවන්න ඉතාම වැදගත් වෙන Reports කීපයක් තියෙනවා.. මේ තමයි ඒවා..

Salary Sheet  - මේක හරියට තියෙනවා නං, සල්ලිත් තියෙනවා නං එච්චර කරදරයක් නැතුව පඩි ගෙවා ගන්න පුළුවනි.
Coin Analyse (Summary & Detail)  - ටිකක් වැඩිපුර සේවකයො ඉන්න (තේ, රබර් වතුයායවල් වගේ) ආයතන වලට තමයි මේක ගොඩක් වටින්නේ.. බැංකුවෙන් සල්ලි ගෙනෙද්දි මොන මොන විදිහටද ගේන්න ඕන කියලා (රුපියලේ ඒවා කීයද, දහයේ කොළ කීයද, දාහෙ කොළ කීයද, පන්දාහේ කොළ කීයද.. ආදී වශයෙන්) ලැයිස්තුවක් දෙන එක තමයි මේකෙන් කරන්නේ..
Payslip එක ඉතිං වටින්නේ සේවකයින්ටනේ..

අනිත් වැඩේ තමයි Staff Loan.  ආයතන වල එක එක විදිහේ .(Festival Advance, Distress Loan වගේ..)   Staff Loan Types තියෙනවනේ.මේවා පඩියෙන් කැපෙන්න ඕන වගේම හිටපු ගමන් මේ මාසෙ කපන්න එපා කිවුවම නවත්තන්නත් එපාය. Staff Loan වල Status එක දැනගන්න එකත් බොහොම වටිනවා.. කොච්චරක් කැපිලද? තව වාරික කීයක් කැපෙන්න තියෙනවද? වගේ දැනගන්ට කරුණු බොහොමයක් තියෙනවා නේ..  ඊට අමතරව සමහරු බැංකු වලින් ලෝන් අරගෙන ඒවත් පඩියෙන් කපලා බැංකුවට යවන්න කියනවා.. ඉතිං මේ Staff Loan කෙරුවාව System එකක් නැතුව කරනවා කියන්නේ.. ලේසි පාසු වැඩක් නෙවෙයි..

තවත් වැදගත් කරුණු ඉදිරියට..


9 comments:

  1. එන්න අප හා එක්වන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  2. Good post

    just a thought, I had a look your web site and I think it is better if you can imporve the site.
    for example in product section you can catagories your product and provide some screenshot (or a photo galary) so that users can feel what you are talking about.

    cheers

    -Sa-

    ReplyDelete
    Replies
    1. Thanks for the important idea.
      Yes, we have to improve the site. We are in the process of designing it. I think the site will be ok.
      Thanks a lot again..

      Delete
  3. දාපංකො බං ටිකක් දිගට!
    රජයේ පේරෝල් එක නං හදන්නෙ මුදල් අමාත්‍යංශයේ තියන අංශයක. වැඩි විස්තර කතාකරමු ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. එකපාර ඔක්කොම ලියන්ට වෙලා නෑ බං.. හිමීට හිමීට දාන්නං.. රජයට සම්බන්ධ ආයතන කීපයක අපේ Payroll එක දුවනවා..
      (Corperation, Authority ) වගේ ඒවයේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..