Friday, May 17, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..2 (කෙලෙහි ගුණ)

 සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. නමින් මා ලියූ මුල් ලිපියට සබැඳිව තවත් ඉදිරියට යන්නට සිතුනු නිසා එහි දෙවැනි කොටසක් ද ලියන්නට සිතුවෙමි..

======================================
උඹලට සුමිත් අයියලා මොනවා කරත් වැරදියි..  මිනිස්සුන්ගේ වැරදිම හොයන්ට එපා බං.. අපි කවුරුත් මිනිස්සුනෙ.. අපි කාටත් වරදිනවා.. හොඳ දකින්න පුරුදු වෙයං..
======================================
යකෝ අපි කවුරු කරත් වැරැද්දට වැරදියි කියනවා.. හරි දේට හරියි කියනවා.. උඹලා වගේ කැපුවත් නිල් නෙවෙයි.. අවුල තියෙන්නෙ සුමිත් අයියා කරන තරමක් කරන්නෙ තක්කඩි වැඩනේ..

======================================
එහෙම කියන්ට එපා බං.. උඹලෑ අයියගෙ රස්සාව හොයලා දෙන්ටත්.. සුමිත් අයියා මාර ගේමක් දුන්නනේ..
======================================
ඒකමනේ බං මාත් කියන්නේ.. එතනත් කළේ තක්කඩි වැඩක්නේ.. අහිංසක‍යකුගේ අවස්ථාවක් නේ.. නැති කළේ..  අපි පැත්ත ගියත් ඇත්ත කියන්ට එපාය..
======================================
ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද?

4 comments:

  1. එතකොට අයිය රස්සාව ඉල්ලන් යනකොට නිහඬව හිටියද? ඉතා හොද මානයකට යන හැඩක් පෙනෙන්නට ඇත්තේ...

    ReplyDelete
  2. කෙළෙහිගුණ; ජනප්‍රිය දේශපාලනයේදී ඒක බොහොම භයානක දෙයක්.

    අපේක්ෂකයට හෘදසාක්ෂියක් නෑ, ඒක තියෙන්නෙ ඡන්දදායකයට.
    කෙළෙහිගුණ හරහා ඡන්දදායකයාගේ හෘදසාක්ෂිය රිදවීමකට ලක්කළාම අපේක්ෂකයට වරදින්නෙ නෑ.හැබැයි පොදු ජනතාවට වරදිනවා.

    ReplyDelete
    Replies
    1. අපේක්ෂකයට හෘදසාක්ෂියක් නෑ...
      හප්පේ.. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිවුවලු.. ඇත්තටම එහෙම එකක් නැද්ද..? නැත්නං.. නෑ වගේ ඉන්නවද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..